02/06/2026
ශ්‍රී පාද වන්දනා සමය අවසන්. නමුත් මිනිස් ස්පර්ශයෙන් තොරව හුදෙකලා වුන සිරිපා අඩවිය, බැතිමතුන් නොසැලකිලිමත් ලෙස දමාගිය නොදිරන අපද්‍රව්‍ය හමුවේ අද නිහඬව හඬා වැටෙනවා. සොබාදහමේ සුන්දරත්වය වනසන මේ මහා පරිසර අර්බුදයට මුහුණ දීමේදී මස්කෙළිය ප්‍රාදේශීය සභාව මුහුණ දෙන සැබෑ තත්ත්වය එහි පරිසර නිලධාරි රසිකා සමරනායක මහත්මිය මෙසේ පැහැදිලි කරනවා:
"සතියේ දිනකට සාමාන්‍යයෙන් පොලිතීන් සහ ප්ලාස්ටික් ප්‍රමාණය 300 kg ක් පමණ එකතු වෙනවා. සති අන්තයේ සෙනඟ වැඩිවත්ම එය 500 kg දක්වා ඉහළ යනවා. සාමාන්‍යයෙන් වන්දනා සමයක් නිමා වන විට කන්දෙන් එකතු වන ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය පමණක් ටොන් 3ක් වෙනවා. කසළ එකත් කිරීමට ස්වේච්ඡා කණ්ඩායම් බොහොමයක් දායක වෙනවා. නමුත් වගකීම තියෙන්නේ අපිටනේ. අපිට ඉන්නේ සනීපාරක්ෂක සේවකයින් 20ත් 25ත් අතර ප්‍රමාණයක්. බලප්‍රදේශයේ අනෙකුත් කසළ කළමනාකරණය කරන අතරෙමයි ශ්‍රී පාදයේ කසළ ගැනත් අපිට බලන්න වෙන්නේ. අපිට තියෙන්නේ කසළ රැස් කරන රථ එකයි, එක ට්‍රැක්ටරයයි. අවම පහසුකම් මැද අඩු සේවක සංඛ්‍යාවක් එක්ක වර්ෂාව මැද පොලිතීන් වෙන් කරන එක කොහෙත්ම ප්‍රායෝගික දෙයක් නෙවෙයි. එහෙම හරි කසළ බඳුන් වලට නොදා රක්ෂිතයට විසි කරන කසළ සම්පුර්ණයෙන්ම අපේ පාලනයෙන් තොරයි. ඒ නිසා වන්දනා සමය තුළ මේ සංවේදී පරිසර පද්ධතියට වෙන හානිය කොතරම් ද කියන්න බැහැ"
මෙවැනි සංවේදී පරිසර පද්ධති රැකගැනීමේදී පළාත් පාලන ආයතන මුහුණ දෙන අභියෝග හමුවේ, අර්බුදය ඇතිකරන මහජනතාව වන අප අවසානයේ පළාත් පාලන ආයතනවලට පමණක් දොස් පැවරීම අසාධාරණයි. එබැවින්, පරිසරය රැකීම අපේම පැවැත්ම රැකගැනීමක් බව වටහාගෙන, ටොන් ගණන් ප්ලාස්ටික් හා පොලිතීන්වලින් අපේ සංවේදී පරිසර පද්ධති ආරක්ෂා කරගැනීම අප සැමගේ වගකීමක් බව මේ පරිසර සතියේදී දැඩිව හිතට ගත යුතුයි.
ஸ்ரீ பாத யாத்திரை காலம் முடிந்த பின்னரும், பக்தர்களால் தூக்கி எறியப்பட்ட பிளாஸ்டிக் மற்றும் பொலித்தீன் கழிவுகள் காரணமாக ஸ்ரீ பாத வனப்பகுதி கடுமையான சுற்றுச்சூழல் பாதிப்பை எதிர்கொள்கிறது. மஸ்கெலியா பிரதேச சபை தினசரி நூற்றுக்கணக்கான கிலோகிராம் கழிவுகளை சேகரிக்க வேண்டிய நிலையில், குறைந்தளவான ஊழியர்கள், வாகனங்கள் மற்றும் வசதிகளுடன் இந்தப் பணியை மேற்கொள்கிறது. குறிப்பாக, காட்டிற்குள் வீசப்படும் கழிவுகளை கட்டுப்படுத்துவது மிகவும் சிரமமானதாக உள்ளது. எனவே, இத்தகைய சுற்றுச்சூழல் நெருக்கடிகளுக்குப் பொறுப்பை முழுமையாக உள்ளூராட்சி மன்றங்கள்மீது சுமத்தாமல், சுற்றுச்சூழலைப் பாதுகாப்பது ஒவ்வொரு குடிமகனின் பொறுப்பு என்பதை உணர்ந்து செயல்பட வேண்டும்.
The Sri Pada pilgrimage season has ended, leaving the sanctuary, now free of human presence, facing a severe environmental burden from non-biodegradable waste left by pilgrims. According to Mrs. Rasika Samaranayake, Environmental Officer of the Maskeliya Pradeshiya Sabha, the area generates about 300 kg of polythene and plastic waste on weekdays, increasing to around 500 kg on weekends. By the end of a pilgrimage season, approximately 3 tons of plastic bottles alone are collected from the mountain.
Despite support from volunteer groups, the local authority struggles to manage the crisis due to severe resource constraints, including only 20–25 sanitation workers, a single garbage truck, and one tractor, while also handling waste management across the wider jurisdiction. Difficult terrain, heavy rainfall, and the lack of facilities make waste segregation extremely challenging. Additionally, uncontrolled littering within the reserve and limited waste disposal practices further worsen the situation, making it difficult to fully assess the environmental damage.
The statement highlights that responsibility for this crisis cannot rest solely on local authorities, as public behavior significantly contributes to the problem. It calls for shared accountability and stronger public awareness, emphasizing that protecting fragile ecosystems like Sri Pada is essential for collective survival and must be recognized as a shared responsibility, especially during Environment Week.