20/06/2026
"බඩගින්නට කෑම දැක දැක කන්න බෑ"
"තිබහට වතුර දැක දැක බොන්න බෑ"
මොන අපාරාදයක්ද මේ...
(මෙම වීඩියෝව වසරකට පමණ පෙර ලබා ගත් වීඩියෝවකි)
වනඅලි සම්පත වනසන හක්කපටස් වලට එරෙහි වෙමු!
හක්කපටස් 👇👇👇👇
ශ්‍රී ලංකාවේ අලි මරණ අතුරින් 20-25% කට හේතු සාධක වී ඇත්තේ හක්ක පටස් බව හෙළි වී ඇත. හක්කපටස් යනු තුවක්කු කුඩු, ගල්, ඊයම් සහ යකඩවලින් සාදන ලද කුඩා පුපුරන ද්‍රව්‍යයකි. ප්‍රධාන වශයෙන් ග්‍රාමීය කෘෂිකාර්මික ගම්මාන වල ගොවීන් විසින් වන සතුන්ගේ තම වගාවන් ආරක්ෂා කිරීමට හක්ක පටස් යොදාගනු ලබන මෙම පුපුරණ ද්‍රව්‍යයට අලින් අද වන විට ගොදුරක් බවට පත්ව ඇත. අලින් සැරිසරන පෙදෙස් වලට උපක්‍රමශිලීව හක්ක පටස් මිශ්‍ර කිරීමත්, ආහාරය සමඟ හක්කපටස් ගිල දැමීමත් හේතුවෙන් බොහෝ වනජිවීන් ඉතා අමානුෂික ලෙස ඝාතනයට ලක්වී ඇත. මුඛයට හානි වීම හේතුවෙන් මෙම සතුන් ආහාර ගැනීමට නොහැකිව දීර්ඝ කාලයක් දුක් වේදනා විඳීමෙන් අනතුරුව මරණයට පත්වේ.
අලි - මිනිස් ගැටුම👇👇👇
දිනෙන් දින සිදුවන වනාන්තර එළි කිරීම නිසාත්, මිනිසුන් විසින් වනාන්තර ආශ්‍රිත ප්‍රදේශ වල තම වාසස්ථාන සාදා ගැනීම, වගා බිම් සාදාගැනීම හේතුවෙන් අද වන විට අලි මිනිස් ගැටුම් උග්‍ර වී ඇත. තවද, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලින්ගේ ස්වභාවික වාසස්ථාන ද බොහෝ ලෙස සීමා වී ඇත. අලින් පලවා හැරීමට මිනිසුන් විසින් විවිධ උපක්‍රම භාවිතා කරයි. ඒ අතර විදුලි වැටවල් බැදීම, හක්කපටස්, මදු ගැසීම හා වෙඩි තැබීම ඒ අතර ප්‍රධාන වේ. එයට අමතරව දුම්රිය ගැටීම, වගා ළිං වලට වැටීම ආදී වෙනත් හේතූන්ද අලි මරණ අනුපාතය ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.ශ්‍රී ලංකාවේ අලි සම්පතශ්‍රී ලංකා අලියා, ආසියානු අලින්ගේ විශේෂයට අයත් විශාලතම උප විශේෂයකි. සංරක්ෂණය සදහා වන අන්තර්ජාතික ආයතනය (IUCN) මඟින් තර්ජිත විශේෂයක් වශයෙන් ශ්‍රී ලංකානු අලියා හඳුනාගෙන ඇත. 2011 වසරේදී සිදු කළ අලි සමීක්ෂණයේදී දිවයින තුල අලි ඇතුන් ආසන්න වශයෙන් 5879 ක් පමණ වාසය කරන බවත් ඒ අනුව සමස්ථ ඇත් ගහනය 6.5% පමණ වන බවත් ඇස්තමේන්තු කර ඇත. ශ්‍රී ලංකා අලි ගහනය වියලි කලාපයට, ජාතික වනෝද්‍යාන සහ අභය භූමි වලට සීමා වී ඇත. ඒ අතර උඩවලව ජාතික වනෝද්‍යානය, මින්නේරිය ජාතික වනෝද්‍යානය, විල්පත්තු ජාතික වනෝද්‍යානය, යාල ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව අලි ඇතුන් බහුලව දැකගත හැකිය.
එසේ ලඟ හක්කපටස් තබාගන්නා පුද්ගලයින් පිළිබඳ පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන්න.
# පොලිස් හදිසි ඇමතුම් ඒකකය119
# වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව1992
මිනිසා විසින් හක්ක පටස් යොදාගෙන සිදුකරන අමානුෂික අපරාධ වලට එරෙහි වීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව කටයුතු කිරීම අප කාගෙත් ජාතික වගකීමක් ලෙස සිතා කටයුතු කරමු...
#අලි_රකිමු
#හක්කපටස්_තහනම්කරමු
#වනඅලි_සුරකිමු
#වනජීවී_සංරක්ෂණය
#අලිමිනිස්_ගැටුම
#අලින්ට_ජීවත්වෙන්න_දෙමු