19/04/2026
කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ රාජමහා විහාරස්ථ ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසල් හා විස්ඩම් ඉංග්‍රීසි දහම් පාසල් ඇඳුරු මඩුල්ල , සංවර්ධන කමිටුව එක්ව පසුගියදා (05) සංවිධානය කරනු ලැබූ " දහම් පාසල් අපේ අවුරුදු - 2026 " අවුරුදු උත්සවය , සංඛපිට්ඨි විහාරස්ථ විහාරාධිපති තක්ෂිලා මහා පිරිවෙන්හි පරිවේණාධිපති ගෞරව ශාස්ත්‍රවේදී කනංගම නාරද ස්වාමීන් වහන්සේ , විහාරාධිකාරි මාදන්වල රාහුල ස්වාමීන් වහන්සේ , ගුරු භවතුන් , දහම් පාසල් දුවා දරුවන් සහ දෙමාපියන් ඇතුලු සැමගේ ප්‍රධානත්වයෙන්, දුවා අති සාර්ථක ලෙස විහාරස්ථාන භූමියේදී පැවැත්විණි.
අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර මුල් කොටගෙන මෙවර අවුරුදු උත්සවයේ සමාරම්භය සනිටුහන් කළ අතර අවුරුදු ක්‍රීඩා රැසක් සමගින් දුවා දරුවන්ගේ ගායන වාදන නර්තන ඇතුළු සෞන්දර්යාත්මක අංගයන්ගෙන් ද වර්ණවත් විය.
මෙම අවස්ථාව මේ අයුරින් සාර්ථකව පැවැත්වීම සදහා අනුග්‍රහය ලබාදුන් , උපකාර කළ සියලුම දෙනාට හදපිරි ස්තූතිය පුදකර සිටිමු.
මාධ්‍ය සංසදය
ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසල,
කොතලාවල,
කඩුවෙල.