Saranga siyambalape

Saranga siyambalape මමත්වයෙන් තොර දේශපාලනයක් උදෙසා!

Achieved Diploma in Travel and Tourism Economics And hotel management of University of Colombo
23/06/2025

Achieved Diploma in Travel and Tourism Economics And hotel management of University of Colombo

නීතිය නොමැතිව සමාජය අවුල් ජාලයකි 🇱🇰 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව අයිතීන් වලින් තෝරා ගත් ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන...
07/01/2024

නීතිය නොමැතිව සමාජය අවුල් ජාලයකි 🇱🇰

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව අයිතීන් වලින් තෝරා ගත් ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ දක්වා ඇති වටිනාම වගන්ති 20ක් පහතින් දැක්වෙන අතර මෙය ඔබ පරිශීලනය කොට තවත් අයකුට ඉගෙන ගැනීමට බෙදා (share) හරින්න.

කම්කරුවකු කය වෙහෙසා තම සේවය සපයන අතර බොහෝ විට කම්කරු වැනි සේවයකට සම්බන්ධ වන ශ්‍රමිකයන් හට අධ්‍යාපන අංශයෙන් යම් පසු බෑමක්...
18/12/2023

කම්කරුවකු කය වෙහෙසා තම සේවය සපයන අතර බොහෝ විට කම්කරු වැනි සේවයකට සම්බන්ධ වන ශ්‍රමිකයන් හට අධ්‍යාපන අංශයෙන් යම් පසු බෑමක් සිදු වී ඇත.නමුදු තම වෘතීයට අදාළව නිපුණතාවය තිබේ...මා මෙය ප්‍රකාශ කරන අවස්ථාව වන විට අධ්‍යාපනය ගැන සඳහන් කරනු ලැබුවේ කුමක් නිසාද?
අපි බලමු ඒ ඇයි යන කාරණය දෙස බලා.....අධ්‍යාපනය යනු හුදෙක් සාක්ශරතාවය හෝ වෘත්තීය නිපුණත්වය පමණක් නොවේ.කම්කරුවන් හෝ වේවා කුමන වෘත්තීයක නියැලෙන්නකු වූවද තම යුතුකම් හා අයිතිවාසිකම් පිළිබඳව මනා අවබෝධයක් මෙන්ම එම අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් ලබා තිබිය යුතුය.නමුදු අධ්‍යාපනය මදිකම නිසා සමාජයෙන් පසෙකට වන කම්කරු ජනයා වෙනුවෙන් සැබෑ ලෙසම හඬක් නැගිය යුතුය.තවද ඔවුනට දෛනිකව යන වියදම් දෙස බැලීමේදී අවම රුපියල් 5000/- පමණ මුදලක් වේතනයක් ලෙස ලැබිය යුතුය.නමුදු එයද ප්‍රමාණවත් නොවන බව මාගේ පුද්ගලික හැඟීමය.
පාසල් වියේ දරුවන්ගේ එදිනෙදා වියදම් මෙන්ම මුළුතැන්ගෙයි වියදම් හා අවසානයේ මාසෙයේ අන්තිමට පවුලේ බිල්පත් වියදම් අදිය පිලිබදව සිතීමේදී රු 5000 ද ප්‍රමාණවත් නැත.

1760-1830 වකවානුවේදී මහා බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කර ගනිමින් මතු වූ කාර්මික විප්ලවය සමග කම්කරුවා පිළිබඳව අවදානය ලබා දීම ආරම්භ විය.ඒ වනතෙක් ශ්‍රමිකයාගේ ශ්‍රමය එතරම් මායිම් කලේ නැත.
1886 සැමුවෙල් ගොෆර්ස් වෘත්තිය සමිති ව්‍යාපාරය ලොවට හඳුන්වා දීම අද අප ලොව පුරා දකින කම්කරු අයිතිවාසිකම් හා කම්කරුවන්ගේ ආරක්ශාව වෙනුවෙන් වන වෘත්තිය සමිති ව්‍යාපාර හේතුවෙන් ඔවුන්ගේ අයිතීන් යම්තාක් දුරට ආරක්ශාව තිබුනද,බලය හසුරවන්නන් හා ආයෝජකයන් අතර ඇති කිට්ටු සබඳකම මත වෘත්තීය සමිති පාලනය දේශපාලනික වී ඇති අතර එයින් සාමාන්‍යයෙන් කම්කරුවන්ගේ සැබෑ අයිතීන් වෙනුවෙන් සටන් කරනවා වෙනුවට යම් පක්ශයක උවමනාවකට හෝ ආයෝජකයකුගේ උවමනාවකට කම්කරුවන්ගේ මත යැයි කියා ලේබල් ගසමින් තිරය පිටුපසින් වෙනත් අරමුණක් වෙනුවෙන් එම සමිති ක්‍රියාත්මක වේ...
එහෙව් තත්වයක් මත කම්කරුවකු දෛනික වැටුප සම්බන්ධයෙන් තීරණ ගැනීම පවා සිදු කර ගන්නා මට්ටමටවත් කම්කරුවන් වෙනුවෙන් හඬ නගන උගතුන් වග බලා ගත යුතුව ඇත.



-සාරංග සියඹලාපේ

Next Gen SL මගින් සංවිධානය කර තිබු 2024 අය වැය සමාලෝචනයට (Budjet review )2023 දෙසැම්බර් 12 දින සහභාගි වූ අතර එහිදී මුදල්...
13/12/2023

Next Gen SL මගින් සංවිධානය කර තිබු 2024 අය වැය සමාලෝචනයට (Budjet review )2023 දෙසැම්බර් 12 දින සහභාගි වූ අතර එහිදී මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ,පාර්ලිමේන්තු මංත්‍රී පාඨලි චමිපික රණවක,පාර්ලිමේන්තු මංත්‍රී ආචාර්‍ය හර්ශ ද සිල්වා හා චරිත හේරත් මහතාද සහභාගි වූහ.
සංවිධානය ධනනාත් ප්‍රනාන්දු මහතා සිදු කල අතර තවත් දේශපාලන පක්ශ හා සිවිල් සංවිධාන නියෝජනය කරමින් කණ්ඩායම් පැමිණ තිබු අතර එහිදි ශෙහාන් සේමසිංහ මහතා වත්මන් රටේ තත්වය හා 2024 අය වැය සම්බන්ධයෙන් තම මතවාදය ප්‍රකාශ කරන ලදි.
තවදුරටත් එහිදී සමාලෝචනයට අමතරවද වැඩිදුර කරුණු විග්‍රහ වූ අතර එහිදී හර්ශ ද සිල්වා මහතා ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මත බදු බර පැටවීම වෙනුවට ඉහල පෙලේ ආයෝජකයන්ගෙන් බදු අය කරගැනීමේ අවශ්‍යතාවය පහදා දෙන ලදී.
චරිත හේරත් මහතා කල අදහස් ප්‍රකාශ කිරීමේදී සදහන් කල මූලික කාරණය වූයේ අර්බුධයට විසදුම් සෙවීමේදී ශුද්‍ර විසදුම් (micro) වෙනුවට සාර්ව(macro) විසදුම් අනුගමනය කල යුතු බවත් සදහන් කල ඒ මහතා වැඩිදුරටත් සදහන් කරන ලද්දේ වත්මන් තත්වය ශුද්‍ර විසදුම් සෙවීම මතම තිබීම එතරම් යෝග්‍ය නොවන බවය.
චම්පික රණවක මහතා සදහන් කල කරුණු තුල ග්‍රහණය වූ මූලික කාරණය වූයේ බදු අය කර ගැනීමට බදු ගෙවන සියලු පාර්ශව හා ආයතන අධීක්ෂණයට ක්‍රමවත් දත්ත සටහනක් තිබිය යුතු බවත් එය ඩිජිටල්කරණය විය යුතු බවත්‍ ය.

සටහන
සාරංග සියඹලාපේ
12.12.2023

බොහෝ වෙලාවට අපිට කවුරුත් නොකරපු දේවල් නොහිතපු දේවල් වලින් පිලිතුරු හොයන්න වෙනවා.හරියට මුත්තයියා මුරලිදරන් එදා තරග වල කවු...
28/11/2023

බොහෝ වෙලාවට අපිට කවුරුත් නොකරපු දේවල් නොහිතපු දේවල් වලින් පිලිතුරු හොයන්න වෙනවා.
හරියට මුත්තයියා මුරලිදරන් එදා තරග වල කවුරුත් නොහිතපු දේවල් කරලා පුදුම කලා වගේ ප්‍රතිඵලයක් එමගින් ලැබෙන්නත් පුලුවන් !!!

#අලුත්විදිහටහිතමු
#අලුතින්දකිමු

සංචාරක කර්මාන්තය දියුණු කිරීමට නම් කුමක් කරම්ද?ලංකාව සංචාරක පාරාදීසයකි.එය අවිවාදාත්මකය.මෙරට සංචාරක කර්මාන්තය පවත්වා ගැනී...
23/11/2023

සංචාරක කර්මාන්තය දියුණු කිරීමට නම් කුමක් කරම්ද?

ලංකාව සංචාරක පාරාදීසයකි.එය අවිවාදාත්මකය.මෙරට සංචාරක කර්මාන්තය පවත්වා ගැනීමට හා දියුණු කිරීමට විශේෂ අවධානයක් දිය යුතුව ඇත.මන්දයත් 2018 දී ඩොලර් බිලියන හතරක් (4)පමණ ජාතික ආදායමට සංචාරක කර්මාන්තයෙන් ලබා දී ඇත.මෙය ප්‍රවර්ධනය කිරීම දෙස බලන කල අප විසින් සංචාරකයන්ගේ අවශ්‍යතා හා උවමනාවන් පමණක් හදුනා ගෙන කටයුතු කිරීම ප්‍රමාණවත් නැත.
Relax වෙන්න Adventure experience එකක් ගන්න,සංස්කෘතිකමය දෑ ගවේෂණය කරන්න,සමාජානුයෝජනය වන්නට උත්තේජනයක් සංචාරකයන් සංචාරය කිරීමෙන් බලාපොරොත්තු වේ.
2018 දී 2333,796 සංචාරකයන් මෙරටට පැමිණ තිබෙන අතර එමගින් රුපියල් මිලියන 712,027 උපයා ඇති අතර එය එවකට ඇමරිකානු ඩොලර් මිලියන 4380.6 කි.ජාතික ආදායමට එමගින් 4.9% ප්‍රතිශතයක් දායක වී ඇති අතර බොහෝමයක් සංචාරකයන් ඉන්දියාව,චීනය,එකසත් රාජධානිය,ජර්මනිය හා ඔස්ට්‍රියාවෙන් වාර්ථා වේ.2020 දී තත්වය මීට වඩා වෙනස්‍ විය.කොවිඩ් ව්‍යසනය සමග 507,704 දක්වා සංචාරකයන්ගේ පැමිණීම අඩු වූ අතර රුපියල් මිලියන 126,608.1 එනම් ඩොලර් මිලියන 682.5 දක්වා ආදායම පහල වැටී 4.9% සිට ජාතික ආදායමට ලැබුනා වූ ආදායම 0.8% දක්වා පහල වැටිණි.එවර රුසියාව ,ඉන්දියාව,ජර්මනිය,චීනය හා එක්සත් රාජධානිය යන රට වලින් සංචාරකයන් වාර්ථා විය.

සංචාරකයන්ගේ පැමිණීම ප්‍රවර්ධනය කිරීමට නම් ඔවුන්ගේ අවශ්‍යතා හදුනා ගත යුතුව ඇත.යමෙකු සංචාරයක් කරන විට සංස්කෘතික කාරණා වලට අවධානය ලබා දේ. තවද ඔහුගේ පවුලේ අදහස් හා ඔහුගේ ආශ්‍රිතයන්ගේ අදහස් විමසා බලන්නේය.සමාජීය හා ආර්ථිකමය සාධක බලපායි.ඉහත කරුණු වලට අමතරව පුද්ගකිකවම ඔවුන්ගේ අදහස් හා ආකල්ප බලපාන බැවින් ඒවා හදුනා ගත යුතුය.මනෝමය කාරණාද බලපායි.උදාහරණයක් ලෙස ගතහොත් ඇතැම් පිරිස් උස් ස්ථාන වලට බියය,ජල ක්‍රීඩා වලට බියය.එසේම ඔවුන් හටද නියැලිය හැකි ලෙස ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කල යුතුය.කොටින්ම ඔවුන්ගේ විශේෂ අවශ්‍යතා හා දුර්වලතා දෙස අවධානය ලබා දීම සුදුසුය.තවද ඔවුන් ඉගෙන ගත් දේවල්ද බලපායි.1991 දී Gilburt නම් විශ්ලේෂකයාගේ විශ්ලේෂණයට අදාල ඉහත කරුණු දෙස බැලීමේදී අපට වැටහෙන විශේෂ කාරණාවක් ලෙස ඉස්මතු වන්නේ සාමාජීය කාරණා බව මා හට වැටහේ.මෙරට ප්‍රතිරූපය දෙස දෙස බලා අප රටට පැමිණෙන සංචාරකයන්ගේ තීන්දු තීරණ රටේ ප්‍රතිරූපය හා ජාත්‍යන්තර මතය මත තීරණ ගෙන මෙය සංචාරයට යෝග්‍ය වන්නේද නැද්ද යන්න සලකා බලනු ලබයි.එය කවුරුත් දන්නා රහසකි.ඇතැම් රටවල් ශ්‍රී ලංකාවට සංචාරක තහනම් දමා තිබිණි.දේශපාලනික අස්ථාවරත්වය එයට බලපාන්නට වූ බව සැවොම දන්නා කරුණකි.

ශ්‍රී ලංකාව තුල ඇතැම් ත්‍රීවීල් රථ පදවන්නන් හා වෙළදුන් නිසා රටේ ප්‍රතිරූපය තර්ජනයට ලක් වී ඇත.ඇතැම් සංචාරකයන් "NO TUK TUK" යනුවෙන් බෝඩ් පිටේ එල්ලා ගෙන යනු ලබන්නේ ඔවුන්ට සංචාරකයන් සල්ලි ගස් ලෙස පෙනෙන නිසා විය හැකිය.තවද ඇතැම් බ්ලොග් අඩවි කරණ සංචාරකයන්ට වෙළදුන්ගෙන් හා මිනිසුන්ගෙන් වු හිරිහැර මෙන්ම අකටයුතු අස්ලීල වචන ඔබද මමද ඇස් පනා පිටම දැක ඇත්තෙමු.මෙම තත්වය තුල නිසි නියාමනයක් මගින් ආකල්පමය හා චර්‍යාමය වෙනසක් රටේ පුරවැසියන් තුල ඇති කරමින් සුබවාදී ප්‍රතිරූපයක් ජනිත නොකලහොත් එය රටේ සංචාරක කර්මාන්තයට මරු පහරකි.වේදනා විදිමින් සිටින කර්මාන්තය වේදනා දීම මරා දැමීමකී.

ශ්‍රී ලංකාව තුල සංස්කෘතික වශයෙන් ලොවම දන්නා උත්සවයක් ලෙස අති උතුම් දළදා පෙරහැර හදුන්වා දිය හැක.උඩරට නර්ථනයන් හා බැදුනු කලාත්මක නිර්මාණ විදේශිකයෝ මහත් උනන්දුවෙන් නරඹති.
නිල් මැණික්,සෙලෝන් ටී,කුරුදු ආදී සම්පත් අපේ රට ලොව ඉදිරියේ අංක එක දරන ස්ථානයේ ඔසවා තබා ඇත.එමගින් මෙම කර්මාන්තය දියුණු කොට පරිවාර කර්මාන්ත දියුණු කරමින් විදෙස් වානිජ වෙළදපල අතර අන්‍යෝන්‍ය බැදීමක් ඇති කොට දියුණු කළ හැකි බව අප සැමටම වැටහෙන කරුණකි.
ශ්‍රී ලංකාවට පැමිණෙන්නන් උදෙසා බ්ලොග්ස් නිර්මාණය කරණ අයවලුන් හා විදෙස් රටවල ඉන්ෆ්ලුවෙන්සර්ස් චරිත ගෙනැවිත් වියදම් කරමින් වැඩසටහන් කිරීමට පමණක් සීමා නොවී වෙළදුන් හා සේවා සපයන අය හා පුරවැසියන් අතර ආකල්පමය දියුණුවක් ඇති නොකලහොත් අපගේ නිශ්පාදන මිලදී ගැනීමට "NO TUK TUK PLS" පුවරු ප්‍රදර්ශනය කරමින් යන සංචාරකයන්ද අපට දකින්නට නොලැබේවී.
අද ඩොලර් බිලියන දෙකක(2) IMF ණය මහමෙරක් වූ අපට 2018 දී සංචාරක කර්මාන්තයෙන් පමණක් ඩොලර් බිලියන 4.9 ලැබුනු බව මතක් කිරීමට කැමැත්තෙමි.

Saranga Siyambalape Saranga Siyabalape සාරංග සියඹලාපේ
2023.05.30

ලෝකයේ සංචාරකයන් අතරින් වැඩියෙන් සංචාර සදහා මුදල් වියදම් කරන සංචාරකයන් ලංකාවට එන්න පටන් ගත්තොත් මේ රටේ හැමෝම ටුවරිසම් කරන...
29/10/2023

ලෝකයේ සංචාරකයන් අතරින් වැඩියෙන් සංචාර සදහා මුදල් වියදම් කරන සංචාරකයන් ලංකාවට එන්න පටන් ගත්තොත් මේ රටේ හැමෝම ටුවරිසම් කරන්න ගනී......

මොකද එක මාර විදිහට ඉන්කම් එකක් ගේනවා අපිට....තාම අපි ඒක කරන්න පුලුවන් උපරිමයෙන් කරන්න හිතලාවත් නැහැ....🙂

මොකද කියනවනම් තාම ලංකාව ගැන දන්න අයට වඩා නොදන්න අය වැඩී.....

USA වගේ දියුණු රටක හොද පොහොසත් සංචාරකයෝ අපේ රටට එන්නනම් අපි ඒ මිනිස්සුන්ට අපේ රට ගැන දැනුවත් කරන්න ඕන..
හරියටම marketing කරන්න...ඕන..ඇත්තටම අපි trend වලට මාකටින් කරන්න ඕන.....
Festival වගේ දේවල් අපිට ක්‍රියේට් කරන්න පුලුවන් ......දැන් අපිට down south අරන් පුලුවන් එහේ පෙරහැර වගේ දේවල් වල විශේශ දේවල් බීච් එකක් වගේ තැනක විනෝදාස්වාදක විදිහට හදන්න ......මේ දේ වෙන රටවල හොදට කරනවා...
යුරෝපා රටවල ඉන්න හොද පොහොසතුන් අතර ඉන්න මහළු අයට ගැලපෙන දේවල් හැදෙන්නත් ඕන ඒ වගේමයි....තාරුණ්‍ය වගේම විවිධ අය ඉලක්ක කරලා මාකටින් කරන්න ඕන......
අපේ රටේ කදු 100 ට වඩා තියෙනවා ......කදු නගින්න ආස මිනිස්සු මෙහේ එන්න නම් ඒවා මාකට් කරන්න ඕන.....අඩුම එයලාගෙන් කදු 10කටවත් එක්කෙනෙක් නගී ,එහෙම උනොත්....

geographic ,demographic psychographic,socio-economic and behavioral,fix and price වගේ සෙග්මන්ට් ගැන අපි හිතන්න ඕන..
උදාහරණයක් දෙන්නම් ඔන්න ටොම් කියලා කෙනෙක් ඉන්නවා...එයා ඉන්නේ ඔන්න ලන්ඩන්....එයාට හොදට වියදම් කරන්න පුලුවන් ඉතින් මෙයා කැමති කදු නගින්න....මෙයා වගේ කෙනෙක් අපි වගේ රටක් ගැන දන්නේ නැත්නම් මෙයා වෙන රටක් හොයනවා......අනික මෙයා හොද තැනක් හොයනවා travel කරන්න ......ඉතින් මෙයා ලංකාව ගැන දන්නවනම් අපි ඒක හරියට මාකට් කරලා තිබ්බනම් එයා ලංකාවට එනවා......
එකී මෙකී නොකී හැම විදිහකටම මාකට් කරන්න අපිට පුලුවන් උනානම් අපේ රට ටුවරිසම් වලින්ම හැමෝම දැනගනී...
ඇත්තටම ක්‍රිකට් වලින් ප්‍රසිද්ධ තරමට වඩා අපිව ලෝකය දැන ගනී.කොටින්ම ෆුට් බෝල් ගැන විතරක් දන්න රටවල් උනත් ක්‍රිකට් ගැන දන්නෙවත් නැති රටවල් උනත් අපිව දැන ගනී....🩷

-සාරංග සියඹලාපේ
#හරිත

හරිත රටකට පෙරවදනක් ව්‍යාපෘතියේ අතුරු ව්‍යාපෘතියක් වශයෙන් කඩුවෙල ආරම්භක වැඩසටහන බෝමිරිය දකුණ කොට්ටාශයේදී 2023.07.02 දින ස...
02/07/2023

හරිත රටකට පෙරවදනක් ව්‍යාපෘතියේ අතුරු ව්‍යාපෘතියක් වශයෙන් කඩුවෙල ආරම්භක වැඩසටහන බෝමිරිය දකුණ කොට්ටාශයේදී 2023.07.02 දින සාරංග සියඹලාපේ ඇතුලු කණ්ඩායමේ මූලිකත්වයෙන් ඇරඹි වගයි.
මූලික නීතිය පිලිබදව දැනුවත් කිරීම හා මහජනයා හට දේශීය ආර්තිකමය ව්‍යුහය පිලිබදව මෙන්ම ගෘහස්ථ කෘශි නාගරික කර්මාන්තය පිලිබදව දැනුවත් කිරීම එමගින් සිදු විය.මෙම වැඩසටහනේදී එම කණ්ඩායම විසින් ඔවුන්ව වගා කටයුතු වලට දිරිමත් කරමින් ඇගයීම් ඉදිරියට කිරීමට බලාපොරොත්තු වන බවට කඩුවෙල හරිත මිතුරෝ සංවිධානය වැඩිදුරටත් සදහන් කලේය.

මිහිකතට ජීවයක් ලබා දීමට පැළ රෝපණය කිරීමේ වැඩසටහනේ එක් අවස්තාවක් ලෙස අපි කඩුවෙල පුරාණ ගනේවත්ත රජමහා විහාරයේදී සංවිධානය කළ...
04/06/2023

මිහිකතට ජීවයක් ලබා දීමට පැළ රෝපණය කිරීමේ වැඩසටහනේ එක් අවස්තාවක් ලෙස අපි කඩුවෙල පුරාණ ගනේවත්ත රජමහා විහාරයේදී සංවිධානය කළ වැඩසටහන ඉතා සාර්ථක ලෙස ක්‍රියවට නැංවූවෙමු!
ලෝකයට හුස්ම දෙන්න ඔබටත් පුළුවන්

අනේක දුක් දෙන නිස්සාර සංසාර ගමන නිමා කරමින් ලොව්තුරා බුද්ධත්වයට පත්ව සියළු සත්වයින් දුකින් මුදවාලීමේ අරමුණින් පරාර්ථකාමී...
04/05/2023

අනේක දුක් දෙන නිස්සාර සංසාර ගමන නිමා කරමින් ලොව්තුරා බුද්ධත්වයට පත්ව සියළු සත්වයින් දුකින් මුදවාලීමේ අරමුණින් පරාර්ථකාමී මානවවාදී ශාස්තෲන් වහන්සේගේ ඉපදීම,බුදු බව ලැබීම හා මහා පිරිනිවන යන අවස්තා තුන සිදු වූ ඓතිහාසික ශුද්ද වූ දිනය සමරණ මේ වෙසක් පුන් පොහෝ දින සත්‍යවාදී මෙන්ම මානවවාදී ගුනදම් වඩමින් උතුම් මිනිසකු ලෙස ලෝකයට වැඩදායි ජීවිතයක් ගත කොට නොමැකෙන සටහනක් තබමින් ස්වාර්ථයෙන් තොර මිනිසුන් ලෙස පරාර්ථකාමී වෙමින් මේ ලොව ලද උතුම් මනුශ්‍ය ජීවිතය ශීලාදි ගුන්දම් වඩා දාන ,භාවනා පාරමිතා පුරා පතනා බෝධියකින් මතු දිනක සසර කෙලවර කර ගන්නට ලැබේවායි පතමින් මම මෙම ලිපිය ලියා අවසන් කරමි!
#මමත්වයෙන්තොරදේශපාලනයක්

Address

Kaduwela
Kaduwela

Website

Alerts

Be the first to know and let us send you an email when Saranga siyambalape posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category