Kadugannawa Rock Tunnel

Kadugannawa Rock Tunnel Kadugannawa Pass is a pierced rock in the Kadugannawa climb on the Kandy-Colombo road.

In 1820s when British built the Kandy-Colombo road they pierced a rock at the Kadugannawa Pass instead of blasting it away or simply bypassing it.

නුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කළේය.අද (27) මධ්‍යම රාත්‍රී 12...
27/11/2021

නුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කළේය.

අද (27) මධ්‍යම රාත්‍රී 12 සිට හෙට (28) පෙරවරු 6 දක්වා මෙලෙස එම මාර්ගය වසා තබන බව ද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස දන්වා ඇත.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග පහළ කඩුගන්නාව ප්‍රදේශය නායයාමේ අවදානමට ලක්වූ අතර මීට පෙර දින කිහිපයක් අදාළ මාර්ගය එම ප්‍රදේශයෙන් වසා දැමීමට බලධාරීන් පියවර ගත්තේය.

අනතුරුව ඒ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු ආයතන විසින් සිදුකළ ශක්‍යතා අධ්‍යයනවලින් පසුව නායයාමේ තත්ත්වය අවම කිරීම සඳහා අවසර ගෙන මාර්ගය නැවත විවෘත කළේය.

Source: Ada Derana

Beautiful Kadugannawa ❤️
20/11/2021

Beautiful Kadugannawa ❤️

The Road Development Authority (RDA) has announced that one lane of Kadugannawa section of the Colombo - Kandy main road...
17/11/2021

The Road Development Authority (RDA) has announced that one lane of Kadugannawa section of the Colombo - Kandy main road is opened from today (November 17, 2021) at 12 noon.

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටසේ, එක් මංතීරුවක් අද (2021/ 11/ 17) දහවල් 12 සිට විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී තිබෙනවා.

නැඳුන්ගමුවෙ ඇතා කඩුගන්නාව ගල අසල දී...Photo credits: Charith Gunarathne at Charith Mania
14/11/2021

නැඳුන්ගමුවෙ ඇතා කඩුගන්නාව ගල අසල දී...

Photo credits: Charith Gunarathne at Charith Mania

[Update] : නුවර – කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් තවදුරටත් නැවත දැනුම් දෙන තුරු වසා තැබේ.නායයාමේ අවදානමක් හේතුවෙන් ...
14/11/2021

[Update] : නුවර – කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් තවදුරටත් නැවත දැනුම් දෙන තුරු වසා තැබේ.

නායයාමේ අවදානමක් හේතුවෙන් පහළ කඩුගන්නාවෙන් වසා දැමූ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය තවදුරටත් වසා තැබෙන බව පවසයි.

ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත ලෙස පහත මාර්ග භාවිතා කල හැකියි.

ඒ අනුව කොළඹ සිට මහනුවර දක්වා විකල්ප මාර්ග මෙසේයි.
01. අඹේපුස්ස හරහා කුරුණෑගලට පැමිණ ගලගෙදර – කටුගස්තොට හරහා මහනුවරට

02. කෑගල්ල සිට පොල්ගහවෙලට පැමිණ කුරුණෑගල – ගලගෙදර – කටුගස්තොට හරහා මහනුවරට

03. මාවනැල්ල සිට රඹුක්කන හතරලියද්ද – ගලගෙදර – කටුගස්තොට හරහා මහනුවරට

04. මහනුවර සිට කොළඹට විකල්ප මාර්ගය ලෙස කටුගස්තොට ගලගෙදර සිට කුරුණෑගලට පැමිණ කොළඹ දක්වා පැමිණිය හැකියි.

Fruit Stalls at Kadugannawa are no more!Photo credits to the owner.
12/11/2021

Fruit Stalls at Kadugannawa are no more!

Photo credits to the owner.

[Update] : නුවර – කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් තවදුරටත් වසා දැමේ.නායයාමේ අවදානමක් හේතුවෙන් පහළ කඩුගන්නාවෙන් වසා ...
11/11/2021

[Update] : නුවර – කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් තවදුරටත් වසා දැමේ.

නායයාමේ අවදානමක් හේතුවෙන් පහළ කඩුගන්නාවෙන් වසා දැමූ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය හෙට (2021/11/12) පෙරවරු 9.00 දක්වා තවදුරටත් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙන්නේ, ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත ලෙසයි.

ඒ අනුව කොළඹ සිට මහනුවර දක්වා විකල්ප මාර්ග මෙසේයි.

– අඹේපුස්ස හරහා කුරුණෑගලට පැමිණ ගලගෙදර – කටුගස්තොට හරහා මහනුවරට

– කෑගල්ල සිට පොල්ගහවෙලට පැමිණ කුරුණෑගල – ගලගෙදර – කටුගස්තොට හරහා මහනුවරට

– මාවනැල්ල සිට රඹුක්කන හතරලියද්ද – ගලගෙදර – කටුගස්තොට හරහා මහනුවරට

මහනුවර සිට කොළඹට විකල්ප මාර්ගය ලෙස කටුගස්තොට ගලගෙදර සිට කුරුණෑගලට පැමිණ කොළඹ දක්වා පැමිණිය හැකියි.

නායයෑම් පිළිබඳ අවදානමක් හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් ඊයේ (2021/11/10) රාත්‍රි 10 සිට නැවත දැනුම් දෙන තුරු මාර්ගය වසා දැමීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තීරණය කළේ ය.

මේ අතර පහළ කඩුගන්නාවේ පළතුරු කඩ පේලිය නාය යෑමේ අවදානමට ලක්වී වී ඇති බවත් ඊට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඊයේ එහි පැමිණි භූ විද්‍ය මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසී ය.

අද උදෑසන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිලධාරීහු කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාම් අවදානම් ස්ථානය පරීක්ෂා කළහ.

Source: News 1st

Due to the danger and possible earth slips, the Kandy-Colombo main road is closed at Pahala Kadugannawa, the Kegalle dis...
11/11/2021

Due to the danger and possible earth slips, the Kandy-Colombo main road is closed at Pahala Kadugannawa, the Kegalle district secretariat said.

He said the decision was taken due to possible landslide threats.

Following several inspections were conducted in the area, it was found that water flowing in many places beneath the road.

Several byroad shops in the risk area have been advised to evacuate with immediate effect.

Therefore, the mororists were advised to use alternative roads to reach Colombo.

Professor of Geology of the Peradeniya University Senior Professor Atula Senaratne said the Pahala-Kadugannawa area is in danger due to the adverse weather conditions.

A stretch of more than 250 metres has the possibility of experiencing a landslide at any time. Therefore, the people in the area should be evacuated as soon as possible. Signs of possible landslide are already visible in the area along with a dangerous underground stream.

Therefore, it is recommended to close this area as soon as possible, Prof. Senaratne said.

Chaturanga Samarawickrama - DM Online

නායෙ යෑමේ අවදානම නිසා කොළඹ නුවර පාර පහළ කඩුගන්නාවෙන් වසා දමයි…කොලඹ- මහනුවර ප්‍රධාන මාර්ගයේ 98 වන කිලෝමීටර් කණුව අසල නාය ...
11/11/2021

නායෙ යෑමේ අවදානම නිසා කොළඹ නුවර පාර පහළ කඩුගන්නාවෙන් වසා දමයි…
කොලඹ- මහනුවර ප්‍රධාන මාර්ගයේ 98 වන කිලෝමීටර් කණුව අසල නාය යාමේ අවධානමක් හේතුවෙන් අද රාත්‍රී 10.00 ට පහල කඩුගන්නවෙන් මාර්ගය තාවකාලිකව වසා දැමේ!

2021/11/10 රාත්‍රී 10 තෙක් එක මංතීරුවක් පමණක් විවෘත කර තබන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා පවසයි.

හෙට එනම් 2021/11/11 උදෑසන 7.00ට ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ ආයතනය හා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් මාර්ග නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාර්ගය විවෘත කරන වේලාව දනුම් දීමට නියමිතයි.

කොලඹ සිට මහනුවරට පැමිණෙන රථවාහන සදහා විකල්ප ලෙස
1.අඹේපුස්සට හරහා කුරුණෑගලට පැමිණ ගලගෙදර -කටුගස්තොට හරහා මහනුවර
2.කෑගල්ල සිට පොල්ගහවෙලට පැමිණ කුරුණෑගල ඉන් අනතුරුව ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර
3.මාවනැල්ල සිට රඹුක්කන -හතරලියැද්ද -ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර.
4.මාවනැල්ල සිට හෙම්මාතගමට පැමිණ ගම්පොල -පේරාදෙණිය මහනුවර
යන මාර්ග භාවිතා කලහැකි බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සදහන් කරයි.
මහනුවර සිට කොලඹට ගමන් කරන රථවාහන සදහා විකල්ප මාර්ග ලෙස
1.කටුගස්තොට ගලගෙදර සිට කුරුණෑගලට පැමිණ කොලඹ දක්වා
2.කටුගස්තොට -ගලගෙදර-රඹුක්කනට පැමිණ කොලඹ නුවර ප්‍රධාන මාර්ගයට පැමිණ

කොලඹ යන මාර්ග භාවිතා කල හැකිබව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා වැඩිදුරටත් පවසයි.

මාර්ග සංවර්ධන අධිකාරිය

Address

Kadugannawa Rock Tunnel
Kadugannawa
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Kadugannawa Rock Tunnel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share