The Balance of Power රට රකින බල තුලනය

The Balance of Power රට රකින බල තුලනය ෴ රට රකින බල තුලනය ෴
බල තුලනය ඇතුළත් සහ ප්‍රගතිශීලී අනාගතයක් සඳහා කැපවී සිටී.

Balance of Power is committed to an inclusive & progressive future.
බල තුලනය ඇතුළත් සහ ප්‍රගතිශීලී අනාගතයක් සඳහා කැපවී සිටී.
ඔබත් ගම් මට්ටමින් නායකත්වය ගෙන බල සංතුලයට එක්වන්න....
රටක පාලනය නිවැරදිව ගෙනයන්න ශක්තිමත් පාලක පක්ෂයක් වගේම විපක්ෂයක්ද අත්‍යවශ්‍යයි.ඒ
පවතින පාලන ආණ්ඩුවට යම් මඟ හැරීමක් හෝ සුළු හෝ අඩුපාඩුවක් හෝ වූවොත්
එය වහා නිවැරදි මඟට යොමු කරන එක ශක්තිමත් විපක්ෂයක කාර්යබාරයක්...ආණ්ඩුව ගෙ

නන රටට යහපත වන පනත් යෝජනා සම්මත කර දීමත් ප්‍රගතිශීලි යහපත් පක්ෂයක කාර්යභාර්යකි.
ඒ වගකීම නොපිරී හෙලා ඉටු කිරීමට
එක්සත් ජාතික නිදහස් පෙරමුණ
වන අප සැදී පැහැදී සිටිනවා.
එවැනි වූ
ශක්තිමත් පක්ෂයක් හදන්න එක්වන්නට ඔබට සාදරයෙන් ඇරයුම් කරන්නමු..

27/05/2026

කවුද..මුදල් ඇමති.😁🤌🤌🤌

23/05/2026
ඛාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අ #යෝජනයකට ලක් කළ බවට චෝදනා එල්ල වූ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදා හරින ලෙ...
22/05/2026

ඛාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අ #යෝජනයකට ලක් කළ බවට චෝදනා එල්ල වූ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සැකකාර හේමරතන හිමියන් රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙහිදී අධිකරණය විසින් විශේෂ නියෝගයක් පනවමින් අවධාරණය කළේ, පනවා ඇති ඇප කොන්දේසි කිසියම් හෝ ආකාරයකින් කඩ කළහොත් හෝ නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට උත්සාහ කළහොත් ලබාදුන් ඇප නියෝගය වහාම අවලංගු කරන බවයි.

මීට අමතරව, සැකකාර හිමියන්ට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් තහනමක් ද අධිකරණය විසින් පනවනු ලැබීය.

21/05/2026

කොහොමද අප්පා. මෙහෙම බොරු කියන්නෙ..😁😁

18/05/2026

විමල්ට මල් ටික තියලා දන්න දුන්නනම් ඔය මොකුත් නෑනේ 😁😁

අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේදී ත්‍රිත්ව ඝාතනයක සැකකරුවෙකු මරා ඔහුගේ හිස කඳින් වෙන්කර හංදියේ පිළිමය මත තබා ගොස් ඇති අයුරු ....
12/05/2026

අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේදී ත්‍රිත්ව ඝාතනයක සැකකරුවෙකු මරා ඔහුගේ හිස කඳින් වෙන්කර හංදියේ පිළිමය මත තබා ගොස් ඇති අයුරු . (26-05-12)

ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි අභාවයත් සමඟ ඔහු සහ මෙරට සුප්‍රකට ක්‍රික...
08/05/2026

ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි අභාවයත් සමඟ ඔහු සහ මෙරට සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා අතර පවතින පවුල් සබඳතාව පිළිබඳව යළිත් කතාබහට ලක්ව තිබේ. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු මෙන්ම චිකාගෝ විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය සහ මෙල්බර්න් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා ඇති චන්ද්‍රසේන මහතා, 2026 මැයි 8 වැනිදා කොල්ලුපිටියේ පිහිටි ඔහුගේ නිවසේදී මියගොස් සිටියදී සොයාගනු ලැබූ අතර, එය සියදිවි නසාගැනීමක් බවට සැක කෙරේ.

අනෙක් පසින් 1965 වසරේ උපත ලබා, 1996 ලෝක කුසලාන විජයග්‍රහණයේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරමින් ජාත්‍යන්තර ලකුණු 20,000කට වඩා රැස් කර ඇති (ටෙස්ට් තරඟ 93ක් සහ එක්දින තරඟ 308ක් ක්‍රීඩා කර ඇති) විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අරවින්ද ද සිල්වා, කපිල චන්ද්‍රසේන මහතාගේ මස්සිනා වේ.

මෙම දෙපළ අතර ඥාති සබඳතාව ගොඩනැගී ඇත්තේ ඔවුන් දෙදෙනා විවාහ වී සිටින සහෝදරියන් දෙදෙනා හරහාය. කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ අරවින්ද ද සිල්වාගේ බිරිඳ වන අනුෂ්කා ද සිල්වා (විවාහයට පෙර අනුෂ්කා විජේනායක) යනු කොළඹ ප්‍රකට පවුලකින් පැවත එන ජීව විද්‍යාත්මක සහෝදරියන් දෙදෙනෙකි. අනුෂ්කා යනු අරවින්ද ද සිල්වාගේ දෙවන බිරිඳ වන අතර, මෙම විවාහයන් හරහා කපිල සහ අරවින්ද නීත්‍යානුකූලව මස්සිනාලා බවට පත්ව ඇත. මොවුන් අතර පවතින මෙම පවුල් සබැඳියාව වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ සහ අධිකරණ වාර්තා මඟින් තහවුරු වූයේ 2020 වසරේ මාර්තු මාසයේදී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා අධිකරණයෙන් ඇප මත මුදා හරින ලද අවස්ථාවේදී, ප්‍රියංකා වෙනුවෙන් ඇපකරුවන් ලෙස අරවින්ද ද සිල්වා සහ අනුෂ්කා විජේනායක ඉදිරිපත් වීමත් සමඟිනි.

කපිල චන්ද්‍රසේන මහතා පසුගිය කාලය පුරාවට දැඩි ආන්දෝලනයකට ලක්වූයේ 2013 වසරේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව එල්ල වූ චෝදනා හේතුවෙනි. ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3ක පමණ වටිනාකමකින් යුත් මෙම ගනුදෙනුව හරහා බෲනායි රාජ්‍යයේ පිහිටුවූ ව්‍යාජ සමාගමක් ඔස්සේ චන්ද්‍රසේන මහතා සිය බිරිඳගේ ගිණුම් වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් මුදලක් ලබාගෙන, පසුව එම මුදල් ඕස්ට්‍රේලියාවට යැවීම හරහා මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනා ඔවුනට එල්ල වී තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ කිහිප වතාවක්ම අත්අඩංගුවට පත්ව ඇප මත මුදා හැර තිබූ අතර, 2026 වසරේදී ඔහුට එරෙහිව යළිත් වරෙන්තු නිකුත් වීමෙන් අනතුරුව යළි අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කර තිබූ පසුබිමක මෙලෙස ඔහුගේ මරණය වාර්තා වී තිබේ...

Address

Homagama

Telephone

+94722783563

Website

Alerts

Be the first to know and let us send you an email when The Balance of Power රට රකින බල තුලනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category