11/12/2025
#ජාත්‍යන්තර_කඳුකර_දිනය_අදයි
අද, දෙසැම්බර් 11 වැනි දින, අපි ජාත්‍යන්තර කඳුකර දිනයයි. මෙම දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, කඳුකරයන්ගේ වැදගත්කම පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කරගෙන ඇත.
2025 වසරේ තේමාව වන්නේ “Glaciers matter for water, food and livelihoods in mountains and beyond” යන්නයි. මෙය කඳුකරයන්හි ජලය, ආහාර සහ ජීවනෝපායන් සඳහා ග්ලැසියර්වල වැදගත්කම අවධාරණය කරයි, එමෙන්ම ඒවායේ ආරක්ෂාව සඳහා නව්‍ය විසඳුම්, අනුවර්තන උපාය මාර්ග සහ තරුණයන්ගේ සහභාගීත්වය අවශ්‍ය බව පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙම වසරේ අපගේ සැමරුම ඛේදජනක පසුබිමකින් සිදු වේ. පසුගිය නොවැම්බර් 28 වැනි දින ශ්‍රී ලංකාවට බලපෑම් කළ ඩිට්වාහ් (Ditwah) කුණාටුව නිසා රටේ කඳුකර ප්‍රදේශවල දැවැන්ත ගංවතුර සහ නායයෑම් ආපදාවකට ලක්විය. විශේෂයෙන්ම බදුල්ල සහ නුවරඑළිය වැනි මධ්‍යම කඳුකර ප්‍රදේශවල දිස්ත්‍රික්ක නායයෑම් නිසා නිවාස දේපළ හා ජීවිත හානි සිදුවී ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව, මෙම කුණාටුව දශක දෙකකට වැඩි කාලයකදී ශ්‍රී ලංකාවේ ඇති වූ දරුණුතම ගංවතුර ආපදාවකි.
මෙම මහා විපතට ප්‍රධාන හේතුව මිලිමීටර 500 වැඩි අඛණ්ඩ වර්ෂාව වුවද, මානව ක්‍රියාකාරකම් ද එහි බලපෑම තීව්ර කර ඇත. පරිසරය නිසි ලෙස කළමනාකරණය නොකිරීම, වන විනාශය සහ අක්‍රමවත් ඉඩම් භාවිතය නිසා භූමියේ ජලය උරාගැනීමේ ධාරිතාව අඩුවීම. අක්‍රමවත් ඉදිකිරීම්, විශේෂයෙන්ම කඳුකර අවදානම් ප්‍රදේශවල ශක්‍යතා අධයයනය නොකර සිදු කළ ඉදිකිරීම් , නායයෑම්වලට ප්‍රධාන හේතුවක් වී ඇත.
නිසි අධ්‍යයනයකින් තොරව සිදුකරන ලද සංවර්ධන ව්‍යාපෘති, ජල ප්රවාහයන්ට බාධා කිරීම සහ භූමියේ ස්ථායිතාව බිඳ දැමීම නිසා ගංවතුර තීව්ර වීය. මෙම කරුණු පසුගිය වසරවලදී සිදු වූ ආපදාවන්හිදී ද පෙන්වා ඇති අතර, කඳුකරයේ ස්වභාවික ආවරණය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.
පෘථිවි භූමියෙන් 27%ක් ආවරණය කරන මේ කඳු, ලෝක ජනගහනයෙන් 15%කට ජීවය ලබා දෙන “ජල කුළුණු” වේ. හිමනදියෙන් පෝෂණය වන ගංගා බිලියන ගණනකට ජනතාවට බීම ජලය, විදුලිය, කෘෂිකර්මාන්තය හා ජෛව විවිධත්වය ලබා දෙයි. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය – තේ වතු හා වනාන්තරවලින් පිරි ඒවා – මේ භූමිකාවට හොඳම උදාහරණයකි. මහවැලි, කැළණි වැනි ගංගා මිලියන සංඛ්‍යාත ජනතාවට ජලය හා ආහාර සපයයි.
කෙසේ වෙතත් මෙම වර්ෂයේ කඳුකර දිනය බරපතල සිහිකැඳවීමකින් අඳුරු වී ඇත. පසුගිය නොවැම්බර් මස 26–28 දිනවල “දිත්වා” සුළි කුණාටුව ශ්‍රී ලංකාවට එල්ල විය. විශේෂයෙන්ම බදුල්ල, නුවරඑළිය, ඇතුළු කඳුකරයේ දිස්ත්‍රික්කවලට එය බිහිසුණු විනාශයක් ගෙන ආවේය. මිලිමීටර් 150–500 අතර වැසි තුන් දිනකින්ම ඇදහැලුණු අතර, ඉන් ඇති වූයේ බිහිසුණු නායයෑම් 215කට වැඩි ප්‍රමාණයක් සහ ගංවතුරයි.
දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරටට සිදුවූ බලපෑම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) නවතම වාර්තාවක් එළිදක්වා තිබේ.
අධික වැසි සමග ඇතිවූ ගංවතුර සහ ජලගැලීම් හේතුවෙන් මෙරට පුද්ගලයින් මිලියන 2කට වැඩි පිඒිසක් පීඩාවට ලක්ව ඇති බව එම වාර්තාවේ සඳහන්.
එමෙන්ම මෙරට හෙක්ටයාර මිලියන 1.1 ඉක්මවූ භූමි ප්‍රමාණයක් ජලගැලීම්වලට හසුව ඇති බවත්, එය ශ්‍රී ලංකා භූමි ප්‍රමාණයෙන් 20% ක් පමණ වන බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.
ජාතික වශයෙන් ජලගැලීමෙන් වැඩිම භූමි ප්‍රදේශයක් යටවූ ප්‍රදේශය ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හඳුනාගෙන ඇත. (හෙක්ටයාර් 23,000කට වැඩි ප්‍රමාණයක්)
එසේම ගංවතුරින් කුඹුරු ඉඩම් හෙක්ටර්යාර 530,000ක් යටවී ඇති බවද එම වාර්තාවේ සඳහන්.
මෙවර ගංවතුරට හසුවූ ගොඩනැගිලි සංඛ්‍යාව 720,000කට ආසන්න වන අතර, එය මෙරට සමස්ත ගොඩනැගිලි සංඛ්‍යාවෙන් 12න් 1ක්.
මාර්ග කිලෝමීටර් 16,000කට වඩා ගංවතුරට හසු වී ඇති අතර, ඒ හා සමානව කිලෝමීටර් 278කට වඩා වැඩි දුම්රිය මාර්ග සහ පාලම් 480ක් ගංවතුරට ලක්වූ ප්‍රදේශවල පිහිටා තිබේ.
ගංවතුර හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් අතරින් මිලියන 1.2ක් කාන්තාවන් වන අතර, දරුවන් 522,000ක් සහ අවුරුදු 65ට වැඩි වැඩිහිටි පුද්ගලයින් 263,000ක් ගංවතුරේ බලපෑමට ලක්ව ඇති බවද එම වාර්තාවේ දැක්වේ.
එලෙස ගංවතුර හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් අතරින් 60%කට වඩා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජීවත්වන පුද්ගලයින් බව ද එහි සඳහන්.
මේ අතර ඇදහැළුණු අධික වැසි හේතුවෙන් මෙරට කඳුකර ප්‍රදේශවලින් නායයෑම් විශාල ලෙස සිදුව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
ඉන් 135ක් වන වැඩිම නායයාම් වාර්තා වී ඇත්තේ මහනුවර - උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ය.
1. දිත්වා කුණාටුවෙන් (Cyclone Ditwah) දැඩි හානි සිදුවීමට හේතුවූ භෞතික සහ මිනිස් ක්‍රියාකාරකම් ගැන අප අවධානය යොමු කළ යුතුය
• දේශගුණ විපර්යාස: මිනිස් ක්‍රියාකාරකම් මගින් ඇති වූ දේශගුණ විපර්යාස කුණාටුවේ තීව්‍රතාවය වැඩි කරමින් ජලගැලීම් සහ නායයෑම් ඇති කිරීමට හේතු විය. මෙය තීව්ර වර්ෂාව සහ බිම් ස්ථායිතාවය අඩු කිරීමට දායක විය.
• වන විනාශය සහ බිම් භාවිතයේ වෙනස්කම්:
වනාන්තර එළිපෙහෙලි කිරීම මගින් බිම් ඛාදනය සහ ජලගැලීම් වැඩි වී ඇති අතර, මෙය 1881දී 82%කින් තිබූ වන ආවරණය 2019 වන විට 16.5% දක්වා අඩු වීමට හේතු විය.
• නගර සැලසුම්කරණයේ දුර්වලතා සහ අනවසර ඉදිකිරීම්
: ජලගැලීම් අවදානම් ප්‍රදේශවල නගර සංවර්ධනය, තෙත් බිම් පිරවීම සහ අනවසර ඉදිකිරීම් මගින් ස්වභාවික ජල සැපයිමේ මාර්ග අහිමි වී ඇත. මෙය කොලොන්නාව වැනි ප්‍රදේශවල දක්නට ලැබෙන අතර, ජන ඝනත්වය වැඩි වීම මගින් අවදානම තීව්ර විය.
• ආපදා කළමනාකරණයේ අඩුපාඩු: නිසි අනතුරු ඇඟවීම් පද්ධතියක් නොමැති වීමේ දුර්වලතා සහ අදාළ ආයතනවල සම්බන්ධීකරණයේ අඩුපාඩු මගින් හානිය වැඩි විය.
මෙම ආපදාවෙන්
• මරණ: 635ක් (2004 සුනාමියෙන් පසු මරණාධිකම විපත)
• අතුරුදහන්: 360කට වැඩි
• පීඩාවටපත් ගණන : පුද්ගලයන් මිලියන 1.4ක් (පවුල් 407,000ක්)
• නිවාස, ගම්මාන ගංවතුරෙන් නායයෑම්වලින් විනාශ විය
• කිලෝමීටර 247ක මාර්ග, පාලම් 40ක්, රේල් මාර්ග, විදුලි කණු 4,000ක් කඩා වැටුණි
• ආර්ථික හානිය: ඩොලර් බිලියන 6 ක ආසන්නය
2. ඉදිරියේදී මෙවැනි කුණාටුවකින් ආපදා අවම කිරීම සඳහා අප කළ යුතු දේ:
• ස්වභාවික විසඳුම් (Nature-Based Solutions) ක්‍රියාත්මක කිරීම: වනාන්තර ප්‍රතිස්ථාපනය, තෙත් බිම් ආරක්ෂා කිරීම සහ (bio engineering) භාවිතය මගින් ජලගැලීම් සහ නායයෑම් අඩු කළ හැක.
මෙය මිල අඩු සහ පරිසර හිතකාමී වේ.
• අනතුරු ඇඟවීම් පද්ධති වැඩිදියුණු කිරීම: බහු අවදානම් ඇතුළත් දිගුකාලීන තත්ත්ව සැලසුම්කරණය සහිත අනතුරු ඇඟවීම් පද්ධති නිර්මාණය කිරීම.
• තිරසාර සංවර්ධන ප්‍රතිපත්ති:
බිම් භාවිතය සඳහා දැඩි නීති,
දේශගුණයට ඔරොත්තු දෙන යටිතල පහසුකම් සංවර්ධනය සහ පරිසර ආරක්ෂාව.
• ආපදා රක්ෂණ සහ මූල්‍ය ආධාර: ආපදා රක්ෂණ යෝජනා ක්‍රමයක් ස්ථාපනය කිරීම
• ජනතා අධ්‍යාපනය සහ ප්‍රජා සහභාගීත්වය:
පාසල් විෂය මාලාවට පරිසර අධ්‍යාපනය ඇතුළත් කිරීම සහ ඒ් මගින් ප්‍රජාවන් දැනුවත් කර සම්බන්ධීකරණය ගොඩනැගීම
3. මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට අපේ රට සූදානම් විය යුතු ආකාරය කුමක්ද ?
• රජයේ ප්‍රතිපත්ති සහ නියාමන:
අවදානම් ප්‍රදේශවල ඉදිකිරීම් සඳහා දැඩි විද්‍යාත්මක නියාමන, වනාන්තර සහ තෙත් බිම් ආරක්ෂාව, සහ ජලාපවහන ජාල පවත්වාගෙන යාම.
• යටිතල පහසුකම් ආයෝජන: දේශගුණ ඔරොත්තු දෙන මාර්ග, පාලම් සහ විදුලි ජාල සංවර්ධනය, සහ ආපදා කළමනාකරණය සඳහා වැඩි මූල්‍ය ආයෝජන.
• සම්බන්ධීකරණය සහ පුහුණුව: රජයේ ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම, ආපදා ප්‍රතිචාර කණ්ඩායම් පුහුණු කිරීම, සහ ජාත්‍යන්තර ආධාර ලබාගැනීම.
• දිගුකාලීන උපාය මාර්ග: ආපදා අවදානම අඩු කිරීම සඳහා ස්වභාවික විසඳුම් සහ තිරසාර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම.
මෙම ඛේදවාචකය අපට ඉගැන්වීමක් වන්නේ කඳුකරයන් ආරක්ෂා කිරීමේ වැදගත්කමයි.
ජලය, ආහාර සහ ජීවනෝපායන් සඳහා කඳුකරයන් අත්‍යවශ්‍ය වන අතර, ඒවායේ තිරසාර කළමනාකරණය තුළින් අපට ආපදා අවම කළ හැකිය. ස්වභාවික විසඳුම්, වන සංරක්ෂණය සහ අවදානම් පාලනය සහිත සංවර්ධනය මඟින් අපි මෙම බලපෑම් අඩු කළ යුතුය.
අපි එක්ව කඳුකරයන් ආරක්ෂා කරමු – එය අපගේ අනාගතයයි!
“කඳුකරය සුරැකීම යනු – අප සැම සුරැකීමයි.”
11-12-2025 දින ප්‍රභව පරිසර සංවිධානය හපුතලේ