NPP Avissawella - Sri Lanka

NPP Avissawella - Sri Lanka " මේ පාර රැවටෙන්නේ නැතිව ඉන්න අපි අපේ මිනිස්සුන්ට, සමාජයට කියමු. නෑසූ කන්වලට නැවත නැවතත් කියමු"

07/05/2026

පොදු ප්‍රවාහනයේ ඉදිරි සැලැස්ම..❤

“ජනරජයට - ජනබලයක්” මාලිමාවේ මැයි රැලි එක මිටට..!
02/05/2026

“ජනරජයට - ජනබලයක්” මාලිමාවේ මැයි රැලි එක මිටට..!

🎂🎂පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි  සහෝදරයා ඔබට සුභ උපන්දිනයක්!🎂🎂
05/04/2026

🎂🎂පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහෝදරයා

ඔබට සුභ උපන්දිනයක්!🎂🎂

ආදරණීය පියදාස සොයුර ඔබට සුබ ගමන්...🙏🙏
28/03/2026

ආදරණීය පියදාස සොයුර ඔබට සුබ ගමන්...🙏🙏

නාගරික මන්ත්‍රි ගීත් කුමාර සහෝදරයාගේ මැදිහත් වීමෙන්,පුවක්පිටිය ජනතාවගේ දිගුකාලීන ඉල්ලීමක් වූ ධර්මපාල මාවත සංවර්ධනය කිරීම...
08/03/2026

නාගරික මන්ත්‍රි ගීත් කුමාර සහෝදරයාගේ මැදිහත් වීමෙන්,පුවක්පිටිය ජනතාවගේ දිගුකාලීන ඉල්ලීමක් වූ ධර්මපාල මාවත සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 129 ක මුදලක් වෙන්කරමින් එම සංවර්ධන කටයුතු අද දින ආරම්භ කරන ලදී.මාර්ගය කොන්ක්‍රීට් අතුරා මාස තුනහමාරක කාලයක් තුළ සංවර්ධනය කර ගමනාගමනය සඳහා විවෘත කිරීම මාර්ග සංවර්ධන අධිකාරියේ ඉලක්කය වේ.

මෙම සංවර්ධන කටයුත්ත සාර්ථක කරගැනීමට මූලිකත්වය ගෙන කටයුතු කළ

✅ අවිස්සාවේල්ල ආසනයේ සම්බන්ධීකරණ සභාපති
✅ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
චන්දන සූරියආරච්චි සහෝදරයාට සහ මාලිමාවේ රජයට අපගේ ගෞරවනීය ස්තුතිය පිරිනමමු. 🤝✨

මෙම සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට ජාතික ජනබලවේගයේ වේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහොදරයා,සීතාවකපුර ප්‍රාදේශීය සභාවේ සභාපති පී.කේ. ප්‍රේමරත්න සහෝදරයත්,සීතාවකපුර නගර සභාවේ නාගරික මන්ත්‍රි ශර්ලි වීරසිංහ සහෝදරයා හා මන්ත්‍රී කණ්ඩායම ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

පුවක්පිටිය ප්‍රදේශයේ ජනතාවගේ ගමනාගමනය පහසු කරමින් ප්‍රදේශයේ සංවර්ධනයට මෙය මහත් දායකත්වයක් වනු ඇත. 🇱🇰

06/03/2026
06/03/2026

ඉරානෙන් ආපු නැවේ ඉඳපු ළමයි 300 🫠

මේවා කියවලා අනිවාර්යයෙන් ,  සජිත් හරි නාමල් හරි ජනාධිපති කරමු ! 🙂මාලිමාවට ජන්දෙ දුන් අය සතුටු වෙයල්ලා ! නොදුන් අය දුක් ව...
11/02/2026

මේවා කියවලා අනිවාර්යයෙන් , සජිත් හරි නාමල් හරි ජනාධිපති කරමු ! 🙂

මාලිමාවට ජන්දෙ දුන් අය සතුටු වෙයල්ලා ! නොදුන් අය දුක් වෙලා වැඩක් නැහැ , මේ හැදෙන්නෙ අපි හමෝගෙම රට , මේ ගමනට එකතු වෙයල්ලා ! 🇱🇰

අනුර දිසානායක අපේ ජනාධිපති සහෝදරයා ප්‍රමුඛ අපේ මාලිමා ආණ්ඩුව ! මෙහෙමයි.....

🔴 රාජ්‍ය ආදායම
​2024: රුපියල් ට්‍රිලියන 4.09
​2025: රුපියල් ට්‍රිලියන 5.12
( ඉතිහාසයේ ප්‍රථම වතාවට රේගුව , දේශීය ආදයම් ,සුරා බදු දෙපාර්තමේන්තු යන ප්‍රධාන ආදායම් උපදවන ආයතන සිය ඉහලම ආදායම් වාර්ථා කරා )

🔴 විදේශ ප්‍රේෂණ
​2024: ඇමරිකානු ඩොලර් බිලියන 6.57
​2025: ඇමරිකානු ඩොලර් බිලියන 8.07

🔴 සංචාරක කර්මාන්තය
​2024: පැමිණීම් මිලියන 2.05
​2025: පැමිණීම් මිලියන 2.36
​2026 ජනවාරි: 277,327 (වාර්තාගත අගයකි)

🔴 අයවැය ප්‍රතිපාදන

අධ්‍යාපනය
2024 (රනිල්) - රු. බිලියන 237
2025 (AKD) - රු. බිලියන 619
2026 (AKD) - රු. බිලියන 704

🔴 සෞඛ්‍යය
2024 (රනිල්) - රු. බිලියන 350
2025 (AKD) - රු. බිලියන 479
2026 (AKD) - රු. බිලියන 555

🇱🇰කොටස් වෙළඳපොළ කාර්යසාධනය (ASPI)

​2024 (සැප්තැම්බර් 21): 11,200
​2026 (ජනවාරි 14): 23,708 — මෙතෙක් වාර්තා වූ ඉහළම අගය ​මූල්‍ය දර්ශක

🇱🇰​ අයවැය හිඟය (දළ දේශීය නිෂ්පාදිතයෙන් % ක් ලෙස):
​2024: 9.1% | 2025: 6.7% | 2026: 5.1%
📊​ රාජ්‍ය ආදායම (දළ දේශීය නිෂ්පාදිතයෙන් % ක් ලෙස):
​2024: 12.7% | 2025: 15.9%

🇱🇰 අපනයන සහ වෙනත් ආදායම්
​අපනයන: 2024: බිලියන 16.2 | 2025: බිලියන 17.2

🔴 වාහන ආනයන ආදායම : අපේක්ෂිත: රු. බිලියන 441 | අත්පත් කරගත්: රු. බිලියන 904

🔴 පොල් අපනයනය: 2024: මිලියන 866 | 2025: බිලියන 1.2

🔴​ මිල්කෝ (Milco) ආයතනය: ලාභ ලැබීම සහ ගොවීන් 22,000කට බෝනස් (දීමනා) ගෙවීම.

🔴 ජීවන වියදම් සහන
​විදුලි බිල: නිවාස සඳහා 20% කින් සහ කර්මාන්ත සඳහා 30% කින් අඩු කරන ලදී.

🔴​ පෙට්‍රල් : රු. 330 සිට රු. 292 දක්වා අඩු කරන ලදී.

🔴 බිත්තර : රු. 60 සිට රු. 35 ටත් වඩා අඩු කිරීමට අවශ්‍ය යන්ත්‍රණය හදල තියෙන්වා...

🔴 අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය : ලොකු ලූනු, අර්තාපල් සහ එළවළු මිල අඩු කරන ලදී.

🔴 පසුගිය මාසයේ කිරිපිටි 1kg රු.150කින් අඩු කරන ලදි

🇱🇰 වැටුප්, සුභසාධනය සහ සමාජ ආරක්ෂණය
රාජ්‍ය අංශයේ වැටුප්:

⭕​මූලික වැටුප රු. 24,250 සිට රු. 40,000 දක්වා වැඩි කරන ලදී.

⭕​ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වැටුප් තලයන් රු. 240,000 සිට රු. 300,000 දක්වා වැඩි කරන ලදී.
​බොහෝ ක්ෂේත්‍රවල සාමාන්‍ය වැටුප් වර්ධනය 35% කි.

🇱🇰 ආපදා සහ සමාජ ආධාර:

​සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස සහ ඉඩම් සඳහා රු. මිලියන 10 ක වන්දියක්.

​නිවාස පිරිසිදු කිරීම සඳහා (ආපදා සහන) රු. 25,000 බැගින්.

​ගෑස්, ඇඳ ඇතිරිලි වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා රු. 50,000 බැගින්.

​පාසල් දරුවන්ට අධ්‍යාපන උපකරණ ලබා ගැනීමට රු. 15,000 බැගින්.

​නව නිවසකට පදිංචි වන තෙක් මාසිකව රු. 25,000 ක කුලී දීමනාවක් (මාස 3ක් සඳහා).

අවදානමට ලක්විය හැකි කණ්ඩායම්:
​අසරණ වූ සහ මහමග වෙසෙන දරුවන් සඳහා රු. 5,000 ක මාසික දීමනාවක්.

​ආපදාවට පත් වූවන් සඳහා වන වියළි සලාක දීමනාව රු. 2,100 සිට රු. 10,500 දක්වා වැඩි කරන ලදී.

🇱🇰 ​විදේශ රැකියා නියුක්තිකයින්

​මරණ වන්දි මුදල රු. ලක්ෂ 6 සිට රු. ලක්ෂ 14 දක්වා වැඩි කරන ලදී.

​විදේශ රැකියා නියුක්තිකයින්ගේ දරුවන්ගේ ශිෂ්‍යත්ව සඳහා රු. මිලියන 8.5 ක් වෙන් කරන ලදී.

​නිවාස ණය සහ විශ්‍රාම වැටුප් ක්‍රම හඳුන්වා දීම.
​සහනදායී ගුවන් ටිකට්පත් ලබා දීම.

🇱🇰 ගොවීන්, ධීවරයින් සහ ව්‍යාපාරිකයින්

​ධීවරයින්, ගොවීන් සහ පෞද්ගලික ව්‍යාපාරිකයින් සඳහා රු. 200,000–400,000 අතර වන්දි.

​ගොවීන් සඳහා හෙක්ටයාරයකට රු. 400,000 බැගින් ලබා දීම.

​ධීවර මරණ වන්දිය රු. ලක්ෂ 2 සිට රු. ලක්ෂ 10 දක්වා වැඩි කරන ලදී.

🇱🇰 අධ්‍යාපන සහ සෞඛ්‍ය සහයෝගය

​පාසල් පර්යේෂණාගාර සහ උපකරණ සඳහා රු. මිලියන 500 ක් වෙන් කරන ලදී.

මහපොළ ශිෂ්‍යත්වය රු. 5000 සිට රු. 10,000 දක්වා වැඩි කරන ලදී.

අපේක්ෂා රෝහලේ රෝගීන් 2,000ක් සඳහා නොමිලේ දිවා ආහාර වැඩසටහන

🔴 වෙනත් ප්‍රධාන ක්‍රියාමාර්ග

​වතු කම්කරු දෛනික වැටුප රු. 1,350 සිට රු. 1,750 දක්වා වැඩි කරන ලදී.

​පෙර පාසල් ගුරුවරුන් සඳහා (කොළඹ මහා නගර සභාව) රු. 10,000 ක වැටුප් වර්ධකයක්.

⭕ ​තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම රු. බිලියන 13.1 දක්වා ළඟා විය.

⭕ ඊයේ ආවා නිව්ස් එකක් , RMV එක පවා ඉතිහාසයේ වැඩිම ආදායම පහුගිය 2026 ජනවාරි වල ලබාගෙන කියල..

තව ලියන්න ඕනා තරම් තියෙනවා...මේ හැම දේම එක රුපියලක් පාලකයන්ගෙ සාක්කුවලට නොයා , රටේ සෑම පුරවැසියටම බෙදිලා යන්න වැඩ හදනවා, ඒ වෙනුවෙන් කැපවෙනවා , ඒක විශ්වාස කරන්න ❤️🙏🇱🇰

කලින් පාලකයන්ගෙ ලොකු ලොකු අවුල්ම කියල හති, ලියල හති ...2017 නායයෑම් වලට අහුවුන පවුල් වලට පවා අවුරුදු 7 ක් යනකන් ඔය කියන ආන්ඩු තුනක් ඉදලත් වන්දි නොදුන්න උංගේ පාලනය , 🤮

අපේ ආණ්ඩුව ඒ ​2017 නායයෑම් ව්‍යසනයෙන් ගෙවීමට ඉතිරිව තිබූ සියලුම වන්දි මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කරන ලදී.

අපි මේක හදනවා...පුරවැසියෝ ඔක්කොම එකතු වෙලා ආණ්ඩුව එක්ක මේක හදමු ! 🇱🇰🙏

මේ ඔක්කොටම වඩා මම කැමති කෑල්ල මීට අවුරුදදකට කලින් හිටපු මේ රටෙ හොර මැර දූෂිත දේශපාලන පොකුර අපි දේශපාලනිකව විනාශ කරපු එක..දැන් අපි කතා කරන්නෙ 100%ක්ම දේශපාලන හොරු නැති වර්ථමානයකඉදගෙන , මට ඒ ගැන ගොඩක් සතුටුයි මේ හැමදේටම වඩා ..😌

මාතෘ භූමියට ජයම වේවා !!!
උපුටා ගැනීමක් - නුවන් නිළමුණි

❤️
11/02/2026

❤️

11/02/2026

ජනාධිපති අනුර කුමාර දිසානායක වතුකමකරු ජනතාව හමුවෙයි...❤️

Address

Hanwella Ihala

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Avissawella - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share