Hali-Ela Pradeshiya sabha

Hali-Ela Pradeshiya sabha හාලිඇල ප්‍රාදේශීය සභාව

24/10/2025
18/10/2025
"සැමට නිවහනක්"18.10.2025 හාලිඇල.ජාතික ජන බලවේග රජය විසින් අසරණ සහ අඩු ආදායම්ලාභී පවුල් සදහා ක්‍රියාත්මක කරන "සැමට නිවහනක...
18/10/2025

"සැමට නිවහනක්"
18.10.2025
හාලිඇල.

ජාතික ජන බලවේග රජය විසින් අසරණ සහ අඩු ආදායම්ලාභී පවුල් සදහා ක්‍රියාත්මක කරන
"සැමට නිවහනක්"
නිවාස ව්‍යාපෘතිය යටතේ...

හාලිඇල මධ්‍යම පන්තික නිවාස වලට ඉහල කොටසේ ඉතාමත් අවදානම් සහගතව නිවසක් නොමැතිව ජීවත් වූ එස් යෝගේස්වරි මහත්මියගේ පවුල වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමේ සමාරම්භය අද දින සිදු කරන ලදි.

මේ අවස්ථාව සඳහා හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත වරුෂමාන, ප්‍රාදේශීය සභා මන්ත්‍රී මෛත්‍රීපාල රාජපක්ෂ, මන්ත්‍රීනි ශේඛා සමසුදීන්, මෙන්ම හාලිඇල ප්‍රාදේශීය ලේකම්තුමා නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂක සැලසුම් චන්ද්‍රාණි මිය, ග්‍රාම නිලධාරීතුමිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජනය කරමින් නිලධාරී මහතුන් සමගින් ප්‍රදේශවාසීන් ද සහභාගි විය.

ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමහාලිඇල ප්‍රාදේශීය සභාවට අයත් දෙමටවැල් හින්න ප්‍රධාන මාර්ගය සංවර්ධනය.2025 ඔක්තෝබර් 05 සමාරම්...
14/10/2025

ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම

හාලිඇල ප්‍රාදේශීය සභාවට අයත් දෙමටවැල් හින්න ප්‍රධාන මාර්ගය සංවර්ධනය.

2025 ඔක්තෝබර් 05

සමාරම්භක උත්සවය සදහා හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත වරුෂමාන්න, උප සභාපති කමල් රත්නජීව කොට්ඨාශයේ මන්ත්‍රී දීපාල් චමින්ද සහ ජයන්ත සමගින් ප්‍රදේශයේ ජනතාවද සහභාගි විය.

සමාරම්භය සනිටුහන් කරමින් පැවැත්වූ රැස්වීම සහ මාර්ගය මුලපිරීමේ අවස්තාව.

ප්‍රාදේශීය සභාව - හාලිඇල දිනය: 2025.10. 01  ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය කෙටුම්පත සකස් කිරීමේ අවසන් අදියර, ගරු සභාපති ප්‍...
01/10/2025

ප්‍රාදේශීය සභාව - හාලිඇල

දිනය: 2025.10. 01

ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය කෙටුම්පත සකස් කිරීමේ අවසන් අදියර, ගරු සභාපති ප්‍රියන්ත වරුෂමාන මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය මණ්ඩල සහභාගීත්වය සහිතව පැවැත්විය.

සමාලෝචන රැස්වීමේ අරමුණ

ජනහිතකාමී, වඩාත් අර්තවත්, නිරවද්‍ය අය-වැයක් 2026 වර්ෂය සදහා සකස් කිරීම.

වත්මන් රජයේ ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහනට සමගාමීවහාළිඇල ප්‍රාදේශීය සභාවේ බල ප්‍රදේශයට අයත් මාලිගාතැන්න කොට්ඨාසයේ පබේ ම...
28/09/2025

වත්මන් රජයේ ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහනට සමගාමීව
හාළිඇල ප්‍රාදේශීය සභාවේ බල ප්‍රදේශයට අයත් මාලිගාතැන්න කොට්ඨාසයේ පබේ මාර්ගය යටතේ සිදු කරන ලද මාර්ග සංවර්ධන කටයුතු මේ දිනවල සම්පූර්ණ වී අවසන් වී ඇත.

ඒ අනුව, ජනතාවගේ අවශ්‍යතාවය හඳුනාගෙන, ආරක්ෂිත හා ස්ථාවර මාර්ග පද්ධතියක් ලබාදීම සඳහා, පබේ මාර්ගය නවීකරණය කිරීමේ කටයුතු සාර්ථකව අවසන් කර ඇත.

වත්මන් රජයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව( Clean Sri Lanka),හාලිඇල ප්‍රදේශීය සභා බල ප්‍රදේශයේ  ක්‍රියාත්මක වූ තවත් ...
26/09/2025

වත්මන් රජයේ ක්ලීන්
ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව
( Clean Sri Lanka),
හාලිඇල ප්‍රදේශීය සභා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ තවත් වැඩ සටහනක්.

2025.09.25

ඇටම්පිටිය බස් නැවතුම්පොළ අසල කාණු පද්ධතියේ පැවති අවහිරතා ඉවත් කර පිරිසිදු කිරීම.

මීට වසර ගණනාවකට පෙර සිදුවූ නායයෑමක් හේතුවෙන්, ඇටම්පිටිය බස් නැවතුම්පොළ පසෙකින් ඇති කාණු පද්ධතියේ ජලය බැස යාම අවහිර වීමෙන් දිගින් දිගටම ඉතාමත් අපිරිසිදු පල්වූ ජලය එකතුවී නාගරික සෞඛ්‍යයට පවා දීර්ඝ කාලීනව තර්ජනයක්ව පැවතුනි.

අද දින මෙම සියලු අවහිරතා ඉවත් කරන ලදි.

පිරිසිදු සහ සෞඛ්‍ය සම්පන්න නගරයක් පවත්වා ගැනීම වෙනුවෙන් ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත වරුෂමාන්න මහතාගේ සෘජු මැදිහත්වීම මත මාර්ග සංවර්ධන අධිකාරියේ සහයෝගය තුලින් මෙයට විසදුම අද දවසේදී ලැබුණි.

මේ වෙනුවෙන් හාලිඇල ප්‍රාදේශීය සභාවේ සහ ප්‍රදේශය නියෝජනය කරන සභා මන්ත්‍රී තිලකසිරි බණ්ඩාර මහතාගේ විශේෂ ස්තුතිය,

මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු තුමා, කාර්මික නිලධාරි තුමිය ඇතුළු සේවක මහතුන්ටත්, බස් නැවතුම්පොලේ වේලා සටහන්කරු සහ සුළු පරිමාණ වෙළඳසැල් හිමියන්ටත් පිරිනමන්නෙමු.

දිනය කැමරා ඇසින්...

වත්මන් රජයේ ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩ සටහනට සමගාමීව, හාළිඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ගයක තවත් සංවර්ධනයක...
26/09/2025

වත්මන් රජයේ ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩ සටහනට සමගාමීව,
හාළිඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ගයක තවත් සංවර්ධනයක්.

2025.09.20

වැලිකේමුල්ල, සිල්පොලගම සොහොන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.

මෙම මාර්ගය නවීකරණය සම්පූර්ණ වූ පසු, සහෝදර ප්‍රදේශවාසී ජනතාවගේ දෛනික ගමනාගමන පහසුකම් වර්ධනය වන අතර, ගමනාගමන සදහා ගතවන කාලය, ආරක්ෂාව සහ ප්‍රවාහන පහසුකම්ද උසස් වනු ඇත.

ඉදිකරන මාර්ගයේ නිරීක්ෂණ කටයුතු සඳහා හාලිඇල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ප්‍රියන්ත වරුෂමාන්න මහතා සමගින් කොට්ඨාශය නියෝජනය කරන මන්ත්‍රී චමින්ද මහතාත් සම්බන්ධ වූ අවස්ථාව.

📚 දරුවන්ට පුංචි කාලෙම මහජන සේවය පිළිබඳ දැනුමක්!හාලිඇල ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලයේ 5 ශ්‍රේණියේ දුවාදරුවන් පිරිසක්, 202...
25/09/2025

📚 දරුවන්ට පුංචි කාලෙම මහජන සේවය පිළිබඳ දැනුමක්!

හාලිඇල ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලයේ 5 ශ්‍රේණියේ දුවාදරුවන් පිරිසක්, 2025/09/25 දින හාලිඇල ප්‍රාදේශීය සභාවට පැමිණ සභාවේ ආයතනික ව්‍යුහය සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ඉතා උචිත සහ ජීවිතයට වැදගත් දැනුමක් ලබා ගත්තහ.

මෙම අවස්ථාවට ගරු හාලිඇල ප්‍රාදේශීය සභාපති ප්‍රියන්ත වරුෂමාන්න සහ සභා ලේකම්තුමා විසින් දරුවන්ට හුරුපුරුදු සහ හුදෙක් පාඩමක් පමණක් නොව, ජීවිතයෙත් එක් කළ හැකි සමාජ සහ මහජන සේවාව පිළිබඳ වටිනා අදහස් සහ විවරණ ලබා දුනි.

🌱 හෙට දිනයේදි නායකයෙකු වන පුංචි දරුවකුට අවශ්‍ය පෞරුෂයත්වය පදනම මෙමගින් සැපයිම අරමුණයි!

ඇටම්පිටිය නගරයේ රථ වාහන තදබදය අවම කිරීම සඳහා, රථ වාහන කමිටුවෙන් යෝජනා වූ පරිදි, කුලී රථ අංගන විධිමත්ව ස්ථාපිත කිරීම සඳහා...
24/09/2025

ඇටම්පිටිය නගරයේ රථ වාහන තදබදය අවම කිරීම සඳහා, රථ වාහන කමිටුවෙන් යෝජනා වූ පරිදි, කුලී රථ අංගන විධිමත්ව ස්ථාපිත කිරීම සඳහා අද (2025.09.24) දින ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කරන ලදී.

ක්ෂේත්‍ර පරික්ෂාවෙන් පසු නිරීක්ෂණය වූ කරුණු පිළිබඳ නිගමන වලට එළඹීම සඳහා දෙහිවින්න පලාත් ග්‍රාමීය බැංකු රැස්වීම් ශාලාවේ සාකච්ඡාවක් පැවතුනි.

මෙම ක්ශෙත්‍ර පරික්ශනයේදී මතු වු ගැටලු සහා ඒවාට විසදුම් ලබා ගත හැකි ආකරය පිළිබඳව ඉතාමත් වැදගත් අදහස් රැසක් හුවමාරු කර ගැනීමට හැකි විය.

මේ සාකච්ඡාව සඳහා ප්‍රාදේශීය සභා බලධාරීන්, රථවාහන අංශය සහ අදාළ කුලී රථ රියදුරන් සහභාගී වූ අතර, නගරයේ රථවාහන තදබදය අවම කර ගැනීමට සහ මගී ජනතාවට වඩාත් පහසු ප්‍රවාහන සේවාවක් ලබා දීමට මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන සහය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණි.

ඇටම්පිටිය නගරයේ රථ වාහන තදබදයට විසඳුමක්!ඇටම්පිටිය නගරයේ රථ වාහන තදබදය අවම කිරීම සඳහා, රථ වාහන කමිටුවෙන් යෝජනා වූ පරිදි, ...
24/09/2025

ඇටම්පිටිය නගරයේ රථ වාහන තදබදයට විසඳුමක්!

ඇටම්පිටිය නගරයේ රථ වාහන තදබදය අවම කිරීම සඳහා, රථ වාහන කමිටුවෙන් යෝජනා වූ පරිදි, කුලී රථ අංගන විධිමත්ව ස්ථාපිත කිරීම සඳහා අද (2025.09.24) දින ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කරන ලදී.

මෙම පරීක්ෂණයට ගරු හාලිඇල ප්‍රාදේශීය සභා සභාපති ප්‍රියන්ත වරුෂමාන්න , ඇටම්පිටිය කොට්ඨාසයේ ගරු මන්ත්‍රීතුමන්ලා, මාර්ග සංවර්ධන ඉංජිනේරුතුමා ඇතුළු කාර්මික නිලධාරීන්, සභා ලේකම් සහ ඇටම්පිටිය භාර කාර්මික නිලධාරී, ආදායම් පරීක්ෂක සහ ප්‍රධාන ආදායම් පරීක්ෂක, මෙන්ම ඇටම්පිටිය පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිතුමා ද සහභාගී විය.

මෙමඟින් නගරයේ ගමනාගමනය වඩාත් විධිමත් කිරීමටත්, මහජනතාවට පහසුකම් සැලසීමටත් අපේක්ෂා කෙරේ.

හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභා වාරය අද 2025.09.23 විශේෂත්වයකින් සිදුවිය. එනම්,හාලිඇල,බෝගොඩ තලාව විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන...
23/09/2025

හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභා වාරය අද 2025.09.23 විශේෂත්වයකින් සිදුවිය.
එනම්,
හාලිඇල,බෝගොඩ තලාව විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයින් සභා වාරය පැවැත්වෙන අයුරු නිරීක්ෂණය සදහා සභභාගී වීමයි.
ඔවුන්ගේ සභාගිත්වය සභාවට නව ආලෝකයක් ගෙනදුන් අතර, ප්‍රාදේශීය පාලනය පිළිබඳව සෘජු අත්දැකීම් ලබාදීමේ සහ ලබාගැනීමේ වටිනා අවස්ථාවක්ද ලැබුනි.

ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජිකයින්ගේ සභාගිත්වය තුලින් , ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය, නීති පිළිපැදීම සහ දේශපාලන හැඟීම වර්ධනය කිරීමට සෘජු මාර්ගයක් සපයයි. මෙය අනාගතයේදී වගකීමෙන් යුත් පුරවැසියෙකු ලෙස ඔවුන්ගේ හැසිරීමට, අනාගත නායකත්වයට සහ කථිකත්වය වර්ධනයට මූලික පදනමක් විය හැක.

ප්‍රාදේශීය සභාව සහ පාසල් අතර මෙවැනි සබඳතාව වර්ධනය කිරීම තුලින්, සමාජය තුළ වඩා සක්‍රීය සහ යහපත් නයකත්වයෙන් යුත් පරපුරක් බිහි කිරීමට දායක වේ.

මෙය හාලිඇල ප්‍රාදේශීය සභාව නව පරපුරට දේශපාලන දැනුමක් ලබාදීමේ අරමුණින් ගත් නවමු වූ සාර්ථක පියවරක් ලෙස සලකිය හැක.

Address

Hali Ela
Hali Ela

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94552294275

Website

Alerts

Be the first to know and let us send you an email when Hali-Ela Pradeshiya sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Hali-Ela Pradeshiya sabha:

Share