MOH Gonapinuwala

MOH Gonapinuwala MOH Gonapinuwala

11/12/2023
අලුත්වල සවස පොළ පරික්ෂාව
02/02/2023

අලුත්වල සවස පොළ පරික්ෂාව

28/01/2023

During the past few months, you probably noticed that so many of us fell ill with a febrile illness followed by a dry cough that lingered long after the fever settled. To start off, it's important to note that fever itself is only a symptom and not an illness by itself. Therefore, it is worth exploring, what actually caused this wave of febrile illnesses and discussing what should be done during these episodes and more importantly what should not be done during these febrile episodes. We hope to answer these questions in this short article.

The experts believe that the main cause of this recent wave of febrile illnesses is an influenza virus causing respiratory illness. These patients commonly present with cough, fever, sore throat, and body aches. However, it is important to note that COVID - 19 infections are still at large and some of these symptoms should never be underestimated or ignored as they can lead to misdiagnosis.

Apart from the wave of influenza that is sweeping through the country, we have noted an increase in the number of dengue patients that are reported, along with an increase in the number of cases reported with fever due to leptospirosis.

Now we will move on to discuss what should be done during these febrile illnesses. If you develop a fever, the most important thing is to keep yourself well hydrated by taking plenty of liquids in the form of drinking water, fruit juices, soups, and other foods that contain essential vitamins and minerals. Oral rehydration salt solutions (Commonly known as Jeewani) are an easy alternative that can provide sufficient hydration in an easy-to-provide package. A well-balanced diet is extremely important during any illness, and the same applies to these febrile illnesses as well.

Paracetamol is the only drug that is recommended to be used as a home remedy and any other drug that you take should be taken according to the instructions given by a registered medical practitioner.

If you are an elderly person, a pregnant mother, or a person with a chronic disease, the outcome of this febrile illness can be quite severe, Therefore it is advisable that you seek medical advice on the very first day of fever and follow medical advice throughout the illness.
Apart from paracetamol, no other drug should be taken to control fever and body aches, as it can be detrimental to the outcome depending on the type of illness that caused the fever. The use of antibiotics and steroids should be minimized. We wish to re-emphasize that these medications should never be used without a valid prescription from a registered medical practitioner, and they should be closely monitored by the same.

People who have a lingering dry cough following the febrile illness might even need to use an inhaler for a short time period to help alleviate troublesome symptoms.

In order to protect yourself and others from respiratory illness, always maintain good hand hygiene, wear a face mask when visiting public places, and maintain appropriate physical distancing, when coughing and sneezing always use a tissue to cover your nose and mouth or use the inside of your elbow to the same effect.

Keeping your household and workplaces free of mosquito breeding sites would help prevent yourself and your loved ones from developing dengue fever.
Those of you who are exposed to high-risk occupations/activities making you more susceptible to developing Leptospirosis (Rat Fever) should seek advice from the medical officer of health office in your area to get the chemoprophylaxis that can protect you during such exposure.

We hope this information will be useful for you to protect yourself from developing these febrile illnesses and to take appropriate action in the event you or your loved ones develop a febrile illness.

අලුත්වල පෝෂණ සායනය
27/01/2023

අලුත්වල පෝෂණ සායනය

21/10/2022

අහසින් වැටෙන - විටමින් අහුර
-------------------------------------------

පසුගිය වකවානුවේ, ලෝකයම වෙලාගනිමින් කොරොනා වසංගතය ව්‍යාප්තවූ අතරතුර , එයින් ආරක්ෂා වෙන එක් උපක්‍රමයක් වශයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය උපරිම මට්ටමින් පවත්වා ගැනීම ගැන බොහෝ අදහස් අපිට දකින්නට ලැබුණා. මේ සඳහා මනා පෝෂණ තත්ත්වයක් පවත්වා ගැනීමේ වැදගත්කම වඩාත් විස්තර සහිතව කතාබහට ලක්වුණා වගේම කොවිඩ් ආසාදනය වළක්වා ගැනීම සහ ඉක්මන් සුවය සඳහා එය උදව්වන බව ප්‍රකාශ වුනා.

සමබර ආහාර වේලක් මගින් පෝෂණ අවශ්‍යතා සපුරා ගතයුතු බවට බොහෝ විශේෂඥයින් අවධාරණය කරන අතරතුර, සුලබ ඌණතා පිළිබඳව සලකා බලා විටමින් හෝ ක්ෂුද්‍රපෝෂක වර්ග, හානිකර නොවන ප්‍රමාණවලින් (පෙති/කරල්/සිරප් වර්ග වැනි ආකාරවලින්) බාහිරෙන් ලබා ගැනීම සුදුසු බවටත් ඇතැමුන් මත පළ කළා. විටමින් D පිළිබඳව කතිකාවත ඒවා අතරින් වඩාත් කැපී පෙණුණා.

ප්‍රතිශක්තිය උපරිම මට්ටමෙන් පවත්වා ගැනීමට උපකාර කිරීමට අමතරව හොඳ විටමින් D මට්ටමක් පවත්වා ගැනීම තුළින් අස්ථි ශක්තිමත් කරගැනීමට, මාංශ පේශි ක්‍රියාකාරිත්වය වර්ධනය කර ගැනීමට, ස්වසන රෝග අවම කරගැනීමට වාගේම මොළයේ ක්‍රියාකාරීත්වය සහ මානසික මට්ටම යහපත්ව පවත්වාගැනීමට උපකාරී වෙනවා. සමස්ත ශරීරයම ශක්තිමත්ව පවත්වාගනිමින් ක්‍රියාශීලීව කටයුතු කිරීමමේ හැකියාව ලබාගැනීමටත් මේ විටමිනය ඉතා වැදගත්.

ආහාරවලින් විටමින් D ලබාගැනීමේදී අපට මුහුණ දෙන්නට සිදුවන ප්‍රධානතම බාධකය වන්නේ අවශ්‍ය තරම් විටමින් D ප්‍රමාණයක් එදිනෙදා අප ගන්නා අහාර වේල් වල අඩංගු නොවීමයි. තෙල් සහිත මසුන් සහ මත්ස්‍ය අක්මා තෙල් (Cod liver oil) එවැනි විටමින් D සුලබ ආහාර ද්‍රව්‍යයන් දෙකක්. මෙයට අමතරව බිත්තර කහමදය යම් තරමකට විටමින් D අඩංගු ආහාර ලෙස ගැනෙනවා. කලින් සඳහන් කල පරිදි, බාහිරින් එකතු කර නැති අවස්ථාවල, අනෙකුත් නිතර ගැනෙන ආහාර වල මෙය අඩංගු වන්නේ ඉතාම සුළු ප්‍රමාණවලින්.

ආහාරවලින් දෛනික විටමින් D අවශ්‍යතාවය සපුරා ගැනීම තරමක් දුෂ්කර වුවත් ඇතැම්විට ඔබ දැනටමත් දන්නා වෙනත් උපක්‍රමයකින් ඒ ගැටළුවට පහසුවෙන්ම විසඳුම් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ හිරු එළියට සම නිරාවරණය වන අවස්ථාවල විටමින් D නිපදවීමට අපේ සිරුරට ඇති අසිරිමත් හැකියාව ප්‍රයෝජනයට ගැනීමයි .
පුදුමයකට මෙන්, වසර මුළුල්ලේම හොඳින් හිරු එළිය ලැබෙන ඝර්ම කලාපීය දිවයිනක් වන අප රටේ, වයස අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයන් පස් දෙනෙකුගෙන් ම තුන් දෙනෙකු අද වෙන විට විටමින් D ඌනතාවෙන් පෙළෙනවා. අවුරුදු 10-18 වයස් සීමාවේ දරුවන් සැලකුවිට සෑම අට දෙනකුගෙන්ම එක් දරුවකුට විටමින් D ඌනතාවය පවතින බව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා. අපේ පැරැන්නන් දිවා කාලය පුරාවට එළිමහනේ සක්‍රීයව ගතකළ ජීවන විලාශය වෙනස්වෙමින්, වැඩි වැඩියෙන් නිවාස අභ්‍යන්තරයේ රැඳී සිටීමට වර්තමානයේ අප පුරුදු වීම මෙයට හේතුවන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා . කොවිඩ්-19 ගෝලීය වසංගතයක් සමග හිරු එළියට නිරාවරණය වන, බාහිර පරිසරයට නොයා නිවසේම රැඳී සිටීම නිසා මෙම තත්ත්වය මේ වන විට තවදුරටත් උග්‍රවී තිබෙන්නට ඉඩ තිබෙනවා.

අප අතර පවත්නා විටමින් D ඌණතාවය පිළිබඳව සහ ඉන් මිදීමේ වැදගත්කම ගැන දැනුවත් වූ ඔබට ප්‍රායෝගිකව කළ යුත්තේ කුමක්දැයි දැන් අප දැන් විස්තර කරනවා.

ඔබ, එදිනෙදා භාවිතා කරන සාමාන්‍ය ඇඳුමෙන් සැරසී, උදෑසන 10 ත් සවස 3 අතර විනාඩි 15 - 30 අතර කාලයක් හිරු එළියට නිරාවරණය වීම කළයුතු වෙනවා. ශරීරයට අවශ්‍ය විටමින් D ප්‍රමාණය නිපදවා ගැනීමට නම් මේ ක්‍රියාවලිය දිනපතා සිදු කළ යුතු යි.

යම්කිසි සමේ රෝග තත්වයක් නිසා ඔබට හිරු එළියට නිරාවරණය නො වන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති නම් මෙම ක්‍රමය භාවිතයෙන් වැළකී සිටිය යුතුයි. ඒ වගේම යම් රෝගයක් සඳහා දිගු කාලීනව ඖෂධ ලබාගන්නා කෙනෙක් නම්, හිරු එළියට නිරාවරණය වීමේ ගැටලුවක් තිබේ දැයි ඔබේ වෛද්‍යවරයාගෙන් කල් ඇතිව විමසා දැනගැනීමත් වැදගත් වනවා. යම් හෙයකින්, හිරු එළියට නිරාවරණය වීමේ දී සමෙහි අපහසුතාවයන් ඇති වේ නම් මෙම ක්‍රියාවලිය වහාම නවතා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් වැදගත්.

නිරෝගීමත් සහ ශක්තිමත් පුරවැසියන් ලෙස අපත් අනාගත පරපුරත් සවිමත් වන්නට මේ නොමිලේ ලැබෙන මහඟු දායාදය අපතේ නොහැර භාවිතා කරන්නට අද පටන් අපි අදිටන් කර ගනිගනිමු!

21/10/2022

Has your pet been vaccinated to prevent rabies?
---------------
We are already aware that due to the ongoing crises in the country, there is a shortage of essential commodities, including medicines and medical supplies. It is important that we take all the measures to prevent health issues as much as possible in such challenging times. This is a reminder of one of the most important steps we can take to protect ourselves and reduce the risk of rabies caused by a deadly virus.
Humans contract the rabies virus from infected mammals like dogs, cats, squirrels, monkeys and bats. If not countered with a series of post-exposure vaccines, the virus that enters the body eventually moves to the brain and the spinal cord, destroying the nervous system. Symptoms in humans appear between two days and two years of infection. Rabies is fatal, the patient dies within days of onset of symptoms.
You need to pay close attention to your pets to prevent the spread of rabies. The anti-rabies vaccine (ARV) for pets is still available through veterinary services. Please get your pets vaccinated against rabies as soon as possible if you haven’t been able to do so. Ensure that your pets receive their annual ARV booster too. The booster is required to be given annually after the initial doses. Preventing pet animals from straying around the community is equally important to curb the spread of the disease.
It is important that everyone take the necessary steps to prevent animal bites at all times. We should work together in challenging times to protect our families and our community from infectious diseases. Please follow health guidelines to stay safe from rabies.

21/10/2022

අර්බුදකාරී කාලයන් සහ හදිසි අනතුරු අතර ඇත්තේ බොහොම සමීප සම්බන්ධතාවයක්

මේ සම්බන්ධතාවය මුහුණුවර කිහිපයක් ගන්නවා. අර්බුදකාරී අවස්ථාවක දී මානසික ආතතියක් ඇති වීම සාමාන්‍යයි. මේ වගේ අවස්ථාවක අනතුරු වළක්වා ගන්නට වෙනදාට ගන්නා ක්‍රියාමාර්ග මගහැරෙන්නත් පුළුවන්. ඒත් අවාසනාවකට වගේ අනතුරක් සිදු වුවහොත් එයට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව, අර්බුදකාරී අවස්ථාවක වෙනදාට වඩා අඩු මට්ටමක තිබෙන්නට ඉඩ තිබෙනවා. අනතුර සිදුවීමෙන් පසුව රෝහලකට යොමුවීමේ අවස්ථාවේ ඉඳලා නියමිත ප්‍රතිකාර ලබා ගන්නා අවස්ථා දක්වා වෙනදාට නොතිබෙන විවිධ බාධාවලට මුහුණ දෙන්න වෙන අවදානම, එවන් වකවානුවක ඉතා ඉහලයි.

මේ නිසා අර්බුදකාරී අවස්ථාවන් වලදී අනතුරු මඟහරවා ගැනීම වෙනදාටත් වඩා වැදගත්. නිවසේ දී සිදුවිය හැකි අනතුරු මගහරවා ගැනීමට අපට කළ හැක්කේ මොනවා ද කියා දැන් අපි විමසා බලමු.

නිවස තුළ පවතින ලිස්සා වැටිය හැකි ස්ථාන, උදාහරණයක් ලෙස ලිස්සනසුලු පාවහන්/ පාපිසි/ ඇතිරිලි ආදිය අඳුනාගෙන අනතුරු සිදුවීමට ප්‍රථම ඒවා ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම, පඩි පේලි අසල එලා ඇති ලිස්සන සුළු පාපිසි වැනි දේ ඉතාමත්ම අනතුරු සහගතයි. පාපිසි හෝ පොළොව මත වෙනයම් ආවරණයක් දමා ඇති අවස්ථාවලදී එය ලිස්සා නොයාමට එහි පොළොව සමඟ ගැටෙන මතුපිට රබර් වැනි ඝර්ෂණය වැඩි ද්‍රව්‍යයක්ව තිබීම වඩාත් යෝග්‍ය වනවා.

ලිස්සන සුළු ද්‍රව‍යක් ගෙබිම මත වැටුණු අවස්ථා වලදී කල් දැමීමකින් තොරව එය හැකි ඉක්මනින් පිරිසිදු කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්.

නිවස තුළ අනවශ්‍ය පරිදි අපිළිවෙළට ගෘහ භාණ්ඩ ගොඩ ගැසී තිබීම අනතුරු විය හැකි සම්භාවිතාව වැඩි කරනවා. විශේෂයෙන් වැඩිහිටි පුද්ගලයන් හා කුඩා ළමයින් සිටින නිවෙස් වල මෙසේ සිදුවන අනතුරු සුලබව දක්නට ලැබෙනවා.

දැනට රටේ පවතින විදුලි අර්බුදය නිසා වරින්වර විදුලිය විසන්ධි වීම් සිදුවන අවස්ථාවල දී, පෙනීම දුර්වල හෝ වයෝවෘධ අය නිවස තුළ අඩු ආලෝක තත්වයක් යටතේ ගමන් කිරීමේ දී අනතුරු වලට ලක්වීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. එබැවින් නිවසෙහි නිතර එහා මෙහා ගමන් කෙරෙන ස්ථාන හරස් වෙන ආකාරයට විවිධ දේ තැබීමෙන් වැළකීම සුදුසුයි. විදුලිය විසන්ධි වී ඇති රාත්‍රී කාලයේ නිවෙස තුල ගමන් කිරීමේ දී සුදුසු ආලෝක ප්‍රභවයක් යොදා ගැනීම, ඇතැම් විට අතපසු වෙන නමුත් ඉතාමත්ම වැදගත් කරුණක්.

ශරීර සෞඛ්‍ය සහ මාංශ පේශි වල ශක්තිමත් භාවය පවත්වා ගැනීම ද නිවස තුල ඇදවැටීම්, ලිස්සා වැටීම් අවම කර ගැනීමට හේතුවනවා. ශරීරයේ සමතුලිත භාවය පවත්වා ගැනීමට සහ සමතුලිතතාවය නැති වූ අවස්ථාවක දී යළිත් සමතුලිතතාවය ලබාගැනීමට මෙම මාංශ පේශිවල මනා ක්‍රියාකාරීත්වය අවශ්‍ය බැවින් ශක්තිය හා සමබරතාවය පවත්වා ගැනීමට දෛනික ව්‍යායාම වල යෙදීමත් අත්‍යවශ්‍ය වනවා.

වැඩිහිටි පුද්ගලයින් නාන කාමර තුල ලිස්සා වැටීම ද සුලබව සිදුවන දෙයක් නිසා නාන කාමර තුල ජලය පොළොව මත විසිරී තිබීම හැකිතාක් අවම කළ යුතුයි. වැසිකිලිවල ස්ථානගත කල අත්වැල් / අධාරක තිබීම නැගිටීමේ දී සමතුලිතතාවය නැතිවීමෙන් වන අනතුරු වලක්වා ගැනීමට රුකුලක් වෙනවා.

නිවසේ පඩිපේළි සඳහා අත්වැටක් සවි කර තිබීම ඉතාමත්ම වැදගත්. පඩි නැගීමේදී මෙන්ම බැසීමේදීත් අත්වැට අල්ලා ගෙන සිටීම, අනතුරක ප්‍රවනතාවය වගේම බරපතල බව අඩු බෙහෙවින් බෙහෙවින් උපකාරීවන බව, කාර්ය බහුල අපිට නිතර අමතක වෙන සාධකයක්.

විදුලිය විසන්ධි වන අවස්ථා වලදී භාවිතා කරන විවිධ ආලෝක ප්‍රභව ගැන සැලකීමේ දී ගිනි ගැනීමේ ඇති අවදානම තදින් සිහි තබා ගත යුතුයි. පන්දම්, කුප්පි ලාම්පු වැනිදේ පෙරළීමෙන් වගේම විදුලි සැපයුම සඳහා විවිධ විකල්ප භාවිතා කිරීමේදී නියමිත ප්‍රමිතියට අනුකූලව එම උපකරණ හා බැටරි සම්බන්ධ වී නැත්නම් ඒවායින් ද ගිනි ගැනීමේ අවධානමක් ඇතිවෙනවා. මෙවැනි දේ සඳහා ඒ පිළිබඳව දැනුම ඇති පුද්ගලයෙකු ගේ උපදෙස් ලබා ගැනීම ඉතාමත්ම වැදගත්.

සෙල්ලම් කිරීමේදී ඇතැම් විට අවදානමක් ගැනීම ළමයින් සාමාන්‍යයෙන් සිදු කරන දෙයක්. ඒත් මේ දිනවල පවතින තත්වය නිසා එවැනි අවදානම් සහගත අවස්ථා පිළිබඳව වැඩිහිටියන් නිතර අවදියෙන් සිටීම ඉතාමත්ම වැදගත්.

මේ ගෙවෙමින් පවතින්නේ අපි හැම කෙනෙකුටම ඉතාමත්ම අසීරු කාල පරිච්ඡේදයක්. පවතින ගැටලු නිසා අපි බොහෝ දෙනෙකුගේ සිත් තුළ ආතතියක් පවතිනවා වෙන්න පුළුවන්. අනතුරු වළක්වා ගන්නට මේ කියන හැම දෙයක් කෙරෙහිම අවධානය යොමු කිරීම තරමක් අපහසු කරුණක් විදිහට දැනෙන්න පුළුවන්. එසේ වුනත් මේ ගත වෙන්නේ අපි සියලු දෙනාම ඉතාමත්ම සිහි බුද්ධියෙන් ගත කළ යුතු කාලයක්. බොහෝ දුෂ්කරතාවයන් මධ්‍යයේ වුණත් ඉහත කී කරුණු ගැන ඉතාමත්ම සැලකිල්ලෙන් කටයුතු කිරීම අපගේ මෙන්ම අපගේ ආදරණීය පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාවට රුකුලක් වෙනවා නොඅනුමානයි.

21/10/2022

අප දැන් සිටින්නේ පුරන් වූ කුඹුරු සහ වගා භූමි යළි අස්වැද්දීම සඳහා ශ්‍රී ලාංකීය ජනතාව තුළ ඉතා දැඩි උනන්දුවක් පවතින අවස්ථාවකයි. මීට අමතරව පහුගිය සති කිහිපය පුරාවටම ලැබුණු අධික වර්ෂාව සහ විටින් විට ඇති වුන ජල ගැලීම් ද හේතුකොටගෙන ජල මූලාශ්‍රවලට සහ ජලය එකතු වූ ස්ථානවලට මිනිසුන් නිරාවරණය වීමේ අවදානම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙලෙස ජලය එක්රැස් වන ස්ථාන මීයන්ගේ මුත්‍රා මගින් අපවිත්‍ර වී ඒ හරහා සම්ප්‍රේෂණය වන ලෙප්ටොස්පයිරෝසිස් (මී උණ) නැමැති ආසාදන තත්ත්වය ඇති කරන බැක්ටීරියාව ඉතා ඉක්මනින් පැතිර යෑමට ආරම්භ වී ඇත. මේ අවස්ථාව වනවිට රෝහල්වලට වාර්තාවන මී උණ සහිත රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවද වාර්තා වනවා.

මෙවැනි පසුබිමක් යටතේ, මේ රෝගය සම්ප්‍රේෂණය විය හැකි ආකාරය සහ ඉන් වැළකී සිටීමට අප කළ යුත්තේ කුමක්ද පිළිබඳව විමසා බැලීම ඉතාමත් කාලෝචිත වනු ඇත.

මී උණ හෙවත් ලෙප්ටෝස්පයිරෝසිස් ‘leptospirosis' රෝගය මීයන්,ගවයන් සහ මී ගවයන් වැනි සතුන්ගෙන් මිනිසාට බෝවිය හැකි රෝගී තත්ත්වයකි. මෙම රෝගයම ‘ වෙල් උණ , පතල් උණ‘ යනුවෙන්ද හඳුන්වනු ලැබේ. මීයන් හෝ වෙනත් සතකුගේ ශරීරයේ ඇති මෙම බැක්ටීරියාව ඔවුන්ගේ මුත්‍ර මගින් ජලයට එකතු වේ. ඒ අනුව කුඹුරු, දියකඩිති, ඇළ මාර්ග ,කානු, පතල්වල ජලයට මෙම බැක්ටීරියාව එකතු වී රැඳී තිබිය හැකියි.

ඉහතින් සඳහන් කළ ජලය රැඳෙන ස්ථානවලට එකතු වන මෙම බැක්ටීරියාව ශරීරයේ කැපීම්, සීරීම්, තුවාල හෝ ශ්ලේෂ්මල පටල ( ඇස්, මුඛය, ලිංගාශ්‍රිත ප්‍රදේශ) හරහා ද මිනිසාගේ සිරුරට ඇතුළු විය හැකියි. මෙම ආසාදන තත්වය අක්මාව / වකුගඩු වැනි අභ්‍යන්තර අවයව වලට හානි සිදුකල හැකි අතර මෙනින්ජයිටීස් තත්වයන් වලට ද හේතු විය හැකියි.

රෝග ලක්ෂණ

සාමාන්‍යයෙන් බැක්ටීරියාව ශරීර ගතවී දින 02ත් 14ත් අතර කාලයකදී පහත සඳහන් රෝග ලක්ෂණ මතුවිය හැකියි.

♦ උණ
♦ මස් පිඩු වේදනාව
♦ ඇස් රතු වීම
♦ හිසරදය
♦ මුත්‍රා කහ පැහැ වීම
♦ මුත්‍රා යාම අඩු වීම
♦ වමනය
♦ සිරුරේ අප්‍රාණිකත්වය

මී උණ රෝගය වැළඳුණ පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට රෝගය බෝ නොවේ.

මී උණ මාරාන්තිකද?

නිසි කලට නොපමාව ප්‍රතිකාර නොගතහොත් රෝගය උත්සන්න වී මරණය පවා සිදු විය හැකියි. මෙම රෝග කාරකයට සිරුරේ ඇති සියලුම ඉන්ද්‍රිය පද්ධතිවලට හානි කිරීමට හැකියි. විශේෂයෙන් වකුගඩු, අක්මාව, පෙනහළු සහ හෘදය අකර්මණ්‍ය කරයි.

මී උණෙන් වැලකී සිටීමට නම්..

♦ කුඹුරු, වගුරු බිම්, ඇළවල්, කාණු සහ පතල් ආශ්‍රිත රැකියාවල නියැළෙන පුද්ගලයන්ට මෙන්ම ගං වතුර වැනි තත්ත්වයන්ට මුහුණ දෙන අයටත් රෝගය වැළඳීමේ අවදානම ඉතා ඉහළයි. එවැනි අවදානම් කණ්ඩායම් රෝගයෙන් වැලකීම පිළිබඳව දැන්වත් වී සිටිය යුතු වේ.

♦ මී උණ යැයි සැක කළ හැකි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.

♦ තුවාල ,සීරීම් ඇත්නම් අපවිත්‍ර ජලයට බැසීමෙන් වලකින්න. නොඑසේනම් එම තුවාල මනාව ආවරණය කර ගැනීමට උනන්දු වන්න.

♦ කුඹුරු ආශ්‍රිතව වැඩ කිරීමට ප්‍රථම රෝගය වැලැක්වීමට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාලයෙන් ලබා ගන්න.

♦ මී උණ වළකන ප්‍රතිජීවක ඖෂධ නිසි කලට සේම නිසි මාත්‍රාව ලබා ගැනීම කෙරෙහි සැලකිලිමත් වන්න.

♦ ගං වතුර වැනි ආපදා තත්ත්ව පවතින කාල වකවානුවලදී ද රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අමතක නොකරන්න.

♦ විශේෂයෙන් කුඹුරු අවට ඇති කුඩා දිය කඩිතිවල මසුන් ඇල්ලීමේදී හෝ දිය නෑමෙන් / ඇඟ සේදීමෙන් පසු වුවද රෝග ලක්ෂණ මතු වේනම් වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත් .

මේ සෞඛ්‍ය අවදානම ගැන දැනුවත් වූ ඔබ, ඔබගේ හිතවතුන් අතරත් මේ දැනුම බෙදා හදාගෙන, හැකි උපරිමයෙන් මී උණ තත්වය වළක්වා ගැනීමට උත්සුක වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ම මේ අර්බුදකාරී වාතාවරණය අතරතුර මෙවන් සෞඛ්‍ය ගැටලු හැකිතාක් වළක්වා ගැනීමේ වැදගත්කම මෙන්ම සංකූලතාවයන් ඇති නොවන පරිදි ප්‍රතිකාර වලට කඩිනමින් යොමු වීමේ අවශ්‍යතාවයත් අප නැවතත් අවධාරණය කරනවා.

Address

Arachchikanda
Gonapinuwala

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Gonapinuwala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share