Ganemulla - ගණේමුල්ල

Ganemulla - ගණේමුල්ල ගණේමුල්ල
ගම නේ
ගැම්ම නේ ලයික් එකක් දාල සෙට් වෙන්න. එකතුවන්න ගණේමුල්ලට Ganemulla is about 9 km from Kadawatha on the Colombo-Kandy road.

Found in the British era Ganemulla (Sinhala:ගණේමුල්ල, Tamil:கணேமுல்ல ) is a mid size town situated in the Gampaha District of Sri Lanka. The nearest city to Ganemulla is Gampaha, which is about 5 km in distance. Ganemulla is surrounded by Kadawatha, Gampaha, Ja-Ela and Kandana towns. The population in Ganemulla now more than 6000 and increasing.The majority is Sinhala Buddhist. Catholics also live

s a small amount in harmony with the majority. The Sri Lanka Army Commando Regiment is located in Ganemulla.

01/06/2026

අපි නැති තැන අපිට බැනල මුනට හම්බ උනාම මුහුණ දෙන්න බැරිව අසරණ උන යාලුවො අපි හැමොට ම ඉන්නවා 😏

01/06/2026

පැලවත්තේ නත්තල් සුන්දරත්වය වෙසක් පෝයට නැති වුණේ ඇයි?
පැලවත්තෙන් ඇහුන වෙනස්ම කතාවක්...

ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානය කියන්නේ 2004 වසරෙන් පස්සේ සිංහල බෞද්ධ ජනතාවගේ බහුතර ඡන්දයෙන් පත්වුණු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වගේම සාමාන්‍ය පාක්ෂිකයන්ගේ දායකත්වයෙන් එකතු වුණු දැවැන්ත අරමුදලකින් හැදුණු තැනක්. එදා පක්ෂයේ ආරම්භකයා වුණු රෝහණ විජේවීරයන් පවා බුදුදහමට සහ මහා සංඝරත්නයට දේශපාලනික වශයෙන් සුවිශේෂී තැනක් දුන්නා. හැබැයි සෝමවංශ අමරසිංහයන්ගේ නායකත්වයෙන් පස්සේ ආපු වත්මන් ජේ.වී.පී. නායකත්වයේ ක්‍රියාකලාපය දිහා බැලුවහම, එදා තිබුණු ඒ දේශප්‍රේමී උපායමාර්ගික ගමන් මඟ සහ වර්තමාන භාවිතාව අතර ලොකු පරස්පරතාවයක් දකින්න ලැබෙනවා. මේ ගැන Lanka Underground News තැබූ සටහනක මෙසේ සදහන් කර තිබුණා.

මේ පරස්පරය වඩාත්ම කැපී පෙනෙන්නේ ආගමික උත්සව සැමරීමේදී ඔවුන් දක්වන ද්විත්ව ප්‍රතිපත්තිය නිසයි. උදාහරණයක් විදිහට 2025 නත්තල් උත්සවය වෙනුවෙන් පැලවත්ත මූලස්ථානය ඉතාමත් අලංකාර ලෙස විදුලි බුබුළුවලින් සහ සැරසිලිවලින් හැඩගන්වා තිබුණා. හැබැයි ඊට හාත්පසින්ම වෙනස් විදිහට වෙසක් උත්සව දිනයේදී පක්ෂ මූලස්ථානය වෙනුවෙන් එවැනි කිසිදු සැරසිල්ලක් සිදු කර තිබුණේ නැහැ. මාක්ස්වාදී සිද්ධාන්තවලට අනුව හැම ආගමකටම එක හා සමානව සැලකිය යුතු වුවත් වෙසක් උත්සවය පමණක් මෙලෙස මඟහැර යාම බරපතළ ගැටලුවක්.

මේ තත්ත්වය පක්ෂයේ නිල සමාජ මාධ්‍ය හැසිරීම් තුළිනුත් මනාව පැහැදිලි වෙනවා. "JVP Sri Lanka" නිල ෆේස්බුක් පිටුවේ නත්තල් සහ තෛපෝංගල් වැනි අන්‍යාගමික උත්සව වෙනුවෙන් නායකත්වයේ සුබපැතුම් පණිවුඩ පළ කර තිබුණත් වෙසක් පෝය වෙනුවෙන් කිසිදු නිල සුබපැතුමක් පළ කර තිබුණේ නැ. ඒ වෙනුවට දකින්න ලැබුණේ ජනාධිපතිවරයා වියට්නාමයේ විහාරස්ථානයකට ගිය පුවතක් පමණයි. එක ආගමක විශේෂ දිනයක් පමණක් මේ විදිහට හලා දැමීම පිටුපස තියෙන්නේ කුමන ආකාරයේ දේශපාලන න්‍යායක්ද කියන එක ප්‍රශ්න සහගතයි.

මීට අමතරව වෙසක් නිවාඩුව සම්බන්ධයෙන් රජය ගත් තීරණයත් රටේම කතාබහට ලක්වුණා. ඒ සාමාන්‍යයෙන් වෙසක් පෝය සති අන්තයකට යෙදුණොත් පසුගිය පාලකයන් කළේ සතියේ දිනක අමතර නිවාඩුවක් ලබා දීමයි. හැබැයි වත්මන් පාලනය සෙනසුරාදා දිනට යෙදුණු වෙසක් පෝය වෙනුවෙන් විශේෂ නිවාඩු දිනයක් විදිහට ගැසට් කළේ කොහොමටත් රජයේ නිවාඩු දිනයක් වන ඉරිදා දවසයි. අනික් පැත්තට දකුණේ බෞද්ධ ජනතාව යාපනයේ තිස්ස රජමහා විහාරයට යන එක "වෛ💔රය වැපිරීමක්" විදිහට දකින පාලකයෝ දකුණේ කිතුනු ජනයා මන්නාරම් මඩු පල්ලියට යනකොට නිහඬ ප්‍රතිපත්තියක් රකින්නේ ඇයිද කියන එකත් හිතලා බලන්න ඕනනේ.

ආණ්ඩුව සහ පක්ෂය අනෙක් හැම ආගමික උත්සවයකටම ලොකු හැන්දකින් සලකද්දී බුදු සසුනට සහ බෞද්ධ උත්සවවලට පමණක් කුඩම්මාගේ සැලකිලි ද? මේ සැඟවුණු බෞද්ධ විරෝධී ප්‍රතිපත්තිය වහාම හඳුනා නොගතහොත් රටේ සංස්කෘතික පදනමට සිදුවන හානිය සුළුපටු නැ. ආගමික සහජීවනය කියන්නේ එක ආගමක් විතරක් කොන් කරන එකට නෙවෙයිනේ. මේ යන ගමනේ අවසානය මොකක්ද කියලා එදා ඔවුන්ට කෘතඥ පූර්වකව ඡන්දය දුන්න ඔබම දැන්වත් බුද්ධිමත්ව හිතලා බැලුවොත් හොදයි නේද?

ඔබේ අදහස් කමෙන්ට් කරන්න.

01/06/2026
ඇමරිකානූ අධිරාජ්‍යය වාදය එසේ නිමා විය 😂😂😂😂
01/06/2026

ඇමරිකානූ අධිරාජ්‍යය වාදය එසේ නිමා විය 😂😂😂😂

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තෙල් සංස්ථාව පාඩුයි කිව්වම අරගල  කාරයෝ ඇහුවේ අපි අඩුවට තෙල් ගහලද ? නෑ නේ. තොපි හොරා කාලා කියලා. මම...
31/05/2026

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තෙල් සංස්ථාව පාඩුයි කිව්වම අරගල කාරයෝ ඇහුවේ අපි අඩුවට තෙල් ගහලද ? නෑ නේ. තොපි හොරා කාලා කියලා. මම අහන්නේ ඒ කිව්ව අමන මෝඩ කතා දැන් තේරෙනවද?
----------------------------------------------------
✅ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කාලේ තමයි යුක්‍රේන් රුසියා යුද්දය පටන් ගන්නේ ඒක එක්ක බොරතෙල් බැරල් එකේ මිල උපරිම $130ට වගේ යනවා.
✅හැබැයි අද බොරතෙල් බැරල් එක $100 ආසන්යේ තියෙනවා. සාමාන්‍ය ගාන $80 - $60 රේන්ජ් එකේ. හැබැයි $100ට ගියා.
දැන් එහෙම නම් මෙහෙම වෙන්නේ ඇයි?
✅මේ වගේ ලෝකේ තෙල් මිල වැඩි වෙද්දී ගෝඨාභය රාජපක්ෂ ගත්ත තීරණය තමයි ඒක මිනිස්සුන්ට නොදැනෙන්න පාඩුව ආණ්ඩුව ගත්ත එක. එකෙන් තමයි තෙල් මිල අඩුවට තියෙද්දී සංස්ථාව පාඩු උනේ. හැබැයි එදා විපක්ෂය එක්ක අරගල කාරයෝ කිව්වේ ඒක මහා වංචාවක් විදියට.
✅අද ආණ්ඩුව එහෙම හිතක් පපුවක් තෙතමනයක් නෑ. මිල වැඩි නම් ඔහේ ඇරලා දානවා මිනිස්සුන්ට. කර්මාන්ත වලට වෙන්නේ මොකද්ද කියලා ආණ්ඩුවට අදාළ නෑ. මිනිස්සුන්ට මාලු කෑල්ලක් කන්න විදියක් හදලා දෙන එක ආණ්ඩුවට අදාළ නෑ.
✅මතකද බාල ගල් අගුරු පාඩුව මිනිස්සුන්ට දෙන්නේ නෑ. ඒක භාණ්ඩාගාරය ගන්නවා කියලා. අපෙන් වැඩි මිලට විකුණලා තෙල් සල්ලී ගන්නේ භාණ්ඩාගාරයට. භාණ්ඩාගාරය ආපහු අපේ සල්ලී බාල ගල් අගුරු වලට පුච්චන්න දෙනවා. මරු නේ.
✅අනික තමයි අද දවසෙන් දවස අපේ රුපියල කඩන් වැටෙනවා. කඩන් වැටෙද්දී ඩොලර් එකට සාපේක්ෂව වැඩි මිල මිනිස්සුන්ට ගෙවන්න වෙනවා. ආණ්ඩුව අසාර්ථක වෙනවා මිනිස්සු වන්දි ගෙවනවා.
✅ඉන්දියාව, තායිලංතව, මැලේශියාව වගේ අපි එක්ක සංචාරක ක්ශේත්‍රයේ තරග කරන රටවල් ස්ථාවර තෙල් මිලක් හදාගෙම පාලනය කරගන්නවා. අපිට දිගටම කෙල වෙනවා.
✅ඊලගට ගල් අගුරු කියලා නෙවෙයි තෙල් වැඩි කලා කියලා ආපහු කරන්ට් බිල වැඩි කරනවා. මිනිස්සුන්ට කන්න නෑ, ගමනක් යන්ම නෑ. කොටින්ම බේත් පෙත්තක් බොන්න නෑ.
✅තව ටික කාලයක් යද්දී මිල වැඩි නිසා ජාත්‍යන්තර වෙළෙඳ පොලේ තරග කරන්න බැරුව ලංකාවේ කර්මාන්ත ටිකට කෙල වෙනවා. ඊට පස්සේ ආපහු බඩු මිල යනවා. කන්න බොන්න නැතිව දරුවන්ට පවා මන්ද පෝශණය එනවා.
✅ඊලගට ආපහු සෝමාලියාවට වගේ ධනවත් රටවල් බත් කටක් ගෙනල්ලා දෙනකම් බලන් ඉන්නවා.
මේ ආණ්ඩුවත් කලින් කොරා වගේ යන්නේ ඔය විශම චක්‍රයේම තමයි.
මම කියන්නේ උනුත් එකයි, මුනුත් එකයි කියලා ආව උන් තමයි උබලට හොදටම කෙලවන්නේ.
ඒකෙනුත් කාලම එන්නකෝ.අරින එක ඇරියෙත් වෙසක් පෝයටම නේ. මාසේ මුලත් නෙවෙයි.

31/05/2026

2023දී මම Australiaවල Concert එකකට යද්දි එහේ ඉන්න ජෙප්පෝ 8000කට ආසන්න ප්‍රමානයක් අහිංසක මට පෙත්සම්
ගැ හු වා මම එනවට. හැබැයි සියලුම Concert Sold out ❤️

අද මුන්ගේ රැස්වීමකට එහේ 50ක් නෑ හොයා ගන්න 😂

අද එහේ සමහර ලාංකිකයෝ විදේශ ඇමතිට සමහර ප්‍රශ්නවලට උත්තර දීගන්න බැරි වුන නිසා මගදි නැගිටලා ගිහිල්ලා 😂🤦‍♂️

උබලට මම කිව්වා මුන් පට්ට හොරු කියලා 🤷‍♂️

Springvale city hall | Melboune

Address

Ganemulla
11020

Website

Alerts

Be the first to know and let us send you an email when Ganemulla - ගණේමුල්ල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share