නාරංවිට අපි - Naranvita Api

නාරංවිට අපි - Naranvita Api නාරංවිට අපේ Original එක

02/06/2026

නාරංවිට අපේ වෙසක් දන්සල - 2026

සුපුරුදු පරිදි මෙවරත් පස්වෙනි වතාවට සාර්ථකව පැවැත්වූ අපේ සුප් දන්සල. 17 දෙනෙක් වැඩේට මුල පුරපු, මුදලින් සහ ශ්‍රමයෙන් ලස්සන හදවත් රාශියක් උදව් කරපු සාර්ථක වැඩක්. මේ සඳහා සහයෝගය දැක්වූ සැමට නාරංවිට අපේ ⁣ගෞරව ස්තුතිය 🙏❤️

#නාරංවිටවෙසක්කලාපය #වෙසක්2026 #නාරංවිටඅපි #දන්සල් #තරුණසංවිධානය

30/05/2026
20/05/2026

ඔබ සැමට ආරාධනා..!

15/05/2026

"නාරංවිට වෙසක්" උදාව වෙසක් කලාපයට සමගාමීව "නාරංවිට අපි" තරුණ කැල විසින් උතුම් වෙසක් මංගල්ලය වෙනුවෙන් සංවිධානය කරනු ලබන වාර්ෂික දන්සැල මෙවරත් වෙසක් කලාප භූමියේදී පැවැත්වේ. පැමිණෙන සැමගේ කුසගිනි දුරලන්න 05 වෙනි වතාවටත් පැවැත්වෙන අපේ දන්සැලට බැති සිතින් ආරාධනා..!

#නාරංවිට #නාරංවිටවෙසක්උදාව #නාරංවිටවෙසක්කලාපය #නාරංවිටඅපි #2026 #වෙසක්2026

06/05/2026

ගමේ වැඩක් ❤️

12/04/2026

අවුරුද්දේ ලක ලෑස්තිය

වීඩ්යෝවේ අයිතිය මුල් හිමිකරු සතුයි.

මේ දවස් වල අපේ ගම  Soo Hot 🥵
29/03/2026

මේ දවස් වල අපේ ගම Soo Hot 🥵

ඉස්සර දවසක..ඉරිදා උදයක..නාරංවිට අපේ ක්‍රීඩාංගනේ ගැන බලධාරීන් වෙත කොතෙක් දැනුවත් කලද අද වන විටත් කිසිඳු සකස් කිරීමක් නොමැ...
22/03/2026

ඉස්සර දවසක..
ඉරිදා උදයක..

නාරංවිට අපේ ක්‍රීඩාංගනේ ගැන බලධාරීන් වෙත කොතෙක් දැනුවත් කලද අද වන විටත් කිසිඳු සකස් කිරීමක් නොමැතිව දරුවන්ගේ ක්‍රීඩා කටයුතුද,ගමේ සංවිධානය කරන ක්‍රීඩා මෙන්ම සංස්කෘතික උත්සව ආදියද සිදු කිරීමට නොහැකිව තිබෙන ආකාරයයි මේ.. ලඟ එන අවුරුදු මාසේ පැවැත්වෙන බක්මහ උළෙලද මේ නිසාවෙන් මෙවර සිදු කිරීමට නොහැකි තත්වයක් උදා වී ඇති බව කණගාටුවෙන් වුවද මතක් කල යුතුය.

#නාරංවිට #2026

15/03/2026

ගුණ දම් පිරුණු සාර්ථක බොදු දරුවෙක් සමාජයට බිහි කිරීමේ අඩිතාලමේ මූලික අංගයක් ලෙස දහම් පාසල විශාල මෙහෙයක් ඉටුකරයි. ඒ වෙනුවෙන් විහාරස්ථාන මට්ටමින් ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ස්වෙච්චාවෙන් ඉදිරිපත් වන ගුරු දෙගුරුන්ගේ එකතුවෙන් ඒ ගමන ආරම්භ කරයි.

වල් වැදී නටඹුන් වී තිබූ ඵෙතිහාසික මහා සෑය නැතහොත් රුවන්වැලි මහා චෛත්‍ය රාජයා සිංහල බෞද්ධයාගේ වැඳුම් පිදුම් වෙනුවෙන් සොයාගත් ඒ සුමනසාර නායක හාමුදුරුවන් වහන්සේගේ නමින් ඇරඹි නාරංවිට අපේ දහම් පාසල ගමට රටට වැඩදායි අන්දමින් අදටත් සාර්ථක ගමනක් යමින් තිබෙයි.

#සුමනසාරදහම්පාසල #නාරංවිටපුරාණවිහාරය
#නාරංවිටඅපි

හරිත පැහැයෙන් වර්ණ ගැන්වී තිබූ, දිනපතා දරුවන් ක්‍රීඩා කරන, ක්‍රීඩා උත්සව පැවැත්වූ,අවුරුදු සමය ලං වන විට අවුරුදු උත්සව, ස...
09/03/2026

හරිත පැහැයෙන් වර්ණ ගැන්වී තිබූ, දිනපතා දරුවන් ක්‍රීඩා කරන, ක්‍රීඩා උත්සව පැවැත්වූ,අවුරුදු සමය ලං වන විට අවුරුදු උත්සව, සංගීත ප්‍රසංග මෙන්ම වෙසක් මාසයේ වෙසක් කලාපයද සංවිධානය වෙන නාරංවිට අපේ ක්‍රීඩාංගනයට අද අත්ව තිබෙන ඉරණමයි මේ..

දිට්වා සමයේ නායගිය ප්‍රදේශ වලින් ඉවත් කරන පස්,ගල්,මුල් ආදිය සියල්ල ක්‍රීඩාංගනයට ගෙනවිත් බැහැර කිරීම හේතුවෙන් මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් පැවැත්වෙන අවුරුදු උත්සවයද සංවිධානය කර ගැනීමට නොහැකිවී ඇත.

ක්‍රීඩාංගනයේ එක් පසක් පමණක් සකස් කර ඇතත් අනෙක් කොටස තවමත් වැඩ අවසන් කර නොමැත. දැනුවත් කිරීමට අවශ්‍ය ආයතන දේශපාලන අධිකාරියද දැනුවත් කලද නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් ක්‍රීඩාංගනය භාවිතා කරන්නන් අපහසුතාවයට පත්වී ඇත.

මේ පිළිබඳ සොයා බලා බලය ඇත්තවුන් නිසි කඩිනම් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි අප අපේක්ෂා කරමු.

Address

GAMPOLA
Gampola

Website

Alerts

Be the first to know and let us send you an email when නාරංවිට අපි - Naranvita Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category