Divisional Secretariat - Udapalatha

Divisional Secretariat -  Udapalatha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional Secretariat - Udapalatha, Government Organization, Gampola.
(1)

Divisional secretariat of udapathalatha is extended within 79.4 square kilometers bounded in Divisional Secretariat of Kotmale in Nuwara Eliya District and Divisional Secretariats of Ganga Ihala , Pasbage, Udunuwara, Doluwa in Kandy district

උඩපලාත ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ පොදු කොට්ඨාශ දිනය පැවැත්වීම කාර්‍යාලයේ ශ්‍රවණාගාරයේ දී ප්‍රාදේශීය ලේකම් ප්‍රධානත්වයෙන...
29/05/2026

උඩපලාත ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ පොදු කොට්ඨාශ දිනය පැවැත්වීම කාර්‍යාලයේ ශ්‍රවණාගාරයේ දී ප්‍රාදේශීය ලේකම් ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර ඒ සඳහා උඩපලාත කොට්ඨාශයේ ග්‍රාම නිලධාරීන් සමඟ වෙනත් රාජ්‍ය ආයතන වල නියෝජිතයින් ද සහභාගී වූ අතර කොට්ඨාශයේ පොදු ගැටලු පිලිබඳව සාකච්ඡා කරන ලදී.

සම්බුදු තෙමගුල  සැමරීම නිමිත්තෙන් වෙසක් සතිය තුළ ක්‍රියාත්මක කරන වැඩසටහන්  අතරින්  කාව්‍යමය ධර්මදේශනය  2026.05.26වෙනි දි...
28/05/2026

සම්බුදු තෙමගුල සැමරීම නිමිත්තෙන් වෙසක් සතිය තුළ ක්‍රියාත්මක කරන වැඩසටහන් අතරින් කාව්‍යමය ධර්මදේශනය 2026.05.26වෙනි දින් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේ දී , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, මහනුවර දිස්ත්‍රික් පිරිවෙන් ගුරු උපදේශක, අටබාගේ ආනන්ද මූලික පිරිවෙණේ පරිවේණාධිපති, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
පූජ්‍ය මාවෙල සීලරතන ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලදි.

එම අවස්ථාව සඳහා ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම් ඇතුලු කාර්‍යාලයේ නිලධාරීන් සහභාගී විය.

අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය මලල ක්‍රීඩා උත්සවය 2026.05.24.වන දින වීගුලවත්ත නගර සභා ක්‍රිඩාංගනයේ  දී උඩපලාත ප්‍රාදේශීය ලේ...
25/05/2026

අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය මලල ක්‍රීඩා උත්සවය 2026.05.24.වන දින වීගුලවත්ත නගර සභා ක්‍රිඩාංගනයේ දී උඩපලාත ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර මාසයක් පුරාවටම කණ්ඩායම් තරග පවත්වා අවසන් තරඟ මෙහිදී පවත්වන ලදී.

ජායාරූප අනුග්‍රහය සහ තොරතුරු සම්පාදනය
නන්දනී මිය - තරුණසේවා නිලධාරී

🪘 *ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාවයෙන් ඔබේ උත්සවය හැඩකරන්න!* 🪘​ඔබේ ජීවිතයේ විශේෂම දිනය සාම්ප්‍රදායික හෙළ කලාවේ අභිමානයෙ...
20/05/2026

🪘 *ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාවයෙන් ඔබේ උත්සවය හැඩකරන්න!*
🪘
​ඔබේ ජීවිතයේ විශේෂම දිනය සාම්ප්‍රදායික හෙළ කලාවේ අභිමානයෙන් සහ නර්තන විලාසයන්ගෙන් අලංකාර කර ගැනීමට අවශ්‍යද?
​ගම්පොල උඩපළාත සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් ඉතාමත් සහනදායී මිල ගණන් යටතේ උසස්ම ප්‍රමිතියෙන් යුත් සංස්කෘතික සේවාවන් රැසක් දැන් ඔබට ලබාගත හැක.
​✨ *අපෙන් ඔබට ලබාගත හැකි සේවාවන්:*
​🕺 පිළිගැනීමේ වෙස් නර්තන කණ්ඩායම්
​🥁 හේවිසි කණ්ඩායම්
​📜 අෂ්ඨක පෝරු චාරිත්‍ර
​ජයමංගල ගාථා කණ්ඩායම්
​💃 විශේෂ උත්සව නර්තන කණ්ඩායම්
​🏢 විශේෂ දැනුම්දීමයි:
ඔබේ විවිධ උත්සව, රැස්වීම් සහ සංස්කෘතික වැඩසටහන් සඳහා අපගේ *සංස්කෘතික ශාලාවද ඉතා සහනදායී මිල ගණන් යටතේ වෙන්කරවා ගත හැක.*
​විශ්වාසනීය සහ රාජ්‍ය අනුමැතිය ලත් උසස්ම සේවාවක් සඳහා අදම අප හා සම්බන්ධ වන්න.

​📞 විමසීම් සහ වෙන්කරවා ගැනීම්:
​ස්ථානභාර සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරි
​📍 ලිපිනය: උඩපළාත සංස්කෘතික මධ්‍යස්ථානය, දොළුව පාර, ගම්පොල.
​📱 දුරකථන අංකය: 0706441009

18/05/2026

ගඟසිරි රූසර" උඩපලාත මනාලියන් දැක්ම ~

උඩපලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරීන් දෙපල එක්ව සංවිධානය කල ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහනේ උත්කර්ශවත්ම අංගය වූයේ උඩපලාත මනාලියන් දැක්මයි.

දිට්වා ආපදා තත්වය හමුවේ උඩපලාත කොට්ඨාශයේ ආපදාවන්ට ලක් වූ රූපලාවණ්‍ය ශිල්පිණියන් නැවත නඟා සිටුවීමේ අරමුණින් ඔවුන්ට ශක්තියක් වීම සඳහා කාන්තා දිනයට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කොට පැවත්වීම සිදු කෙරුනා.



වීඩියෝ අනුග්‍රහය සහ විස්තරය - නිමාලි මිය (වනිතා සංවර්ධධන නිලධාරී)

16/05/2026

උඩපලාත කොට්ඨාශයේ ඉඩම් බෙදා දීමේ වැඩසටහන

ගම්පොළ අටබාගේ ප්‍රදේශය තුලදී අපදාවට ලක්වුවන් 22 දෙනෙක් සදහා රජයේ ඉඩම් කැබලි බෙදා දෙන ලදි. මෙම පුද්ගලයින්ට එම ඉඩම් කැබලි වල නිවාස ඉදි කිරිම සදහා රුපියල් මිලියන 5 බැගින් ලබා දිමට ද නියමිතව ඇත.

උඩපලාත ප්‍රාදේශීය කමිටු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆස්මින් සරීෆ් මහතා සහ උඩපලාත ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම් සමඟ ප්‍රදේශවාසින් එම අවස්ථාවට සහභාගී විය..

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය වෙතින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත. වලංගුභාවය: 2026.05.14 දින පෙ.ව....
14/05/2026

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය වෙතින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත.

වලංගුභාවය: 2026.05.14 දින පෙ.ව. 9.00 සිට 2026.05.15 දින පෙ.ව. 9.00 දක්වා

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න
------------------------------- *

ගාල්ල දිස්ත්‍රික්කය:
- නෙලුව

කළුතර දිස්ත්‍රික්කය:
- අගලවත්ත
- ⁠බදුරලිය
- ⁠මතුගම
- ⁠හොරණ
- ⁠වලල්ලාවිට

රත්නපුර දිස්ත්‍රික්කය:
* පැල්මඩුල්ල
* ⁠රත්නපුර

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න ------------------------------- *

බදුල්ල දිස්ත්‍රික්කය:
- බණ්ඩාරවෙල
- ⁠හාලිඇල
- ⁠පස්සර

ගාල්ල දිස්ත්‍රික්කය:
- තවලම
- ⁠ඇල්පිටිය
- ⁠නියාගම

කළුතර දිස්ත්‍රික්කය:
- ඉංගිරිය
- ⁠බුලත්සිංහල

මහනුවර දිස්ත්‍රික්කය:
- ⁠පූජාපිටිය
- තුම්පනේ
- ⁠දෙල්තොට
- ⁠දොලුව
- ⁠උඩුනුවර
- ⁠හතරලියැද්ද
- ⁠හාරිස්පත්තුව
- ⁠පාතහේවාහැට
- ⁠පස්බාගේ කෝරලේ
- ⁠අකුරණ
- ⁠ගඟවට කෝරලේ
- ⁠පන්විල
- ⁠යටිනුවර
- ⁠ගඟ ඉහළ කෝරලේ
- ⁠උඩපළාත⁠

කෑගල්ල දිස්ත්‍රික්කය:
- මාවනැල්ල
- ⁠බුලත්කොහුපිටිය
- ⁠යටියන්තොට
- ⁠අරණායක
- ⁠කෑගල්ල
- ⁠රඹුක්කන
- ⁠වරකාපොල

කුරුණෑගල දිස්ත්‍රික්කය:
* රිදීගම

මාතලේ දිස්ත්‍රික්කය:
* නාවුල
* ⁠අඹන්ගඟ කෝරලේ
* ⁠රත්තොට

මාතර දිස්ත්‍රික්කය:
* පිටබැද්දර

මොනරාගල දිස්ත්‍රික්කය:
* බඩල්කුඹුර
* ⁠වැල්ලවාය
* ⁠බිබිල

නුවරඑළිය දිස්ත්‍රික්කය:
* නෝර්වුඩ්
* ⁠අඹගමුව කෝරලේ
* ⁠කොත්මලේ බටහිර

රත්නපුර දිස්ත්‍රික්කය:
* ඇහැලියගොඩ
* ⁠කුරුවිට
* ⁠කලවාන
* ⁠ගොඩකවෙල
* ⁠කිරිඇල්ල
* ⁠අයගම

උඩපලාත දිට්වා මෙහෙවරදිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ සොගමාවත්ත රජයේ ඉඩමේ, ඉඩම් කට්...
14/05/2026

උඩපලාත දිට්වා මෙහෙවර

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ සොගමාවත්ත රජයේ ඉඩමේ, ඉඩම් කට්ටි බෙදා දීම උඩපළාත ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆස්මින් ෂරීෆ් මන්ත්‍රීතුමාගේ සහ උඩපළාත ප්‍රාදේශීය ලේකම්තුමිය ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

මෙහිදී ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ එක් නිවසක් ඉදි කිරීම සදහා රු. ලක්ෂ 50 ක මුදලක් බැගින් සෑම ප්‍රතිලාභීයෙකුටම ලබා දෙන අතර එහි මුල් වාරුකයට අදාල රු. ලක්ෂ 20 ක මුදලට අදාල චෙක්පත් බෙදා දීමද සිදු කරන ලදී.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සහ පවුල් සඳහා උඩපලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතින් තවමත් බොහෝ සේවාවන් ඉටුකරමින් පවතී.

උඩපලාත කොට්ඨාශයේ මහජනතාවගේ අවධානයට. හැකිතාක් මෙය මහජනතාව අතර බෙදා හරින්න.කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පණිවුඩයයි.
10/05/2026

උඩපලාත කොට්ඨාශයේ මහජනතාවගේ අවධානයට. හැකිතාක් මෙය මහජනතාව අතර බෙදා හරින්න.

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පණිවුඩයයි.

ගම්පොල ඔබගේත් මගේත් නගරයයි.අපේ නගරය පිරිසිදුව තබා ගනිමු ~
04/05/2026

ගම්පොල
ඔබගේත් මගේත් නගරයයි.
අපේ නගරය පිරිසිදුව තබා ගනිමු ~

Address

Gampola

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94812352236

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat - Udapalatha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat - Udapalatha:

Share