Central Environmental Authority - Gampaha District Office

Central Environmental Authority - Gampaha District Office Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Central Environmental Authority - Gampaha District Office, Public & Government Service, No: 184/1, Kandy Road, Yakkala, Gampaha.

The Central Environmental Authority (CEA) Gampaha District Office was established on 1st of July in 2009 and serve as the regional office for the entire district.

පරිසර නියමු පදක්කම් ප්‍රදානය - 2026මීරිගම ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ පරිසර නියමු පදක්කම් ප්‍රදානෝත්සවය 2026.0...
04/05/2026

පරිසර නියමු පදක්කම් ප්‍රදානය - 2026

මීරිගම ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ පරිසර නියමු පදක්කම් ප්‍රදානෝත්සවය 2026.04.10 දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්‍යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ජල්තොට මහතා සහභාගී විය.

විද්‍යාලීය විදුහල්පති උදාර මනුරංග කරුණාතිලක මහතා විසින් පිළිගැනීමේ කතාව සිදු කල අතර ගම්පහ දිස්ත්‍රික් අධ්‍යක්ෂ මහේෂ් ජල්තොට මහතා විසින් ජාතික පරිසර නියමු වැඩසටහනෙහි වැදගත්කම සහ පරිසරය සුරැකීමේ කාලීන අවශ්‍යතාවය පිලිඹද හරවත් දේශනයක් සිදු කරන ලදී.

මෙහිදී පරිසර නියමු පදක්කම්ලාභීන් 32ක්, හරිත වර්ණ පදක්කම්ලාභීන් 44ක් සහ රජත වර්ණ පදක්කම්ලාභීන් 50දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම සහ නිල ලාංඡන පැළඳවීම සිදු කරන ලදී.

එමෙන්ම හරිත වර්ණ පදක්කම්ලාභීන් විසින් සිදු කරනු ලැබූ චිත්‍ර ප්‍රදර්ශනයක්ද මෙදින පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්‍යාලයේ නිලධාරීන් සහ මීරිගම ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරුන්, සහකාර විදුහල්පතිවරුන්, පරිසර නියමු කණ්ඩායම භාර ගුරු මහත්ම මහත්මීන් සහ දෙමාපියන් සහභාගී විය.

මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කමල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ අධ්‍යක්ෂ ...
06/04/2026

මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කමල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ජල්තොට මහතාගේ මඟ පෙන්වීම යටතේ, පාරිසරික ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීනව පවත්වා ගැනීම සම්බන්ධයෙන් කර්මාන්තකරුවන්ට මතුව පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමේ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය මගින් සංවිධානය කර ඇත.

මෙම වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් අධ්‍යක්‍ෂ මහේෂ් ජල්තොට මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 මාර්තු මස 30 වන දින එම කාර්යාලයේදි පැවති අතර ඒ සඳහා ගම්පහ, අත්තනගල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වල ස්ථාපිත, පාරිසරික ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීන කිරීම සම්බන්ධ ගැටලු වලට මුහුණ දී ඇති කර්මාන්ත හිමිකරුවන් සහ නියෝජිතයන් රැසක් සහභාගී වූහ.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අරමුණ සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් අධ්‍යක්‍ෂ මහේෂ් ජල්තොට මහතා අරම්භක දේශනය පැවැත්වූ අතර පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබා ගැනීම සම්බන්ධව පවතින නීතිමය පසුබිම සහ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දේශනයක් සහකාර නීති නිලධාරී ශානිකා ලියනගේ මහත්මිය විසින් සිදු කරන ලදි.

මෙම කර්මාන්ත හිමියන් තම කර්මාන්ත වලට අදාළව පාරිසරික ආරක්ෂණ බලපත්‍ර යාවත්කාලීන කිරීම සම්බන්ධව මුහුණ දී ඇති ප්‍රායෝගික ගැටලු පිළිබඳ දැනුවත් කිරීම ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරී ඩී.එල් කුමාරගම මහත්මිය විසින් සිදු කරන ලදි.

එමෙන්ම කර්මාන්ත, ආයතන මුහුණ දෙන
විශේෂිත ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සහ අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා අදාළ කර්මාන්ත නියෝජිතයන් සමඟ වෙන්වෙන්ව විශේෂ උපදේශන සැසි ද පවත්වන ලදී.

මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂ සුමේධ සමරකෝන් මහතා, සහකාර අධ්‍යක්ෂ ශාන්ති ධීරසිංහ මහත්මිය, සහකාර නීති නිලධාරීනී ශානිකා ලියනගේ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරී ඩී.එල් කුමාරගම මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරී නිරෝෂන් රාජපක්ෂ මහතා විසින් මෙම උපදේශන සැසි මෙහෙයවන ලදී.

☘️☘️ ජාතික පරිසර නියමු වැඩසටහන යටතේ පරිසර නියමු කාර්යය භාර ගුරු මහත්ම මහත්මින් දැනුවත් කිරීමේ වැඩසටහන - 2026 ☘️☘️පිවිතුර...
02/04/2026

☘️☘️ ජාතික පරිසර නියමු වැඩසටහන යටතේ පරිසර නියමු කාර්යය භාර ගුරු මහත්ම මහත්මින් දැනුවත් කිරීමේ වැඩසටහන - 2026 ☘️☘️

පිවිතුරු පරිසරයක් උදා කර ගැනීම අරමුණු කර ගනිමින්, දීප ව්‍යාප්තව පාසල් තුළ ක්‍රියාත්මක වන ජාතික පරිසර නියමු වැඩසටහන මගින් දරුවන් තුළ පරිසර හිතකාමී ආකල්ප වර්ධනය කිරීම ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුගතව මෙම වැඩසටහන පරිසර නියමු, හරිත වර්ණ, රජත වර්ණ, ස්වර්ණ වර්ණ සහ ජනාධිපති පදක්කම් ලෙස පියවර පහක් ඔස්සේ ඉදිරියට ගෙන යනු ලබයි.

මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා පාසල්වල පරිසර නියමු කාර්යභාරය භාර ගුරු මහත්ම මහත්මීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම පරිසර අධිකාරිය ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය මගින් සංවිධානය කරන ලදී.

උක්ත වැඩසටහන 2026.03.24 දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ අග්‍රා ශ්‍රවනාගාරයේදී පැවැත්වුණු අතර, එයට මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා, මිනුවන්ගොඩ සහ මීගමුව අධ්‍යාපන කලාප නියෝජනය කරමින් පරිසර නියමු කණ්ඩායම් භාර ගුරු මහත්ම මහත්මීන්, පරිසර නියමු කලාප හා කොට්ඨාශ කොමසාරිස්වරුන්, ගම්පහ දිස්ත්‍රික් පරිසර නියමු උපදේශක සහ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් සහභාගී වූහ.

ගම්පහ දිස්ත්‍රික් අධ්‍යක්ෂ මහේෂ් ජල්තොට මහතා විසින් පිළිගැනීමේ කතාව සිදු කරමින් මෙම වැඩසටහනේ අරමුණ පැහැදිලි කරන ලදී. එමෙන්ම, පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා විසින් ගුරුවරුන්ගේ කාර්යභාරය සහ පාසල් පද්ධතිය තුළ ජාතික පරිසර නියමු වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කරන ලදී.

සහකාර අධ්‍යක්ෂිකා කුමාරි ප්‍රනාන්දු මහත්මිය සහ සංවර්ධන නිලධාරී සෞම්‍යා කරුණානායක මෙනවිය විසින් පරිසර නියමු පදක්කම් සඳහා අදාල ක්‍රියාකාරකම් විස්තර කරනු ලැබූ අතර, ගම්පහ දිස්ත්‍රික් පරිසර නියමු උපදේශක ධර්මවර්ධන අධිකාරී මහතා විසින් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ලැබූ අත්දැකීම් පිළිබඳ සාකච්ඡාවක් සිදු කරන ලදී. එමෙන්ම, මිනුවන්ගොඩ කලාප කොමසාරිස් සුසන්ත ජයසේන මහතා විසින් පාසල් මට්ටමින් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු පැහැදිලි කරන ලදී.

මීට සමගාමීව, 2025 වර්ෂය තුළ පරිසර නියමු වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී විශේෂ දක්ෂතා දැක්වූ ගුරු මහත්ම මහත්මීන් ඇගයීම වෙනුවෙන් සහතිකපත්‍ර පිරිනැමීමද මෙම අවස්ථාවේදී සිදු කරන ලදී.

"තෙත්බිම් හා සාම්ප්‍රදායික දැනුම සබැඳුණු සංස්කෘතික උරුමයන් සුරකිමු" යන තේමාව යටතේ ලෝක තෙත්බිම් දිනය නිමිති කරගෙන මධ්‍යම ...
10/03/2026

"තෙත්බිම් හා සාම්ප්‍රදායික දැනුම සබැඳුණු සංස්කෘතික උරුමයන් සුරකිමු" යන තේමාව යටතේ ලෝක තෙත්බිම් දිනය නිමිති කරගෙන මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන ඒකකය යටතේ ක්‍රියාත්මක වන ජාතික පරිසර නියමු සංසදය සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය සමාජීයීය විද්‍යා සහ කළමනාකරණ අධ්‍යයන පීඨය එක්ව 2026.02.24 වන දින
ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලීය ශ්‍රවනාගාරයේදී මෙවර තෙත්බිම් දින සැමරුම සාර්ථකව පවත්වන ලදි.

ලෝක තෙත් බිම් දිනයෙහි තේමාව මුල් කරගනිමින් මුඛ්‍ය දේශනය මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය. අජිත් ගුණවර්ධන මහතා විසින් සිදු කරන ලදී.

එමෙන්ම මීට සමගාමීව පරිසර සංරක්ෂණය සහ තෙත් බිම් සුරැකීමේ වැදගත්කම පිළිබඳ දේශනය මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් අධ්‍යක්ෂ මහේෂ් ජල්තොට මහතා විසින් සිදු කරන ලදී.

මෙහිදී විද්වත් සාකච්ඡා මණ්ඩපයක් ද පවත්වන ලද අතර ඒ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය, ජාත්‍යන්තර ජල කළමනාකරණය ආයතනයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පර්යේෂක ආචාර්ය. පී. ඩ්‍රෙක්සෙල් මහතා, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ කඨිකාචාර්‍ය ආචාර්ය. දිනිඳු දේවපුර මහතා සහ මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර සම්පත් කළමනාකරණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරි (වැ.බ) මන්දාකිනි අමරසිංහ මහත්මිය සහභාගී විය.

එමෙන්ම මෙවර තෙත්බිම් දින තේමාව වූ "තෙත්බිම් හා සාම්ප්‍රදායික දැනුම සබැඳුණු සංස්කෘතික උරුමයන් සුරකිමු" යන තේමාව යටතේ විද්‍යුත් සඟරාවක් ද එලිදක්වන ලදී.

බියගම MAS INTIMATES UNICHELA ආයතනයේ අනුග්‍රහයෙන් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්තා සුභසිංහ මහත්මිය, ලේඛකාධිකාරිතුමා, පීඨාධිපතිවරුන් ඇතුළු අධ්‍යයන අනධ්‍යන කාර්‍යමණ්ඩයත්, මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය. අජිත් ගුණවර්ධන මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් අධ්‍යක්ෂ මහේශ් ජල්තොට මහතා, ජාතික පරිසර නියමු සංසදයේ ගරු ලේකම් නෙත්මිණ ජයසිංහ මහතා ඇතුළු පිරිස සහභාගි විය.

Acting in accordance with the directives of the Deputy Director General (Regional Operations), and under the strategic g...
28/02/2026

Acting in accordance with the directives of the Deputy Director General (Regional Operations), and under the strategic guidance of Mr. Mahesh Jaltota, Director of Gampaha District Office, the Central Environmental Authority, conducted an Awareness Programme on 27th February 2026 for Industrial Establishments Operating within the Gampaha District without valid Environmental Protection Licences.

The initial phase of this initiative focused on selected industries situated in the Katana and Negombo areas.

The programme was formally inaugurated with a welcome address delivered by Assistant Director Mr. Sumedha Samarakoon, who articulated the overarching objectives of the program. Thereafter Legal Officer Mrs. Shanika Liyanage, who expounded upon the applicable legal framework and statutory obligations governing the operation of industries in the absence of a valid Environmental Protection Licence.

Subsequently, individual consultative sessions were convened with the respective industrial representatives to deliberate on institution-specific concerns and to provide tailored guidance toward achieving regulatory compliance.

Representing the Gampaha District Office, the discussions were facilitated by Assistant Director Mr. Sumedha Samarakoon, Legal Officer Mrs. Shanika Liyanage, Senior Environmental Officer Mr. Jeevan Chathuranga, and Senior Environmental Officer Mr. Niroshan Rajapaksha.

Under the theme “Traditional Knowledge – Celebrating Cultural Heritage,” the World Wetlands Day Commemoration for the ye...
13/02/2026

Under the theme “Traditional Knowledge – Celebrating Cultural Heritage,” the World Wetlands Day Commemoration for the year 2026 was ceremonially held on 9th February 2026 at the Wellness Walking Track along the Attanagalu Oya, Oruthota Road, Gampaha. The event was organized by the Gampaha District Office of the Central Environmental Authority under the esteemed guidance of Director, Mr. Mahesh Jaltota.

Fifty Environmental pioneer Green Badge awarded students from environmentally active pioneer schools in the Gampaha District, along with the teachers in charge of the environmental pioneer groups, participated in this programme.

Representing the Department of wildlife Conservation, Mr. M.P. Sanjeewa addressed the gathering and delivered an explanation relevant to the World Wetlands Day commemoration.

Subsequently, students representing the Minuwangoda, Kelaniya, Gampaha, and Negombo educational divisions namely from Henegama Central College, Kirillawala Central College, Buthpitiya Maha Vidyalaya, Kirindiwita Gamunu Junior School, Swarnapali Maha Vidyalaya, Parakrama Maha Vidyalaya, Air Force School, Asgiriya Sudarshana Vidyalaya, St. Peter’s College and Weerasuriyakanda Junior School were divided into groups to carry out a biodiversity identification activity within a designated environment as part of the PP Silver-level activities.

Resource contributions for these groups were provided by Mr. M.P. Sanjeewa representing the Department of Wildlife Conservation, Mr. Susanta Jayasena, Environmental Pioneer Commissioner of Minuwangoda, Mrs. J.G.S. Priyangani, Agriculture Teacher of Anura Central College and Mr. A.D.J. Hettiarachchi and Mrs. A.N. Nanayakkara representing the Gampaha Botanical Garden.

During the activity, each group identified various species of plants and animals.

Representing the Central Environmental Authority – Gampaha District Office, Assistant Director Mrs. Kumari Fernando, along with officers of the Environmental Education and Awareness Division of the Gampaha District Office, also participated in this programme.

මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්‍යාලය මගින් සංවිධානය කරනු ලැබූ මීරිගම අධ්‍යාපන කොට්ඨාශය තුල පරිසර නියමු ක්‍...
11/02/2026

මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්‍යාලය මගින් සංවිධානය කරනු ලැබූ මීරිගම අධ්‍යාපන කොට්ඨාශය තුල පරිසර නියමු ක්‍රියාත්මක වන පාසල් සඳහා ප්ලාස්ටික් බෝතල් එකතු කිරීමේ බදුන් ලබා දීමේ වැඩසටහන 2026.02.09 දින බප/මිනු පස්යාල මහා විද්‍යාලයේදී පැවැත්වූ අතර මේ සඳහා මීරීගම කොට්ඨාශයේ පරිසර නියමු වැඩසටහන ක්‍රියාත්මක වන පාසල් වල දරු දැරියන් 70 ක් සහ පරිසර නියමු කණඩායම් භාර ගුරු මහත්ම මහත්මීන් සහභාගී විය.

මධ්‍යම පරිසර අධිකාරිය - ගම්පහ දිස්ත්‍රික් කාර්‍යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ජල්තොට මහතාගේ මග පෙන්වීම යටතේ ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරී නිරෝෂන් රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව පාසල් සඳහා අවශ්‍ය ප්ලාස්ටික් බෝතල් එකතු කිරීමේ බදුන් ලබා දීම සදහා දායකත්වය ලබා දෙනු ලැබුවේ වත්තල - ක්ලීන් ටෙක් පුද්ගලික සමාගම මගිනි.

මෙම වැඩසටහන සඳහා මධ්‍යම පරිසර අධිකාරිය - ගම්පහ දිස්ත්‍රික් කාර්‍යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ජල්තොට මහතා ඇතුළුව ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරීන්, පරිසර නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් සහභාගී වූ අතර වත්තල ක්ලීන් ටෙක් ආයතනය නියෝජනය කරමින් එහි ඉංජිනේරු (පර්යේෂණ සහ මෙහෙයුම්) වජිරංග ඩයස් මහතා සහ සහකාර කලමණාකරු කේශර කාවින්ද මහතා සහභාගී වූ අතර මීරිගම අධ්‍යාපන කොට්ඨාශ කාර්‍යාලය නියෝජනය කරමින් විද්‍යා ගුරු උපදේශිකා පුෂ්පා ගාර්ධිආරච්චි මහත්මිය සහ තොරතුරු තාක්ෂණ ගුරු උපදේශිකා මෙරානි චන්ද්‍රසේන මහත්මිය සහභාගී විය. එමෙන්ම පරිසර නියමු ක්‍රියාත්මක වන පාසල් නියෝජනය කරමින් පස්යාල මහා විද්‍යාලය, මීරිගම ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, මීරිගම බණ්ඩාරනායක මහා විද්‍යාලය, තවලම්පිටිය මහා විද්‍යාලය, සිරි විද්‍යාකීර්ති කණිෂ්ඨ විද්‍යාලය- කල් එලිය සහ දංඕවිට මහා විද්‍යාලය සහභාගී විය.

මෙහිදී ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ දේශනය ක්ලීන් ටෙක් ආයතනය මගින් සිදු කල අතර ප්ලාස්ටික් සම්බන්ධයෙන් ලෝකයේ වෙන කතාබහ පිළිබඳ සාකාච්ඡාව පරිසර නිලධාරී සමිලා ශිරෝමනී මහත්මිය විසින් සිදු කරන ලදී.

𝐀𝐰𝐚𝐫𝐞𝐧𝐞𝐬𝐬 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐞 𝐨𝐧 𝐀𝐢𝐫 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭 𝐰𝐚𝐬 𝐬𝐮𝐜𝐜𝐞𝐬𝐬𝐟𝐮𝐥𝐥𝐲 𝐜𝐨𝐧𝐝𝐮𝐜𝐭𝐞𝐝 𝐛𝐲 𝐭𝐡𝐞 𝐂𝐞𝐧𝐭𝐫𝐚𝐥 𝐄𝐧𝐯𝐢𝐫𝐨𝐧𝐦𝐞𝐧𝐭𝐚𝐥 𝐀𝐮𝐭𝐡𝐨𝐫𝐢𝐭𝐲 – 𝐆𝐚𝐦𝐩𝐚𝐡...
26/12/2025

𝐀𝐰𝐚𝐫𝐞𝐧𝐞𝐬𝐬 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐞 𝐨𝐧 𝐀𝐢𝐫 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭 𝐰𝐚𝐬 𝐬𝐮𝐜𝐜𝐞𝐬𝐬𝐟𝐮𝐥𝐥𝐲 𝐜𝐨𝐧𝐝𝐮𝐜𝐭𝐞𝐝 𝐛𝐲 𝐭𝐡𝐞 𝐂𝐞𝐧𝐭𝐫𝐚𝐥 𝐄𝐧𝐯𝐢𝐫𝐨𝐧𝐦𝐞𝐧𝐭𝐚𝐥 𝐀𝐮𝐭𝐡𝐨𝐫𝐢𝐭𝐲 – 𝐆𝐚𝐦𝐩𝐚𝐡𝐚 𝐃𝐢𝐬𝐭𝐫𝐢𝐜𝐭 𝐎𝐟𝐟𝐢𝐜𝐞 🌱💚🌍

At the commencement of the event, Mr. Mahesh Jaltota (Director- CEA Gampaha) formally welcomed all participants and outlined the objectives of the programme.

The programme focused on the following key areas:
1) Functions of the Central Environmental Authority in relation to Air Quality Management
2) The National Air Quality Monitoring Network
3) Indoor Air Quality Management, including Indoor Air Quality Guidelines and related health perspectives

This programme was organized by the Gampaha District Awareness Unit and the programme was held on 18th December 2025, from 9.00 am to 1.30 pm, at the Central Environmental Authority – Gampaha District Office.

Teachers responsible for Environmental Pioneer Teams from schools implementing the Environmental Pioneer Programme within the Gampaha District participated in the event.

Resource persons for the programme were officers from the Gampaha District Office of the Central Environmental Authority, namely Mr. Darshana Aththanayake (Senior Environmental Officer) and Mrs. Samila Shiromani (Environmental Officer).

In addition, a special session related to the Environmental Pioneer Programme was conducted by Mrs. Kumari Fernando (Assistant Director - CEA Gampaha) and at the conclusion of the program, a discussion session was conducted.

පරිසර පියසින් සෙනෙහසේ සත්කාරය - 2025දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය මත ගංවතුරෙන් විපතට පත් වූ වේයන්ගොඩ,...
19/12/2025

පරිසර පියසින් සෙනෙහසේ සත්කාරය - 2025

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය මත ගංවතුරෙන් විපතට පත් වූ වේයන්ගොඩ, තල්ගස්මොටේ - බප/ගම් කස්සප කනිටු විදුහල පිරිසිදු කිරීම සහ පාසලට අවශ්‍ය කොසු, ඉදල්, මොබ්, පිරිසිදුකාරක ආදිය පරිත්‍යාග කිරීම මධ්‍යම පරිසර අධිකාරිය ගම්පහ දිස්ත්‍රික් කාර්‍යාලය මගින් සිදු කරන ලදී.

මෙම වැඩසටහන සඳහා මධ්‍යම පරිසර අධිකාරිය - ගම්පහ දිස්ත්‍රික් කාර්‍යාලයේ නිලධාරීන්, ගම්පහ දිස්ත්‍රික් පරිසර නියමු උපදේශකතුමන්, ගම්පහ දිස්ත්‍රික් හරිත සංසදයේ සාමාජිකයින්, ජනාධිපති පදකම්ලාභී පරිසර නියමු දරු දැරියන් සහ බප/ගම් කස්සප කනිටු විදුහලේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් සහභාගී වූහ.

පරිසර පියසින් සෙනෙහසේ සත්කාරය - 2025දිට්වා සුළි කුණාටුව  හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය මත පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මධ්‍ය...
11/12/2025

පරිසර පියසින් සෙනෙහසේ සත්කාරය - 2025

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය මත පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියාවට නංවන “පරිසර පියසින් සෙනෙහසේ සත්කාරය” වැඩසටහනේ තවත් එක් පියවරක් ගම්පහ දිස්ත්‍ත්‍රික් කාර්‍යාලය මගින් 2025.12.09 දින දියත් කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව මඩන්පැල්ල සුදර්ශනාරාම විහාරය වෙත හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව - කටුනායක (ගුවනින් බඩු ප්‍රවාහනය කිරීමේ ඒකකයට) වෙත අදාළ භාණ්ඩ ලබාදීම සිදු කරන ලදී.

Address

No: 184/1, Kandy Road, Yakkala
Gampaha
11870

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94332232201

Alerts

Be the first to know and let us send you an email when Central Environmental Authority - Gampaha District Office posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Central Environmental Authority - Gampaha District Office:

Share