Agriculture Ministry of Southern Province

Agriculture Ministry of Southern Province This is Southern Provincial Ministry of Agriculture, Irrigation & cooperatives in Sri Lanka.

20/08/2026



දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආහාර සැපයුම් බෙදාහැරීම් අංශය යටතේ ක්‍රියාත්මක කරනු ලබන ආහාර නිෂ්පාදන කර්මාන්තයේ නියුතු...
17/08/2026

දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආහාර සැපයුම් බෙදාහැරීම් අංශය යටතේ ක්‍රියාත්මක කරනු ලබන ආහාර නිෂ්පාදන කර්මාන්තයේ නියුතු ව්‍යවසායකයින් දැනුවත් කිරීම සඳහා පවත්වනු ලබන තාක්ෂණික පුහුණු වැඩසටහන් මාලාවේ පස්වන පුහුණු වැඩසටහන ලෙස ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි, ආහාර නිෂ්පාදන කර්මාන්තයේ නියුතු ව්‍යවසායකයින් සඳහා බෝතල්කරන ලද නිෂ්පාදන සැකසීම සම්බන්ධයෙන් දෙදින නේවාසික පුහුණු වැඩසටහනක් 2026 අගෝස්තු මස 04 සහ 05 යන දිනයන්හි ඇඹිලිපිටිය කැතිරිච් අනුස්මරණ ආහාර සැකසුම් පුහුණු මධ්‍යස්ථානයේ දී සාර්ථකව පවත්වන ලදී

04/08/2026
30/07/2026
දිනය 2026-07-27 📢 Clean Sri Lanka - යහපත් රාජ්‍ය සේවයක් උදෙසා එක්වෙමු! 🇱🇰✨දූෂණයෙන් හා අල්ලසෙන් තොර, කාර්යක්ෂම මෙන්ම පාරද...
27/07/2026

දිනය 2026-07-27 📢 Clean Sri Lanka - යහපත් රාජ්‍ය සේවයක් උදෙසා එක්වෙමු! 🇱🇰✨
දූෂණයෙන් හා අල්ලසෙන් තොර, කාර්යක්ෂම මෙන්ම පාරදෘශ්‍ය රාජ්‍ය සේවයක් ගොඩනැගීමේ "Clean Sri Lanka" ජාතික වැඩසටහනට සමගාමීව, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද දින සාර්ථකව පැවැත්විණි. 🌾🏛️

මෙහිදී අල්ලස, දූෂණය සහ නාස්තිය පිටුදැකීම, රාජ්‍ය සේවයේ ගෞරවය සුරැකීම මෙන්ම ජනතාව වෙනුවෙන් වගකීම්සහගත ලෙස සේවය කිරීමේ වැදගත්කම පිළිබඳව නිලධාරීන් දීර්ඝ ලෙස දැනුවත් කරන ලදී.
මෙම වැඩසටහනට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එන්.ඒ.කේ.එල්.විජේනායක මහතා ඇතුළු මාණ්ඩලික නිලධාරීන්ද අමාත්‍යාංශයේ සමස්ථ කාර්ය මණ්ඩලයද සහභාගී විය.

Address

4th Floor, "Dakshina Paya", Labuduwa
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Agriculture Ministry of Southern Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Agriculture Ministry of Southern Province:

Shortcuts

Share