03/05/2026
අද උදේ මම Lower Dickson පාරේ එද්දි ‚ මේ විදියට පාරේ තණකොලයි ගඩොල් කෑලියි දාන කොල්ලෙක්ව දැක්කා. මම මුලින්ම හිතුවේ මූට පිස්සුද කියලා පාර මැද්දේ මෙහෙම විකාරයක් කරන්න!
නැවතිලා පොඩ්ඩක් හෙව්වම තමයි සිද්ධිය මොකද කිලා දැනගත්තේ. මේ මල්ලි සලකුණු කරන්නේ පාර මැද්දේ තියෙන ලොකු Oil Leak එකක්. මෙතැනදි මේ මල්ලිව Bike එකෙන් යද්දි ලිස්සලා වැටිලා. මේ මල්ලි තමන්ගේ තුවාලවලට බෙහෙත් කරගන්න එකත් පැත්තක තියලා ‚ පාර මෙහෙම සළකුණු කරනවා.
මොකද තමන් ලිස්සලා වැටුණ විදියට තවත් එකෙක් නොවැටෙන්න මේ කොල්ලා වගබලා ගන්නවා.
පොඩි දෙයක් වගේ පෙනුණට තමන්ට කරදරයක් වෙලා තියෙද්දිත් ‚ තමන්ට වෙච්චදේ වෙනකෙනෙක්ට සිද්ධ වෙන්න හොඳ නෑ කියලා හිතන මේ වගේ එවුන් හින්දා තමයි මේ ලෝකෙ " මනුස්සකම" කියන දේ මෙහෙමවත් ඉතිරිවෙලා තියෙන්නේ💛
මට නම් උඹ ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් කපිල මල්ලි🙏
Gimal Prashasthi De Silva අයියාගේ FB එකෙන් උපුටාගත්තා.