ගාල්ලේ සැට් එක - Galle Set

ගාල්ලේ සැට් එක - Galle Set Galle Lovers

23/02/2025
https://www.facebook.com/share/p/15JvXMCo4K/
15/12/2024

https://www.facebook.com/share/p/15JvXMCo4K/

මනෝ උපදේශකයෙක් කියන්නේ...

ඔබව නිවැරදි කිරීමට උත්සාහ කරන..
කුමක් කළ යුතුද කියා ඔබට උපදෙස් දෙන...
ඔබේ සියලු අමාරු දේවල් ඉවත් කර ගන්න උත්තර තියෙනවා කියන කෙනෙක් නෙවේ...

ඔබට ඇහුම්කන් දෙන...ඔබ බිඳී නැති බව ඔබට මතක් කර දෙන, ප්‍රඥාවට ප්‍රවේශ වීමට ඔබට ඉඩක් දෙන , ඔබට හොඳම දේ ඔබම පමණක් තීරණය කළ යුතු බව පහදන හයියක්....

Councelling කියන්නේ වෙනම විද්‍යාවක්
ජීවිතේ වෙනුවෙන් වෙලාව වෙන් කර ගන්න..
කතා කරන්න 0788874999...

https://youtu.be/potxTptYiTQ?si=W_avhYFT9Enzi23_
30/11/2024

https://youtu.be/potxTptYiTQ?si=W_avhYFT9Enzi23_

පුත්තලම දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලක සිත් සුවපත් සංවිධානය විසින් කළ වැඩසටහනකි. දරුවන් සහ දෙමව්පියන් වෙනුවෙන් කළ...

29/10/2024

Thank you කියන්නෙත් හුස්ම නවත්තන්න පුළුවන් වචනයක්. පරෙස්සමින් භාවිත කරන්න.

හදවතට දැනෙන දිනුමක්...සුබ පැතුම් සැමට...සමස්ත ලංකා ඒකල / කනිෂ්ඨ / ගැහැණු / දිල්රුබා වාදන - ප්‍රථම ස්ථානයගාල්ල - මීපාවල අ...
27/10/2024

හදවතට දැනෙන දිනුමක්...සුබ පැතුම් සැමට...

සමස්ත ලංකා ඒකල / කනිෂ්ඨ / ගැහැණු / දිල්රුබා වාදන - ප්‍රථම ස්ථානය

ගාල්ල - මීපාවල අමරසුරිය විද්‍යාලය...

දකුණු ලකඹර දිනකර ලෙසම වැජඹේවා...

චිරං ජයතු

දරුවන් වෙනුවෙන්...ඔබ වෙනුවෙන්....මේක අනිවාර්යයෙන් කියවන්න...නිවාඩු වෙලාවට මම පාසල්වලට, දහම් පාසල්වලට, රැකවරණ මධ්‍යස්ථානව...
14/10/2024

දරුවන් වෙනුවෙන්...
ඔබ වෙනුවෙන්....

මේක අනිවාර්යයෙන් කියවන්න...

නිවාඩු වෙලාවට මම පාසල්වලට, දහම් පාසල්වලට, රැකවරණ මධ්‍යස්ථානවලට ගිහින් අනන්ත කතා කරනවා. දරුවන්ගෙ ප්‍රශ්න ගැන..අභියෝග ගැන...අවදානම් ගැන...හරි ආදරෙන් ඒවා බෙදා ගන්නවා...

දවසක් කෙනෙක් මගෙන් ඇහුවා සෑහෙන ගානක් ගන්නවද කියලත්..මම හිනා වුණා...මස් මාළුත් නොකන මට සමහර වෙලාවට ගෙනත් දෙන ප්ලේන්ටියත් අමතක වෙනවා....

දරුවන් සහ රට වෙනුවෙන් අපට නිහඬව කරන්න දෙයක් තියෙනවා..වෘත්තීය මනෝ උපදේශකවරයෙක් විදියට මම මේක ලියන්නේ මාස තුනෙන් Councelling ඉගෙන ගෙන නෙවෙයි.

අද අපේ දරුවන්ට මහා අභියෝග ගොඩයි...පව් සමහර වෙලාවට එයාල අසරණයි..කියන්න කෙනෙක් නෑ...අහන්න කෙනෙක් නෑ...ජීවිත නිකරුණේ විනාශ කර ගන්නවා...

දවසක් සාමාන්‍ය පෙළ දැරියක් උපදේශන සහය ගන්න කතා කරා. ඇයට ඕන වුණේ ප්‍රශ්න කියාගන්න විශ්වාසවන්ත කෙනෙක්. ඇය මෙවර A සමාර්ථ 9 යි...අම්මා තාත්තට වඩා මම සතුටු වුණා....

මේ රටේ ඕනතරම් වෘත්තිය මනෝ උපදේශකවරුන් ඉන්නවා...මනෝ වෛද්‍යවරුන් ඉන්නවා..සෑම රෝහලකම වෙනම ඒකකයක් තියෙනවා..

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල උපදේශකයන් ඉන්නවා..පාසල්වල ඉන්නවා..එහෙම තියෙද්දිත් දරුවන් බිල්ඩින්වලින් පනිනවා නම් එතන ලොකු අවුලක් තියෙනවා...

රජයෙන් උපදේශකයන් විදියට පත් කළ ඇතැමුන්ගේ ගැටලු තියෙනවා. මොකද සංවර්ධන නිලධාරීන් හෝ කළමනාකරණ නිලධාරීන් නිසි පුහුණුවක් නොදී..එයාලව වෙනස් නොකර මිනිස්සු වෙනුවෙන් දැම්මම සමහර වෙලාවට ප්‍රශ්න.

අපි මේක සෙල්ලමට ගන්න නරකයි...
දරුවන්ගේ...තරුණයන්ගේ ඇබ්බැහිවීම් සමහර වෙලාවට නතර කරන්න වැඩි අවදානයක් සහ මහන්සිවීමක් අවශ්‍යයි...

ඇයි දරුවන් වෙනුවෙන් අපට මීට වඩා කැපවෙන්න බැරි..කාලය දෙන්න බැරි...හැම එකම ජෙනරේෂන් අවුලක් කියල අත් අරින්නද...

හිතන්න...ආපහු හිතන්න...දරුවන් ගැන වැඩිහිටියන්ට අනන්ත ප්‍රශ්න ඇති..තරුණ දුවේ පුතේ කියා ගන්න බැරි ගොඩක් දේ ඇති...

දන්නවද ඔයාලව බලන්න...අල්ලගෙන ඉන්න ආදරණීය මිනිස්සු අනන්ත ඉන්නවා...ජීවිතේ හරි වටිනවා....ඒ නිසා...කතා කරමු...හැමදේටම විසඳුමක් තියෙනවා මයි...ඔබ වෙනුවෙන් හයිය දෙන්න මහා පිරිසකුත් ඉන්නවා මයි...

පරෙස්සමින් ඉන්න..

ගුරු බැති පුදමි...මේ මා මහින්දය වෙනුවෙන් සටහන් කළ ගුරු දින සටහනකි....එදා සෑම පංතියකම උදෑසන..මේ වදන් පෙළ දිස්විය..ගුරුවරු...
06/10/2024

ගුරු බැති පුදමි...

මේ මා මහින්දය වෙනුවෙන් සටහන් කළ
ගුරු දින සටහනකි....
එදා සෑම පංතියකම උදෑසන..
මේ වදන් පෙළ දිස්විය..
ගුරුවරුන් පුදන්නට දින අවැසි නැත..
එහෙත් අදවත් ඒ ගුරු දෙවි සුවඳ
යලි යලි සිහිකරන්නට අවැසිය..
මාධ්‍යකරුවෙකු ලෙස වෘත්තීය
ජීවිතය ගත කළත්..
ගුරුවරයෙකු ලෙස දරුවන්
වෙතින් සෙනෙහෙ ලබන්නට
මම වාසනාවන්තය...
විශ්‍රාම සුවයෙන් සිටින,
දැනට අකුරු කරවන..
මට වඩා පරිණත
ගුරු දෙවිවරුන් මෙන්ම..
මට වයසින් බාල
ගුරුවරුන් ගුරුවරියන්ද
මගේ ඉමේ සිටීම භාග්‍යකි..
ඒ වාසනාව ලැබෙන්නේ
අතලොස්සකටය....
ඇත්ත..
පුළුවන් විටක මා තවම
ඉස්කෝලේ යන්නේය..
දරුවන් වෙනුවෙන් කැප වන්නේය..
ඒ සියලු පින..
මට මග කියූ..
අදටත් ආදරය දෙන..
ගුරු දෙවිවරුන්ට පිං සිදු වන්නටය..
පොළොවේ පය ගසන්නට
නියත විවරණ දුන්..
ඒ සැමට නමස්කාර වේවා...

Address

Galle

Telephone

+94788874999

Website

Alerts

Be the first to know and let us send you an email when ගාල්ලේ සැට් එක - Galle Set posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ගාල්ලේ සැට් එක - Galle Set:

Share

Category