Galle Municipal Council

Galle Municipal Council Official page of the Galle Municipal Council Galle Municipal Council is the third Municipality in Sri Lanka after Colombo and Kandy.Our first Mayor Mr.

W.Dhahanayake was able to become the 5th Prime minister of SriLanka.

ගාල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ප්‍රශංසනීය මෙහෙවර2026 වෙසක් මංගල්‍යය නිමිති කරගනිමින් ගාල්ල මහ නගර සභා සීම...
02/06/2026

ගාල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ප්‍රශංසනීය මෙහෙවර
2026 වෙසක් මංගල්‍යය නිමිති කරගනිමින් ගාල්ල මහ නගර සභා සීමාව තුළ වෙසෙන ජනතාවට සහ දුර බැහැර සිට ගාල්ල නගරයට පැමිණි දසදහස් සංඛ්‍යාත මහජනතාව වෙනුවෙන් දන්සල් විශාල ප්‍රමාණයක් ගාල්ල නගරයේ පරිත්‍යාග ශීලි ජනතාව සංවිධානය කර තිබුණි. වෙසක් උත්සවයේ ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට සමගාමීව, අතිමහත් සත්භාවයෙන් යුතුව මහජනතාව වෙත පිරිනැමුණු මෙම දන්සල් ඉතාමත් පිරිසිදු, ගුණාත්මක මෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත වටපිටාවක් තුළ පවත්වාගෙන යාම සහතික කිරීම වෙනුවෙන් ගාල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) ඉටුකළේ අනුපමේය මෙහෙවරකි.
නගර සභා සීමාව තුළ විවිධ ආහාර පාන වර්ග රාශියකින් සමන්විතව සමස්ත දන්සල් 124 ක් ලියාපදිංචි කර පවත්වනු ලැබීය. එම දන්සල් වර්ගීකරණය පහත පරිදි වේ:
• බත් දන්සල් – 10
• නූඩ්ල්ස් දන්සල් – 02
• අයිස්ක්‍රීම් දන්සල් – 35
• රොටි දන්සල් – 02
• කඩල දන්සල් – 22
• පාන් දන්සල් – 20
• ඔසුපැන් දන්සල් – 04
• සුප් දන්සල් – 02
• බීම දන්සල් – 11
• අයිස් කෝපි දන්සල් – 02
• කප් කේක් / කුකීස් දන්සල් – 02
• කොස් දන්සල් – 01
• සව් දන්සල් – 06
• මඤ්ඤොක්කා (මයිඤ්ඤා) දන්සල් – 01
• කප් කේක් / බිස්කට් දන්සල් – 03
• ෆෘට් සැලඩ් දන්සල් – 01
එකතුව: දන්සල් 124
මෙතරම් විශාල දන්සල් ප්‍රමාණයක් නගරය පුරා විසිරී පැවතුණ ද, මහජන සෞඛ්‍යය පිළිබඳ පූර්ණ වගකීම කරට ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම සියලුම දන්සල් අවස්ථා කිහිපයකදීම ක්ෂේත්‍ර පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කළහ. ආහාර පිසීමේ පිරිසිදුකම, ජලයේ ගුණාත්මකභාවය, ආහාර ගබඩා කර ඇති ආකාරය සහ මහජනතාවට බෙදාහරින පරිසරයේ සනීපාරක්ෂිතභාවය පිළිබඳව ඔවුන් ඉතා දැඩි ලෙස විපරම් කළහ.
එහිදී හුදෙක් අඩුපාඩු සෙවීමෙන් ඔබ්බට ගොස්, සංවිධායක මණ්ඩල වෙත ඉතා සුහදශීලීව අවශ්‍ය මඟ පෙන්වීම් සහ නිවැරදි කිරීම් සිදු කිරීමට ඔවුහු වගබලා ගත්හ. සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව ආහාර පාන පිළියෙල කරන ආකාරය පිළිබඳව සහ සහභාගී වන ජනතාව වසංගත හෝ වෙනත් සෞඛ්‍ය අවදානම්වලින් ආරක්ෂා කරගන්නා ආකාරය පිළිබඳව වටිනා උපදෙස් ලබා දෙන ලදි.
රාත්‍රී නිදි වර්ජිතව සහ දැඩි කැපවීමෙන් යුතුව ගාල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඉටුකළ මෙම උදාර රාජකාරිය නොවන්නට, වෙසක් සමයේ මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම අතිශය අභියෝගාත්මක වීමට ඉඩ තිබුණි. නිල රාජකාරියෙන් එහා ගිය මානුෂීය බැඳීමකින් සහ අතිමහත් සත්භාවයෙන් යුතුව දන්සල් සංවිධායකයින් මෙන්ම මහජනතාව ද දිරිගන්වමින් සිදුකළ මෙම අමිල මෙහෙවර සැබවින්ම ඉහළම ඇගයීමට හා ප්‍රණාමයට ලක්විය යුතුය.

2026 වෙසක් මංගල්‍යය නිමිති කරගනිමින් 2026 ජුනි මස 01 වන දින ගාල්ල මහා නගර සභා රියදුරු සංගමයේ සංවිධාන ශක්තියෙන් නගර සභා ස...
01/06/2026

2026 වෙසක් මංගල්‍යය නිමිති කරගනිමින් 2026 ජුනි මස 01 වන දින ගාල්ල මහා නගර සභා රියදුරු සංගමයේ සංවිධාන ශක්තියෙන් නගර සභා සේවක මණ්ඩලය හා එක්ව නගර සභා පරිශ්‍රයේ දී පැවැත්වූ කඩල දන්සල.

ගාල්ල නගරයේ ප්‍රධාන ඇළ මාර්ග පද්ධතිය දූෂණයවීම සහ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය මූලික පියවර අනුගමනය කරම...
01/06/2026

ගාල්ල නගරයේ ප්‍රධාන ඇළ මාර්ග පද්ධතිය දූෂණයවීම සහ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය මූලික පියවර අනුගමනය කරමින් "ඕලන්ද කැපූ ඇළ" පිරිසිදු කිරීමේ සමාරම්භක අවස්ථාව අද (01) දින ගාල්ල කළුවැල්ල තාක්ෂණ විද්‍යාලය අසල දී ආරම්භ විය.

මෙම ව්‍යාපෘතිය ගාල්ල මහා නගරසභාව,පළාත් වාරිමර්ග දෙපාර්තමේන්තුව හා Clean Sri Lanka වැඩසටහන එක්ව දියත් කරනු ලබන අතර ගාල්ල නගරයේ ජල ගැලීම් පාලනයට මෙන්ම නගර අලංකරණය සඳහා මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක වීමට යෝජිත සංචාරක කර්මාන්තය හා සබැඳි වැඩපිළිවෙළ සඳහාද මෙය ප්‍රයෝජනවත් වනු ඇත.

මෙම අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් ගරු පාර්ල්මේන්තු මන්ත්‍රී කෝප් කමිටු සභාපති නිශාන්ත සමරවීර මැතිතුමන්,ගාල්ල මහා නගරසභාවේ ගරු නගරාධිපති සුනිල් ගමගේ මැතිතුමන්,බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ලලනි මහත්මිය,ගාල්ල මහා නගරසභාවේ ගරු නාගරික මන්ත්‍රීවරුන්,Clean Sri Lanka දකුණු පළාත් සම්බන්ධීකාරක සංජය ධනුෂ්ක මහතා,Clean Sri Lanka ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධීකාරක මනෝජ් මනරංග මහතා,ගාල්ල මහා නගරසභාවේ නාගරික කොමසාරිස් තුමිය,දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිළධාරීන්,දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිළධාරීන්,ගාල්ල මහා නගරසභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නගරසභා නිලධාරීන් හා කාර්යය මණ්ඩලය එක්විය.

ගාල්ල මහා නගර සභා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය, දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ දු දරුවන් සහ දෙමාපියන් එක්ව 2026 ම...
01/06/2026

ගාල්ල මහා නගර සභා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය, දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ දු දරුවන් සහ දෙමාපියන් එක්ව 2026 මැයි මස 27 දින සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සල.

31/05/2026

ගාල්ල මහා නගර සභාවේ අපි සංවිධානය කල මඤ්ඤොක්කා දන්සැල....🙏🙏

අපේ මඤ්ඤොක්කා දන්සැල.....❤️❤️
31/05/2026

අපේ මඤ්ඤොක්කා දන්සැල.....❤️❤️

ගාල්ල මහා නගර සභාවේ අපේ මඤ්ඤොක්කා දන්සැලේ සූදානම ❤️
31/05/2026

ගාල්ල මහා නගර සභාවේ අපේ මඤ්ඤොක්කා දන්සැලේ සූදානම ❤️

30/05/2026

ගාලු වෙසක් ආසිරි!🙏

ගාලු වෙසක් අසිරි!🙏
30/05/2026

ගාලු වෙසක් අසිරි!🙏

සියලු ලෝ සතුන් නිවී සැනහෙන පින්බර වෛශාඛ්‍ය මංගල්‍යයක් වේවා!-ගාල්ල මහා නගරසභාව-
30/05/2026

සියලු ලෝ සතුන් නිවී සැනහෙන පින්බර වෛශාඛ්‍ය මංගල්‍යයක් වේවා!
-ගාල්ල මහා නගරසභාව-

Address

Galle

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

0094912234276

Alerts

Be the first to know and let us send you an email when Galle Municipal Council posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Galle Municipal Council:

Share