11/05/2026
ඔබේ ව්‍යාපාරය හා කම්කරු නීතිය ?
ගාල්ල කොටුව ව්‍යාපාරික ප්‍රජාව විදිහට ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය ගැන ඔබ දැනුවත් වීම අත්‍යවශ්‍යම කරුණක්. දැනුමෙන් සන්නද්ධව කම්කරු නීතිය පිළිබඳ ගැටළු මගහරවා ගනිමු..
ගාල්ල කොටුව ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන්ම සංවිධානය වන සුවිශේෂී අවස්ථාව මෙන්න! 🤝
ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන
ගාල්ල දිස්ත්‍රික් කම්කරු දෙපාර්තමේන්තුවේ සම්පත්දායකත්වයෙන් ඉදිරිපත් කරන මෙම වැඩසටහනේදී පහත වැදගත් මාතෘකා රැසක් සාකච්ඡා කෙරේ:
✅ සාප්පු හා කාර්යාල පනත
✅ EPF සහ ETF (අර්ථසාධක හා සේවා නියුක්ත භාර අරමුදල)
✅ ළමා ශ්‍රමය සහ ගැහැණු සේවකයින් සේවයේ යෙදවීමේ නීති
✅ සංශෝධිත අවම වැටුප් සීමාවන් සහ නව නීතිමය තත්ත්වයන්
✅ කම්කරු නීතියේ නව ප්රවණතා සහ විවෘත ගැටළු සාකච්ඡාව
👥 මෙම වැඩසටහන කා සඳහාද?
සංචාරක හෝටල්, ආපනශාලා සහ සම්භාහන මධ්‍යස්ථාන හිමිකරුවන් හා කළමනාකරුවන්
ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින් සහ වෘත්තිකයින්
රාජ්‍ය ආයතන, මණ්ඩල සහ සංස්ථා ප්‍රධානීන්
මානව සම්පත් (HR) කළමනාකරුවන්
📅 දිනය: 2026 මැයි 19 වනදා
⏰ වේලාව: පෙ.ව 10.00 සිට ප.ව 02.00 දක්වා
📍 ස්ථානය: ගාලු උරුමය පදනම තොරතුරු මධ්‍යස්ථානය, බාලදක්ෂ මාවත (ගාල්ල කොටුව)
☎️091 2231982
එන්න, නිවැරදි දැනුමෙන් සන්නද්ධ වන්න. 💼✨
ලියාපදිංචි වීම සඳහා පලමු කමෙන්ටුවේ ඇති link එක භාවිතා කරන්න