City of Galle

City of Galle දකුණු රටේ අගනගරේ ගාලු පුරේ ශ්�රී �

ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 55වන වාර්ෂික ඇසළ පුණ්‍යෝත්සවය 2022 🙏❤️
20/08/2022

ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 55වන වාර්ෂික ඇසළ පුණ්‍යෝත්සවය 2022 🙏❤️

Check this out on ikman.lk: Cashier - Thanipolgaha http://ikman.lk/en/ad/cashier-thanipolgaha-galle-3
16/08/2022

Check this out on ikman.lk: Cashier - Thanipolgaha http://ikman.lk/en/ad/cashier-thanipolgaha-galle-3

එන්න එකතු වන්න! සුපිරි වෙළඳ සැල් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා සමග # තනතුර : මුදල් අයකැමි - තනිපොල්ගහ (ගාල්ල) ======================================= # ....

Check this out on ikman.lk: සේවා සහයක / සහායිකා - තනිපොල්ගහ (ගාල්ල) http://ikman.lk/en/ad/seevaa-shyk-shaayikaa-tnipolgh...
16/08/2022

Check this out on ikman.lk: සේවා සහයක / සහායිකා - තනිපොල්ගහ (ගාල්ල) http://ikman.lk/en/ad/seevaa-shyk-shaayikaa-tnipolgh-gaall-galle

# තනතුර : සේවා සහයක / සහායිකා - තනිපොල්ගහ (ගාල්ල) ============================================ # සුදුසුකම් : * වයස 18 - 40 අතර කාන්තා /පිරිමි අයදුම්කරුවන්...

සුන්දර ගාලු පාරාදීසය 🖤💙
16/08/2022

සුන්දර ගාලු පාරාදීසය 🖤💙

Tuition masters ලා අවලස්සන කර ඇති සුන්දර ගාල්ල of Galle
16/08/2022

Tuition masters ලා අවලස්සන කර ඇති සුන්දර ගාල්ල
of Galle

🖤🖤❤️
03/08/2022

🖤🖤❤️

මේ වගේ ART කරන්න පුලුවන් උන් ඉන්න රටක් මේක ‼️  මුළු කතාවම එක art එකකින් ✌️Art : Aakash D AlexsanderCreative : Krishan V ...
01/08/2022

මේ වගේ ART කරන්න පුලුවන් උන් ඉන්න රටක් මේක ‼️
මුළු කතාවම එක art එකකින් ✌️

Art : Aakash D Alexsander
Creative : Krishan V Alexsander II

ජීවිත කාලෙන් බාගේකටත් වඩා මාත් එක්ක රැඳුණ මගේ කොණ්ඩෙ කියන්නේ මගේ එක අයිඩෙන්ටිටි එකක්. ගොඩක් අය සමහර වෙලාවට මාව දාන්නේ අර...
30/07/2022

ජීවිත කාලෙන් බාගේකටත් වඩා මාත් එක්ක රැඳුණ මගේ කොණ්ඩෙ කියන්නේ මගේ එක අයිඩෙන්ටිටි එකක්. ගොඩක් අය සමහර වෙලාවට මාව දාන්නේ අර "දිග කොණ්ඩයක් තියෙන ගෑණු ළමයා" විදියට. ඉතින් මෙච්චර කල් මට ආභරණයක් වුණ මගේ කොණ්ඩෙ මට වඩා අවශ්‍යතාවයක් තියෙන කෙනෙකුට දෙන්න හිතුවේ මීට අවුරුදු දෙක තුනකට කලින් වුණත් අන්තිමේ ඒක කරගන්න පුළුවන් වුණේ දැන් තමයි.

මේක ඊළඟ ආත්මේ ලස්සන කොණ්ඩක් ලැබෙන්න කියලා දුන්න එකක් නෙවෙයි මොකද මම විශ්වාස කරන්නේ දෙන දෙයක් කිසිම දවසක කිසිම විදියකින් මොනම දෙයක්වත් ආපස්සට බලාපොරොත්තු නොවී දෙන එක තමයි හොඳම දේ කියලා. මහා ලොකුවට වියදම් කරගෙන නාස්ති කර කර දාන දෙන්න ඕනි නෑ, තමන් ළඟ තියෙන දේ පිරිසිදු හිතකින් කිසිම දෙයක් බලාපරොත්තු නොවී දෙන දේ තමයි දානය කියන්නේ.

මෙච්චර කල් මාව ලස්සන කළේ කොහොමද, මෙතනින් පස්සේ ඒ විදියටම පිළිකාවත් එක්ක සටන් කරන ගමන් කොණ්ඩෙ අහිමි වුණ කෙනෙක් ව මගේ කොන්ඩෙන් ලස්සන කරනවද, ඒක තමයි මගේ එකම සතුට! ❤️

Good bye my hair! 🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻

Copied - Tharushi Rathnasinhe

මාර්ටින් වික්‍රමසිංහ හෙළයේ මහ ගත්කරුමාර්ටින් වික්‍රමසිංහ“හෙළයේ මහා ගත්කරු” යන විරුදාවලිය ලත් මාර්ටින් වික්‍රමසිංහයන්, සි...
30/07/2022

මාර්ටින් වික්‍රමසිංහ
හෙළයේ මහ ගත්කරු

මාර්ටින් වික්‍රමසිංහ
“හෙළයේ මහා ගත්කරු” යන විරුදාවලිය ලත් මාර්ටින් වික්‍රමසිංහයන්, සිංහල සාහිත්‍යයේ දැවැන්තම සලකුණකි. ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි යන අයගේ එකම දරුවා ලෙස 1890 වසරේ මැයි 29 වන දා ගාල්ල, කොග්ගල ග්‍රාමයේ දී උපත ලද ඔහු, මුලකුරු කියැවූයේ 1895 දී අන්දිරිස් ගුරුන්නාන්සේගෙනි. ඉන් දෙවසරකට පසු ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ ඇසුරේ අකුරු ඇහිඳින ඔහු, 1900 වසරේ දී ගාල්ල බොනවිස්ටා කණිෂ්ඨ විද්‍යාලයට අකුරට යයි. එහි දී සිංහල බසට අමතරව ඉංග්‍රීසි හා ලතින් භාෂාවන් ද ප්‍රගුණ කරන්නට කුඩා මාර්ටින්ට අවස්ථාව සැලසෙන්නේ එය ඉංග්‍රීසි පාසලක් වූ නිසාවෙනි. තම පියාගේ ඇවෑමෙන් ඔහුට නැවතත් අහංගම සිංහල විද්‍යාලය වෙත යන්නට සිදුවුණු අතර, ඉන්පසු ඔහුගේ අධ්‍යාපන කටයුතු ඇනහිටිණි.

සාහිත්‍ය ගමන් මඟ
1914 දී “ලීලා” නම් නවකතාව ඔස්සේ සාහිත්‍යමය කරළියට පිවිසෙන මාර්ටින් වික්‍රමසිංහයන් ඉන්පසු, සාහිත්‍ය විචාර ලිපි එකතුවක් “ශාස්ත්‍රීය ලේඛන” නමින් 1919 දී ජනගත කරයි. 1916 දී දිනමිණට ලියන සමයේ “සොබාදහම” පදනම් කොටගෙන ළමුන් තුළ කියවීමේ රුචිය ඇතිවන පරිදි “කුරුමිණි සත්තු”, “කුරු කුහුඹු සත්තු”, “වෙස් මාරු කරන සත්තු”, “මුහුදු වෙරළ”, “සත්ත්ව ලෝකය”, හා “විද්‍යා විනෝද කතා” යනුවෙන් ළමා කතා එකතුවක් කලින් කලට පොත් පිංචක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. “ලීලා”ගෙන් පසුව තවත් නවකතා කිහිපයක්ම ඔහු අතින් ලියැවිණි. “සෝමා” (1920), “අයිරාංගනී” (1923), “සීතා” (1923), “මිරිඟු දිය” (1925), “උන්මාද චිත්‍රා” (1929), “රෝහිණි” (1929), “ගම්පෙරළිය” (1944), “මඩොල් දූව” (1947), “යුගාන්තය” (1949), “විරාගය” (1956), “කලියුගය” (1957), “කරුවල ගෙදර” (1963), හා “බවතරණය” (1973) යනු එකී නවකතා පෙළ යි. මේ අතරින් ගම්පෙරළිය නවකතාව, නූතන ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ නවකතා හා සැසඳිය හැකි එකල දී පළ වූ ප්‍රථම සිංහල නවකතාව යි. ඔහු විසින් රචිත මෙම ගම්පෙරළිය, යුගාන්තය, හා කලියුගය ගැඹුරු සමාජ දර්ශනයකින් යුතු තුන් ඈඳුතු නවකතාවකි. එමෙන්ම, මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විශිෂ්ටතම නවකතාව ලෙස සැලකෙනුයේ “විරාගය” යි.

එපමණක් නොව, සාහිත්‍යෝදය කතා (1932), විචාර ලිපි (1941), ගුත්තිල ගීතය (1943), සිංහල සාහිත්‍යයේ නැගීම (1946) වැනි කෘතීන් ඔස්සේ සිංහල සාහිත්‍ය සම්ප්‍රදාය, ඉන්දියානු සහ බටහිර සාහිත්‍ය සම්ප්‍රදායයන් සමග සසඳමින් විචාරයට බඳුන් කිරීමට ද ඔහු වෙහෙසුණි. එමෙන්ම 50 දශකයේ දී “සාහිත්‍ය කලාව සහ කාව්‍ය විචාර” යන විචාරාත්මක ග්‍රන්ථ ද්විත්වය ජනගත කෙරිණි. තවද, “ගැහැනියක්”, “බිල්ල සහ අපූරු මුහුණ”, “මගේ කතාව”, “මඟුල් ගෙදර”, “හඳ සාක්කි කීම”, “වහල්ලු”, “පව්කාරයාට ගල් ගැසීම”, “අපේ විත්ති”, හා “කතා අහුර” නමින් කෙටිකතා සංග්‍රහයන් ද තම පාඨකයා වෙත පිරිනැමීය. තම පෞද්ගලික ජීවිතය ඇසුරින් ලියැවුණු “කළුනික සෙවීම”, “අපේ ගම”, හා “උපන්දා සිට” යන ග්‍රන්ථ මෙන්ම “විජිතා, මයුරි, චිත්‍රා” නම් දෘශ්‍ය කාව්‍යයන් ද ඇතුළත් ව තවත් ග්‍රන්ථ හා ලිපි ලේඛන රාශියක් ඔහු අතින් ලියැවිණි.

Address

Galle
80000

Telephone

+94766062776

Website

Alerts

Be the first to know and let us send you an email when City of Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to City of Galle:

Share