Ministry of cultural and art affairs, southern province

Ministry of cultural and art affairs, southern province Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ministry of cultural and art affairs, southern province, Government Official, Dakshinapaya, Labudoowa, Galle.

දකුණු පළාත් රාජ්‍ය නර්තන කණ්ඩායම සඳහා නවක ශිල්පීන්/ ශිල්පිනියන් බඳවා ගැනීම - 2026
15/01/2026

දකුණු පළාත් රාජ්‍ය නර්තන කණ්ඩායම සඳහා නවක ශිල්පීන්/ ශිල්පිනියන් බඳවා ගැනීම - 2026

දකුණු පළාත් රාජ්‍ය සංගීත කණ්ඩායම " සප්තා" සඳහා නවක ශිල්පීන් බඳවා ගැනීම - 2026
04/01/2026

දකුණු පළාත් රාජ්‍ය සංගීත කණ්ඩායම " සප්තා" සඳහා නවක ශිල්පීන් බඳවා ගැනීම - 2026

දකුණු පළාත් රාජ්‍ය නර්තන කණ්ඩායම සඳහා 2026 වර්ෂයට අදාලව නවක ශිල්පීන්, ශිල්පිනියන් බදවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ....
02/01/2026

දකුණු පළාත් රාජ්‍ය නර්තන කණ්ඩායම සඳහා 2026 වර්ෂයට අදාලව නවක ශිල්පීන්, ශිල්පිනියන් බදවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. පහත පරිදි සුදුසුකම් සපුරා ඇති අයදුම් කරුවන් 2026.01.15 වන දිනට පෙර අයදුම්පත් යොමු කිරීමට කටයුතු කරන්න.👇👇👇

දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන දකුණු පළාත් සාහිත්‍ය කලා මහෝත්සවය මෙවර නවමු මුහු...
22/08/2025

දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන දකුණු පළාත් සාහිත්‍ය කලා මහෝත්සවය මෙවර නවමු මුහුණුවරක් යටතේ දකුණු පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර එහි පළමු අදියරෙහි සමගාමී ව්‍යාපෘතියක් ලෙස දකුණු පළාත් රාජ්‍ය නර්තන කණ්ඩායම සහ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත හම්බන්තොට දිස්ත්‍රික්කයේ කලායතන මගින් ඉදිරිපත් කරනු ලැබූ " නෘත්‍යාංජලී " නර්තන ප්‍රසංගය 2025.08.22 වන දින සූරියවැව නගරසභා ශාලාවේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින කලායතනයන් හි දරු දැරියන් සඳහා වේදිකාවක් නිර්මාණය කර දීමත්, දකුණු පළාත් රාජ්‍ය නර්තන කණ්ඩායමෙහි ඉදිරිපත් කිරීම් ගම් මට්ටමට ගෙන යාමත්, සාහිත්‍ය කලා රසකාමීන් සඳහා වින්දනීය හෝරා කිහිපයක් ලබා දීමත් අරමුණු කර ගනිමින් පැවති මෙම ප්‍රසංගය සංස්කෘතික හා කලා කටයුතු අමාතාංශයේ ලේකම් කේ.යූ. චන්ද්‍රලාල් මහතාගේ මඟ පෙන්වීම හා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම් එස්.ජේ.එච්. අසංගිකා මැතිණියගේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත් වූ අතර මේ අවස්ථාව සඳහා සූරියවැව ප්‍රාදේශීය ලේකම් තුමන්, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුලු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශයේ මහජනතාව සහභාගි වූහ.

දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ දකුණු පළාත් කලායතන  ගායන වාදන තරගාවල...
16/08/2025

දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ දකුණු පළාත් කලායතන ගායන වාදන තරගාවලිය 2025 අගෝස්තු මස 16 දින මාතර පඹුරන ශාරිපුත්‍ර විද්‍යාලයේදී ඉතා සාර්ථකව පවත්වන්නට යෙදුනි. පෙරදිග හා අපරදිග යන දෙඅංශයේම ගායනයට, වාදනයට දක්ෂතා දක්වන කලායතන වල දැරු දරියන් හදුනාගෙන සංගීත සංචිතයක් ගෙඩනගා ඒ හරහා තම දක්ෂතා ඔප් නංවා ගැනීමට අවස්ථවක් නිර්මාණය කර දීම හා ජයග්‍රාහකයින් ඇගයීමේ අරමුණ ඇතිව මෙම තරගාවලිය සංවිධානය කර තිබුනි.
දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ සහකාර ලේකම් එස්. ජේ.එච්. අසංගිකා මහත්මියගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම තරගාවලිය පැවැත්වූ අතර ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තරගකරුවන් විශාල පිරිසක් මේ සදහා එක්ව සිටියහ.

දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබූ දකුණු පළාත් කලායතන නර්තන තරගාවලිය 2025 අගෝස්තු...
16/08/2025

දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබූ දකුණු පළාත් කලායතන නර්තන තරගාවලිය 2025 අගෝස්තු මස 08, 09 හා 10 දින වල මාතර පඹුරන ශාරිපුත්‍ර විද්‍යාලයේදී ඉතා සාර්ථකව පැවැත්විණි.
දකුණු පළාත පුරා විසීරි සිටින කලායතන වල දැරු දරියන්ගේ දක්ෂතා සදහා වේදිකාවක් නිර්මාණය කර එමගින් ඔවුන් ඇගයීමේ අරමුණ ඇතිව සංවිධානය කෙරුණු මේ තරගාවලිය සදහා ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කලායතන 100 කට අධික සංඛ්‍යාවකින් තරගකරුවන්ටත් විශාල ප්‍රමාණයක් දැඩි උනන්දුවකින් හා උද්යෝගයකින් යුක්තව තරඟ කිරීම දකින්නට ලැබිණි. දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ සහකාර ලේකම් එස්. ජේ.එච්. අසංගිකා මහත්මියගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම තරගාවලිය පැවැත්වූ අතර, අමාත්‍යාංශ ලේකම් කේ.යූ. චන්ද්‍රලාල් මහතා ද මෙම තරගාවලිය නිරීක්ෂණය සඳහා එක්විය.

10/07/2025
2025  වර්ෂයේ වෙසක් මහෝත්සවයට සමගාමීව ගාල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලද ''ගාලු වෙසක් සිරිසර 2025'' වෙසක් කලාපයට සම...
16/05/2025

2025 වර්ෂයේ වෙසක් මහෝත්සවයට සමගාමීව ගාල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලද ''ගාලු වෙසක් සිරිසර 2025'' වෙසක් කලාපයට සමගාමීව දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ සහ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධාන ශක්තියෙන් සංවිධානය කරනු ලැබූ වෙසක් බැති ගී සරණිය ගාල්ල විද්‍යාලෝක පිරිවෙණ ඉදිරිපිටදී 2025 වෙසක් මස 12 වන දින පස්වරුවේ පැවැත්විය. මේ අවස්ථාව සඳහා දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර මහතා, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්. ඒ. ධර්මසිරි මහතා, දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.යූ .චන්ද්‍රලාල් මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් අයේෂා කාරියවසම් මහත්මිය, ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් පසිඳු ලක්රුවන් මහතා,දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම් එස්. ජේ. එච්. අසංගිකා මහත්මිය, ඇතුලු රාජ්‍ය නිලධාරීන් සහ ගාල්ල වාණිජ මණ්ඩලයේ සංගමයේ සාමාජිකයන් සහභාගී විය. දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයතු අමාත්‍යාංශයේ බැති ගී කණ්ඩායම සහ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කාර් යාලයේ බැති ගී කණ්ඩායම මෙම අවස්ථාව සඳහා බැති ගී ගායනයෙන් එක් වී සිටියහ. සංගීතය සැපයීම "සප්තා" දකුණු පළාත් රාජ්‍ය සංගීත කණ්ඩායම විසින් සිදු කරන ලද අතර අලංකාර නර්තනාංග කිහිපයකින් මෙම අවස්ථාව වර්ණවත් කිරීම දකුණු පළාත් රාජ්‍ය නර්තන කණ්ඩායම විසින් සිදු කරන ලදී.

ලෝක රූකඩ දිනය සැමරීමේ දිනය වෙනුවෙන් දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය මඟින් සංවිධානය කර තිබූ රූකඩ සැමරුම් ව...
25/03/2025

ලෝක රූකඩ දිනය සැමරීමේ දිනය වෙනුවෙන් දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය මඟින් සංවිධානය කර තිබූ රූකඩ සැමරුම් වැඩසටහනක් දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2025.03.21 දින වැලිගමදී පැවැත්විණි.

මෙම රූකඩ සැමරුම් වැඩසටහන මගින් අප අතරින් වියැකී යන රූකඩ කලාව ප්‍රචලිත කිරීමේ අරමුණ පෙරදැරි කොට ගෙන දේශීය හා විදේශීය සංචාරකයින්ට දැකබලා ගැනීමට අවශ්‍ය කටයුතු සලස්වා තිබුණි. ශ්‍රී ලංකාවටම ආවේණික වූ මෙම කලාව අම්බලන්ගොඩ හා බලපිටිය ප්‍රදේශ කේන්ද්‍ර කොටගෙන පවතින අතර, රූකඩ කලාව ආරම්භ කිරීම හා ජනගත කිරීමේ ගෞරවය හිමිවන්නේ අම්බලන්ගොඩ පොඩි සිරිනා ගුරුන්නාන්සේටය. එම පරපුරට අයත් කලා ශිල්පීන් විසින් පවත්වාගෙන යනු ලබන කලා සංසද විසින් මෙදින රූකඩ සංදර්ශන ඉදිරිපත් කරන ලදී.

සිරිසඟබෝ කතා වස්තුව, පන්දම් පාලිය, කාලගෝල නාට්‍ය, වඩිඟ පටුන, අජාසත්ත කතාව ඇතුළු කතාංග කිහිපයක් මෙහිදී ප්‍රදර්ශනය කරන ලදී. මෙම අවස්ථාවේදී රූකඩ ශිල්පීන් ඇගයීමක් ද සිදු කරන ලදී.

ලෝක රූකඩ දිනය සැමරීම වෙනුවෙන් දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ ලේකම් කේ.යූ. චන්ද්‍රලාල් මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි

මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ආණ්ඩුකාරතුමන්ගේ පෞද්ගලික ලේකම් බී.කේ.එස්.රවීන්ද්‍ර, ආණ්ඩුකාරතුමන්ගේ සම්බන්ධීකරණ ලේකම් සුනිසිත බණ්ඩාර, දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ සහකාර ලේකම් එස්.ජේ.එච් අසංගිකා, දකුණු පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා තාරකා මධුෂාණි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශ ලේකම් කේ.යූ.චන්ද්‍රලාල් මහතාගේ සංකල්පයකට අනුව දකුණු පළාතේ විසිරී සිටි නාට්...
25/03/2025

දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශ ලේකම් කේ.යූ.චන්ද්‍රලාල් මහතාගේ සංකල්පයකට අනුව දකුණු පළාතේ විසිරී සිටි නාට්‍යය හැකියාවන් සහිත පිරිස් අතරින් වඩාත් දක්ෂතා දැක්වූ පිරිසක් තෝරා ගෙන පුහුණුවක් ලබදී නිර්මාණය කරන ලද “විදර්ශා” රාජ්‍ය නාට්‍ය කණ්ඩායම එළිදැක්වීමේ උළෙල පසුගියදා (18) දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර එම්.කේ. බන්දුල හරිශ්චන්ද්‍ර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හෝල්ඩි ගෝල් ශාලාවේදී පැවැත්විණි.

පළාත් සභාවක් මගින් ආරම්භ කරන ලද පළමු රාජ්‍ය නාට්‍ය කණ්ඩායම වන විදර්ශා නාට්‍ය කණ්ඩායම ප්‍රවීණ නාට්‍යවේදියකු වන මුදු රංජිත් සිල්වා සහ භානු හර්ෂ දේව යන මහත්වරුන්ගේ අධ්‍යක්ෂණයෙන් “මාගම් මහ නඩුව”, “අබිලික් දූපත”, “උතුමාණෙනි” යනුවෙන් නාට්‍ය තුනක් එළිදැක්වීය.

මෙම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය, නිහාල් නානායක්කාර පියතුමා, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ.ධර්මසිරි මහතා, දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතා, ඇතුළු පළාත් රාජ්‍ය සේවා කොමිෂන්සභාවේ ලේකම් , අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ආයතන ප්‍රධානින් ඇතුළු රාජ්‍ය නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Address

Dakshinapaya, Labudoowa
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Ministry of cultural and art affairs, southern province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share