07/09/2026
සුබ උපන් දිනයක් වේවා සර් ❤️❤️❤️
මනුසත් ප්‍රේමයෙන්
නිරතුරුව සරැලි ලන
දයාවේ නිල් දිය
ගඟුලකිය ඔබේ හද
නිරතුරු නුවනැසින්
පෙර මග පසක් කළ
පහන් තරුවක්ය සදිසි
නියමුවාණන්
ඔබම විය.
දිවිමගේ නවමු කඩඉමක්
පසු කරන දිනට අද
ගෙනෙමු මේ සුබ පැතුම්
සෙනෙහසින්
ඔබ නමට....
තෙරුවන් සරණින් සුබ උපන් දිනයක් වේවා අපේ සර්.
නිදුක් නිරෝගී වේවා!
චිර ජීවනය සැලසේවා!
සභා ලේකම් කාර්යාලයේ අපේ හෘදයංගම සුබ පැතුම් මෙසේ පිරිනමමු. 💐💐💐