හලෝ යාලු - Hello Yalu

හලෝ යාලු - Hello Yalu "සියල්ලට පෙර දරුවන්"

"සියල්ලට පෙර දරුවන්" යන සන්කල්පය තේමා කොට ගෙන ළමා හා කාන්තා සන්වර්ධන ඒකකය විසින් ගෙන යන වැඩ පිලිවෙලකි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - මාදම්පාගම

04/01/2025
02/01/2025
01/01/2025
11/10/2024

NCPA News Release on 2024.10.10

11/10/2024

Celebrating International Day of the Girl Child on 11th October was first started in 2012 with an aim to protect rights of the girl child & empower girls around the world.

The theme of 2024 - "Girls' Vision for the Future"

On this , let's celebrate the vision and potential of every girl. Together, we can empower them to dream big and shape a brighter future. Every girl's dream matters!



01/10/2024

On this Children's Day, let us unite to protect every child and treat them equally, ensuring a brighter and fairer future for all.



12/06/2024

ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය ජූනි මස 12 වන අද දිනට යෙදී තිබේ. ශ්‍රමිකයන් ලෙස ළමුන් යොදා ගැනීම ඔවුන්ව ශාරීරිකව සහ මානසිකව පිීඩාවට ලක්වීමට හේතුවේ.

අවුරුදු 16ට අඩු සෑම දරුවෙක්ම අනිවාර්ය අධ්‍යාපනය සඳහා යොමුකළයුතුය. අවුරුදු 16 - 18 ත් අතර ළමුන්ගේ ජීවිතයට, සෞඛ්‍යයට, අධ්‍යාපනයට සහ සදාචාර වර්ධනයට අනතුරුදායක වන රැකියාවල ළමුන් යෙදවිය නොහැක. එසේම මෙහෙකාර සේවය, අනාරක්ෂිත හෝ රාත්‍රී මුරසේවාවන් වල ළමුන් යෙදවීම දඬුවම්ව ලැබියහැකි වරදකි. ළමුන් සිඟමනේ යොදවාගැනීමේදී එලෙස යොදවන දෙමාපියන්ට සහ තැරැව්කරුවන්ට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ288 වන වගන්තිය අනුව බන්ධනාගාර ගත කිරීමකින් සහ දඩයකින් දඬුවම් කළහැක.

වීදි වෙළඳාම සඳහා යොදා ගැනීම, සර්කස් ඇතුළු විනෝද ක්‍රීඩා සිදු කොට මුදල් ඉපයීම, ළමුන් ළවා මත්ද්‍රව්‍ය හා මත්පැන් විකිණිම, ළමයින් ගණිකා වෘත්තියේ යෙදවීම, සයිබර් තාක්ෂණය ඔස්සේ ළමයින් වාණිජ කටයුතු සඳහා යොදාගැනීමද අපරාධ නීතිය යටතේ වැරදි ලෙස සලකනු ලැබේ.

මෙවන් කුමන හෝ වෘත්තියක් සඳහා ළමුන් යොදවා ගැනීම පිළිබඳ තොරතුරු ඔබ දන්නේ නම් 1929 යන ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකතන සේවය ඔස්සේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත දැනුම් දෙන්න.

01/05/2024

සෑම වසරකම අප්‍රේල් මස 30 වන දින ශාරීරික දඬුවම අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය සමරනු ලැබේ.

ශාරීරික දඬුවම ළමුන් හික්මවීම සඳහා යොදා ගන්නා හොඳම සහ පහසුම ක්‍රමය ලෙස අප සමාජයේ බොහෝ දෙමාපියන්, වැඩිහිටියන් සහ ගුරුවරුන් ශාරීරික භාවිත කරනු ලබයි. එහෙත් ළමුන් ශාරීරික දඬුවමට භාජනය කිරීමෙන් ඔවුන් ශාරීරිකව සහ මානසිකව යන දෙයාකාරයෙන්ම හානියට ලක්වීම සිදුවේ.

ශාරීරික දඬුවම් ලබාදීම ශ්‍රී ලංකාවේ දණ්ඩනීති සංග්‍රහය අනුව වරදකි. එය නිවස තුළ , පාසල තුළ සහ සියළු ස්ථාන තුළදී ක්‍රියාත්මක කිරීම සිදු නොකළයුත්තකි. තවද එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ 19 වන වගන්තිය අනුව ළමුන්ට එරෙහිව සිදුකරන සියළු ආකාර හිංසනයන්‍ගෙන් ළමුන් ආරක්ෂා කළයුතුය. එබැවින් ශාරීරික දඬුවම භාවිතකිරීමෙන් වැළකී සිටිමු.

දරුවොත් එක්ක එන්න ...!
23/04/2024

දරුවොත් එක්ක එන්න ...!

Address

Thalgampala
Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when හලෝ යාලු - Hello Yalu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share