Heritage of Galle

Heritage of Galle අපේ රටේ දකුනු පලාතේ ඇති අපේ ඓතිහාසික ස්ථාන සහ අපේ උරුමයන් පිලිබඩව කෙරෙන සොයා බැලීමක්

පෘතුගීසි කපිතාන්වරයෙක් හැදූ, පොල් ගස් 8,000ක මැද පිහිටි ගාල්ලේ "අටදහසේ වලව්ව"ගාලු කොටුවෙන් පිටත අපට හමුවන, යටත් විජිත ඉත...
15/07/2026

පෘතුගීසි කපිතාන්වරයෙක් හැදූ, පොල් ගස් 8,000ක මැද පිහිටි ගාල්ලේ "අටදහසේ වලව්ව"
ගාලු කොටුවෙන් පිටත අපට හමුවන, යටත් විජිත ඉතිහාසයේ අතිශය වැදගත් සහ අද්භූත කතාවක් හැංගිලා තියෙන තැනක් තමයි අහංගම, කතලුව දුම්රිය ස්ථානය අසල පිහිටි "කතලුව මහා වලව්ව". බොහෝ දෙනෙක් මෙය හඳුන්වන්නේ "ඔලන්ද බංගලාව" (Dutch House) කියලා
නමුත් ඔබ දන්නවාද මේ වලව්වේ ආරම්භය පෘතුගීසි යුගය දක්වා ඈතට දිවයන බව

අටදහසේ වලව්වේ අතීත කතාව
ලංකාවේ දකුණු මුහුදු තීරයේ සුන්දරත්වයට වශී වුණු පෘතුගීසි රාජකීය නාවික හමුදාවේ කපිතාන්වරයෙක් වූ ඕවන් ප්‍රනාන්දු (Owen Ferdinandez) ලංකාවේ ස්ථිරවම පදිංචි වෙන්න තීරණය කළා. ඔහු කතලුව ප්‍රදේශයෙන් අක්කර 125ක සාරවත් ඉඩමක් මිලදී ගෙන, එහි පොල් පැළ 8,000ක් වගා කරලා මේ මහා මන්දිරය ඉදි කළා. පොල් ගස් 8,000ක් මැද පිහිටි නිසා එකල මෙයට "අටදහසේ වලව්ව" (හෝ අටදාහේ වත්ත) කියලා ජනප්‍රිය වුණා
සිංහල අනන්‍යතාවයක් ගත් පෘතුගීසි ලේ:
පසුව මේ කපිතාන්වරයා දේශීය සංස්කෘතියට ඇති ලැදියාව නිසා, කොරතොට නායක හිමියන් හමුවී තම නම සිංහල නමකට වෙනස් කර ගත්තා. ඒ අනුව බිහිවූ පරම්පරාව තමයි දකුණේ ප්‍රසිද්ධ "ඔබේසේකර" පරම්පරාව
නඩු අසපු උසාවියක්:
ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යුගයන් පසු කරමින් එද්දී, මේ වලව්ව ගාල්ල තල්පේ පත්තුවේ නඩු විභාග කරන ප්‍රධාන උසාවියක් (Court House) විදියටත් කාලයක් භාවිත කර තිබෙනවා. අදටත් එහි පැරණි සිර මැදිරි, ලේඛනාගාර සහ ඓතිහාසික ගෘහ නිර්මාණ ශිල්පය දැකගත පුලුවන්
2004 වසරේ සුනාමි ව්‍යසනයෙන් පවා බේරුණු මේ ඓතිහාසික මන්දිරය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. අද වන විට මෙය අලංකාර සංචාරක නිකේතනයක් (Luxury Boutique Hotel) ලෙස ප්‍රතිසංස්කරණය කර ඇතත්, එහි පැරණි පෞරාණික පෙනුම එලෙසම රැකගෙන තිබෙනවා.
මෙම ස්ථානය දැනට "Kathaluwa Grand Manor" හෝ "Kathaluwa Mahawalawwa" නමින් සුඛෝපභෝගී හෝටලයක් ලෙස පවත්වාගෙන යනවා

ගාලු උරුමයේ මෙවැනි සැඟවුණු තැන් ගැන තවත් තොරතුරු දැනගන්න අපේ පිටුව සමඟ දිගටම එකතු වී සිටින්න
📍 පිහිටීම: ගාල්ල, අහංගම බටහිර, කතලුව දුම්රිය ස්ථානය අසල.

බෞද්ධ පන්සලක වික්ටෝරියා රැජිනගේ රූපයක්? රටක් වටින දකුණේ සැඟවුණු උරුමය - කතලුව පූර්වාරාම විහාරය! ගාලු කොටුවෙන් පිටතට යන ඔ...
14/07/2026

බෞද්ධ පන්සලක වික්ටෝරියා රැජිනගේ රූපයක්?

රටක් වටින දකුණේ සැඟවුණු උරුමය - කතලුව පූර්වාරාම විහාරය!
ගාලු කොටුවෙන් පිටතට යන ඔබට, අපූරු ඓතිහාසික අත්දැකීමක් විඳගන්න පුළුවන් අපූරු තැනක් තමයි අහංගම, කතලුව ප්‍රදේශයේ පිහිටි "පූර්වාරාම මහා විහාරය". ක්‍රි.ව. 19 වැනි සියවසේ මුල් භාගයේ (1840 දී පමණ) ඉදිවුණු මේ විහාරය, ලංකාවේ පහතරට චිත්‍ර කලාවේ අග්‍රගන්‍ය නිර්මාණයක් ලෙස සැලකෙනවාඇයි මේ පන්සල මෙච්චර විශේෂ?
වික්ටෝරියා රැජිනගේ සිතුවම: මේ පන්සලේ ඇති සුවිශේෂීම අංගය තමයි එහි ඇති බිතුසිතුවම් අතර බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ සිතුවමක්ද අන්තර්ගත වීම. එංගලන්ත රැජිනක් බෞද්ධ පන්සලක බිත්තියකට ආවේ කොහොමද? එකල බෞද්ධ පුනරුද ව්‍යාපාරයට බ්‍රිතාන්‍ය පාලනයෙන් එල්ල වූ බාධා මඟහරවා ගැනීමටත්, බෞද්ධයින්ට නිදහසේ ආගම ඇදහීමට අවසර දීම ගැන වික්ටෝරියා රැජිනට ගෞරවයක් වශයෙනුත් මේ සිතුවම ඇඳි බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.
පහතරට ශෛලියේ බිතුසිතුවම්: මහනුවර යුගයේ චිත්‍ර කලාවට වඩා වෙනස්, බටහිර ඌරුව සහ එකල පැවති යටත් විජිත සමාජය මනාව පිළිඹිබු කරන සිතුවම් මෙහි දැකගත හැකියි. එකල විසූ ලන්දේසි සහ බ්‍රිතාන්‍ය සේනාංකවල ඇඳුම් පැළඳුම් පවා මේ සිතුවම්වලට ඇතුළත්.
පැරණි මුද්‍රණ යන්ත්‍රය (Printing Press): ලංකාවේ ප්‍රථම සිංහල පුවත්පතක් වන "ලංකා ලෝකය" පුවත්පත මුද්‍රණය කිරීමට භාවිත කළ ඓතිහාසික මුද්‍රණ යන්ත්‍රයද අතීතයේ මෙම ස්ථානයේ සුරක්ෂිතව තිබුණා.ගාලු ගියොත් කොටුව විතරක්ම බලලා එන්න එපා. අපේ අතීත මුතුන් මිත්තන්ගේ අසිරිමත් කලා හැකියාවන් දැකගන්න කතලුව පූර්වාරාම විහාරයටත් ගිහින් එන්න.
යන මාර්ගය: ගාලු පාරේ කොග්ගල සහ අහංගම අතර කතලුව හන්දියෙන් හැරී කිලෝමීටරයක් පමණ ඇතුළට ගිය විට මෙම විහාරස්ථානය හමුවේ.

14/07/2026

සුභ උදෑසනක් ඔයාලා හැමෝටම.
මම මේ page එක පටන් ගත්තේ covid සමයේ මගේ දවස ගත කර ගන්න. නමුත් මට කාලයක් තිස්සේ උවමනාවක් තිබුනා ගාල්ල සහ ඒ අවට නගරවල වල ඇති ඓතිහාසික ස්ථාන සහ සුන්දර තැන් පිලිබදව විස්තර ඔයාලට ලබා දෙන්න. ඒ වගේ අපගේ අනාගත පරපුර වෙනුවෙන් මේ තොරතුරු ඉතුරු කරන්න.
ඒ වගේම මේ තොරතුරු අපේ දේශීය සංචාරකයන් වගේම විදේශි සංචාරකයන් හටත් කෙදිනක හෝ වැදගත් වෙනු ඇත.
ඉතින් මම ඔයාලගෙන් කාරුනිකව ඉල්ලන්නේ මේ දක්වා මේ පිටුව සමග රැදී සිටියාට බොහොම ස්තුතියි ඒ වගේම ඔයාලගේ ප්‍රදේශය මෙවැනි වටිනාකම් වලින් යුක්ත සුන්දර සහ ඓතිහාසික ස්ථාන පිලිබදව දැනුවත්නම් මා හට එම තොරතුරු ලබා දෙන්න. අපි හැමෝම ස්මග ඒ දේවල් බෙදාගමු .මේ අපේ උරුමයන් පිලිබදව අනාගත පරපුරට තොරතුරු සහ අවබෝධයක් ලබා දෙමු.
ඔබලාගේ අදහස් සහ යොජනා වගේම එවැනි තොරතුරු ලබා දීමට කාරුණික වන්නේ නම් බොහොම ස්තුතිවන්ත වෙමි.
ඉතින් ඔයාලට සුභ දවසක් .
ජය වෙවා!!!!
නැවතත් බොහොම ස්තුතියි මේ පිටුව සමග රැදි සිටියාට

ගාල්ල - මාතර යාවන මුහුදේ ‘යක්ෂණීගේ දූපත’--------------------------------------------------------------ගාල්ල දිස්ත්‍රික්ක...
02/06/2025

ගාල්ල - මාතර යාවන මුහුදේ ‘යක්ෂණීගේ දූපත’
--------------------------------------------------------------
ගාල්ල දිස්ත්‍රික්කයත් මාතර දිස්ත්‍රික්කයත් එකිනෙකින් වෙන් කැරෙන මුහුදුබඩ සීමාව අහංගම ගොවියාපාන ගඟයි. එගං මෝයෙහි දැනට මුහුදේ තරමෙක ගල් කුළක් ද ඉන් බටහිරට බර වන්නට වෙරළින් මීටර් තුන්සීයක් පමණ ඈත මුහුදේ අලංකාර දූපතක් ද වෙයි. ඒ දූපත අද හැඳින්වෙන්නේ “යක්ෂණීගේ දූව” නමිනි.
ගොවියාපාන ගමට ඒ නම ලැබුණේ ගං මෝයෙහි පිහිටි ගල්කුළ නිසාය. පහණ යනු ගලයි. සඳකඩපහණ ඈ නිදසුනකි. “පහණ හින්දවා” (ගල් සිටුවා) යනුවෙන් පැරණි සෙල්ලිපිවල ද එයි. ගොවියාගේ පහණ (ගොවියාගේ ගල) ගොවියාපහණයි. උච්චාරණයේ පහසුව තකා එය (පහණ පාණ) පාන වෙයි. ඒ අනුව අද එගම ගොවියාපාන නමින් හැඳින්වේ.
ඉහත සඳහන් ගල්කුළ එකල ද වූයේ කුඹුරෙහියැ. නැතහොත් ගොවියාගේ නිවස අසලයැ. එහෙයින් විය යුතුයැ එය ගොවියාපහණ වූයේ. මේ සියල්ල වඩා වැදගත් වන්නේ මුහුද මැද වූ යස්සණීගේ දූවයි. එය මැටි කන්දකි. තැනින් තැන කුදු නොකුදු ගල් කුළින් ද ගැවසුණේයි. පෙර විශාලවැ පැවති ඒ බිම්කඩ මුහුදු කෑමත් මිනිස් කටයුතුත් නිසා අද වට පමණින් මෙන්ම උසින් ද කුඩාවැ සිටී. එහි යෑම සඳහා ඉංගිරිසි පාලන සමයෙහි ගොඩ බිමේ සිට තනන ලද මාවතක් වීයැ. ඒ ගල්වැටියෙන් කොටසක් දැනුදු මුහුදින් මතු වී පෙනේ.
දෙවැනි ලෝක යුද සමයෙහි මේ දූපත නොයෙක් අතින් ප්‍රයෝජනවත් වියැ. වරෙකැ වෙඩි තැබීම සඳහා සෙබළුන් පුහුණු කිරීමේ දී මේ දූපතේ නොයෙකුත් තැන් ඉලක්ක සේ යොදා ගැනිණි. වරෙක කොග්ගල යුද කලාපයෙහි යුදවම් (Military) ඉදිකිරීම් සඳහා මේ දූපතේ ගල් හා මැටි විශාල ප්‍රමාණයක් ගෙන යන ලදී.
තවත් වරෙකැ එය සෙබළුන් රැඳී සිටි මුර පොළක් විය. ඒ මුහුදින් ද අහසින් ද සතුරු යානා රට දෙසට ඇදී එද්දැයි සෝදිසි කරනු සඳහාය. දූපතේ පිහිටීමේ හැටියට එහි සිට බලන්නෙකුට දකුණු මුහුදේ හා දළ මුහුදු තීරයේ ඉතා දිගු දුරක් එක එල්ලේ ඇසැ ගැසේ.
යක්ෂණීගේ දූවෙහි ඈත ඉතිහාසය අප්‍රකටයැ. එය පළමු වරට සඳහන් වන්නේ කෝට්ටේ යුගයෙන් මෙපිටැ ලියවුණු ඇතැම් කඩයිම් පොතකය. එහි එය දැක්වෙන්නේ “යකිනිගේ දූව” නමිනි. ඒ යකිනිය කුවේණිය වැන්නවුන් විසූ සමයට අයත් වූවක් ද නැතහොත් ඉන් මෑත මිනිසුන් බිය ගන්වනු සඳහා ගොතන ලද ජනප්‍රවාදවලින් බිහි වූවක්දැයි ඉඳුරා කිව නොහැකියැ.
📷
ඇතැම් දිනෙක මැදියම් රැයේ ගිනි කබලක් ගත් ගැහැනියක් දූපතේ සිට ගොඩබිම වෙත එනු තමන් දුටු බව පැරැන්නෝ කියති. දූපතට නිතර යන්නෝ පවා ඇඳිරි වැටෙන්නට පෙර ඉන් ඉවත් වන්නට අමතක නොකරති. ඒ එහි නොයෙක් අඩිකෝඩ අවතාර ඇති හෙයිනි.
කෝට්ටේ යුගයෙහි සන්දේශ රැගෙන මේ අසලින් ගිය කුරුල්ලන්ට පවා මේ රමණීය බිම්කඩ නොපෙනුණු සේ පුදුමයැ. ඉන් කිලෝ මීටර් දෙකක් පමණ නැගෙනහිරින් වූ මානැවියා පොකුණ (අද මුහුදට යට වී) ද ඉන් එතරම්මැ දුරින් බටහිරින් වූ පෝකරපිටිය (අද පියදිගම) ද ඔවුන් සිත් මහත් සේ ඔකඳ කරවන්නට සමත් වියැ.
යක්ෂණීගේ දූවෙහි බටහිර කෙළවරේ ගල් කුළක් මතැ තවත් කුඩා ගල් පතුරක් දක්නා ලැබේ. වෙරළේ සිට බලන්නෙකුට එය දිස් වන්නේ රේන්ද කොට්ටයක හැඩයෙනි. එහෙයින් ගම්වැසියෝ එය “යක්ෂණීගේ රේන්ද කොට්ටය” නමින් හඳුන්වති. මේ රේන්ද කොට්ට කතාව එතරම් පැරණි එකක් විය නොහැකියැ. සිංහලයන් රේන්ද හඳුනා ගන්නේ පුරුතුගීසින්ගෙනි (රේන්ද යනු පුරුතුගීසි වදනකි). රේන්දත් රේන්ද කොට්ටත් රේන්ද කර්මාන්තයත් දිවයිනේ මුහුදු තීරයේ බහුල ප්‍රචාරයට පත්වූයේ ලන්දේසි යුගයේ දීය. එහෙයින් මේ කතාව ඒ යුග දෙකෙන් එකකට අයිති වූවකි.
සයුරු තරග වැල සිවු දිගින් ඇදී අවුත් එය සිප ගනී. රිටි පන්න ධීවරයෝ එය අසල මුහුදේ කනුවල නැගී සිය මලු‍ පුරවා ගනිති. ධීවර ඔරු ද එය වටා නිතර දක්නා ලැබේ. සැඳෑ සමයෙහි හිරු බැස යද්දී මුහුද පසුබිම් කොට යක්ෂණීගේ දූවෙන් නැගෙන දර්ශනයේ චමත්කාරය නම් වැණුම් ඉම ඉක්මා සිටී. අද ඉන් අපට වඩා රස විඳින්නෝ විදේශීය සංචාරකයෝයි.
සටහන- ඡායාරූප
උණවටුන ඩී. ජී. සුගතපාල
(සටහන - හෙලවංශය ඇසුරිනි )

Address

Galle
10350

Website

Alerts

Be the first to know and let us send you an email when Heritage of Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share