Galle District Social Services

Galle District Social Services The Public Group of Welfare and Social Service Activities In Galle District

17/08/2026
ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රව්‍ය හා දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් පවත්වන ලද ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය වැඩසටහන.2026.07.25 ගා...
25/07/2026

ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රව්‍ය හා දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් පවත්වන ලද ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය වැඩසටහන.2026.07.25 ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
සමාජීය සහ රජයේ සේවාවන් ලබාගැනීමේදී ඔවුන් මුහුණපාන බාධා සහ ගැටලු හඳුනාගෙන ඒ සඳහා විසඳුම් ලෙස පහසු ප්‍රවේශයන් සහිත digital ඇප් මගින් සේවාවන් පහසු කරලීම මෙහි මූලික අරමුණයි.
ඔවුන්ගේ ආබාධිත භාවය සමග බැඳී පවතින දෘශ්‍ය හා කථන ශ්‍රවණ අපහසුතාවයන් හේතුවෙන් බාහිර පාර්ශ්වයන් සමඟ ගනුදෙනු කිරීමේදී ඔවුන් දැඩි අපහසුතාවයකට ලක්වේ. තාක්ෂණය කෙතරම් දියුණුවට පත් වුවද තවමත් එම බාධා ඔවුන් පෙළමින් සිටින අතර ඒ සඳහා විසඳුම් සෙවීම මෙම වැඩසටහනේ අරමුණ වේ.
මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ සහන සමාජ සංවර්ධන එකමුතුව විසින් වන අතර එහි විධායක අධ්‍යක්ෂ රසික සාන්ත ද සිල්වා මහතා විසින් වැඩසටහනේ මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි. ගාල්ල දිස්ත්‍රික්කයේ පවත්වන ලද මෙම වැඩසටහන සඳහා ිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී රේණුකා කළු පහන මහත්මිය, සහන සමාජ සංවර්ධනයකමුතුවේ වැඩසටහන් සම්බන්ධීකාරක කුමුදු මහ මහත්මිය සහ චමෝදි මහත්මිය මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

08/06/2026

ගාල්ල දිස්ත්‍රික්කය

ආබාධ සහිත ජනගහනය :- 12410

ආබාධිත ජීවනාධාර දීමනාලාභීන් :- 9510

ප්‍ර‍ජා මූලික පුනරුත්ථාපනය ක්‍රියාත්මක ප්‍රාදේශීය ලේකම් කාර්යාල :- 22

2025 රැකියාගත කිරීම් :- 49

ප්‍රාදේශීය ස්වශක්ති සංවිධාන ගණන :- 22

උපකෘත පාසල් :- 02

01. BR දිසානායක විදුහල - මාගාල්ල
02. නෙත්සවන් සරණ පාසල - ඉමදූව

අබාධ සහිත වුවන්ට සේවා සපයන ආයතන :-
01. සම්බෝධි නිවහන - මාගාල්ල
02. ලෝටස් හිල් ආයතනය - බද්දේගම
03. එක්ස්ට්‍රා කවර් - වදුරඹ
04. හෙළ බිම ශ්‍රී ලංකා - ඉමදූව
05. සෙනෙහස - බෝපේ පෝද්දල
06. පර්ල් - අම්බලන්ගොඩ
07. සුපෙම් උයන - ගෝනපිනුවල
08. බරණසූරිය ළමා නිවාසය - ගෝනපිනුවල
09. ස්මයිල් ආයතනය - උණවටුන
10.සම්බෝධි නිවහන - අම්පේගම ( වැලිවිටිය දිවිතුර)
11.මැක්ස් නිවහන - බද්දේගම

ආබාධ සහිත පුද්ගලයින් රැකියා ගත කිරීමේ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ මූල්‍ය අනුග්‍...
23/05/2026

ආබාධ සහිත පුද්ගලයින් රැකියා ගත කිරීමේ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ මූල්‍ය අනුග්‍රහය මත ගාල්ල නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.05.22 පවත්වන ලදි.
ගාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන අංශයේ මෙහෙයවීම මත මෙම වැඩසටහන ඉතාමත් සාර්ථක අන්දමින් පවත්වීමට හැකියාව ලැබුණි.

සිහින ශ්‍රී ලංකා වැඩසටහන තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය 2026.05.21
21/05/2026

සිහින ශ්‍රී ලංකා වැඩසටහන තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය 2026.05.21

ගාල්ල දිස්ත්‍රික්කයේ ආබාධ සහිත පුද්ගලයින් රැකියා ගත කිරීම සඳහා ඔහු ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් 2026.05.19 දෙන ගාල්ල ය...
21/05/2026

ගාල්ල දිස්ත්‍රික්කයේ ආබාධ සහිත පුද්ගලයින් රැකියා ගත කිරීම සඳහා ඔහු ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් 2026.05.19 දෙන ගාල්ල යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

මිනිස් බල රැකිරක් සහ දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත පැවැත්වන මේ වැඩසටහන සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ මිනිස් බල රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගි විය.

ආබාධ සහිත පුද්ගලයින් සඳහා වන ගාල්ල දිස්ත්‍රික් ස්වශක්ති සංවිධාන මහා සභා රැස්වීම 2026.05.20 ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්ය...
20/05/2026

ආබාධ සහිත පුද්ගලයින් සඳහා වන ගාල්ල දිස්ත්‍රික් ස්වශක්ති සංවිධාන මහා සභා රැස්වීම 2026.05.20 ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

ගාල්ල තිස්සේ එක්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් එම කොට්ඨාසයන්හි ස්ව ශක්ති සංවිධාන නිලධාරීන්ගේ එකමුතුවෙන් මෙම වැඩසටහන පවත්වන ලදී. ඉදිරි වර්ෂයන්හි ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා කරන ලද අතර මේ වන විට ආබාධ සහිත පුද්ගලයින් මුහුණ දෙන ගැටලු දුෂ්කරතා පිළිබඳවද සාකච්ඡා කරනු ලැබීය.

ආබාධ සහිත පුද්ගලයින් රැකියා ගත කිරීමේ වැඩසටහන සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ මිනිස් බල රැකි රක්ෂා දෙපාර්තමේන්තුව එක්ව ජපන් ...
18/05/2026

ආබාධ සහිත පුද්ගලයින් රැකියා ගත කිරීමේ වැඩසටහන සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ මිනිස් බල රැකි රක්ෂා දෙපාර්තමේන්තුව එක්ව ජපන් ජයිකා ආයතනය සමඟ සහයෝගීතාවයෙන් සිදුකරන ලද්දකි.

මේ යටතේ දිවයින පුරා ආබාධ සහිත, නමුත් රටේ සංවර්ධනයට දායක විය හැකි පුද්ගලයින් සමාජයේ ප්‍රධාන ධාරාවට එකතු කොට ඔවුන්ගේ දායකත්වය රටේ සංවර්ධනයට යොදා ගැනීම එසේම පෞද්ගලිකව ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒම, සමාජ අන්තර් කරණය මෙම වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථ වේ. සමාන අවස්ථා ,සමාන ප්‍රවේශය තුලින් ආබාධ සහිත ප්‍රජාව සමාජයට අන්තර්කරණය කිරීම තුළ න් සැලකිය යුතු ප්‍රතිශතයක් වූ ආබාධ සහිත ප්‍රජාව තවදුරටත් සමාජයේ යැපෙන්නන් බවට පත් නොකිරීම මෙතුළින් සිදුවේ.
මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමේදී සමාජ සේවා දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කරුවන් විවිධ මානයන් ඔස්සේ තම ඉලක්ක හඹා ගිය අතර එහි සාර්ථකත්වයක් පෙන්නුම් කළ අවස්ථාවකි මේ.

රැකියා ගත වූවන්, රැකියා සපයන ලද ආයතන ප්‍රධානීන්, රැකියා ගත කිරීම සඳහා මැදිහත් වූ නිලධාරීන් ඇගයීම ගාල්ල මාතර හම්බන්තොට රත්නපුර මොනරාගල යන දිස්ත්‍රික්කයන් සම්බන්ධ කර ගනිමින් පසුගියදා උත්සවාකාරයෙන් මාතර දී සිදු කරන ලදී.

ආබාධ සහිත පුද්ගලයින් සහ වැඩිහිටි පුද්ගලයින් සඳහා පැවැත්වූ අන්තර් කරන අවුරුදු උළෙල 2026.05.28   ගාල්ල කොටුවේදී.අ
18/05/2026

ආබාධ සහිත පුද්ගලයින් සහ වැඩිහිටි පුද්ගලයින් සඳහා පැවැත්වූ අන්තර් කරන අවුරුදු උළෙල 2026.05.28 ගාල්ල කොටුවේදී.අ

Address

District Secrateriat Office
Galle
80000

Telephone

+94769907234

Website

Alerts

Be the first to know and let us send you an email when Galle District Social Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Galle District Social Services:

Shortcuts

Share