Ran Tharu Youth Club - රන්තරු යෞවන සමාජය

  • Home
  • Sri Lanka
  • Galle
  • Ran Tharu Youth Club - රන්තරු යෞවන සමාජය

Ran Tharu Youth Club - රන්තරු යෞවන සමාජය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ran Tharu Youth Club - රන්තරු යෞවන සමාජය, Social service, Galle.

**** තරුණ ස්වෙච්ඡා දිනය ****  සමගාමිව බෝපෙ පෝද්දල යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය හා රන්තරු යෞවන සමාජය එක්ව සංවිධානය කරන ලද ...
19/10/2021

**** තරුණ ස්වෙච්ඡා දිනය ****
සමගාමිව බෝපෙ පෝද්දල යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය හා රන්තරු යෞවන සමාජය එක්ව සංවිධානය කරන ලද ඕපාත රාහුල විද්‍යාලය පිරිසිදු කිරීමේ වැඩසටහන 2021-10-18 වන දින සාර්ථකව නිමා විය.
බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා සභාපති දිල්රුක් අබේකෝන් මහතා , දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී අශෝක රත්නායක මහතා සහ තරුණ සේවා නිලධාරී අයෝනා දිල්රුක්ෂි මහත්මියටත් විශේෂ ස්තූතිය පුදකර සිටිමු .🙏🙏🙏
තවද මේ සදහා සහභාගි සැමටත් ස්තුතිය පුදකර සිටිමු .👍👍

👉👉👉👉 # # # THE FINAL CHANCE  # # # 👈👈👈👈 👉👉👉👉 # # # # අවසන් අවස්ථාව  # # # #👈👈👈👈         බොපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට...
10/09/2021

👉👉👉👉 # # # THE FINAL CHANCE # # # 👈👈👈👈
👉👉👉👉 # # # # අවසන් අවස්ථාව # # # #👈👈👈👈

බොපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල
අවුරුදු 20 ට වැඩි ඔබට
එන්නත් ලබාගැනීමට ලැබේන අවසන් අවස්ථාව,
2021-09-11 වන දින
පෙ.ව.9:00 සිට මධ්‍යාහන 12:00 දක්වා
ගොඩකන්ද ශ්‍රී සුනන්දාරාම විහරස්ථානයේ දී පැවැත්වේ .

මෙතෙක් කොවිඩ් මැඩලීමේ එන්නත ලබා නොගත් අයෙක් නම් , තම වගකීමක් ලෙස සළකා මේ සදහා සහභාගි වී එන්නත ලබා ගන්න.❤

තවද ඔබ දන්නා, එන්නත ලබා ගැනිමට නොහැකිවූ අයෙක් වේ නම් ඔවුන් මේ සදහා සහභාගි කරවීමට ඔබගේ යුතුකම ඉටුකරන්න.🙏

පෙළගැසෙමු - ආරක්ෂා වෙමු - කොරෝනා මැඩලමු. 💪💪

🩺🩺Covid 19 වැළැක්වීමේ එන්නත්කරණ දෙවන මාත්‍රා වැඩසටහන 🩺🩺🖊️වයස අවුරුදු 30-60 අතර කාණ්ඩයේ  පුද්ගලයන් සදහා 🖊️ග්‍රාම නිලධාරී ...
29/08/2021

🩺🩺Covid 19 වැළැක්වීමේ එන්නත්කරණ දෙවන මාත්‍රා වැඩසටහන 🩺🩺

🖊️වයස අවුරුදු 30-60 අතර කාණ්ඩයේ පුද්ගලයන් සදහා

🖊️ග්‍රාම නිලධාරී වසම - ඕපාත

🖊️දිනය 2021 අගෝස්තු මස 31 වන අගහරුවාදා

🖊️ස්ථානය - ගා/ මීපාවල අමරසුරිය විද්‍යාලය

🖊️වේලාව - පෙ.ව. 9:00 සිට ප.ව.1:00 දක්වා

හැදුනුම්පත හා පළමු මාත්‍රාව එන්නත් කිරීමේදි ලබා දුන් කාඩ්පත සමග සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කරමින් සහභාගි වන්න

🖊️වැඩිදුර විස්තර සදහා විමසන්න. 071-1932725 ග්‍රාම නිලධාරී - ඕපාත

සම්බන්ධීකරණය - රන්තරු යෞවන
සමාජය - ඕපාත

 # # #යුතුකම # # #         කාලීන අවශ්‍යතාවයක් ලෙස සලකා ග්‍රාමය තුළ කොවිඩ් රෝගයට ගොදුරුව නිරෝධායනය වන පවුල් සදහා කෑම වේලක...
29/08/2021

# # #යුතුකම # # #
කාලීන අවශ්‍යතාවයක් ලෙස සලකා ග්‍රාමය තුළ කොවිඩ් රෝගයට ගොදුරුව නිරෝධායනය වන පවුල් සදහා කෑම වේලක් ලබා දීමේ උතුම් පුණ්‍යකර්මය අද දින සාර්ථක කරගැනීමට හැකිවිණි.💪💪
එක් ඇමතිකමකින් මෙම කර්තව්‍යය වෙනුවෙන් ලබා දුන් සහයෝගයට විශේෂ ස්තුතිය "FIT එක " සමාජ සත්කාරක සංවිධානය හා Gimal prashashthi de silva මැතිතුමා හා මැතිණියට පුදකර සිටිමු. 🙏
තවද මෙම කටයුතු සාර්ථක කර ගැනීම සදහා මුලසිටම සම්බන්ධ වූ යමුනා ලක්මාලි ග්‍රාම නිලධාරී තුමියටත්, මෙවන් කටයුතු සංවිධානයේදි අප පසුපස සිට මගපෙන්වන බෝපෙ පෝද්දල තරුණ සේවා නිලධාරී අයෝනා දිල්රුක්ෂි මැතිණියටත් විශේෂ ස්තූතිය පුදකර සිටිමු.🙏🙏🙏🙏🙏🙏

26/07/2021

🩺🩺Covid 19 වැළැක්වීමේ එන්නත්කරණ වැඩසටහන 🩺🩺

🖊️වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සදහා

🖊️ග්‍රාම නිලධාරී වසම - ඕපාත

🖊️දිනය 2021 ජුලි මස 28 වන බදාදා

🖊️ස්ථානය - ගා/ රිචඩ් පතිරණ විද්‍යාලය , උළුවිටිකේ

එන්නත් ලබා ගැනීම සදහා ඔබගේ වසමේ ග්‍රාම නිලධාරී හමුවී ලබා දෙන කාඩ් පත හා ජාතික හැදුනුම්පතද රැගෙන ඔබට ලබා දෙන වේලාව තුල එදිනට වාර්තා කරන්න..

🖊️වැඩිදුර විස්තර සදහා විමසන්න. 071-1932725 ග්‍රාම නිලධාරී - ඕපාත

සම්බන්ධීකරණය - රන්තරු යෞවන
සමාජය - ඕපාත

කොවිඩ් මාරයා විසින් තවත් එක් අහිංසක ජිවිතයක් මරුතුරුළට ගෙනගොස් අවසන්ය.."සමරු අයියා" කවුරු අතරත් ආදරය දිනාගත් නිහතමානි  ත...
14/05/2021

කොවිඩ් මාරයා විසින් තවත් එක් අහිංසක ජිවිතයක් මරුතුරුළට ගෙනගොස් අවසන්ය..
"සමරු අයියා" කවුරු අතරත් ආදරය දිනාගත් නිහතමානි තරුණයෙකි.
මේ වන විට කාටත් හොරෙන්ම කාත් කවුරුත් නොදන්නා රටෙක සිට ඔහු අප තනිකරගොස් අවසන්ය.අවසන් මොහොතේ හෝ ඔබගේ මුහුණ බැලීමට අපි කල පිං මදිව ඇති..
ආදරණීය සමරු අයියේ ජාති ජාතිත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා..
නිවන් සුව ලැබේවා සහෘදයාණෙනි...!!!

 #උසස්_පෙළ_විභාගය ....ජිවිතයේ තවත් එක් තීරණාත්මක කඩඉමක් .Meepawala Amarasuriya College - Galle විද්‍යාලයේ   #ගණිත_අංශයෙන...
04/05/2021

#උසස්_පෙළ_විභාගය ....ජිවිතයේ තවත් එක් තීරණාත්මක කඩඉමක් .
Meepawala Amarasuriya College - Galle විද්‍යාලයේ #ගණිත_අංශයෙන් විභාගයට පෙනි සිටි Hashan Munasinghe සොහොයුරා මෙම කඩඉම විශිෂ්ට සාමාර්ථ තුනකින් (AAA) ජයග්‍රහණය කිරීමට සමත්විණි .
මොහු රන්තරු යෞවන සමාජයේ සංවිධායක ධුරය, බෝපේපෝද්දල ප්‍රාදේශීය මණ්ඩලයේ ගණන් පරීක්ෂක ලෙස කටයුතු කරන අතර ප්‍රදේශයේ පොදු, ආගමික කටයුතු වලද ක්‍රියාකාරී සාමාජිකයෙකි.
ඔහුට අප යෞවන සමාජය වෙනුවෙන් හදපිරි ප්‍රණාමය පුදකර සිටින අතර ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථකව නිමකිරිමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

*2021  වර්ෂයේ බෝපේපෝද්දල ප්‍රාදේශීය බලමණ්ඩල යෞවන සමාජ ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අප යෞවන සමාජයේ සකුන්තලා සෙ...
11/04/2021

*2021 වර්ෂයේ බෝපේපෝද්දල ප්‍රාදේශීය බලමණ්ඩල යෞවන සමාජ ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අප යෞවන සමාජයේ සකුන්තලා සෙව්වන්දි සොහොයුරිය සමත් වුවාය.
මීටර් 100
මීටර් 200
මීටර් 400 කේවල තරගයන්හි ප්‍රථම ස්ථානයත්
මීටර් 100 * 4
මීටර් 400 * 4 සහාය දිවීම යන ඉසව්වන්හි ප්‍රථම ස්ථානයත් දිනා දීමට සමත්විය.
තවද කබඩි , දැල්පන්දු කණ්ඩායම් වල ප්‍රථම ස්ථානය දිනාදීමට ඇයගෙන් ලැබුණු සහයෝගය අගය කොට සැළකිය යුතුය.
මෙකි ජයග්‍රහණ හේතුවෙන් සමස්ථ ප්‍රතිඵලයේ ඉහළ ස්ථානයකට හිමිකම් කීමට අප යෞවන සමාජයට හැකිවිය.
ඇයට අපගේ උණුසුම් සුභ පැතුම්...!!!!!👏👏👏👏

2021 වර්ෂයේ බෝපේපෝද්දල ප්‍රාදේශීය බලමණ්ඩල යෞවන සමාජ ක්‍රීඩා තරගාවලියේ සමස්ථ ලකුණු සටහනේ තෙවන ස්ථානය හිමිකර ගැනීමට ඕපාත ර...
11/04/2021

2021 වර්ෂයේ බෝපේපෝද්දල ප්‍රාදේශීය බලමණ්ඩල යෞවන සමාජ ක්‍රීඩා තරගාවලියේ සමස්ථ ලකුණු සටහනේ තෙවන ස්ථානය හිමිකර ගැනීමට ඕපාත රන්තරු යෞවන සමාජය සමත් විය.
ඔවුන්ට අපගේ උණුසුම් සුභ පැතුම්...!!!!!👏👏👏👏✌️✌️✌️✌️

ඕපාතරන්තරු යෞවන සමාජයේ සාමාජික සාමාජිකාවන් හා ප්‍රදේශවාසින්  කිහිපදෙනෙකු  එක්ව අතිසාර්ථකව දෙවන වරටත් නවම් පොහෝදින  "ලෝටස...
02/03/2021

ඕපාතරන්තරු යෞවන සමාජයේ සාමාජික සාමාජිකාවන් හා ප්‍රදේශවාසින් කිහිපදෙනෙකු එක්ව අතිසාර්ථකව දෙවන වරටත් නවම් පොහෝදින "ලෝටස් හිල් "විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා දහවල් ආහාරය පිළිගැන්විමේ මහඟු පුණ්‍යකර්මයක් සිදු කරනු ලැබුණි..
මේ සඳහා මූල්‍යමය, ද්‍රව්‍යමය , ශ්‍රමය කාලය කැප කළ සියලු දෙනාට විශේෂ ස්තූතිය පුද කර සිටිමු .
තවද ඔවුන්ගේ ආගමික, සාමාජීය ප්‍රජාවැඩසටහන් ඉදිරියට කරගෙන යාම සඳහා ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කර සිටිමු .

***බෝපේපෝද්දල යෞවන සමාජ සම්මේලනය****                       මගින්   ක්‍රියාත්මක කරනු ලබන                           *"හරිත...
07/02/2021

***බෝපේපෝද්දල යෞවන සමාජ සම්මේලනය****
මගින් ක්‍රියාත්මක කරනු ලබන
*"හරිත විප්ලව ව්‍යාපෘතිය"*
යටතේ ආරම්භය සනිටුහන් කරමින් ,
ඕපාත රන්තරු යෞවන සමාජය විසින්
*73 වන නිදහස් දින*
ඕපාත දීපාරාම විහරස්ථානයේ
හා
ඕපාත රාහුල විද්‍යාලයේ
*පැළ සිටුවීමේ වැඩසටහන*
හා ඕපාත රාහුල විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ
තණකොළ කැපීම, ‍
යෞවන සමාජ සාමාජිකයින් එක්ව
සාර්ථකව නිම කරන ලදි.
මේ සදහා සහාය දැක්වූ ග්‍රාම නිලධාරිනිය සහ පැළ සදහා අනුග්‍රහය දැක්වු ප්‍රාදේශීය සභා මන්ත්‍රී චනක චමල් මැතිතුමා ඇතුළු සියලු දෙනාට හෘද්‍යාංගම ස්තූතිය පුදකර සිටිමු ...🙏🙏🙏

Address

Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Ran Tharu Youth Club - රන්තරු යෞවන සමාජය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category