12/01/2022
අභිරහස් උමගය...
සාලිය කුමරුන් සහ අශෝකමාලා දෙදෙනා සැගව සිටඇති බව කියවෙන ගල්ගිරියාකන්ද තුල සැගව ඇති විශේශම නිර්මානයක් තමයි උමගය.
මෙම උමගය පිලිබදව ගැමියන් තුල විවිද මතවාද පවතිනවා.
දුටු ගැමුනු රජුගේ එකම පුතාවන සාලිය කුමාරයා සැඩොල් තරුනියක් වන අශෝකමාලා සමගින් ගල්ගිරියාකන්ද තුල සැගව සිටිනබව දැනගත් පසු සාලිය කුමරුන්ව සොයාගැනීමට දුටුගැමුනු රජතුමාගේ සේනාව ගල්ගිරියා කන්ද වටකොට ඇති බව දැනගත් සාලිය කුමරු අශෝකමාලාවන් සමග පලා යාමට මෙම උමගය සාදාන්නට ඇති බය බොහො දෙනාගේ මතය වන අතර මෙම උමගය අනුරාධපුරය දක්වා සහා රාජංගනය ජලාශය දක්වා ඇති බවට විවිධ මත පලවෙනවා..
මීට අවුරුදු 100ට පමන ඉහතදි මේ කන්ද තුල විශාල නාගයෙකු වාසය කල බවත් එම නාගයා මෙම උමගය තුල ජීවත් වූ අතර එම නාගයාට සිදු වූ අනතුරකින් ඇති උනු තුවාලයලට වෙදකම් කෙරූ වෙද මහතෙකුගේ කතාවක් එම ප්‍රදේශයේ දැනට ජීවත්වන ගැමියන්ගෙන් පවසනව..
මෙම උමගය තුලට ඇතුල් වී යම් දුරක් ගිය පසු තවත් උමං මාර්ග තුනක් හමුවන අතර ඉන් එක් මාර්ගයක් අනුරාදපුරයටද තවත් එක් මාර්ගයක් රාජංගනයටද අනිත් මාර්ගය රත්තරනින් නිමවුනු බුදු පිලිමයක් සහිත බුදු කුටියකට ඇතිබත් එක් පිරිසකගේ මතයකි. අශෝකමාලා විසින් උයමින් සිටි පොලොස් වෑංජනය තවමත් මෙම උමගය තුල තිබෙන බවට තරමක් උපහාසාත්මක කතාවක් මමද ආසා තිබේ..
ඒ සියලු කතා ගේතු කතා පමනක්ම විය හැකිය. ඒ කෙසේ නමුත් ලංකාවේ දිගම කන්ද තුල මේ වැනි නිර්මානයක් හමු වීම අපේ රටේ ඉතිහාසය පිලිබඳව බොහෝ කරුනු සැග වී ඇති බව මගේ අදහසයි.
ඉතිහාසය පිලිබඳව විවිධ පර්‍යේශන සිදු කරන පිරිස් අපේ රටේ සිටියත් ඒ කිසිවෙක් මෙම උමගය පිලිබඳව කිසිම පර්‍යේශනයක් සිදු කර නැත්තේ මෙම ස්තානය පිලිබද දන්නා පිරිස අඩු නිසා හෝ ජන්ප්‍රවාදවල සදහන් වන තරම්ම සත්‍යක් මෙම උමග තුල නැති නිසාද විය හැකිය. සත්‍ය අසත්‍ය බාහිර පෙනුමෙන් නිගමන කරනවා හැර කිසිවෙකුත් මෙම උමගය තරණය කල බවට කිසිම සාක්ෂියක් නැත. එක් වයසක පුද්ගලයෙක් පමනක් මෙම උමගය තුලට ඇතුල් වී ඇති නමුත් නැවත ඔහු එලියට පැමින නැති බව ඇතමුන් පවසනවා...
මෙම උමගයට කිසිවෙක් ඇතුලු උවහොත් උමගයේ දොරවල් වැසෙන බවත්. ආයෙත් කිසි දා එලිය ඒමට නොහැකි බවත්, උමගයේ මැද කොටසෙදි බූගත ජල පහරක් හමුවන බවත්, උමගය අබ්‍යන්තරයට වාතය මුසු වීමය සුලන් කවුලු නිර්මානය කර තිබෙන බව වගේ විවිධ මතවාදයන් අසන්නට ලැබෙනවා.
දැනට මෙම උමගය වවුලන්ගේ නිජ බිමක් වී ඇති අතර මීටර් 100ක් පමන දුරට මාර්ගය ගල් පතුරු කඩා වැටිම නිසාත් වවුලන්ගෙ අපද්‍රව්‍ය නිසාත් උමගය තුලට ඇතුල් වීම ඉතා අපහසු තත්වයක් උවත් ඒ දුර ප්‍රමානය අපහසුවෙන් හෝ පසු කලවිට හමුවන තැනිතලා මාර්ගය පැහැදිලි වන නමුත් හුස්ම ගැනීමට තරම් පිරිසිදු වාතාශ්‍රක් නොමැති නිසා ගමන ඉතා අසිරුය.
ඉතා අසීරුවෙන් හෝ යා හැකි උපරිම දුර (300Mපමන) ගිය පසු හමු වන්නේ ඉතා සිනිදුවට ඔප දැමු ගල්පර්වතය හා අඩි 6ක පමන විශ්කම්භයක් සහිත මඩ වලක් පමනි. බොහෝ කාලයක් පුරාවට මෙම උමගය භාවිතා නොකොරීම නිසා පස්වලින් වැසීගොස් ගල්පර්වතයේ දිය සීරාවන් ගාලාගෙනවිත් එම පස් තට්ටුව මඩ බවට පත්වී ඇති බවක් නිගමනය කල හැකිය.
එසේත් නොමැතිනම් කවුරුන් හෝ විසින් හිතා මතාම වසා දමා තිබෙනවා විය හැකිය.
මීටර් 450ක් පමන උස කදුවැටියක මැද කොටසේ පිහිටන මෙම උමං මාර්ගය පොලොව මට්ටමේ සිට මීටර් 300කට ආසන්න උසකින් පිහිටන නිසා කෙසේ හෝ මෙම උමගය පොලොවට සම්බන්ද වීමට අවශ්‍ය නිසා මඩවලින් වැසී ගොස් ඇත්තෙ උමගයේ පහලට බැසීමට ඇති දොරටුව විය හැකිය.
මේ සියලු දේ සත්‍යක්ද යන්න සනාතකරගත හැකිවන්නේ ඔබ විසින්ම සියැසින් දුටුවහොත් පමනි.
ගල්ගිරියාකන්ද තුල පිහිටි සාලිය ආරන්‍ය කොටසේ මෙම උමගය පිහිටා ඇති නිසා විහාරවාසි හිමිවරුන්ගේ අවසරයකින් තොරව මෙම ස්තානය ලගා වීමට නොහැකිය. උමගය තුලට ඇතුල් වීමටනම් විශේෂ අවසරයක් ලබාගත යුතුය.