Embilipitiya Pradeshiya Sabha

Embilipitiya Pradeshiya Sabha Public services

563.  #බොදු_බැති_ගී_සරණියෙන්_වෙසක්_අසිරිය_විඳි ගමකන්ද ශ්‍රී රතනාලංකාර විහාරස්ථානයඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ...
01/06/2026

563. #බොදු_බැති_ගී_සරණියෙන්_වෙසක්_අසිරිය_විඳි ගමකන්ද ශ්‍රී රතනාලංකාර විහාරස්ථානය

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දියපොට කොට්ඨාසයට අයත් ගමකන්ද ශ්‍රී රතනාලංකාර විහාරස්ථානයේදී ගෞරවනීය පූජ්‍ය වලල්ගොඩ ධම්මානන්ද පිංවත් නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා මග පෙන්වීමෙන් අලංකාර බොදු බැති ගී සරණියක් සංවිධානය කර තිබුණි.

මෙම පුණ්‍යෝත්සව අවස්ථාව සඳහා ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නය වැඩමවා වදාළ අතර, බුදු දහමේ අගය ජනතාව අතර ව්‍යාප්ත කරමින් ආධ්‍යාත්මික සුවය හා සංස්කෘතික වටිනාකම් රැක ගැනීමේ වැදගත් පණිවිඩ රැසක් ද ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ #ගරු_සභාපති වෛද්‍ය වසන්ත කුමාරසිරි මැතිතුමන්, දියපොට කොට්ඨාස මන්ත්‍රී ඉන්දික චමිල් මහතා, මන්ත්‍රී කීර්තිරත්න මහතා, හිටපු නියෝජ්‍ය කතානායකතුමා, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් රැසක් සහභාගී වූහ.

එමෙන්ම දරුදැරියන්, දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය වඩාත් වර්ණවත් විය.

මෙම සාර්ථක වැඩසටහන සංවිධානය කිරීම සඳහා ශ්‍රී රතනාලංකාර දහම් පාසලේ දූ දරුවන්, ගුරු මණ්ඩලය, දෙමාපියන් සහ දායක සැදැහැවතුන් විශාල කැපවීමකින් කටයුතු කර තිබූ අතර, ඔවුන්ගේ උත්සාහය හා එකමුතුව අගය කළ යුතුය.

🌼 බෞද්ධ සංස්කෘතිය හා ආධ්‍යාත්මික වටිනාකම් අනාගත පරපුර වෙත දායාද කරමින් මෙවැනි වැඩසටහන් සංවිධානය කරන ශ්‍රී රතනාලංකාර විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම සංවිධායක මණ්ඩලයට අපගේ ගෞරවය, ස්තුතිය සහ පුණ්‍යානුමෝදනා පුද කරමු.

#බොදුබැතිගීසරණිය #ශ්‍රීරතනාලංකාරවිහාරය
#ගමකන්ද #දියපොට #ඇඹිලිපිටිය #දහම්පාසල #බෞද්ධසංස්කෘතිය

#සුදු_මිනිස්සු
#සහකම්පනය
#දයාන්විත_සමාජයක්
……………………………………………………………
#පොහොසත්_රටක්________
#ලස්සන_ජීවිතයක්________
____________________________________

embilipitiya.ps.gov.lk

Contact Us: 047 22 61 275
047 22 62 275
070 770 1007
[email protected]
_____________________________________

562.  #පොතක්_කියවමු_අංක_05 ුවෝ … කියවමු... #ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ “පොත් මගේ නෙත් වගේ” ව්‍යාපෘතියට සමගාමීව අද අපි හ...
01/06/2026

562. #පොතක්_කියවමු_අංක_05
ුවෝ … කියවමු...

#ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ “පොත් මගේ නෙත් වගේ” ව්‍යාපෘතියට සමගාමීව අද අපි හඳුන්වා දෙන්නේ ප්‍රසිද්ධ ලේඛක ටී.බී. ඉලංගරත්නයන් විසින් රචිත ුවෝ නම් කෘතිය යි.

අපි නැවතත් ළමා කාලයට යමුද...?

පොතක් කියවන්න ඔබට වෙලාවක් මදි ඇති. කාර්ය බහුල ජීවිතේ එක්ක දවසම ගෙවෙන්නේ දුවමින්. ඒත් මොහොතක් නවතිමු. අපේ මතක ගොන්න අවුස්සන, හදවතට ළං වූ පැරණි මිතුරෙක් නැවත හමුවෙමු.

ඔබට මතක ඇති... අපි පාසල් යන කාලයේ ආදරයෙන් කියවපු පොතක් තිබුණා. ඒ තමයි අඹ යහළුවෝ.

ප්‍රවීණ ලේඛක ටී. බී. ඉලංගරත්න මහතාගේ අතිශය ජනප්‍රිය නිර්මාණයක් වූ මෙම නවකතාව, දශක ගණනාවක් පුරා පාඨක හදවත් දිනා ගත් කෘතියකි. පසුව මෙය ටෙලිනාට්‍යයක් ලෙස ද නිර්මාණය වූ අතර, එය නැරඹූ බොහෝ දෙනෙකුගේ මතකයේ අදත් නොමැකී පවතී.

"අඹ යහළුවෝ" කියන්නේ ළමා මිතුරන් දෙදෙනෙකුගේ කතාවක් විතරක් නෙවෙයි. එය මිත්‍රත්වය, අවංකකම, ආදරය, පවුල් බැඳීම් සහ ජීවිතයේ සැබෑ වටිනාකම් ගැන කියා දෙන සංවේදී කතාවක්.

කතාව කියවන විට අපිත් ඒ චරිත එක්කම ජීවත් වෙනවා වගේ හැඟීමක් ඇති වෙනවා.

අද සමාජ මාධ්‍ය අතරේ අතරමං වෙලා ඉන්න අපිට, ඒ සරල ළමා ලෝකය නැවත මතක් කර දෙන්න මේ පොතට පුළුවන්. එහි පිටු අතර සැඟවුණු අපේම ළමා කාලයේ මතක, සිහින සහ හැඟීම් නැවත අවදි වෙනවා.

ඒ නිසා දවසේ පොඩි වෙලාවක් වෙන් කරගෙන නැවත වරක් අඹ යහළුවෝ අතට ගනිමු.

එක හුස්මට කියවාගෙන යන අතරේ අපි නොදැනීම ආපහු අපේ ළමා කාලයට යාවි. මතකයන් අලුත් වේවි. හදවත සැහැල්ලු වේවි.

ඔබත් "අඹ යහළුවෝ" කියවලා තියෙනවා ද? එහෙනම් ඒ පොතේ ඔබට අමතක නොවන චරිතය හෝ සිදුවීම මොකක්ද කියලා පහළින් ලියන්න.

පල්ලෙබැද්ද, උඩවලව, පනාමුර සහ කුට්ටිගල යන අපගේ මහජන පුස්තකාලවල මෙම කෘතිය ඔබ⁣ට කියවීමට පහසුකම් සලසා ඇත...

ඒ පිළිබඳ ඔබගේ අදහස් ලියන්න. තවත් කතා කළ යුතු පොත් ගැන විස්තර ද අප වෙත යොමු කරන්න.

ඔබගේ අදහසට ඇඹිලිපිට්ය ප්‍රාදේශීය සභාව වේදිකාවක් වීමට කැමැත්තෙමු...

#අඹයහළුවෝ #ටීබීඉලංගරත්න #සිංහලනවකතා #කියවීම #පොත්සුවඳ #ළමාකාලය #මතකයන් #සිංහලසාහිත්‍ය
#පොතක්කියවමු


#පොහොසත්_රටක්________
#ලස්සන_ජීවිතයක්________
____________________________________

embilipitiya.ps.gov.lk

Contact Us: 047 22 61 275
047 22 62 275
Wtsapp:- 070 770 1007
Email :- [email protected]
____________________________________

561. චිත්‍රපටියක් බලමු - 01 අධික කාර්යබහුල ජීවිතයේ මොහොතක්... හොඳ චිත්‍රපටියක් සමඟ!එදිනෙදා ජීවිතයේ වැඩ රාජකාරි, වගකීම් ස...
31/05/2026

561. චිත්‍රපටියක් බලමු - 01

අධික කාර්යබහුල ජීවිතයේ මොහොතක්...
හොඳ චිත්‍රපටියක් සමඟ!

එදිනෙදා ජීවිතයේ වැඩ රාජකාරි, වගකීම් සහ කාර්යබහුලත්වය අතර අපට අප වෙනුවෙන් මොහොතක් වෙන් කර ගැනීමට බොහෝ විට අමතක වේ. එහෙත් හොඳ කෘතියක් නැරඹීම යනු විනෝදාස්වාදයක් පමණක් නොව, ජීවිතය දෙස වෙනස් ඇසකින් බැලීමට ලැබෙන අවස්ථාවක් ද වේ.

අද සිට ආරම්භ කරන මෙම චිත්‍රපට සංවාද මාලාවේ
#පළමු_දිගහැරුම ලෙස ඔබ වෙත ගෙන එන්නේ සිංහල සිනමාවේ සුවිශේෂී නිර්මාණයක් වන #විෂම_භාග චිත්‍රපටයයි.

සමාජයේ විවිධ ස්ථරවල ජීවත් වන මිනිසුන්ගේ ජීවිත, ඔවුන් මුහුණ දෙන ගැටලු, බලාපොරොත්තු සහ මානව සබඳතා ඉතා සංවේදී ලෙස නිරූපණය කරන මෙම චිත්‍රපටය නරඹන්නාගේ සිතට සමීප වන්නේ එහි ඇති යථාර්ථවාදීත්වය නිසාය. ජීවිතය සෑම කෙනෙකුටම එකම ලෙස බෙදී නොයන බවත්, සමාජයේ ඇති විෂමතා මිනිස් ජීවිතවලට කෙසේ බලපානවා ද යන්නත් මෙම නිර්මාණය අපට මතක් කර දෙයි.

අපේ සමාජයේ නොකියවෙන කතා, නොඇසෙන හඬවල් සහ නොපෙනෙන වේදනා රූප රාමුවකට ගෙන එමින්, ප්‍රේක්ෂකයා සිතන්නට පොළඹවන මෙම චිත්‍රපටය විනෝදාස්වාදයට පමණක් සීමා නොවන අත්දැකීමකි.

විෂමභාග චිත්‍රපටියේ ලින්ක්එක....

ඇඹිලිපිට්ය ප්‍රාදේශීය සභාවේ #සුදු_මිනිස්සු_සහකම්පනීය_සංස්කෘතික ව්‍යාපෘතියට සමගාමීව

සමාජයක් සුන්දර කිරීමට මනුෂ්‍යත්වය, කරුණාව සහ සහකම්පනය ගොඩනැගීම සඳහා ය ....

එසේ නම්, ඔබට දැනුණු හැඟීම සහ ඔබේ අදහසත් පහළින් සටහන් කරන්න.

#විෂමභාග
#සිංහලචිත්‍රපට #සිනමාව #කියවමුබලමුසිතමු

#සුදු_මිනිස්සු
#සහකම්පනය
#දයාන්විත_සමාජයක්
……………………………………………………………
#පොහොසත්_රටක්________
#ලස්සන_ජීවිතයක්________
____________________________________

embilipitiya.ps.gov.lk

Contact Us: 047 22 61 275
047 22 62 275
070 770 1007
[email protected]
_____________________________________

560.  #වේදිකා නාට්‍යයක් බලමු - 04 #හුණුවටයේ_කතාව බලමු...The Caucasian Chalk Circle නාට්‍යයමෙම වේදිකා නාට්‍යය බැලූ ඔබට දැ...
31/05/2026

560. #වේදිකා නාට්‍යයක් බලමු - 04
#හුණුවටයේ_කතාව බලමු...
The Caucasian Chalk Circle නාට්‍යය

මෙම වේදිකා නාට්‍යය බැලූ ඔබට දැනෙන අදහස් පුළුවන් විදිහට ලියන්න....
-------------------------------------------------------------
සිව්වන වැඩසටහන ලෙස තෝරා ගත්තේ #බර්ටෝල්_බ්‍රෙෂ්ට්ගේ #හුණුවටයේ_කතාව වේදිකා නාට්‍ය යි.

විවිධ හේතු නිසා අපි හැමෝම අද බොහෝ අවිවේකී ජීවිත ගත කරනවා. රැකියා, වගකීම්, ජංගම දුරකථන, සමාජ මාධ්‍ය අතරේ හිතට නිදහසක් ලැබෙන මොහොතක් හොයාගන්නත් අමාරුයි. ඒත් මේ කාර්යබහුල ජීවිතයෙන් චූටි වෙලාවක් වෙන් කරගෙන වේදිකා නාට්‍යයක් බලන එක ඔබට අලුත්ම අත්දැකීමක් වෙයි.

නාට්‍යයක් බලන එක විනෝදාස්වාදයක් විතරක් නෙවෙයි. එය මනුෂ්‍යත්වය තේරුම් ගැනීමට, සමාජය ගැන සිතන්න, සංස්කෘතියට සමීප වීමට ලැබෙන අවස්ථාවක්. පවුලේ අයත්, යහළුවනුත් එක්ක ගිහින් නාට්‍යයක් බලන එක අමතක නොවන මතකයක් වෙන්නත් පුළුවන්.

ඉතින්…
ජීවිතේ කාර්යබහුලකම මැද, හිතට නිදහසක් දෙන්න.

ජංගම දුරකථනය ටික වෙලාවකට අමතක කරන්න.

කලාකාරයන්ගේ මහන්සිය අගය කරන්න.

චූටි වෙලාවක් වෙන් කරගෙන වේදිකා නාට්‍යයක් බලමු…

"හුණුවටයේ කතාව", හෙන්රි ජයසේනයන් විසින් නිර්මාණය කරන ලද විශිෂ්ට නාට්‍යයකි. ලොව ප්‍රකට ජර්මානු නාට්‍යවේදී බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ The Caucasian Chalk Circle නාට්‍යය ඇසුරෙන් නිර්මාණය වූ මෙම කෘතිය අදටත් ප්‍රේක්ෂක හදවත් තුළ ජීවමානව පවතී.

හුණුවටයේ කතාව වේදිකා නාට්‍යයේ ලින්ක්එක....
https://tinyurl.com/mvdwfxbs

ඇඹිලිපිට්ය ප්‍රාදේශීය සභාවේ #සුදු_මිනිස්සු_සහකම්පනීය_සංස්කෘතික ව්‍යාපෘතියට සමගාමීව

සමාජයක් සුන්දර කිරීමට මනුෂ්‍යත්වය, කරුණාව සහ සහකම්පනය ගොඩනැගීම සඳහා ය ....

#වේදිකානාට්‍ය #සිංහලසාහිත්‍ය #කියවීමේඅසිරිය

#සුදු_මිනිස්සු
#සහකම්පනය
#දයාන්විත_සමාජයක්
……………………………………………………………
#පොහොසත්_රටක්________
#ලස්සන_ජීවිතයක්________
____________________________________

embilipitiya.ps.gov.lk

Contact Us: 047 22 61 275
047 22 62 275
070 770 1007
[email protected]
_____________________________________

559.  #ගීයක_අරුත_සොයා_08මෙම ගීතයේ අරුත ඔබට දැනෙන විදිහට ලියන්න....------------------------------------------------------...
31/05/2026

559. #ගීයක_අරුත_සොයා_08

මෙම ගීතයේ අරුත ඔබට දැනෙන විදිහට ලියන්න....
-------------------------------------------------------------

කහවන් ගොයමට රන්දිය වැහැලා, නියරින් ඉතිරෙනවා ...
ගස්වල හෙවණැලි වැඩියෙන් කළුවී, මිහිමත වැතිරෙනවා...
විහඟ වලා ගුවන වෙලා, දුර අහසේ නොපෙනී යනවා...
කවියක් ගීයට හැරුණ කලක් දෝ, ඉපනැලි නළියනවා...

මින්නේරිය වැව දැන් නිල් කැටයකි, තැන තැන රඟ දෙනවා....
එක දෙක දිය ‍රැළි හුළඟට කැඩි කැඩි, සුදු කිරි මතු වෙනවා...
මුතු අමුණා ගී මුමුණා, දුර වෙරළට ‍රැළි ඇද්දෙනවා...
මින්නේරිය වැව පටසළු ඇඳගෙන, ඔන්චිලි පැද්දෙනවා...

මහසෙන් රජ වැඳ නින්දට යන්නට පෙරයම සැරසෙනවා...
අවුරුදු දහසක් කෙත්බිම් සරුකොට, හිනැහී සැනහෙනවා...
යල වපුරා මහ වපුරා, ගොයමට දිය ‍රැළි නංවනවා...
මින්නේරිය වැව හෙට හී කවියෙන් උදයට ළං වෙනවා...

පද රචනය: ගරු මර්සිලින් ජයකොඩි පියතුමා

සංගීතය: ඩන්ස්ටන් ද සිල්වා
ගායනය: නාලනී රණසිංහ

ගීතයේ ලින්ක්එක....
https://tinyurl.com/3rjujd74

කාර්යබහුල ජීවිතයේ මොහොතක් නවතා, සොබාදහමත් ඉතිහාසයත් එකට මුසු වූ අපූරු ගීතයක් අසන්නට ඔබ කැමති ද?

"කහවන් ගොයමට රන්දිය වැහැලා, නියරින් ඉතිරෙනවා..." යන පද පෙළින් ආරම්භ වන “මින්නේරිය වැව” ගීතය එවැනි අමරණීය නිර්මාණයකි.

මෙම ගීතය රචනා කර ඇත්තේ ශ්‍රී ලාංකේය සාහිත්‍යයට සහ ගීත කලාවට අමිල දායාද රැසක් ලබාදුන් මර්සිලින් ජයකොඩි පියතුමා විසිනි. එයට සංගීතය එක් කර ඇත්තේ ඩන්ස්ටන් ද සිල්වා මහතා වන අතර, මධුර හඬින් ගායනා කරන්නේ නාලනී රණසිංහ මහත්මියයි.

මෙම ගීතයේ ඇති සුන්දරත්වය වන්නේ, මින්නේරිය වැව හුදෙක් ජලාශයක් ලෙස නොව ජීවමාන චරිතයක් ලෙස ඉදිරිපත් කිරීමයි. නිල් කැටයක් මෙන් දිලිසෙන වැව, සුළඟට කැඩෙන දියරැළි, කහවන් ගොයම් කෙත් සහ සන්ධ්‍යා අහසේ රූමත් බව පදවලින්ම චිත්‍රයක් සේ අප ඉදිරියේ මැවෙයි.

එමෙන්ම, මෙම ගීතය ශ්‍රී ලංකාවේ වාරි ශිෂ්ටාචාරයේ ශ්‍රේෂ්ඨ නිර්මාතෘවරයෙකු වූ මහසෙන් රජතුමා සිහිපත් කරයි. අවුරුදු දහසකට අධික කාලයක් පුරා කෙත්බිම් සරුසාර කළ මින්නේරිය වැව, අදත් ගොවි ජනතාවගේ ජීවනාලිය බව මෙම ගීතය අපට මතක් කර දෙයි.

ඇඹිලිපිට්ය ප්‍රාදේශීය සභාවේ #සුදු_මිනිස්සු_සහකම්පනීය_සංස්කෘතික ව්‍යාපෘතියට සමගාමීව

සමාජයක් සුන්දර කිරීමට මනුෂ්‍යත්වය, කරුණාව සහ සහකම්පනය ගොඩනැගීම සඳහා ය ....

ඔබගේ අදහස් මෙහි ලියා එවන්න....

මීළඟට ඉදිරිපත් කළ යුතු ගීතයක් කියන්න...

#මින්නේරියවැව #නාලනීරණසිංහ #මර්සිලින්ජයකොඩි #ඩන්ස්ටන්දසිල්වා #සිංහලගීත #වාරිශිෂ්ටාචාරය #ගීතවින්දනය #සොබාදහම 🌾🎵💙

#සුදු_මිනිස්සු
#සහකම්පනය
#දයාන්විත_සමාජයක්
……………………………………………………………
#පොහොසත්_රටක්________
#ලස්සන_ජීවිතයක්________
____________________________________

embilipitiya.ps.gov.lk

Contact Us: 047 22 61 275
047 22 62 275
070 770 1007
[email protected]
___________________________________

558.  #දන්සලට_ස්තුතියි!අප බල ප්‍රදේශයේ ගුණාත්මක හා සෞඛ්‍යාරක්ෂිත වෙසක් දන්සල් පැවැත්වූ සැමට ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ ...
30/05/2026

558. #දන්සලට_ස්තුතියි!

අප බල ප්‍රදේශයේ ගුණාත්මක හා සෞඛ්‍යාරක්ෂිත වෙසක් දන්සල් පැවැත්වූ සැමට ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ උපහාරය! 🙏

2026 වෙසක් පුන් පෝය දිනය නිමිත්තෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සංවිධානය කර තිබූ දන්සල් කිහිපයක් හැරෙන්න,

බොහෝමයක් දන්සල් ඉතා ඉහළ සෞඛ්‍යාරක්ෂිත හා ගුණාත්මක මට්ටමකින් පවත්වාගෙන ගිය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) විසින් සිදු කළ පරික්ෂාවන් මඟින් තහවුරු කර තිබේ.

මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ දැඩිව අවධානය යොමු කරමින්, ඉතාමත් ක්‍රමවත්ව හා උසස් ප්‍රමිතියකින් යුතුව මෙම උදාර පිංකම් සාර්ථක කර ගැනීමට කැප වූ සියලුම දන්සල් සංවිධායක මණ්ඩල වෙත, දායකත්වය දැක්වූ පින්වතුන් වෙත සහ සහයෝගය දුන් ප්‍රදේශවාසී සැමට අපගේ හෘදයාංගම ස්තුතිය මෙසේ ගෞරවයෙන් පුද කර සිටිමු!

එමෙන් ම අනගි සහයක් ලබා දුන් ඇඹිලිපිටිය සහ උඩවලව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දෙපළ සහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී දෙපල ඇතුළුු සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ට විශේෂ ස්තුතිය පුද කරන්නෙමු 👍🌟

වෛද්‍ය වසන්ත කුමාරසිරි
සභාපති,
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව.





#පොහොසත්_රටක්________
#ලස්සන_ජීවිතයක්________

📞 වැඩි විස්තර සඳහා:
____________________________________

embilipitiya.ps.gov.lk

☎️Contact Us: 047 22 61 275
047 22 62 275
070 770 1007
[email protected]
___________________________________

557.  #විශේෂ_දැනුම්දීමක් !!!ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ 2026 වර්ෂයේ මැයි මස 27 දින සිට ජුනි මස 02 දින දක්වා කාලය “වෙසක් ...
29/05/2026

557. #විශේෂ_දැනුම්දීමක් !!!

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ 2026 වර්ෂයේ මැයි මස 27 දින සිට ජුනි මස 02 දින දක්වා කාලය “වෙසක් සතිය” ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව, 2026 මැයි මස 30, 31 සහ ජුනි මස 01 යන දිනයන්හි දිවයින පුරා පහත සඳහන් ස්ථාන වසා තැබිය යුතු බව දැනුම් දෙමු.

🔸 මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන
🔸 මස් මාංශ අලෙවිසැල්
🔸 සුපිරි වෙළඳසැල්වල මස් මාංශ අලෙවි අංශ
🔸 රේස් බුකි
🔸 කැසිනෝ ශාලා
🔸 සමාජ ශාලා

වෙසක් උත්සවයේ ආධ්‍යාත්මික, සදාචාරාත්මක සහ සංහිඳියාත්මක වටිනාකම් සුරැකීම වෙනුවෙන් සියලුම අදාළ ව්‍යාපාරික ස්ථාන හා ආයතන මෙම උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

🙏 අහිංසාව, දයාව, කරුණාව සහ සමාජ සංහිඳියාව පිරි නිවුණු වෙසක් සතියක් සියලු දෙනාට උදා වේවා!

වෛද්‍ය වසන්ත කුමාරසිරි
සභාපති
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව

#වෙසක්2026




#පොහොසත්_රටක්________
#ලස්සන_ජීවිතයක්________

📞 වැඩි විස්තර සඳහා:
____________________________________

embilipitiya.ps.gov.lk

☎️Contact Us: 047 22 61 275
047 22 62 275
070 770 1007
[email protected]
___________________________________

556.  #වාර්ෂික_අයවැය - 2027 සඳහා ස්වෙච්ඡා සංවිධාන සමඟ සාකච්ඡාව සාර්ථකව පැවැත්විණි.ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ 2027 වාර්ෂ...
28/05/2026

556. #වාර්ෂික_අයවැය - 2027 සඳහා ස්වෙච්ඡා සංවිධාන සමඟ සාකච්ඡාව සාර්ථකව පැවැත්විණි.

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ 2027 වාර්ෂික අයවැය සකස් කිරීමේදී ජනතා අවශ්‍යතා සහ යෝජනා වඩාත් ප්‍රායෝගිකව අන්තර්ගත කිරීමේ අරමුණින්,
ප්‍රදේශයේ ස්වෙච්ඡා සංවිධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡා වැඩසටහනක් 2026.05.26 දින ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී #ගරු_සභාපති වෛද්‍ය වසන්ත කුමාරසිරි මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී ආර්ථික, ප්‍රජා සහ සමාජීය සංවර්ධනයට අදාළ වැදගත් යෝජනා රැසක් ඉදිරිපත් වූ අතර, ප්‍රදේශයේ ජනතාවට වඩාත් ඵලදායී සහ තිරසාර සේවාවක් ලබාදීම සඳහා ඒවා අයවැය සැලසුම්වලට එක් කිරීමට අවධානය යොමු කරන ලදී.

මේ අවස්ථාව සඳහා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ.ජී නන්දසේන මහතා සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් තුමා සහ බලප්‍රදේශය තුල ස්වෙච්ඡා සංවිධාන ප්‍රධානීන් සම්බන්ධ විය.

අපගේ ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් වටිනා අදහස් හා යෝජනා ඉදිරිපත් කළ සියලු ස්වෙච්ඡා සංවිධාන නියෝජිතයින්ට ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ ස්තුතිය පුද කරමු. 🙏

#පොහොසත්_රටක්________
#ලස්සන_ජීවිතයක්________

📞 වැඩි විස්තර සඳහා
_____________________________________

embilipitiya.ps.gov.lk

Contact Us: 047 22 61 275
047 22 62 275
070 770 1007
[email protected]
____________________________________

555. රාජ්‍ය වෙසක් උත්සවය - 2026 නිමිත්තෙන් විශේෂ දැනුම්දීමක් 🪔ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ 2026 වර්ෂයේ මැයි මස 27 දින සිට...
28/05/2026

555. රාජ්‍ය වෙසක් උත්සවය - 2026 නිමිත්තෙන් විශේෂ දැනුම්දීමක් 🪔

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ 2026 වර්ෂයේ මැයි මස 27 දින සිට ජුනි මස 02 දින දක්වා කාලය “වෙසක් සතිය” ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති උපදෙස් අනුව, 2026 මැයි මස 30, 31 සහ ජුනි මස 01 යන දිනයන්හි දිවයින පුරා පහත සඳහන් ස්ථාන වසා තැබිය යුතු බව කාරුණිකව දැනුම් දෙනු ලැබේ.

🔹 මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන
🔹 මස් මාංශ අලෙවිසැල්
🔹 සුපිරි වෙළඳසැල්වල මස් මාංශ අලෙවි අංශ
🔹 රේස් බුකි
🔹 කැසිනෝ ශාලා
🔹 සමාජ ශාලා

වෙසක් උත්සවයේ ආධ්‍යාත්මික හා සදාචාරාත්මක වටිනාකම් ආරක්ෂා කිරීම වෙනුවෙන්, සියලුම අදාළ ව්‍යාපාරික ස්ථාන සහ ආයතන මෙම උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.

🙏 අහිංසාව, දයාව සහ සමාජ සංහිඳියාව පිරි වෙසක් සතියක් වේවා!

වෛද්‍ය වසන්ත කුමාරසිරි
සභාපති
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව 🪔

#වෙසක්2026




#පොහොසත්_රටක්________
#ලස්සන_ජීවිතයක්________

📞 වැඩි විස්තර සඳහා:
____________________________________

embilipitiya.ps.gov.lk

☎️Contact Us: 047 22 61 275
047 22 62 275
070 770 1007
[email protected]
___________________________________

554.  #අසිරිමත්_වෙසක්_තව_දිනයයි🟡 සුරක්ෂිත වෙසක් සැමරුමක් සඳහා සෞඛ්‍යාරක්ෂිත දන්සල් පවත්වා ගනිමු.2026 වර්ෂයේ වෙසක් මංගල්‍...
28/05/2026

554. #අසිරිමත්_වෙසක්_තව_දිනයයි

🟡 සුරක්ෂිත වෙසක් සැමරුමක් සඳහා සෞඛ්‍යාරක්ෂිත දන්සල් පවත්වා ගනිමු.

2026 වර්ෂයේ වෙසක් මංගල්‍යය නිමිත්තෙන් දිවයින පුරා මෙන්ම ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ද විවිධාකාර දන්සල් රැසක් පිංවත් දානපතින්ගේ හා ප්‍රදේශවාසීන්ගේ සම්මාදම් සහිතව සංවිධානය කර තිබීම බෞද්ධ සංස්කෘතියේ දානමය ගුණාංගය විදහා දක්වන උතුම් ක්‍රියාවකි.

මෙවර වෙසක් සමයේ මහජන සෞඛ්‍ය ආරක්ෂාව ප්‍රමුඛ කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සියලු දන්සල් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (MOH) කාර්යාලවල ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇත.

ඒ අනුව,
🔹 උඩවලව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් ග්‍රාම නිලධාරි වසම් 15ක් ආවරණය වන පරිදි දන්සල් 46ක් ලියාපදිංචි කර ඇති අතර,

🔹 ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් ග්‍රාම නිලධාරි වසම් 16ක් ආවරණය වන පරිදි දන්සල් 56ක් ලියාපදිංචි කර ඇත.

වර්තමානයේ රට තුළ යළි හිස ඔසවමින් පවතින ඩෙංගු, මෙනින්ජයිටීස් (මොළේ උණ) සහ ක්ෂය රෝගය වැනි බෝවන රෝගයන්ගෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා දන්සල් සෞඛ්‍යානුකූලව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කරුණකි.

එබැවින්,
✅ පිරිසිදු පානීය ජලය භාවිතා කිරීම.

✅ ආහාර සකස් කිරීමේදී සහ බෙදාහැරීමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම.

✅ අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීම.

✅ මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම.

✅ ජනතාව ගැවසෙන ස්ථාන පිරිසිදුව තබා ගැනීම.

✅ රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් ආහාර සැකසීමෙන් වැළකීම.

යන උපදෙස් දැඩි ලෙස පිළිපැදීම අනිවාර්ය වේ.

මෙම දන්සල් සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යන බව තහවුරු කිරීම සඳහා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව, උඩවලව සහ ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයන්ගේ අධීක්ෂණය යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරු විසින් විශේෂ පරීක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

⚠️ දැනටමත් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා නියමයන් අනුව කටයුතු නොකරන දන්සල් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් ඒවා නවතා දැමීමට කටයුතු කරන බව කාරුණිකව දැනුම් දෙමු.

🙏 “දන්සලක පින සම්පූර්ණ වන්නේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සුරක්ෂිත වූ විටය.” 🙏

**වෛද්‍ය වසන්ත කුමාරසිරි**
සභාපති
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව

ආගමික හා සමාජීය වටිනාකම් ආරක්ෂා කරමින්, ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් මෙවර වෙසක් දන්සැල් සංවිධානය කිරීම සියලු දෙනාගේ වගකීමකි.

#ඩෙංගු_මර්ධනය
#වෙසක්2026





#පොහොසත්_රටක්________
#ලස්සන_ජීවිතයක්________

📞 වැඩි විස්තර සඳහා:
____________________________________

embilipitiya.ps.gov.lk

☎️Contact Us: 047 22 61 275
047 22 62 275
070 770 1007
[email protected]
___________________________________

Address

Embilipitiya
RN70205

Opening Hours

Monday 09:00 - 16:15
Tuesday 09:00 - 16:15
Wednesday 09:00 - 16:15
Thursday 09:00 - 16:15
Friday 09:00 - 16:15

Telephone

+94472261275

Alerts

Be the first to know and let us send you an email when Embilipitiya Pradeshiya Sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Embilipitiya Pradeshiya Sabha:

Share