Galu sinhayo - ගාලූ සිංහයෝ

Galu sinhayo - ගාලූ සිංහයෝ සමාජයට අවශ්‍ය පණිවිඩය සැනකින්
(1)

18/06/2026

අමුවෙන්ම කිව්වා 🙏

පාස්කු ප්‍රහාරයෙ මහ මොලකරු අල්ලනවට අපි හරි සතුටුයි. 🫡 මෙ ප්‍රශ්න ටිකටත් උත්තර හොයලා.1. සලේ බුද්දි තොරතුර 97 පාරක් දීලත් ...
16/06/2026

පාස්කු ප්‍රහාරයෙ මහ මොලකරු අල්ලනවට අපි හරි සතුටුයි. 🫡 මෙ ප්‍රශ්න ටිකටත් උත්තර හොයලා.
1. සලේ බුද්දි තොරතුර 97 පාරක් දීලත් ශානිලා එක වලක්වා නොගත්තෙ ඇයි?
2. ශානිගෙ නඩුවෙන් එයාව අයින් කලෙ ඇයි?
3. මිනිස්සුන්ට මැරෙන්න ඇරපු ශානිව අනුර කුමාර පරීක්ශන ලොක්කා කලෙ අයි?
4. සහරාන්ලා එක්ක මැරුන ඉබ්‍රහිම්ගෙ තාත්තා අනුර ජනාධිපතිගෙ ලගම හිතවතෙක් උනෙ කොහොමද?
5. මැරුන අන්තවදියාගෙ පියා මාලිමාවෙ ජාතික ලයිස්තුවෙ හිටියෙ ඇයි?
6. හරින් ප්‍රානාන්දුගෙ තාත්තට ප්‍රහාරය වෙන දවසෙ උදෙ කවුද කීවෙ?
7. එදා විතරක් කාදිනල් තුමා පාස්කු මන්ගල්ලෙට නාවෙ ඇයි?

ශානී ගේ ගේම්-
13/06/2026

ශානී ගේ ගේම්-

ශානිට කෙලවෙන ලකුණු..* "ISIS කතාව විජයදාස කිව්වා; සහරාන්ගේ රිපෝට් 97ක් එද්දී ශානි-රවි නිදාගෙන හිටියා!"* ඉන්දීය බුද්ධි අංශ...
12/06/2026

ශානිට කෙලවෙන ලකුණු..

* "ISIS කතාව විජයදාස කිව්වා; සහරාන්ගේ රිපෝට් 97ක් එද්දී ශානි-රවි නිදාගෙන හිටියා!"

* ඉන්දීය බුද්ධි අංශ සහරාන්ගේ නම, ගම, ඉලක්ක එක්කම ඔත්තුව දීලත් CID ලොක්කෝ මඟහැරියා; කිසිම කොමිසමකින් සලේ වැරදිකරු කර නැහැ!

* මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ පිටුපස තිබූ ජාත්‍යන්තර ත්‍රස්ත නූල ඉන්ටර්පෝල් එකට නොකියා යටගැහුවා! - අල්විස් කමිටු වාර්තාව උසාවියට!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ජූලි මස 10 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

මෙම පෙත්සම අද (11) අභියාචනාධිකරණයේදී සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව කරුණු ඉදිරිපත් කලේය.

ශ්‍රී ලාංකිකයින් 39 දෙනෙකු සිරියාවට ගොස් ISIS සංවිධානයට සම්බන්ධ වෙලා !

ශ්‍රී ලාංකිකයින් 39 දෙනෙකු සිරියාවට ගොස් අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධවී ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි කියා සිටි ජනාධිපති නීතිඥවරයා මේ පිළිබඳව හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු වන විජයදාස රාජපක්ෂ ද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර තිබෙන බව සිහිපත් කළේය.

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඒ පිටුපස විදේශීය අන්තවාදී ත්‍රස්ත කල්ලියක දෘෂ්ටිවාදය පවතින බවට තොරතුරු හෙළිදරව්වී තිබියදීත් එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ශානි අබේසේකර ඒ පිළිබඳ නිසි විමර්ශන සිදු නොකළ බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.

අදාළ සිද්ධියට විදේශීය ත්‍රස්ත සංවිධානයක දෘෂ්ටිවාදී මැදිහත්වීමක් තිබෙන බවට කරුණු හෙළිදරව්වී තිබියදීත් ජාත්‍යන්තර පොලිසියේ සහය ලබා ගෙන ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කිරීමට හැකියාවක් තිබියදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඒ සම්බන්ධයෙන් නොසැලිකිළිමත්ව කටයුතු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.

සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා 97 ක්

2016 වසරේ අප්‍රේල් මස 20 වනදා සිට 2019 වසරේ අප්‍රෙල් මස 30 වනදා දක්වා කාලසීමාව තුළ සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා 97 ක් පොලිස්පතිවරයා වෙත යොමු කර තිබූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමක සඳහන්ව තිබූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එවැනි අන්තවාදී ක්‍රියාකාරකම්වලට සහාය දක්වන පුද්ගලයින් 129 දෙනෙකුගේ ලයිස්තුවක්ද ඉදිරිපත් කර තිබූ බවත් පැවසුවේය.

එහෙත් මෙවැනි අනතුරු ඇඟවීමේ වාර්තා සම්බන්ධයෙන් එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ රවි සෙනෙවිරත්න යන අය විසින් නිසි විමර්ශන සිදු නොකළ බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කර ඇත.

ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් විසින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කිතුනු දේවස්ථාන, සංචාරක හෝටල් හා ඉන්දීය තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්, පිහි ප්‍රහාරයක්, ට්‍රක් රථ ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බවට ඉන්දීය බුද්ධි අංශ විසින් 2019 වසරේ අප්‍රේල් මස 4 වනදා මෙරට බලධාරීන්ට දැනුම් දී තිබූ බවත් එම ප්‍රහාරයට සහභාගිවීමට නියමිත සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින්ගේ නම්ගම් පවා එම තොරතුරු තුළින් හෙළිදරව් කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

එහෙත් එම කරුණු සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කොට විමර්ශන සිදු කිරීමට වග උත්තරකරුවන් කටයුතු නොකළ බවට චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා එම ප්‍රහාරවලට සුරේෂ් සලේ සම්බන්ධවී ඇති බවට කිසිදු පරීක්ෂණයකින් හෝ පරීක්ෂණ කොමිසමකින් ඉදිරිපත් කළ වාර්තාවලින් අනාවරණවී නොමැති බවත් පැවසුවේය.

විනිසුරු ජයකී ද අල්විස් ගේ කමිටුව

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද හිටපු මහාධිකරණ විනිසුරු ජයකී ද අල්විස් ගේ කමිටුව විසින් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න යන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නිර්දේශ කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව පෙත්සමට අදාළ වැඩිදුර කරුණු දැක්වීම් ජුලි මස 10 වනදා දක්වා කල්තැබීමටද අභියාචනාධිකරණය තීන්දු කළේය

12/06/2026

ශානි අබේසේකරලාගේ රෙදි දවසින් දවස ගැලවෙනකොට..

Anura Kumara Dissanayake දවස ගානේ කක්කි ඇගපුරා ගාගෙන සුවදයිද අහනවා ජෙප්පොන්ගෙන් 😁

පාස්කු ප්‍රහාරය වෙනවා කියලා තොරතුරු 97 වතාවක් දීලා මිනිස්සු මැරෙන්න ඇරපු ශානී අබේසෙකරලා තමා අනුරලාගේ වීරයෝ

යන එනමන් නැති අනාතයෝ ටිකක් විතරයි දැන් මාලීමාවේ ඉතුරුවෙලා ඉන්නේ 🤣මොලේ තියෙන එවුන් මුන්ගේ බොරු තේරුම් අරන් පැත්ත්කට ගියා ...
11/06/2026

යන එනමන් නැති අනාතයෝ ටිකක් විතරයි දැන් මාලීමාවේ ඉතුරුවෙලා ඉන්නේ 🤣

මොලේ තියෙන එවුන් මුන්ගේ බොරු තේරුම් අරන් පැත්ත්කට ගියා මාස 18 ක් යනකොට

11/06/2026

පාස්කු ප්‍රහාරයේ සුළමුල ඉතා කෙටියෙන්..

ඇමරිකානු FBI වාර්ථාවන්ට අනුවත් එසේමයි..

හැබැයි කොටි ඩයස්පෝරාවට අනුව රණවිරුවන් සහ රාජපක්ෂ වරුන් දඩයම් කරන්න ජෙප්පන් විසින් අලුත් නාට්‍යක් නිර්මානය කරමින් සිටී..

එහි Directors ලා වෙලා ඉන්නේ පාස්කු ප්‍රහාරය සිදුවෙන බව ඉන්දියානූ රහස් ඔත්තුසේවෙන් වගේම මෙරට බුද්ධි අංශ 97 වතාවක් ලිඛිතව දැනුම් දීලා තිබුනත් ඒවට ක්‍රියාමර්ග නොගෙන නිතියෙන් දඩුවම් ලැබූ දෙදෙනෙක්😂

ස්වාධීන පරීක්ෂණ වෛද්‍ය මණ්ඩලයේද නැත..කොටින්ට කඩේ ගිය වෛද්‍ය වරු දාගෙන..අනුර කියන්නේ කොටි ඩයස්පෝරාවෙ මුදල් වලින් බලේට ඇවි...
11/06/2026

ස්වාධීන පරීක්ෂණ වෛද්‍ය මණ්ඩලයේද නැත..
කොටින්ට කඩේ ගිය වෛද්‍ය වරු දාගෙන..

අනුර කියන්නේ කොටි ඩයස්පෝරාවෙ මුදල් වලින් බලේට ඇවිත් උන් කියන පදේට රට නටවන එකෙක් මිස.. ඌට ඡන්දේ දුන්නු මිනිස්සුන්ට දෙයක් කරන එකෙක් නෙමේ..

කුමන්ත්‍රණය පැහැදිලි..

බෝම්හ හදන්න සල්ලි වියදම් කරපු ඒභ්‍රහීම් නිදැල්ලේ - ( ඌ ජවිපේ කාඩර් එකේ නිසා )

97 වතාවක් පාස්කු ප්‍රහරය සිද්ද වෙනවා කියලා ඒක නවත්ත ගන්න ආරක්ෂක ක්‍රියාමාර්ග නොගත්ත බව ඇමරිකා FBI වාර්තා සදහන් කල ශානී සහ රවී පාස්කු සම්බන්ධ මහ පුටුවලට දාලා..
( උන් මාලීමාවේ වෙදිකාවේ නැගපු නිසා)

ශ්‍රි ලංකා නීතියට අනුව දූෂණ ක්‍රියා කාරකම් 5 කට සම්බන්ධ වෙලා හොර පාස්පෝර්ට් හදන් රටින් පැනලා කොටි ඩයස්පෝරාවේ සල්ලි වලින් ස්විස්ටර්ලන්තයේ ජීවත්වෙන මව්ලානාගෙන් එරට සිට බොරුවට ගොතපු වීඩියෝ කෝල් සාක්ශියක් අරගෙන එය විමර්ශණ විකෘති කරන්න දාලා..

( මව්ලානා ලංකාවට ගෙන්වන්නෑ කොටි ඩයස්පෝරාවේ හුරතලෙක් නිසා)

ආණ්ඩුව පාස්කු වින්දිතයන්ගෙන් ආතල් ගනිමින් සිටී...

ඩයස්පෝරාවට අවශ්‍ය රාජපක්ෂලාගේ පිට දාලා උන්ගේ බලාපොරොත්තු ඉටුකරගන්න..

රටේ බුද්ධියක් ඇති ජනතාවටනම් මේ නාඩගම ඉතා පැහැදිලී..

සුරේෂ් සලේව අධිකරණයට ඉදිරිපත් කරන්නෑ ආණ්ඩුව බයයි..

PTA එක ගහලා ඔහුට දස වද දීලා ඔහුව මැරෙ.න්න ඉඩ දීලා

ඊට පස්සේ කිව හැක සලේ කිව්වා කියලා රාජපක්ෂලාගේ උවමනාවට මේක කරේ කියලා 🤣

කෙසේවෙතත් ඔහුව අධිකරණයට ඉදිරිපත් කරණ තුරු දේශප්‍රේමී ජනතාවගේ සහයෝගය රටපුරා සිදුවේවී ...

තොම්ප්සන් අන්ඩ් තොම්ප්සන් ජෝඩුවපාස්කු ප්‍රහාරය එල්ලවෙනවා කියලා 335 වතාවක් බුද්දි අංශ දැනුම් දීලා ඒක වෙන්න ඇරපු ජෝඩුව පොල...
10/06/2026

තොම්ප්සන් අන්ඩ් තොම්ප්සන් ජෝඩුව

පාස්කු ප්‍රහාරය එල්ලවෙනවා කියලා 335 වතාවක් බුද්දි අංශ දැනුම් දීලා ඒක වෙන්න ඇරපු ජෝඩුව පොලීසියේ ලොකු පුටු දෙකට ගිහින් උන්ගේ කරට වැටුන තොන්ඩුව වෙන එවුන්ගේ කරට දාන්න ෆුල් ට්‍රයි...

10/06/2026

ශ්‍රානී අබේසේකරගේ හඩ පට..

මාලීමාවේ ඊබ්‍රහිම් මාට්ටුවෙන්න ගිය නිසා අනුර සලේගේ පිටිං මේක දාන්න හෙන ගේමක් දෙනවා අෆ්ෆා😃

බ්‍රිගේඩියර් සලේ කියන්නේ ජාතියේ පිනට පහල වෙච්ච නිළදාරීයෙක් කියලා ශානීම කියනවා .. තව මොනකතාද අනුරයෝ

Address

Elpitiya
06108

Website

Alerts

Be the first to know and let us send you an email when Galu sinhayo - ගාලූ සිංහයෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category