ape dansala

ape dansala ආත්මාර්ථය වෙනුවට පරාර්ථය උදෙසා..!!!
(11)

මේ පෝස්ට් එක දාල පොඩි වෙලාවකින් හඳපානාගල ශිරන්ති ලක්මාලි කියන අක්ක කොන්ක්‍රීට් මික්ස්චර් මැෂින් එකක් දෙන්න පොරොන්දු වුනා...
13/06/2026

මේ පෝස්ට් එක දාල පොඩි වෙලාවකින් හඳපානාගල ශිරන්ති ලක්මාලි කියන අක්ක කොන්ක්‍රීට් මික්ස්චර් මැෂින් එකක් දෙන්න පොරොන්දු වුනා...ඔබතුමියට බොහොම පිං...වැල්ලවාය,බුදුරුවගල,හඳපානාගල ,ඇතිලිවැව අවට පුලුවන් අය ශ්‍රමදානෙට එන්න...🙏

නමෝ බුද්ධාය !
චමෝදි දුවගෙ ගෙදර වැඩ ටික මේ මාසෙ සම්පූර්ණයෙන් අවසන් කරගන්න ඕනි...ඒ සඳහා හෙට අනිද්ද දෙකේ 13/14 තියෙන ශ්‍රමදානෙට පුලුවන් අය සම්බන්ද වෙන්න...එහෙම එනවනම් මේ පෝස්ට් එකේ දාල තියෙන නම්බර් එකට කෝල් එකක් දෙන්න..🙏🪷🙏
ඌවේ කොල්ලෝ කෙල්ලෝ UVA Kollo Kello

මොකද්ද මේ පුනුරුත්ථාපන ඒකකයක් කියන්නෙ...කැන්දගොල්ල රෝහලේ පුනුරුත්ථාපන ඒකකයට ගිය සම්පූර්ණ ගමන සහ ඒකෙන් සිදුවන සේවය...අපේ ...
12/06/2026

මොකද්ද මේ පුනුරුත්ථාපන ඒකකයක් කියන්නෙ...කැන්දගොල්ල රෝහලේ පුනුරුත්ථාපන ඒකකයට ගිය සම්පූර්ණ ගමන සහ ඒකෙන් සිදුවන සේවය...අපේ දන්සල යූටියුබ් නාලිකාවෙන් දැන් බලන්න පුලුවන් ..🙏

ඇල්ල,කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුවේ අපේ දන්සල පුන්‍ය ව්‍යාපෘතිය මග...

12/06/2026

අපේ දන්සලට පැමිනි ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රවාහන සහයක ඒකකයේ විරු දරුවන්ට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා ..සියළු ආරක්ෂාව සැලසේවා 🙏🪷🙏 #කුඹල්වෙල_අසපුව #අපේ_දන්සල ඌවේ කොල්ලෝ කෙල්ලෝ UVA Kollo Kello Dr.Palitha Rajapaksha Uva Provincial Media Unit Malima sl navy Tangalle Sri Lanka Navy

නමෝ බුද්ධාය !චමෝදි දුවගෙ ගෙදර වැඩ ටික මේ මාසෙ සම්පූර්ණයෙන් අවසන් කරගන්න ඕනි...ඒ සඳහා හෙට අනිද්ද දෙකේ 13/14 තියෙන  ශ්‍රමද...
12/06/2026

නමෝ බුද්ධාය !
චමෝදි දුවගෙ ගෙදර වැඩ ටික මේ මාසෙ සම්පූර්ණයෙන් අවසන් කරගන්න ඕනි...ඒ සඳහා හෙට අනිද්ද දෙකේ 13/14 තියෙන ශ්‍රමදානෙට පුලුවන් අය සම්බන්ද වෙන්න...එහෙම එනවනම් මේ පෝස්ට් එකේ දාල තියෙන නම්බර් එකට කෝල් එකක් දෙන්න..🙏🪷🙏
ඌවේ කොල්ලෝ කෙල්ලෝ UVA Kollo Kello

බදුල්ල - කැන්දගොල්ල රෝහලේ අමුතු දොස්තර...🤗චන්දන විජේසිංහ කියන මේ තරුණ වෛද්‍යතුමන් අපිට මුනගැහුනෙ කැන්දගොල්ල ප්‍රාදේශීය ර...
12/06/2026

බදුල්ල - කැන්දගොල්ල රෝහලේ අමුතු දොස්තර...🤗
චන්දන විජේසිංහ කියන මේ තරුණ වෛද්‍යතුමන් අපිට මුනගැහුනෙ කැන්දගොල්ල ප්‍රාදේශීය රෝහලේදි...එතුමන් මේ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී තුමන්..

කැන්දගොල්ල ප්‍රාදේශීය රෝහල කියන්නෙ ලංකාවෙ ගමක තියෙන තවත් එක ගමේ ඉස්පිරිතාලයක් නෙවෙයි...මේ රෝහලේ තියෙනව විශේෂ ඒකකයක්...රිය අනතුරු නිසා සහ ගස් වලින් ඇද වැටීම් වගේම විවිධ අනතුරු නිසා අතපය සහ කොන්ද,බෙල්ල ආදී ප්‍රදේශ අනතුරට ලක්වෙලා ඇවිදගන්න බැරි රෝගීන්ව නැවත දෙපයින් නැගී සිටුවන පුනුරුත්ථාපන ඒකකයක් සහිත රෝහලක්..ලංකාවටම එහෙම ඒකක තියෙන්නෙ හයයි...ඒකෙනුත් ප්‍රදේශීය රෝහලක ක්‍රියාත්මක වෙන එකම ඒකකය මේ කැන්දගොල්ල පුනුරුත්ථාපන ඒකකය...

ඉතින් මේ රෝගීන්ට තාත්ත කෙනෙක් වගේ,යාලුවෙක් වගේ රැකියාවට එහා ගිය සේවයක් කරන වෛද්‍යවරයෙක් ..රෝගීන්ව සතුටින් තියන්න ගොඩක් මහන්සිවෙනව...කලින් කලට ගමේ වැඩිහිටි මිනිස්සු එක්ක එකතුවෙලා රෝගීන් වෙනුවෙන් පුංචි පැදුරු සාජ්ජයක් තියනව.. එතුමන් තමන්ගෙ උපන්දිනය සමරන්නෙ තමන්ගෙ ලඟම හිතවතුන්වත් එකතු කරගෙන රෝගීන් එක්ක වාට්ටුවෙදි.තමන්ගෙ නිල නිවසෙ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අනුමත වුන ලක්ෂ ගානක මුදල රෝගීන් සඳහා අවශ්‍ය ගොඩනැගිල්ලක් සඳහා වෙන් කරපු පරාර්ථකාමී හදවතක් තියෙන වෛද්‍යවරයෙක්...කොටින්ම කියතොත් ලෙඩ්ඩු වෙනුවෙන් කැපවෙන්න උණක් තියෙන දොස්තර මහත්තයෙක්...

කැන්දගොල්ල කියන්නෙ බදුල්ල නගරයෙන් කිලෝමීටර් දහයකට වඩා දුරින් පිහිටි කඳු හෙල් සහිත සුන්දර ගමක්...අද වෙද්දි මේ ලස්සන ගමේ පුංචි රෝහල ගමේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි පිහිට වෙන්නෙ...පුනුරුත්ථාපන ඒකකයෙදි අපිට මුනගැහුන සියළු රෝගීන් දුර බැහැර ප්‍රදේශවල රෝගීන්...හැටන්-කොටගල ප්‍රදේශයේ රෝගියෙක් පවා දැනට නේවාසිකව ප්‍රථිකාර ලබාගන්නව...ඒකෙන්ම ඔයාලට තේරෙනව ඇති මේ ඒකකය කොයිතරම් විශේෂද කියල...

ඉතින් මේ රෝහලේ රෝගීන්ට තමන්ගෙ ගෙදරින් ඈත්වෙලා ඉන්න කාලෙ එයාලගෙ මානසික සෞඛ්‍ය නගා සිටුවන්න චන්දන වෛද්‍යතුමා,ඒ වගේම මේ ඒකකයෙ ලොකුම සම්පතක් වුන මෙහි භෞත චිකිත්සක ලෙස කටයුතු කරන ඉසුරු මහත්මා ඇතුලු පිරිස විශාල කැපකිරීමක් කරනව...මේ වෛද්‍යතුමන් සහ භෞතචිකිත්සක තුමා නෑ බෑ කියන වචනයට අභියෝග කරල තමන්ට තියෙන අවම සම්පත් ටික බොහොම ලස්සනට කළමනාකරණය කරගෙන රෝගීන් සුවපත් කරන්න මහන්සිවෙලා වැඩ කරනව...

මෙවැනි වෛද්‍යවරුන් සහ නිලධාරීන් අපේ රටට මහ සම්පතක්...වෛද්‍ය චන්දන මහතා සහ එතුමන්ගේ කාර්‍ය්මණ්ඩලයට නිදුක් නිරෝගී සුව සැලසේවා ...සියළු ආරක්ෂාව සැලසේවා ...සියළු කටයුතු සාර්ථක කරගන්න තෙරුවන් සරණින් දෙවි රැකවරණින් වාසනාව උදා වේවා 🙏🪷🙏
#කුඹල්වෙල_අසපුව #අපේ_දන්සල Dr.Palitha Rajapaksha ඌවේ කොල්ලෝ කෙල්ලෝ UVA Kollo Kello Uva Provincial Media Unit Uva Wellassa || ඌව වෙල්ලස්ස Campus 🔥Set Eka🔥 ඌවේ කොල්ලෝ කෙල්ලෝ UVA Kollo Kello ✅®️🇱🇰 (ஊவா UVA GROUP ORIGINAL 200K+ )

12/06/2026

කැන්දගොල්ල රෝහලට වෛද්‍ය උපකරන පරිත්‍යාග කරල ආපහු එන ගමනෙදි ඒ රැස්කල පින මුතියංගන සෑය වන්දනා කරල උපකාර කල සියලුදෙනාටම අනුමෝදන් කරන්න අපි අමතක කලේ නැහැ..🙏🪷🙏
#අපේ_දන්සල #කුඹල්වෙල_අසපුව Dr.Palitha Rajapaksha

මේක ඔයාල බලන්නම ඕනි වීඩියෝවක්..කිසිම අඩුපාඩුවක් නැතුව ඉපදිලා අතපය හොඳට තියන් රැකියා නෑ කිය කියා අඬන තරුණයන්ට මේ වීඩියෝව ...
11/06/2026

මේක ඔයාල බලන්නම ඕනි වීඩියෝවක්..කිසිම අඩුපාඩුවක් නැතුව ඉපදිලා අතපය හොඳට තියන් රැකියා නෑ කිය කියා අඬන තරුණයන්ට මේ වීඩියෝව හොඳ පණිවිඩයක් ..🙏

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

11/06/2026

වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සමග 2026/6/11 දින බදුල්ල,කැන්දගොල්ල ප්‍රාදේශීය රෝහලේ ආබාධිත රෝගීන් නැවත සුවපත් කිරීමේ පුනුරුත්ථාපන ඒකකය වෙත ගිය කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුවේ අපේ දන්සල...
මෙහිදී එම ඒකකය වෙත රුපියල් ලක්ෂ තුනක් වටිනා වෛද්‍යාධාර පරිත්‍යාග කරන ලදී..🙏🪷🙏
#අපේ_දන්සල #කුඹල්වෙල_අසපුව ඌවේ කොල්ලෝ කෙල්ලෝ UVA Kollo Kello Sundari - සුන්දරී Dr.Palitha Rajapaksha Uva Provincial Media Unit

11/06/2026

දිනේෂ් මුතුගල ගුරුතුමන් විසින් මීට මාස කිහිපයකට පෙර, සිව් දෙසින් වඩිනා මහා සංඝරත්නය උදෙසා දහම් පුස්තකාලය,සක්මන් මලු,කුටි සෙනසුන් සහ උද්‍යාන සහිතව පොතුහැර ,අල්ගම මහමෙව්නාව භාවනා අසපුවේ සිදුකල ආරාම පූජාව සියලුදෙනා සතුටින් අනුමෝදන් වෙත්වා 🙏🪷🙏
#අපේ_දන්සල Dinesh Muthugala Sundari - සුන්දරී ඌවේ කොල්ලෝ කෙල්ලෝ UVA Kollo Kello ටිටියා

අන්තිම අවුරුදු දෙකේම කඨින පිංකම් දෙකක් තමන්ගෙ අතින් කරගෙන මුනුපුරාට පිං දෙමින් හොඳ සිහි නුවනින් අවසන් ගමන් ගිය  මුතුගල ස...
10/06/2026

අන්තිම අවුරුදු දෙකේම කඨින පිංකම් දෙකක් තමන්ගෙ අතින් කරගෙන මුනුපුරාට පිං දෙමින් හොඳ සිහි නුවනින් අවසන් ගමන් ගිය මුතුගල සර්ගෙ ආදරණීය මුත්තනුවන්ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා ..🙏🙏🙏

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

Address

Bandarawela

Alerts

Be the first to know and let us send you an email when ape dansala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category