01/06/2026
🌿 ජාතික පරිසර සතිය - 2026 🌿 "දලුලන්න ඉඩදෙන්න" 🌿
♻️ජගත් පරිසර දිනය මූලික "Urgent Climate Action"- කඩිනම් දේශගුණික ක්‍රියාකාරීත්වය - යන ගෝලීය තේමාවට සමගාමීව, "තිරසර ජෛව ගෝලයක් - සදාහරිත ජීවිතයක්" යන දැක්ම පෙරදැරිව මැයි 30 වන දින සිට ජූනි 05 දින දක්වා සතියක කාල සීමාව "ජාතික පරිසර සතිය" ලෙස ප්‍රකාශයට පත් කර ඇත.♻️
ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව විසින් ජාතික පරිසර සතිය 2026 යටතේ ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ජගත් පරිසර දින සැමරුම් වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇති අතර 2026.06.01 එනම් අද දින
📌"ඇහැලියගොඩ නගරයේ වෙළඳ ප්‍රජාව හා මහජනතාව දැනුවත් කිරීමේ හා අත් පත්‍රිකා බෙදාදීමේ" විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති බන්දුලසේන දුණුවිල මැතිතුමන්ගේ, උපසභාපති මහේෂ් රන්තනායක මැතිතුමන්ගේ, ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ සභික මණ්ඩලයේ හා ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ ලේකම් ආර්.ඩී. නලින් පුෂ්පකුමාර මහතාගේ උපදේශකත්වයෙන් හා මූලිකත්වයෙන් මෙම වැඩසටහනෙහි සියලු සංවිධාන කටයුතු සිදුවිය.