25/09/2025
"ළමාගම "ආදර්ශ ගම්මානය 2025
පෙර පාසල් දරුවන්ගේ ඉගෙනුම සාර්ථක කර ගැනීම සඳහා “සජීවී අත්දැකීම් මගින් ඉගෙනුම” මගින් අධ්‍යාපනය ලබා දීම විශේෂ වශයෙන් වැදගත් වේ.පෙර පාසල් ගෙමිදුලේ සකස් කරන බැංකුව, බස් රථය, තැපැල් කාර්යාලය,පොලීසිය , බස් නැවතුම, පාර, කඩ, ගෙවල් ආදිය නිරූපණය කරන ආකෘති වල සතිය පුරා චරිත මාරු කරමින් නිදහස් ක්‍රියාකාරකම් කිරීමේ අවස්ථා ලබා දීම මෙම වැඩසටහනෙහි අරමුණයි.
මෙම වැඩසටහ තුළින් —
දරුවන් සමාජයේ විවිධ සේවාවන් පිළිබඳ හැඳුනුම් ලබාගනී.
භූමිකා රඟපාමින් සන්නිවේදන හැකියාව, ගනුදෙනු කිරීමේ හැසිරීම් සහ ගිණුම් කුසලතා වර්ධනය කරගනී.
එකිනෙකා සමග කටයුතු කිරීමේදී සහයෝගීත්වය, බෙදාගැනීම සහ අනුකම්පාව යන සමාජ ගුණාංග ඉගෙනගනී.
සෙල්ලම් මගින් දරුවන්ගේ නිර්මාණශීලීභාවය, විමසුම සහ ගැටළු විසඳීමේ හැකියාව උත්තේජනය වේ.
මෙම ළමාගම ක්‍රියාකාරකම මගින් දරුවන්ට පරිසරය හා සමාජය පිළිබඳ මනා අවබෝධක් ලබා දීමට අප හට අවස්ථාව සැලසිණි .