SL Political Toons

Directions

SL Political Toons This is political toons content channel
(1)

29/07/2026

විශ්‍රාම වයස වැඩි කරන එක ඊලගට එන ආණ්ඩුවලට වැරදි පූර්වාදර්ශයක් කියලා ඇතමුන් කියනවා ඇහුනා...

විශ්‍රාම වයස වැඩි කරන එක ඊලගට එන ආණ්ඩුවලට වැරදි පූර්වාදර්ශයක් කියලා ඇතමුන් කියනවා ඇහුනා... මේ ආණ්ඩුව වැරදි පූර්වාදර්ශ දු...
29/07/2026

විශ්‍රාම වයස වැඩි කරන එක ඊලගට එන ආණ්ඩුවලට වැරදි පූර්වාදර්ශයක් කියලා ඇතමුන් කියනවා ඇහුනා...

මේ ආණ්ඩුව වැරදි පූර්වාදර්ශ දුන්නත් නැත්තත් ඊලගට ආයේ පොහොට්ටු අලි ආවොත් ඇවිත් උන්ට 2/3 ක් තිබ්බිත් උන්ට බලය තියාගන්න හිතෙන ඕනි දෙයක් තියනවා...

ඒ නිසා උන් පූර්වාදර්ශ ගනියි කියන එක එච්චර හිතන්නවත් ඕනි එකක් නෙවෙයි බං.. 😁

මෙතන වෙඩි තියපු නිලධාරින් අවශ්‍ය බලය භවිතා කරලා තියනවා.. ඇතුලේ ගුටි කාලා මැරුනු නිලධාරීන් ගැන Free lawyers සංවිධානයේ මතය...
07/07/2026

මෙතන වෙඩි තියපු නිලධාරින් අවශ්‍ය බලය භවිතා කරලා තියනවා.. ඇතුලේ ගුටි කාලා මැරුනු නිලධාරීන් ගැන Free lawyers සංවිධානයේ මතය කුමක්ද??

මෙහෙම හරි ඇතුලට යන්න බැරි උනා නම් තව නිලධාරීන් කීදෙනෙක් ගුටි කයිද?? මැරෙයිද?? රැදවියන් කීදෙනෙක් ගුටි කයි ද? මැරෙයිද??

කොහේ හරි ආන්ඩුවේ වැරද්දක් හොයන්න ට්‍රයි කරන මේ සංවිධානය ඇත්තටම නීතිඥ ගෞරවයම හෑල්ලු කරනවා..

ඇත්තටම මෙම සංවිධානයේ හැසිරීම අපි ගෙලා දකින්න ඕනිමයි..

"සිරකරුවන්ට වෙඩි තැබීම අශිෂ්ඨයි, මිලේච්ඡයි, නින්දිතයි" - ෆ්‍රී ලෝයර්ස්

මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ වෙඩි තැබීම් සහ රැඳවියන් මියයාමේ සිදුවීම අශිෂ්ඨ, මිලේච්ඡ සහ නින්දිත ක්‍රියාවක් ලෙස ෆ්‍රී ලෝයර්ස් (Free Lawyers) සංවිධානය දැඩි ලෙස හෙළා දකිනවා.

කොළඹ මල් පාරේ අද (07) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනුයි එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී රජිත් කීර්ති තෙන්නකෝන් මේ බව ප්‍රකාශ කළේ.

ලෝකයේ කිසිදු ශිෂ්ඨ රටක රාජ්‍ය භාරයේ සිටින සිරකරුවන්ට මෙලෙස 'ඕපන් ෆයර්' නොකරන බවත්, බහුතරයක් රැඳවියන් මියගොස් ඇත්තේ පොලිස් නිලධාරියෙකු කුඩා කවුළුවකින් ඇතුළට තැබූ වෙඩි ප්‍රහාරවලින් බවත්, ඔහු සඳහන් කරනවා.

ලෝකයම විඩියෝ මගින් මේ මිලේච්ඡත්වය දුටු බවත්, නින්දිත වෙඩි තැබීම් දුටු බවත්, හෙතම පැවසුවා.

එසේම මෙම සිද්ධිය අශිෂ්ඨයි, මිලේච්ඡයි සහ නින්දිත බවත්, ෆ්‍රී ලෝයස් සංවිධානය මේ සිද්ධිය දැඩිව හෙළා දකින බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

එසේම බන්ධනාගාරවල ධාරිතාව 215% කින් ඉක්මවා ගොස් මෙරට බන්ධනාගාර පද්ධතිය මුහුණ දී ඇති දැඩි තදබදය පිළිබඳව දත්ත ඉදිරිපත් කරමින් ඔහු පෙන්වා දුන්නේ, 2026 ජූලි 3 වැනිදා වන විට මෙරට බන්ධනාගාරවල රැඳවියන් 41,250ක් සිටි බවයි.

බන්ධනාගාරවල උපරිම ධාරිතාව 13,241ක් වුව ද, දැනට 215% ක අධික පිරිසක් එහි රඳවා තබා ඇති බව සඳහන්.

ඔහු සඳහන් කරන්නේ, දැනට සිටින රැඳවියන්ගෙන් 73.8%ක්ම රිමාන්ඩ් සිරකරුවන් වන අතර, ඉන් පැහැදිලි වන්නේ ඇප දිය හැකි වැරදිවලටත් මිනිස්සුන්ව බන්ධනාගාරගත කර ඇති බවයි.

එසේම අධිකරණ ඇමතිවරයා මරණ ගණන සොයාගන්නේ සමාජ මාධ්‍ය මගින් බවත්, ඔහුගේ සිහින ව්‍යාපෘතිය විනිසුරුවන්ගේ සේවා කාලය දීර්ඝ කරලා, අගවිනිසුරු වැඩිම කාලයක් තනතුරේ තබා ගැනීම බවත්, ඔහු සඳහන් කරනවා.

සිදු වූ විපතේ වගකීම භාරගන්නා බව පවසන ඇමතිවරයාට වගවීමක් ඇත්නම් ඔහු වහාම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි ඔහු පැවසුවේ.

තත්ත්වය පාලනය කළ හිර ගෙදරයක් ඊයේ උදෑසන පැවති බවත්, බන්ධනාගාර බුද්ධි අංශයට අයත් යැයි කියන 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිවිල් ඇඳුමෙන් එහි ඇතුළු වී කලබලකාරී තත්ත්වයක් නිර්මාණය කළ බවත්, ඔහු අනාවරණය කළා.

එහි ප්‍රතිඵලයක් ලෙස ඉන් පිරිසක් ඝාතනයට ලක්වූ බවත්, එම පිරිසෙන් 22 දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

07/07/2026

සෑම ප්‍රශ්නයකදීම නීතිඥ සංගමය මෙසේ හැසිරෙන්නේ ඇයි??

#මීගමුව #බන්ධනාගාරය

විමල්, ගම්මන්පිල, දිලිත් ට කොටුව ස්ටේශන් එක අසල ඉඩම් ලබාදෙනු.. 🤢🤢
10/06/2026

විමල්, ගම්මන්පිල, දිලිත් ට කොටුව ස්ටේශන් එක අසල ඉඩම් ලබාදෙනු.. 🤢🤢

හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න 11 දෙනෙක් පැහැරගත් නඩුවේ සැකකරුවකු ලෙස නම් කරයි

වැඩි විස්තර පළමු කමෙන්ටුවෙන්...

11/05/2026

නිවුස් ගහනවා නම් මේ ගානට වත් ගහන්න ඕනී...

හැම මාසෙම එක වගේ වැඩි වෙන්න නෑ ඕයී... ඉදලා ඉදලා අඩු උනු මාසයක් හොයාගෙන රට බංකොලොත් උනා වගේ කතා කරනවා... ඔය මිලියන 100 ට වගේ වැවටිලා තිබ්බ නිල වත්කම් හොදේ.. 😌

24/03/2026

වයසක අයගේ යුද්ධ වලින් බැට කන අහිංසක මිනිස්සූ.. 🥲

16/03/2026

Video: World War 3 Just begining 😵‍💫😒
































16/03/2026

World War 3 Just begining 😵‍💫😒
Video Comming soon
































Address

Dehiwala

Website

Alerts

Be the first to know and let us send you an email when SL Political Toons posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share