සත්ය සහ යුක්තිය උදෙසා පුරවැසියෝ - Citizens for Truth and Jstice

  • Home
  • Sri Lanka
  • Dehiwala
  • සත්ය සහ යුක්තිය උදෙසා පුරවැසියෝ - Citizens for Truth and Jstice

සත්ය සහ යුක්තිය උදෙසා පුරවැසියෝ - Citizens for Truth and Jstice Social Justice

මෙතෙක් සියළුම අපරාධ වසං කරලා ලගඳිම තමාටත් කුඩුවේ ලගින්න වෙනබව දැනගත් පසු හොඳ මිනිහා වෙන්න හදන පොලිස්පති.👇 ඇත්ත දැනගන්න ප...
21/05/2022

මෙතෙක් සියළුම අපරාධ වසං කරලා ලගඳිම තමාටත් කුඩුවේ ලගින්න වෙනබව දැනගත් පසු හොඳ මිනිහා වෙන්න හදන පොලිස්පති.
👇 ඇත්ත දැනගන්න පහත link එක බලන්න.
https://youtu.be/aY4N7Z88A6w

යුක්තිය උදෙසා සත්‍ය හෙලි කිරිමට නොබියව පෙරට පැමිණී සියලුම දෙනාහට අපගේ ප්‍රණාමය.
24/04/2022

යුක්තිය උදෙසා සත්‍ය හෙලි කිරිමට නොබියව පෙරට පැමිණී සියලුම දෙනාහට අපගේ ප්‍රණාමය.

මේ රජයේ වැරැදි ප්‍රචාරණ අහුවෙන්න එපා..මේ හමුදාව කැඳවන්න කරන උප්පරවැට්ටියක්. කිසි කෙනෙකුගේ පෞද්ගලික දේපොළ වලට අලාභානි කරන...
05/04/2022

මේ රජයේ වැරැදි ප්‍රචාරණ අහුවෙන්න එපා..මේ හමුදාව කැඳවන්න කරන උප්පරවැට්ටියක්. කිසි කෙනෙකුගේ පෞද්ගලික දේපොළ වලට අලාභානි කරන්න එපා. ඔබ සාමකාමීව අරගලයහි යෙදෙන්න...

ජනතා බදු මුදල්වලින් යැපෙමින් අපරාධකරුවන්  රකින පොලිසිය.
26/03/2022

ජනතා බදු මුදල්වලින් යැපෙමින් අපරාධකරුවන් රකින පොලිසිය.

පොලීසියේ රෙදි ගැලවූ කාන්තාව පුත්තලම/දෙදෙනකු කැති රැගෙන ගහයි.පැත්තක් නැති ඇත්ත SL TV 1st News Gossip කාන්තා දිනයට සමගාමීව කාන.....

24/03/2022

අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය ව්‍යවස්ථාවේ විධිවිධාන ඉක්මවා ගොස් ඇති බවට ඉදිරිපත් කොට ඇති පෙත්සම සංශෝධනය කිරීමට පෙත්ස...

සත්‍ය සහ යුක්තිය උදෙසා පුරවැසියෝ මේවන් අකටයුත්තක් ඔබට වී ඇත්නම් වහාම අපහට දන්වන්න. 074 160 9262  දුරකථනය දිනපතා  8:00 සි...
20/03/2022

සත්‍ය සහ යුක්තිය උදෙසා පුරවැසියෝ
මේවන් අකටයුත්තක් ඔබට වී ඇත්නම් වහාම අපහට දන්වන්න. 074 160 9262 දුරකථනය දිනපතා 8:00 සිට සවස 5:00 ඔබ වෙනුවෙන් විවෘත්තයි. කරුනාකර මෙම පනිවුඩය හැකිතාක් SHARE කරන්න.

Email: [email protected]

If you or someone you know has experienced a similar situation, please contact us on 074 160 9262. Also you can write to us. Please be kind to SHARE this message as much as possible.

අනුර ගුණරත්න, නීතිඥ ශ්‍රීනාත් පෙරේරා චමුදිත සමරවික්‍රම සමග (මෙම වැඩසටහන අවසරයකින් තොරව page හෝ වෙනත් YouTube Channel වෙත, ස...

මිනිසුන්ගේ දේපල කොල්ලකන ඉඩම් ජාවාරමක් රට පුරාමByසංස්කාරකDecember 14, 2021■ අමන්දිකා කුරේමහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකරගේ ...
20/03/2022

මිනිසුන්ගේ දේපල කොල්ලකන ඉඩම් ජාවාරමක් රට පුරාම
By
සංස්කාරක
December 14, 2021

■ අමන්දිකා කුරේ

මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකරගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු යැයි කියාගත් පුද්ගලයෙකු හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් කිහිප දෙනෙකු පැමිණ තමාට අයත් ඉඩමක් අනවසරයෙන් මැනීමට උත්සාහ කළ බවට දිවුලපිටියේ පදිංචි කාන්තාවක හෙළි කළ කරුණු පිළිබඳ ව පසුගිය සතියේ විවිධ මාධ්‍යවලින් වාර්තා කර තිබුණි. දිවුලපිටිය උල්වලහෙල සියඹලාගහවත්ත ප්‍රදේශයේ තම ඉඩම මෙලෙස බලහත්කාරයෙන් මැනීමට උත්සාහ කළ බවට ඉඩම් හිමි කාන්තාව වන සමන්ති ජයකොඩි මහත්මිය පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලකට අනුව නොවැම්බර් 30 වනදා මේ සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.
මෙම පුද්ගලයන් වරින් වර පැමිණ කාන්තාවට සහ ඉඩමේ මුරකරුට තර්ජනය කරන වීඩියෝ දර්ශන සහ සීසීටීවී දර්ශන එම කාන්තාව දිවුලපිටිය පොලිසියට ලබා දී තිබෙන අතර එම දර්ශන මාධ්‍ය හරහා ද විකාශය විය.

මෙලෙස පැමිණි මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සුගත් ජයසිංහ නම් අයෙකු වන අතර ඔහු සහ විශේෂ කාර්ය බලකායේ සෙබළුන් පැමිණ තිබෙන්නේ නොවැම්බර් 11 වන දිනයි. ඔවුන් එහිදී සීස්සීටීවී කැමරාවලට ද පහර දෙන ආකාරය එම කාන්තාව මාධ්‍යයට නිකුත් කර තිබුණි.

මීට අමතරව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම්වලට හොර ඔප්පු සකස් කර ඇති බවට ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කරුණු ඉදිරිපත් කළේ ය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඔප්පු 200ක ප්‍රමාණයක් ද අස්ථානගත වී ඇති බවට ඔහු එහි දී කරුණු ඉදිරිපත් කළේ ය.

මෙලෙස වෙනත් පුද්ගලයන්ට අයත් ඉඩම් වංචාසහගත ලෙස බලහත්කාරීව පවරා ගැනීමේ ක්‍රියාවලියක් පවතින බවට අපට තොරතුරු වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමක දී එවැනි සිදුවීම් ගණනාවකම තොරතුරු සොයා ගැනීමට හැකි විය. මේ සම්බන්ධයෙන් අපට සත්‍යය හා යුක්තිය උදෙසා පුරවැසියෝ සංවිධානයේ සභාපති ආ ගුණරත්න විසින් ඔහුට මුහුණ දීමට සිදු වූ සිදු වීමක් ද ඇතුළුව තොරතුරු විශාල ප්‍රමාණයක් අනාවරණය කළේ ය.

අනුර ගුණරත්න මහතා පෙන්වා දෙන්නේ මෙම ඉඩම් ජාවාරමට බැංකු නිලධාරීන්, පොලිස් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සම්බන්ධ බවයි. ඒවා ජාලයක් මෙන් කටයුතු කරන බවත් ඉඩම අත්පත් කරගැනීමේ දී සිය නිවසට කිහිපවරක් ම පොලිසියෙන් පවා පැමිණ විවිධ බලපෑම් සිදු කළ බවත් ඔහු පවසයි. 2011 – 2012 කාලයේ දී මෙලෙස සිය දෙහිවල ප්‍රදේශයේ ඇති ඉඩම බලහත්කාරිව පවරාගැනීමට උත්සාහ කර ඇති බවට අනුර ගුණරත්න මහතා පොලිස්පතිවරයා වෙත පැමිණිලි දෙකක් ද යොමු කර ඇති අතර තවමත් ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත් විය හැකි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ඒ මහතා පවසයි.

ඔහු විසින් 2020 ඔක්තෝබර් 27 වන දින තමාට සිදු වූ බලහත්කාරීත්වයන් හා හිංසන සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ද ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය දිවුරුම් ප්‍රකාශයක ආකාරයෙන් ඉදිරිපත් කර තිබෙන අතර එහිදී පොලිසිය විසින් වරින් වර සිය නිවසට පැමිණ සෝදිසි මෙහෙයුම් කරමින් තමාව බියවැද්දීමට උත්සාහ කළ බවටත්, තමන් ඇසුරු කරන පුද්ගලයන්ගේ ද නිවාසවලට ගොස් පොලිසිය විසින් විවිධ තර්ජන සිදු කළ බවත් ඔහු සඳහන් කරයි.

එමෙන් ම විවිධ අභූත චෝදනා එල්ල කර තමාට එරෙහිව අධිකරණයේ නඩු කීපයක් ද දමා තමා බියවැද්දීමට උත්සාහ ගන්නා බව ඔහු එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබේ. තමා ජීවත්වන නිවසේ ඉඩම් ඔප්පුව ඇපයට තබා තම ව්‍යාපාර කටයුතුවලට ණයක් ලබා ගැනීමට දීර්ඝ කාලයක් බැංකු ක්‍රියාවලිය තුළ ණය අයැදුම් කර සිටියත් විවිධ හේතු දක්වමින් එම ණය ද ප්‍රතික්ෂේප වූ බවත් ඉන්පසුව සිය ඉඩම් ඔප්පු තමාට ලැබුණු බවත් ඔහු සඳහන් කරයි.

2011 තමා විවාහකව නොසිටි බවත් නිවසේ මෙහෙකාර සේවය සඳහා ගෙන්වා ගත් සුනිල් වික්‍රමසිංහ නැමති පුද්ගලයෙකු හරහා අනුර මහතා මානසික රෝගියෙකු යැයි ඒත්තු ගන්වා ඔහුව රෝහල්ගත කර ඉඩම් ඔප්පු සූක්ෂ්මව පැහැර ගැනීමට ද තැත් කළ බව අනුර මහතා ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ. එමෙන් ම අනුර මහතා එම ලිපියෙන් 2012 වසරේ සිට සිටි පොලිස්පතිවරුන්ට ද චෝදනා එල්ල කර තිබෙන්නේ ඒ කාලයේ සිට ඒ දක්වාම සිය පැමිණිලිවලට අදාළ කටයුතු සිදු නොවන්නේ මන්දැයි විමසමිනි. 261/10, ගල්වල පාර, දෙහිවල හා අංක 69, ධර්මපාල මාවත දෙහිවල යන ලිපිනවල තිබෙන අනුර ගුණරත්න මහතාට හා ඔහුගේ විදෙස් ගත සොයුරියට අයත් රුපියල් මිලියන 1200ක් පමණ වටිනා ඉඩම් පවරන ලෙස 2012 සිට මේ දක්වාම විවිධ බලපෑම් එල්ල වන බව ද ලිපියේ සඳහන් ය.

මෙවැනි බලහත්කාරී ඉඩම් පැහැර ගැනීමට වලට මුහුණ දීමට සිදු වූ පිරිසක් සත්‍ය හා යුක්තිය උදෙසා පුරවැසියෝ සංවිධානය හරහා 2021 සැප්තැම්බර් 17 වන දින පොලිස්පතිවරයාට එක් එක් පුද්ගලයන්ගේ සිදුවීම් ඇතුළත් දිවුරුම් ප්‍රකාශ ද ඇතුළත් කර ලිපියක් යොමු කර තිබේ.

මෙලෙස දිවුරුම් ප්‍රකාශයක් යොමු කළ එක් පුද්ගලයෙකු වන්නේ දෙහිවල කුවරි වීදියේ පදිංචි මොහොමඩ් රෙසින් නැමැති පුද්ගලයෙකි. ඔහු සඳහන් කරන්නේ ඔහු වසර 25ක් තිස්සේ ජීවත් වන තමාට, සහෝදරියට සහ මල්ලීට අයත් ඉඩම වෙනත් පිරිසක් පැහැර ගැනීමට උත්සාහ කරන බවයි. 2018 ජනවාරි 17 වන දින රාත්‍රී කාලයේ පිරිසක් පැමිණ පහර දී ගෙල මිරිකා මරා දැමීමට උත්සාහ ගත් බවත් ඒ නිසා එදිනම තමා කළුබෝවිල රෝහලේ රෝහල්ගත වූ බවත් දිවුරුම් ප්‍රකාශයේ සඳහන් ය. නමුත් මෙම සිදුවීමට අදාළ පොලිස් වාර්තාවේ මරණයට තැත් කිරීම වෙනුවට සුළු තුවාල යනුවෙන් සඳහන් කර ඇති බවට ඔහු චෝදනා කරයි. එමෙන් ම වරින් වර තමාව බොරු චෝදනා එල්ල කර අත් අඩංගුවට ගැනීමට ද උත්සහ කරන බව තමාට හැඟෙන බවද ඔහු එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

අංක 20 සිල්වෙස්ටර් පාර, ගල්කිස්ස ලිපිනයේ පදිංචි සිසිරවතී නෝනා යන කාන්තාවද තමාගේ ඉඩම බලෙන් පැහැරගැනීමේ උත්සහයක් පිළිබඳව දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබේ. ගල්කිස්ස උසාවියේදී විභාග වුණු නඩුවකට අනුව තමාගේ ඉඩමේ කොටස් දෙකකට ව්‍යාජ ඔප්පු සකස් කර ඇති බවට අනාවරණය වූ බව ඇය සඳහන් කරයි. එමෙන් ම තමාට සහ තමාගේ වයස්ගත සැමියාට පොලිසිය පහරදුන් බවට ඇය එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇති අතර එහි උපුටා ගැනීම පහතින් දැක්වේ.

”2009 ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ මෙහෙයවීමෙන් නැසීගිය මගේ ස්වාමිපුරුෂයා වන ලෙස්ලි සිල්වා සහ මා දහවල් 2ට පමණ ගල්කිස්ස පොලිසියට රැගෙන ගොස් රාත්‍රී 12 වන තුරු ඉහත සඳහන් ව්‍යාජ ඔප්පු සකසන ලද ඉඩම් කොටස් විකුණූ බවට අත්සන් යොදන ලෙසට බලකර අප දෙදෙනාහට පහරදුන් බවත් මගේ ස්වාමිපුරුෂයා සිහසුන් වී බිම වැටීමෙන් අනතුරුව බියට පත් පොලිසිය අපව නිවෙස කරා පිටත් කළ බවත් ප්‍රකාශ කර සිටිමි”

පොලිස්පතිවරයාට යොමු කළ දිවුරුම් පෙත්සමේ, එලෙස තමාගේ ඉඩමේ බලහත්කාරීව අල්ලා ගත් කොටස වෙන් කර මේ වන විට තාප්පයක් ඉදිකර ඇති බවත් 2019 දී සිසිරවතී නෝනා මහත්මියගේ නිවසට නැවත අලාභහානි සිදු කර ඇති බවත් තමාගේ දරුවන්ට ද විවිධ අවස්ථාවල පහරදීම් සිදු වී ඇති නිසා තමාගේ හා තම දරුවන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් සඳහන් ය.

කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ පදිංචි දයානි කුසුමලතා මහත්මිය ද දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙන අතර ඔවුන්ට සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට මහනුවර දිසා අධිකරණයේ නඩුවක් ද කැඳවෙමින් පවතියි. ඔවුන්ගේ දේපල මේ වන විටත් සම්පත් බැංකුවට උකස් කර ලක්ෂ 40ක ණය මුදලක් ලබා ගෙන ඇත. තත්වය එසේ තිබියදී එම ඉඩමට සකස් කරන ලද ව්‍යාජ ඔප්පුවකට හැටන් නැෂනල් බැංකුවේ කිරුළපන ශාඛාවෙන් 2013 වර්ෂයේ සිට 2015 දක්වා ගුවන් විදුලි සංස්ථාවේ විශ්‍රාමික තාක්ෂණික නිලධාරියෙකු වන අර්නස්ට් ඩෙස්මන්ඩ් නොයෙල් නම් අයෙකුට ඉතා විශාල බැංකු ණය ප්‍රමාණයක් ලබා දී ඇති බව එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් ය.

මෙවැනි ඉඩම් බලෙන් පැහැරගැනීමේ සිද්ධිවලට තවමත් කිසිදු ප්‍රතිචාරයක් හිමි වී නොමැති බවට පැමිණිලිකරුවෝ චෝදනා කරති. මෙම සිදුවීම්වලට පොලිස් නිලධාරීන්, බැංකු නිලධාරීන් ඇතුළු විශාල ජාලගත පිරිසක් සම්බන්ධ නිසා පරීක්ෂණ යටගොස් තිබෙන බව අනුර ගුණරත්න මහතා පවසයි. මෙම සියලු සිදුවීම්වලට අදාළව පොලස්ි පැමිණිලි සිදු කර තිබෙන අතර නඩු කටයුතු ද සිදු කෙරෙමින් පවතියි. නමුත් තවමත් මේ පුද්ගලයන්ට යුක්තිය ඉටු වී නොමැති බව ඔව්හු පවසති.

අනුර ගුණරත්න මහතා පවසන්නේ මෙවැනි සිදුවීම් රාශියක් රටපුරා සිදු වී ඇති අවයි. විවිධ දේශපාලනඥයන්ද මෙයට සම්බන්ධ බව ඔහු පවසයි. විශේෂයෙන් ම තනිකඩ පුද්ගලයන්ගේ හා මහලු හෝ වැන්දඹු පුද්ගලයන්ගේ දේපල බොහෝ විට මෙම ජාවාරම්වල ගොදුරක් බවට පත් වන බවයි. ඒ නිසා ඔවුන් මෙම ජාවාරම නවත්වා වින්දිතයන්ට යුක්තිය බලාපොරොත්තු වන බව සත්‍යය හා යුක්තිය උදෙසා පුරවැසියෝ සංවිධානයේ සභාපති අනුර ගුණරත්න මහතා අවසාන වශයෙන් කීවේය
මිනිසුන්ගේ දේපල කොල්ලකන ඉඩම් ජාවාරමක් රට පුරාම

https://anidda.lk/මිනිසුන්ගේ-දේපල-කොල්ලකන/

February 27, 2022 at 8:40 am | lankacgossipඇමතිවරුන් හා පොලිසිය එක්ව රට පුරාම ඉඩම් කොල්ලයක.. තොරතුරු බැංකුවෙන්..ශ්‍රී ලං...
20/03/2022

February 27, 2022 at 8:40 am | lankacgossip
ඇමතිවරුන් හා පොලිසිය එක්ව රට පුරාම ඉඩම් කොල්ලයක.. තොරතුරු බැංකුවෙන්..

ශ්‍රී ලංකාවේ පොලීසිය සහ පාතාලය යනු දෙකක් නොව එකක් බව සත්‍ය සහ යුක්තිය උදෙසා පුරවැසියෝ සංවිධානය පවසයි.

රට පුරාම වටිනා ඉඩම් කොල්ල කමින් සිටින බවත් මීට ඇමතිවරුන් ඇමති ආරක්ෂකයින් පොලිසිය හා බැංකු සම්බන්ධ බවත් එම සංවිධානයේ නීතිඥ ශ්‍රීනාත් පෙරේරා හා අනුර ගුණරත්න යන මහත්යරුන් පෙන්වා දෙති.

ඉඩම් කොල්ලයට අවශ්‍ය විස්තර දෙන්නේ බැංකු බවත් අහිංසක වියපත් මිනිසුන්ගේ ඉඩම් පොලීසිය සමඟ එකතුවී තර්ජනය කර බලෙන් ලියා ගන්නා බවත් ඔවුහු කියා සිටිති.

බොරු නඩු දමමින් අධිකරණය අධික අවභාවිත කරමින් සිටින බවත් දේශපාලකයන් වරදකරුවන් රකින බවත් ඔවුන් පවසති.

අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවක දී ඔවුන් මෙම අදහස් පළ කළහ.

ශ්‍රී ලංකාවේ පොලීසිය සහ පාතාලය යනු දෙකක් නොව එකක් බව සත්‍ය සහ යුක්තිය උදෙසා පුරවැසියෝ සංවිධානය පවසයි.රට පුරාම වටිනා ඉඩම්...
20/03/2022

ශ්‍රී ලංකාවේ පොලීසිය සහ පාතාලය යනු දෙකක් නොව එකක් බව සත්‍ය සහ යුක්තිය උදෙසා පුරවැසියෝ සංවිධානය පවසයි.

රට පුරාම වටිනා ඉඩම් කොල්ල කමින් සිටින බවත් මීට ඇමතිවරුන් ඇමති ආරක්ෂකයින් පොලිසිය හා බැංකු සම්බන්ධ බවත් එම සංවිධානයේ නීතිඥ ශ්‍රීනාත් පෙරේරා හා අනුර ගුණරත්න යන මහත්යරුන් පෙන්වා දෙති.

ඉඩම් කොල්ලයට අවශ්‍ය විස්තර දෙන්නේ බැංකු බවත් අහිංසක වියපත් මිනිසුන්ගේ ඉඩම් පොලීසිය සමඟ එකතුවී තර්ජනය කර බලෙන් ලියා ගන්නා බවත් ඔවුහු කියා සිටිති.

බොරු නඩු දමමින් අධිකරණය අධික අවභාවිත කරමින් සිටින බවත් දේශපාලකයන් වරදකරුවන් රකින බවත් ඔවුන් පවසති.

අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවක දී ඔවුන් මෙම අදහස් පළ කළහ.

https://srilankanlife.lk/news1212-2/

Address

69, Anagarika Dharmapala Mawatha
Dehiwala

Alerts

Be the first to know and let us send you an email when සත්ය සහ යුක්තිය උදෙසා පුරවැසියෝ - Citizens for Truth and Jstice posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to සත්ය සහ යුක්තිය උදෙසා පුරවැසියෝ - Citizens for Truth and Jstice:

Share

Category