07/08/2020
කෙසේ පැරදුනද අප ඉදිරියටත් නිවැරදි පැත්තේම සිටගනිමි...
සත්‍ය ජය ගන්නා දින වැඩි ඈතක නොවේ...
අප කල යුත්තේ ඒ දවස තෙක් එකාවන්ව ප්‍රතිසංවිධානය වීම පමණි....
දැන් අපට ගසන්නට ලේබල් නැත... බැංකු හොරු, ඩීල් කාරයෝ ,සමනලයෝ , සමලින්ගිකයෝ, දේශද්‍රෝහියෝ අප සමග නැත 80% ක් තරුණ නියෝජනයක්ය...
බදුර්දීන්, හකීම් වන්නන්ද යම් ක්‍රියාවකට වැරදි කරුවන් නම් වහාම ඔවුන් නීතිය හමුවට පමුනුවා ඉක්මනින්ම දඩුවම් කරන ලෙස බහුතර බලයක් සහිත ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි...
පාටලී චම්පික, රාජිත සේනාරත්න, සජිත් ප්‍රේමදාස වැනි අපගේ නායකයින්ට එල්ල වී ඇති චෝදනාද ඉක්මණින්ම විමසා බලා ඔවුන් වැරදි කරුවන්ද ,නිවැරදි කරුවන්ද යන වග සමාජය ඉදිරියේ තබන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි...
එසේ නොකර ඔවුන්ට මඩ ගසමින් එය සමගි බලවේගය වටා ගොනු කිරීමට නැවතත් උත්සාහ ගන්නේ නම් අපට කීමට ඇත්තේ එයම ඔබලාට පාරා වල්ලක් වී පැමිණීමට ඉඩ ඇති බවයි...
පාස්කු ප්‍රහාරය, මහ බැංකු වංචාව වැනි බරපතල සිද්ධීන් වලට අදාළ නඩු කටයුතු ඉතා ඉක්මණින් අවසන් කරන ලෙසත් ..එසේ නොකර නැවත ඒවා හෝද හෝද මඩේ දැමීමේ න්‍යායෙන් මාධ්‍ය සංදර්ශන පවත්වමින් තවත් චන්ද 5, 6 ක් නොකරන ලෙසත් අප සත්බාවයෙන් ඉල්ලා සිටිමු...
එක්සත් ජාතික පක්ෂයටත්, සමගි ජන බලවේගයටත් කිසිදාක අප මියැදෙන්නට ඉඩ නොතබන බව ඉතා ඕනෑ කමින් ප්‍රකාශ කර සිටිමු...
සැමදා මගුල් නැති බවත්... මීලග වාරය අපේ බවත් සිහි තබාගෙන කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිමු...
මාතෘ භූමිය වඩා හොද ප්‍රවේශයක් කරා මෙහෙයවීමට නව ආණ්ඩුවට ශක්තිය වාසනාව ලැබේවායි අප ඉත සිතින් ප්‍රර්ථනා කරමු...
ඔබට ජය 🙏🏻