29/12/2025
2026 සදහා විපක්ෂයේ සටන් පාඨාය මේ වනවිට සුදානම් කොට අවසන්ය. රනිල් සජිත් නාමල් දිලිත් එකතු වී දයාසිරි උදය විමල් නැමති වාචාලයන්ගේ සහයෙන් අනුරට ගෙදර යන්න කියන්න බංකොලොත් විපක්ෂය සියල්ල සූදානම් කොට අවසන්ය.
මේ සදහා විපක්ෂයේ කොන්ත්‍රාත් එක බාරගෙන ඇත්තේ ලංකාවේ ප්‍රශිද්ධ පච බෙදාහරින්නන් වන හිරු දෙරණ නාලිකා දෙකය.
ඒ නිසාම ඔවුන්ට වෙළඳ දැන්වීම් ලබා දෙන කිහිප දෙනෙකු අතර මත භේදයක්ද හටගෙන ඇත. තමුන්ගේ වෙළඳ දැන්වීම් පච මුදාහරින ටී වී නාලිකා හරහා සමාජයට යැවීමට පිළිගත් වෙළඳනාම ඇති වෙළඳ ආයතන කැමති වන්නේ නැත.
පිළිගත් වෙළඳ ආයතන වලට අනුව අනුරව ගෙදර යවලා එම ස්ථානයට පත් කිරීමට තරම් අනුර වගේ සුදුස්සෙකු නියෝජනය කරන පක්ෂයක් රටේ දැනට නැත. අනුර තරම් පරිනත ආදර්ශමත් දෙශපාලඥයකුද රටේ දැනට නැත.
රටේ දේශීය ව්‍යාපාරික ප්‍රජාව වගේම ජාත්‍යන්තර ප්‍රජාවගේද විශ්වාසය දිනාගෙන ඇති අනුර දිසානායක ජනාධිපතිතුමා රටේ සාමාන්‍ය ජනතාවගේද ආදරය වේගයෙන් දිනාගනිමින් සිටී.
මෙම සියලු කරුණු මත විපක්ෂයට අනුරට විරුද්ධව යමක් කරනවානම් ඒ වෙනුවෙන් ජඩ මාධ්‍යක සහාය අත්‍යවශ්‍ය බැවින් එම ජඩ මාධ්‍ය සමාජ අධිකරණයේ ප්‍රතිප්ෂේප වී කුණු ගොඩට විසි වීමට පෙර වැඩේ ඉක්මන් කල යුතුව ඇත.
2026 වර්ෂය ආරම්භ වීමට තව සතියක් ඉවසන්න විපක්ෂයට නොහැකි වූයේ ඒ නිසා විය යුතුය.
ඔවුන්ගේ පච කිසිදු ලැජ්ජාවකින් තොරව බෙදා හරින හිරු මිලින වීම මේ වනවිට ආරම්භ වී ඇත. ඔවුන්ට දැන්වීම් දුන් ආයතන පෝලිමේ ඉවත් වීම ආරම්භ වීම පටන්ගෙන ඇත.
අයියා කෙනෙකු මල්ලිට ඇති ආදරය වෙනුවෙන් ඉදිකළ හිරු ජඩ මාධ්‍ය බෙදා හරින ආයතනය සම්බන්ද වී ඇති ස්විච් එක පාලනයේ බලය ඇත්තේ රටේ ජනතාවට සත්‍ය තොරුතුරු ලබා දීමට දියුරුම් දී ඇති රාජ්‍ය පරිපාලනය සතුවය.
රෙනෝ සිල්වා දුමින්ද සිල්වා තම සොහොයුරාව නීතියෙන් නිදහස් කරගැනීම වෙනුවෙන් රටේ ජනමතය වෙනස් කරන්න හිරු නාලිකාව යොදා ගන්නේ අනුරව පළමුව ගෙදර යවමු ඊට පසු විපක්ෂයෙන් කෙනෙකු අනුරගේ පුටුවේ ඉන්දමු යන අපේක්ෂාවෙනි.
දුමින්ද සිල්වා කියලා කෙනෙකු ලංකාවේ නොසිටියානම් ලංකාවේ කුඩු අයිස් මත්ද්‍රව්‍යද මෙතරම් ව්‍යප්ත නොවන්නට ඉඩ තිබුණි.
රෙනෝ දුමින්ද අයියා මලෝ මහින්ද ගෝඨාභය අයියා මලෝ වගේ නෙවෙයි කියා කිසිවෙකුට තර්ක කල හැකිද ..
ඔවුන්ගේ එකම පැතුම රටේ නීතියට උඩින් ඔවුන් සිට ගැනීමය.
කනගාටුයි දුකයි හිරු කියා අනුර කියන්නේ ඒ නිසා විය යුතුය.
අද රටේ නීතියට ඉහලින් ගුවන්යානයක්වත් ගමන් කරන්නේ නැත. ඉදිරියේදී රටේ නීතියට ඉහලින් කුරුල්ලෙකුවත් ඉගිල්ලෙන්නේ නැතිවනු ඇත. රටේ නීතිය විසින් රටේ සොබාදහමද නිසි අධ්‍යනයට ලක් කරනු ඇත. නීතිය නම්බර් වන් බවට පත් නොවී දියුණු වූ රටක් මෙලොව නැත.
හිරුගේ පච නාලිකාව මේ අනුව මැරී යාමට ආසන්න බැවින් දෙරණ කලබල වේනම් පුදුම වියයුතු නැත. විමල් උදය දෙදෙනාද මේ සමග මුලින්ම මියයන අතර රටේ සංවර්ධන වැඩ සටහනට බාදා කරන විපක්ෂයට මුදල් වියදම් කලත් ඔවුන්ගේ පච බෙදා හැරීමට මාධ්‍ය මාෆියාවක් නොමැති කමින් යක්ෂාවේශ විම අනිවාර්ය වනු ඇත.
විපක්ෂය අපක්ෂපාති මාධ්‍ය ඉදිරියේ අසරණ වනු නිසැකය.
රටේ අද දවසේ ආර්ථිකයේ සත්‍ය දත්ත සටහන් මෙසේ ඉදිරිපත් වීම හිරු දෙරණ සහ පච විපක්ෂයේ මොලේ අවුල් වීමට හේතු වුවා විය හැක.
රජයේ මුල් මාස 11 තුළ රාජ්‍ය ආදායම
2024-රු. බි. 3650 කි එය
2025-රු. බි. 4900 කි
අනුර පියවරෙන් පියවර පරික්ෂමින් රටේ ආර්ථිකය මෙලෙස ඉදිරියට ගෙනයාම තුලින් රනිල් සජිත් නාමල් දිලිත් සිහින කුඩු පට්ටන් වී ඔවුන්ගේ පච වපුරණ ටි .වී නාලිකාද නිවී යාම ආසන්නය.
බොරු පතුරවන්නන් පරාජය කොට රටේ මාධ්‍ය නිදහස එලෙස ආරක්ෂා කරන රජයක් රටේ ජනතාවගේ ආදරය දිනාගැනීම අනුර දිසානායක රජය ලබන වක්‍ර ජයග්‍රහණයක් වනු නිසැකය .
එය මාලිමාවට චන්දය දුන් ජනතාවගේ පමණක් නොව රටේ සත්‍ය තොරතුරු පතන සියල්ලන්ගේද ජයග්‍රහණයකි.
Neel Jayasuriya.