Sri Lanka Post

Call Directions Website Contact the organization

Sri Lanka Post Sri Lanka Post is the one and only Government Postal Services Provider in Sri Lanka. We are one of the oldest Government departments in existence today.

Sri Lanka Posts has been in existence for more than 209 years and employs more than 17,000 employees in various positions. We are proud of our history and heritage.

අගලවත්ත, පිඹුර ප්‍රදේශයට නව උප තැපැල් කාර්යාලයක් !එම ප්‍රදේශයේ පවුල් 2,600කට වැඩි පිරිසකට වඩාත් කාර්යක්ෂම සහ පහසු තැපැල්...
27/10/2026

අගලවත්ත, පිඹුර ප්‍රදේශයට
නව උප තැපැල් කාර්යාලයක් !

එම ප්‍රදේශයේ පවුල් 2,600කට
වැඩි පිරිසකට වඩාත් කාර්යක්ෂම සහ
පහසු තැපැල් සේවාවක් ලබා දීමේ අරමුණින්,
අගලවත්ත - පිඹුර නව උප තැපැල් කාර්යාල
ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා
මුල්ගල් තැබීම අද දින සිදු විය.
ඒ විෂය භාර අමාත්‍ය,
වෛද්‍ය නලින්ද ජයතිස්ස
මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙනි.

රුපියල් ලක්ෂ 66.3 ක
ප්‍රතිපාදන වැය කරමින් ඉදි කිරීමට යෝජිත
මෙම තැපැල් කාර්යාලය
මාස 03 ක් වැනි කෙටි කාලයක් තුළ
ඉදිකිරීම් අවසන් කිරීමට නියමිත ය.

මෙම අවස්ථාව සඳහා
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
ධනුෂ්ක රංගනාත් මහතා,
අගලවත්ත ප්‍රදේශීය සභාවේ සභාපති
ලලිත් කුමාරරත්න මහතා,
අගලවත්ත ප්‍රදේශීය ලේකම්
සඳරේඛා නිල්මිණි වෙල්ගම මහත්මිය ඇතුළු
නිළධාරී මහත්ම මහත්මින්ද,

තැපැල්පති රුවන් සත්කුමාර මහතා,
නියෝජ්‍ය තැපැල්පති (පාලන)
චමීෂා ද සිල්වා මහත්මිය,
නියෝජ්‍ය තැපැල්පති (බස්නාහිර-දකුණ)
නිලන්ත කඳනආරච්චිමහතා,
තැපැල් අධිකාරී (ඉඩම් හා ගොඩනැගිලි)
චම්පික පෙරේරා මහතා,
සිවිල් ඉංජිනේරු (තැපැල්)
ලහිරු ගොඩගේ මහතා ඇතුළු
තැපැල් දෙපාර්තමේන්තු නිලධාරී
මහත්ම මහත්මීන්, රාජ්‍ය නිලධාරීන්,
සහ ප්‍රදේශවාසීන්ද එක්ව සිටියහ.

මාධ්‍ය අංශය,
තැපැල් මූලස්ථානය.

#𝐚𝐠𝐚𝐥𝐚𝐰𝐚𝐭𝐭𝐚

#තැපැල්

21/10/2026

ඔබේ ව්‍යාපාරික දැන්වීම්
තැපෑල අරහා බෙදා දීමට අප සූදානම්.
වැඩිදුර තොරතුරු
ලඟම ඇති තැපැල් කාර්යලයෙන් විමසන්න.

නිර්මාණ දායකත්වය -
දිමුතු මධුසංඛ මහතා (වලස්මුල්ල තැපැල් කාර්යාලය)

දිරිමත් පරාජිතයාට සමරු මුද්දරයක් ! 1964 වර්ෂයේදී ජපානයේ ටෝකියෝ නුවර පැවති ඔලිම්පික් උළෙලේ දිරිමත් පරාජිතයා යන විරුදාවලිය...
21/10/2026

දිරිමත් පරාජිතයාට සමරු මුද්දරයක් !

1964 වර්ෂයේදී ජපානයේ
ටෝකියෝ නුවර පැවති
ඔලිම්පික් උළෙලේ දිරිමත් පරාජිතයා යන
විරුදාවලිය ලත් ශ්‍රී ලාංකීය මළල ක්‍රීඩක
රණතුංග කරුණානන්ද මහතා
සිහිකරනු වස්
රුපියල් 70 ක මුහුණත වටිනාකම සහිත
තැපැල් මුද්දරයක් සහ මුල්දික කවරයක්
ජනමාධ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේදී
පසුගියදා නිකුත් කෙරිනි.

විෂය භාර ගරු අමාත්‍ය
වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා සහ
ශ්‍රී ලංකාවේ වත්මන් ජපාන තානාපති
ගරු අකියෝ ඉසොමාටා මහතාගේ
ප්‍රධානත්වයෙන් පැවති කෙටි චාම්
උත්සවය අතරතුර
මෙම මුද්දර නිකුතුව සිදු කෙරිනි.

රණතුංග කරුණානන්ද මහතගේ
පුතනුවන් වන
චන්න රණතුංග මහතාද
මෙම අවස්ථාව සඳහා එක් වූ අතර
ගරු නියෝජ්‍ය අමාත්‍ය
ආචාර්යය කෞෂල්‍යා ආරියරත්න මැතිනිය,
අමාත්‍යංශ ලේකම්
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා,
අතිරේක ලේකම්
දීපා ලියනගේ මහත්මිය,
තැපැල්පති රුවන් සත්කුමාර මහතා,
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)
නීතිඥ ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා,
නියෝජ්‍ය තැපැල්පති (පාලන)
චමීෂා ද සිල්වා මහත්මිය,
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
අජිත් රෝහණ මහතා,
මුද්දර කාර්යංශයේ අධ්‍යක්ෂක
ලංකාද සිල්වා මහතා සහ
මුද්දර කාර්‍යාංශයේ නිළධාරින්,
ජපාන තානාපති කාර්යාල නියෝජිතයින් හා
විශේෂ ආරාධිතයින් ඇතුළු
පිරිසක් එක්ව සිටියහ.

මාධ්‍ය අංශය,
තැපැල් මූලස්ථානය.




මධ්‍යම තැපැල් හුවමාරුවේදී මත්ද්‍රව්‍ය පාර්සල් කිහිපයක් සොයා ගැනේ!​කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත විදේශ රටවල සිට එවන ලද ...
20/10/2026

මධ්‍යම තැපැල් හුවමාරුවේදී
මත්ද්‍රව්‍ය පාර්සල් කිහිපයක් සොයා ගැනේ!

​කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත විදේශ රටවල සිට එවන ලද
සැකකටයුතු තැපැල් පාර්සල් කිහිපයක් නිරීක්ෂණය කර තිබේ.
එහිදී සිදුකළ පරීක්ෂාවන්වලදී
එම පාර්සල් තුළ අඩංගු මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට තැපැල් සහ
රේගු නිලධාරීන් සමත්ව ඇත.

​මෙම සිදුවීම සම්බන්ධයෙන්
මධ්‍යම තැපැල් හුවමාරුවේ අධිකාරී
මනෝජනී නානායක්කාර මහත්මිය
මාධ්‍ය වෙත අදහස් දක්වමින්
වැඩිදුරටත් සඳහන් කළේ,
විදෙස් රටවල සිට නීතිවිරෝධී ලෙස
තැපැල් මාර්ගයෙන් මෙරටට
මත්ද්‍රව්‍ය එවීම වළක්වාලීම සඳහා
තැපැල් අංශය සහ අදාළ විමර්ශන ආයතන නිරන්තරයෙන්ම දැඩි සුපරීක්ෂාකාරීව
කටයුතු කරන බවයි.

​අදාළ ජාවාරම පිටුපස සිටින ජාලය සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා
මේ වන විට වැඩිදුර විමර්ශන
ක්‍රියාත්මක කර ඇත.

මාධ්‍ය අංශය,
තැපැල් මුලස්ථානය

​
​
​
​
​
​
​
​
​
​
​
​ #පුවත්



Shared with Vishmitha Cloud

තැපැල් දෙපාර්තමේන්තුවේ නුවරඑළිය නව නිල නිවාස සහ සංචාරක නිවාඩු නිකේතන සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට.​නුවරඑළිය, යුනික් වීව...
16/10/2026

තැපැල් දෙපාර්තමේන්තුවේ
නුවරඑළිය නව නිල නිවාස සහ
සංචාරක නිවාඩු නිකේතන
සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට.

​නුවරඑළිය, යුනික් වීව් හී (Unique View) පිහිටි තැපැල් දෙපාර්තමේන්තුව සතු ඉඩමෙහි ඉදිකරනු ලබන නව දෙමහල් නිල නිවාස ඒකක සහ කාර්ය මණ්ඩලය සඳහා වන
නව සංචාරක නිවාඩු නිකේතනය
ඉදිකිරීම් කටයුතු පරීක්ෂා කිරීමේ
ක්ෂේත්‍ර නිරීක්ෂණයකට
තැපැල්පති රුවන් සත්කුමාර මහතා
ඇතුළු පිරිසක් පසුගියදා සහභාගී විය.

​එහිදී ඉදිකිරීම්වල වර්තමාන ප්‍රගතිය
නිරික්ෂණය කල අතර,
ඒ පිළිබඳව දීර්ඝ ලෙස සමාලෝචනය කර, ව්‍යාපෘතිය නියමිත කාලරාමුව තුළ උසස් ගුණාත්මකභාවයෙන් යුතුව
නිමකිරීම සඳහා වන
විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමද තැපැල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා
තැපැල් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින්
නියෝජ්‍ය තැපැල්පති (පාලන,සංවර්ධන, වැ/බ) චමීෂා ද සිල්වා මහත්මිය,
නියෝජ්‍ය තැපැල්පති (මධ්‍යම පළාත)
අස්ලාම් හසන් මහතා,
තැපැල් අධිකාරී (ගොඩනැගිලි සහ ඉඩම්) චම්පික පෙරේරා මහතා,
සිවිල් ඉංජීනේරු (තැපැල් දෙපාර්තමේන්තුව)
ලහිරු ගොඩගේ මහතා සහ
ගොඩනැගිලි අංශයේ කාර්ය මණ්ඩලය ද ප්‍රාදේශීය තැපැල් අධිකාරී (නුවරඑළිය)
කීර්ති මහතා
ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ
මධ්‍යම පළාතේ ප්‍රධාන ඉංජිනේරු
තිලිනි ලක්ෂාන්ති මහත්මිය සහ
නිලධාරීන් පිරිසක් සහභාගී විය.

​මාධ්‍ය අංශය,
තැපැල් මූලස්ථානය.

​

ඓතිහාසික නුවරඑළිය තැපැල් කාර්යාලය නව පණක් ලබයි​මහත් ආන්දෝලනයකට ලක් වූ ඓතිහාසික නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සුරක්ෂ...
16/10/2026

ඓතිහාසික නුවරඑළිය තැපැල් කාර්යාලය නව පණක් ලබයි

​මහත් ආන්දෝලනයකට ලක් වූ
ඓතිහාසික නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සුරක්ෂිත කරමින් සහ
තැපෑලේ අනන්‍යතාවය රැක ගනිමින්,
දේශීය හා විදේශීය සංචාරකයින්ගේ
විශේෂ ආකර්ෂණය දිනාගත හැකි
ජාතික මට්ටමේ සංචාරක
මධ්‍යස්ථානයක් ලෙස
සංවර්ධනය කිරීමේ කටයුතු
මේ වන විට සක්‍රීයව සිදු කෙරෙමින් පවති.

​එම ජාතික කර්තව්‍යයේ වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා
තැපැල්පති රුවන් සත්කුමාර මහතා ඇතුළු
නිලධාරීන් කණ්ඩායමක්
නුවරඑළිය තැපැල් කාර්යාල පරිශ්‍රයේ
ක්ෂේත්‍ර චාරිකාවක පසුගියදා නිරත විය.

​එහිදී මෙම සංරක්ෂණ කටයුතු සඳහා
සෘජුවම දායක වන ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිළධාරින් ඇතුළු කාර්ය මණ්ඩලය
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්,
ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්
​සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, ව්‍යාපෘතියේ ඉදිරි පියවරයන් හා ගුණාත්මකභාවය පිළිබඳව
දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගන්නා ලදී.

මෙම නිරික්ෂණය සහ
විශේෂ සාකච්ඡාව සඳහා,
තැපැල් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින්
නියෝජ්‍ය තැපැල්පති (පාලන / සංවර්ධ,වැ/බ)
චමීෂා ද සිල්වා මහත්මිය,
නියෝජ්‍ය තැපැල්පති (මධ්‍යම)
අස්ලාම් හසන් මහතා,
තැපැල් අධිකාරි( ගොඩනැගිලි හා ඉඩම්)
චම්පික පෙරේරා මහතා,
සිවිල් ඉංජිනේරු (තැපැල් දෙපාර්තමේන්තුව)
ලහිරු ගොඩගේ මහතාද ,
ප්‍රාදේශීය තැපැල් අධිකාරී (නුවරඑළිය)
කීර්ති ධර්මදාස මහතා,
ගොඩනැගිලි දෙපාර්තමේන්තුව
නියෝජනය කරමින්
මධ්‍යම පලාතේ ප්‍රධාන ඉංජිනේරු
තිළිණි ලක්ෂාන්ති මහත්මිය,
දිස්ත්‍රික් ඉංජිනේරු කරුණාරත්න මහතා,
ඇතුළු එම දෙපාර්තමේන්තුවේ කාර්‍යමන්ඩලයද,
පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ
ප්‍රාදේශීය සංරක්ෂක (වැඩ ආවරණ)
ප්‍රියන්ත හරිච්චන්ද්‍ර මහතා,
ශ්‍රී ලංකා නාවික හමුදාවේ
ජේ. ව්‍යාපෘති ඉංජිනේරු
ලුතිනන් ජයසිංහ මහතා,
විදුලි ඉංජිනේරු
ලුතිනන් කමාන්ඩර්
එන්. එස්. පෙරේරා මහතා ඇතුළු
නාවික හමුදා නිළධාරින් ද
තැපැල් මූලස්ථානයේ
ගොඩනැගිලි හා ඉඩම් අංශයේ
නිළධාරී මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.

අපගේ ඓතිහාසික උරුමයක් වන
නුවරඑළිය තැපැල් කාර්‍යාලය රැකගනිමින්, අනාගත පරපුරටත්, දේශීය සංචාරක කර්මාන්තයටත් අගයක් එකතු කිරීමටත් තැපෑල සැමවිටම කැපවී සිටිමු

මාධ්‍ය අංශය
තැපැල් මූලස්ථානය.
​

15/10/2026
ජාතික තැපැල් සේවයේ නවමු පෙරළිය සහ අභියෝග 'අලුත් දිනක්' සමඟින් නියෝජ්‍ය තැපැල්පති (පාලන) චමිෂා ද සිල්වා මහත්මියඅද වන විට ...
13/10/2026

ජාතික තැපැල් සේවයේ නවමු පෙරළිය සහ අභියෝග

'අලුත් දිනක්' සමඟින් නියෝජ්‍ය තැපැල්පති (පාලන) චමිෂා ද සිල්වා මහත්මිය

අද වන විට තාක්ෂණය කොතරම් දියුණු වුවද, තැපැල් සේවය යනු මෙරට ජනතාවගේ එදිනෙදා ජීවිතය සමඟ තවමත් දැඩි ලෙස බද්ධ වූ විශ්වාසනීය සේවයකි. 2026 ඔක්තෝබර් 09 දිනට යෙදී තිබෙන 152 වැනි ලෝක තැපැල් දිනය සහ මෙරට තැපැල් සේවයේ වර්තමාන තත්ත්වය පිළිබඳව ජාතික රූපවාහිනියේ 'අලුත් දිනක්' වැඩසටහන හරහා වැදගත් කරුණු රැසක් අනාවරණය විය.

මෙම සාකච්ඡාව අතරතුර කතාබහට ලක් වූ ප්‍රධාන විශේෂාංග මෙන්න,

ජාත්‍යන්තර තැපැල් සංගමය (UPU)- ලෝකයේ රටවල් 192ක සාමාජිකත්වයෙන් යුතුව ක්‍රියාත්මක වන මෙම සංගමය හරහා ජාත්‍යන්තර තැපැල් සහ පාර්සල් හුවමාරු ප්‍රමිතීන් සකස් වන ආකාරය.

පුළුල් සේවා ජාලය- දිවයින පුරා විහිදුනු තැපැල් හා උප තැපැල් කාර්යාල 4,000කට අධික ජාලය හරහා ග්‍රාමීය මට්ටමින් ජනතාවට ඉටු වන සේවය.

ව්‍යාපාරික නැඹුරුව සහ කුරියර් සේවාවන්: සාම්ප්‍රදායික සේවාවලින් ඔබ්බට යමින්, 'SLP Courier', 'Speed Post' මෙන්ම ජාත්‍යන්තර 'EMS' සේවාවන් හරහා ආයතනය ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට ගන්නා උත්සාහය සහ භාණ්ඩාගාර ඉලක්ක ජය ගැනීම.

නොමිලේ සපයන සමාජ සේවාවන් - වැඩිහිටි දීමනා, මහජනාධාර සහ විවිධ විශ්‍රාම වැටුප් ගෙවීම් වැනි ජනතා හිතකාමී නොමිලේ ඉටු කරන සේවාවන්.

නව රජයේ සහයෝගය සහ ඉදිරි අභියෝග - තැපැල් සේවයේ ප්‍රවාහන පහසුකම් දියුණු කිරීම සඳහා ලොරි රථ ලබා දීම, නව බඳවා ගැනීම් ක්‍රමවත් කිරීම මෙන්ම තැපැල් සේවකයන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීමට ගෙන යන ක්‍රියාමාර්ග (විදුලි මෝටර් රථ හඳුන්වා දීමේ යෝජනා ආදී වශයෙන්).

තාක්ෂණික අභියෝග ජය ගනිමින්, නවීන ලෝකයට ගැළපෙන පරිදි තැපැල් සේවය ඉදිරියට ගෙන යන ආකාරය පිළිබඳව නියෝජ්‍ය තැපැල්පතිතුමිය කළ මෙම සම්පූර්ණ සංවාදය පහත යූ ටියුබ් සබැඳියෙන් නරඹන්න 👇

🔗 නරඹන්න: https://www.youtube.com/watch?v=-z5juhJq4sI

© 2026 by Lanka Rupavahini All rights reserved. No part of t...

13/10/2026

එකම තැපැල් ජාලයක්, අනන්ත වූ හැකියාවක් - ජාතික මෙහෙවර අද (13) උදෑසන 11.00ට TV1 තුළින්..

152 වන ලෝක තැපැල් දින ජාතික උත්සවය පසුගියදා අරලියගහ මන්දීරයේදී මහත් අභිමාණයෙන් සැමරීය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය ගරු අමාත්‍ය වෛ...
12/10/2026

152 වන ලෝක තැපැල් දින ජාතික උත්සවය
පසුගියදා අරලියගහ මන්දීරයේදී
මහත් අභිමාණයෙන් සැමරීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය ගරු අමාත්‍ය
වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතුමන්ගේ
ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය
ආචාර්යය කෞෂල්‍යා ආරියරත්න මැතිනියගේ
සහභාගිත්වයෙන් පැවති
ලෝක තැපැල් දින ජාතික උත්සවයේදී
දිවයින පුරා විසිරී සිටින
තැපැල් දෙපාර්තමේන්තුවේ
තැපැල් කාර්යාල, කාර්යයමණ්ඩලය,
තම සේවයට එහා වටිනාකමකින් යුතු
විශේෂ සේවාවන් සිදු කල මහත්ම මහත්මින්,
ක්‍රීඩා දක්ෂතා දැක්වූ අය මෙන්ම
තැපෑල හා සහ සම්බන්ධව කටයුතු කරන
වෙනත් ආයතන වල සේවාවන්
ප්‍රවර්ධනය කිරීමට කටයුතු කල අය
ඇගයීමට ලක් කෙරිනි.

එමෙන්ම දීප ව්‍යාප්තව පැවති
රචනා තරඟයෙන් ජයග්‍රහණය කල
පාසල් සිසුන් සඳහා සම්මාන සහ
සහතික පත්ද, මුදල් ත්‍යාගද පිරි නැමිය.

තැපෑල ආරම්භයේ සිට
තැපැල්කරු මහතාගේ විකාශය
විදහා දැක්වෙන අයුරින්
ප්‍රදර්ශනය කිරීම සහ
අදට ගැලපෙන අයුරින්
තැපැල්කරු මහතාගේ වෙනස් වීම
ඉතා විචිත්‍රවත් අයුරින් ඉදිරිපත් කිරීම
සැමගේ පැසසුමට ලක් විය.

මෙම අවස්ථාව සඳහා
අමාත්‍යංශ ලේකම්
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා,
ඇතුළු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්,
වෙළඳ ආයතන වල විධායක නිලධාරින්,
හිටපු තැපැල්පතිවරුන්,
හිටපු නියෝජ්‍ය තැපැල්පතිවරුන් සහ
විධායක සහ මාණ්ඩලික නිලධාරින්,
ඇගයීම් ලාභීන්, පාසල් සිසුන් සහ
තැපෑළ නියෝජනය කරමින්
විශාල පිරිසක් එක්ව සිටියහ.

සටහන හා සේයා -

මාධ්‍ය අංශය
තැපැල් මූලස්ථානය

Address

310, D R Wijewardena Mawatha
Colombo
01000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112328301

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Post posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Lanka Post:

Shortcuts

Share