05/09/2022
අරක්කු ඇඟට හොඳ නැති බව කවුරුත් දන්නා කතන්දරයකි හොඳ නැති අරක්කු වස බවට පත්කරමින් මිනිස්සු මරා දමන කතන්දරයක් වාර්තා වේ
රාජපක්ෂ පවුලේ ආශිර්වාදයෙන් පවත්වාගෙන පවත්වාගෙන යන
රන්දිය ඇරෑක් සමාගම ( pinland arrack ) හොර බලපත්‍ර බාවිතා කරමින් අරක්කු සෑදීමට අවශ්‍ය ස්ප්‍රීතු සාදන බව සොයාගන්නට ලැබේ.. සාමාන්‍යයෙන් අරක්කු නිෂ්පාදනයට අවශ්‍ය ස්ප්‍රීතු නිෂ්පාදනයට ඒ සඳහාම අවශ්‍ය වන බලපත්‍රයක් තිබිය යුතු නමුදු පින්ලන්ඩ් නම් අරක්කු සමාගම සිදු කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් හොර මගඩි වැඩකි. එනම් පැල්වත්ත සීනි සමාගමට අයත්ව තිබූ ස්ප්‍රීතු ලබා ගනිමින් ස්ප්‍රීතු නිෂ්පාදනය බෙදා හැරීම සහ ප්‍රවාහනය සිදු කිරමින් සිටි ඉහත කී බලපත්‍රය ඕඩිකොලොන් සදහා සදහා භාවිතා කරන ස්ප්‍රීතු වැනි ස්ප්‍රීතු නිෂ්පාදනය සඳහා පමණක් නිකුත් කරන ලද බලපත්‍රයක් වේ එවැනි බලපත්‍රයක් භාවිතා කරමින් අරක්කු නිෂ්පාදනයට අවශ්‍ය ස්ප්‍රීතු පෙරීම සිදු කරන්නේ කෙසේද යන්න විමතියට කරුණකි .. මෙතෙක් කාලයක් සැමට වහන්වී මෙම ක්‍රියාව සිදු කිරීම සඳහා රාජපක්ෂවරුන්ගේ බලය මුන් භාවිතා කර ඇත. රාජපක්ෂ පවුලේ බාලම පුත්‍රයාගේ කාර් රේස් පිස්සුවට අවශ්‍ය වාහන සපයන්නේ මෙම ආයතනයේ හිමිකරු විසිනිමෙසේ සකස් කරගන්නා ලද ස්ප්‍රීතු වෙන්නප්පුවේ පිහිටි කර්මාන්ත ශාලාවකට ගෙනැවිත් අරක්කු නිෂ්පාදනය සඳහා භාවිතා කරයි. ශ්‍රී ලංකාවේ නීතිය අනුව සහ සාමාන්‍ය ක්‍රමවේදය අනුව සුරාබදු දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති ආරක්ෂිත ලේබලය ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සියලුම අරක්කු වල තිබිය යුතු නමුත් මෙම අරක්කු සමාගම සිදු කරන්නේ අදාල ලේබලයට සමානම හොරෙන් සාදාගන්නා ලද ආරක්ෂිත ලේබලයක් ඒ සඳහා භාවිතා කිරීමයි. මෙය සමාජයටම හොරරහසේ සියල්ලන්ටම හොරරහසේ සිදු වුව ද සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහල පුටු දැනුවත් කරමින් ඔවුන්ගේ ආශිර්වාදය යටතේ සිදු කරන ක්‍රියාවලියකි සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔවුන්ගෙන් විශේෂ වරප්‍රසාද ලබා ගනිමින් මෙම හොර මගඩිය සඳහා ආශිර්වාදය ලබා දෙන බව මේ වන විට නොරහසකි. මෙපමණක් නොව තවත් ආයතන ගණනාවකට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් හොර වැඩ සදහා තම සෙවනැල්ල සපයනු ලබයි. මෙම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තමන්ට ම හිතවත් සුරාබදු නිලධාරීම් මෙම කටයුතු සදහා යොදාගනී. සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට අනුයුක්ත නිලධාරියෙකු VA අරක්කු සමාගමේ ස්ථානාධිපතිවරයාද ලෙසද කටයුතු කරන්නේ කේසේද යන්න සොයා බැලිය යුතු නොවේද?
තවද අදාල සමාගමෙස් අරක්කු වර්ග උතුරු නැගෙනහිර අලෙවි වන්නේ කිසිදු ආරක්ෂක ලේබලයක් නැතිවයි
ධනය බලය යොදවමින් අධික ලාභය වෙනුවෙන් මෙවැනි වංචනික ක්‍රියා වල නිරත වන්නන් නීතිය හමුවට ගෙනවිත් දඬුවම් කළ යුතු වුවද සුරාබදු නිලධාරීන්ගේ නිලධාරීන් ගේ ආශිර්වාදය සහ ඉහළ දේශපාලන පුටුවල ආශිර්වාදයෙන් කිසිදු දිනක ඔවුන් නීතිය හමුවට ඉදිපත් නොකරණු ඇත.