Special Task Force - Sri Lanka

Special Task Force - Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Special Task Force - Sri Lanka, Law enforcement agency, 223 Bauddhaloka Mawatha, Colombo.

Official page of the Special Task Force (STF) - Sri Lanka Police | ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල Facebook පිටුව | இலங்கை பொலிஸ் விசேட அதிரடிப் படையின் உத்தியோගபூர்வ முகநூல் பக்கம்

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයට එක්වූ අභිමානවත් පැරෂුට් සංදර්ශනය: ප්‍රථම පොලිස් කාන්තා පැරෂුට් පිම්ම නිර්මලා කුමුදුණිගෙන්.160...
04/09/2026

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයට එක්වූ අභිමානවත් පැරෂුට් සංදර්ශනය: ප්‍රථම පොලිස් කාන්තා පැරෂුට් පිම්ම නිර්මලා කුමුදුණිගෙන්.

160 වන පොලිස් දින සැමරුමට සමගාමීව බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැති පැරෂුට් සංදර්ශනය, ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ රන් අකුරින් සටහන් විය.

එහිදී, පොලිස් දින සැමරුම් උත්සවයකදී පැරෂුට් සංදර්ශනයකට එක්වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තා පොලිස් නිලධාරිණිය ලෙස කාන්තා පොලිස් කොස්තාපල් බී. එම්. නිර්මලා කුමුදුණි සේනානායක ඉතිහාසයට එක්වූවාය. ඇය මේ වන විට පැරෂුට් පැනීම් 86ක් සාර්ථකව සම්පූර්ණ කර ඇති පළපුරුදු නිලධාරිණියකි.

අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අභිමානවත් උත්සවයේදී, ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් 7 දෙනෙකුගෙන් සහ මෙම කාන්තා නිලධාරිණියගෙන් සමන්විත කණ්ඩායම ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා එක්ව මෙම සංදර්ශනය ඉදිරිපත් කරන ලදී.

මෙම විශේෂ පැරෂුට් කණ්ඩායම පොලිස් පරීක්ෂක ඩබ්.එම්.එල්.ජී.යූ.වයි. පඩිවිට නිලධාරියාගේ නායකත්වයෙන් යුක්ත වූ අතර, පහත නිලධාරීන්ගෙන් සමන්විත විය:

පොලිස් පරීක්ෂක:- ජනිත් කුමාර
පොලිස් පරීක්ෂක:- කාවින්ද කුමාර
පොලිස් සැරයන්:- සරත්කුමාර
පොලිස් සැරයන්:- පුෂ්පකුමාර
පොලිස් සැරයන්:- අයි. බුද්ධික
පොලිස් කොස්තාපල්:- එච්. කුමාර
කාන්තා පොලිස් කොස්තාපල්:- බී. එම්. නිර්මලා කුමුදුණි සේනානායක

මෙම ඓතිහාසික සංදර්ශනය නරඹන්නන්ගේ සහ අතිගරු ජනාධිපතිතුමා ඇතුළු විශේෂ ආරාධිතයින්ගේ දැඩි ඇගයීමට ලක්විය.

ජය නියතයි!

A Proud Parachute Display Etched in Sri Lanka Police History: First Police Female Parachute Jump by Nirmala Kumuduni

The parachute display held at the Bambalapitiya Police Field Force Headquarters Grounds in conjunction with the 160th Police Day celebrations was etched in golden letters in the history of the Sri Lanka Police.

Making history as the first Sri Lankan female police officer to participate in a parachute display at a Police Day celebration, Woman Police Constable B.M. Nirmala Kumuduni Senanayake successfully completed the jump. She is an experienced officer who has completed 86 successful parachute jumps.

The display was jointly presented by a team of 7 officers of the Special Task Force (STF) and this female officer, together with the Sri Lanka Air Force, at this grand ceremony held under the patronage of His Excellency the President.

04/09/2026

FROM THE SKY, FOR THE NATION. 🇱🇰
Not all heroes arrive by road.
STF Airborne Unit conducting a precision parachute jump with the Police & STF flags.
Thousands of feet above, one mission below.

Land. Water. Air. The STF is ready everywhere.

මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) වෙතින් යුද සැමරුම් වැඩසටහන් මාලාවක්ද...
02/09/2026

මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) වෙතින් යුද සැමරුම් වැඩසටහන් මාලාවක්

දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධයේදී මාතෘභූමියේ ඒකීයභාවය සහ ආරක්ෂාව වෙනුවෙන් උත්තරීතර ජීවිත පරිත්‍යාගය කළ වීරෝදාර පොලිස් විශේෂ කාර්ය බලකා (STF) සාමාජිකයින් අනුස්මරණය කරමින් සංවිධානය කෙරුණු ප්‍රධාන යුද සැමරුම් උළෙල කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී ගෞරවාචාර සහිතව පැවැත්විණි. ඊට සමගාමීව දිවයිනේ ප්‍රධාන කඳවුරු කේන්ද්‍ර කරගනිමින් තවත් සැමරුම් වැඩසටහන් රැසක් සාර්ථකව ක්‍රියාත්මක විය.

කටුකුරුන්ද පුහුණු පාසලේ පැවති ප්‍රධාන උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා සහභාගී විය.

මීට සමගාමීව පැවති ප්‍රාදේශීය සැමරුම් උත්සව පහත ප්‍රධාන ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි:

අනුරාධපුර STF කඳවුර: උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (Senior DIG) තිලක් සී. ධනපාල මහතා

අම්පාර STF කඳවුර: නැගෙනහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති (DIG) සුජිත් වෙදමුල්ල මහතා

කතරගම STF කඳවුර: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (විශ්‍රාමික) ජේ.ආර්. සේනාධීර මහතා

පූර්ණ හමුදා ගෞරවාචාර, උත්තමාචාර පෙළපාලි සහ ස්මාරක වෙත පුෂ්පෝපහාර දැක්වීම මධ්‍යයේ මෙම සැමරුම් උත්සව සංවිධානය කර තිබූ අතර, දිවිපිදූ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම වෙනුවෙන් විශේෂ කාර්ය බලකා කඳවුරු මූලික කරගනිමින් මහා සංඝරත්නය උදෙසා සාංඝික දානමය පුණ්‍යකර්මයන්ද පැවැත්විණි.

Sri Lanka Police Special Task Force Commemorates Fallen War Heroes with Island-Wide Memorial Ceremonies
KATUKURUNDA — The Sri Lanka Police Special Task Force (STF) paid solemn tribute to the fallen personnel who made the supreme sacrifice in defense of the motherland, holding its central War Memorial Ceremony at the Special Task Force Training School in Katukurunda alongside synchronized commemorative observances across regional bases.

The main ceremony in Katukurunda was held under the auspices of the Chief Guest, Deputy Minister of Defence, Major General (Retd) Aruna Jayasekara. The solemn event brought together officers, personnel, and families to honor the valor and enduring legacy of STF members killed in the line of duty during the humanitarian conflict.

To ensure force-wide participation, parallel memorial ceremonies were conducted across key STF bases with senior officials and distinguished guests presiding:

STF Base Anuradhapura: Senior Deputy Inspector General of Police (Senior DIG) – North Central Province, Mr. Thilak C. Dhanapala, graced the ceremony as Chief Guest.

STF Base Ampara: Deputy Inspector General of Police (DIG) – Eastern Province, Mr. Sujith Wedamulla, officiated as Chief Guest.

STF Base Kataragama: Senior Superintendent of Police (SSP) (Retd), Mr. J.R. Senadheera, attended as Chief Guest.

The commemorative proceedings featured formal military honors, ceremonial parades, and a tribute salute executed at the STF war memorial monuments. Dignitaries and personnel placed floral wreaths in deep reverence to their fallen comrades.

In addition to the ceremonial tributes, the STF organized traditional Sanghika Dana (alms-giving) ceremonies across the bases, invoking spiritual blessings and transferring merits to the departed war heroes in keeping with religious traditions. The solemn observances reflected the organization's unwavering commitment to preserving the memory and honor of those who gave their lives in service of the nation.

https://www.youtube.com/watch?v=cs6lTsZ1vf8
02/09/2026

https://www.youtube.com/watch?v=cs6lTsZ1vf8

පොලිස් විශේෂ කාර්‍ය්‍ය බලකායේ 42 වන ගුණ අනුස්මරණ දිනය.කාලයේ වැලි ත...

රුධිරයෙන් සහ ජීවිතයෙන් ලියැවුණු නොමැකෙන විජයග්‍රහණය 42 වන විශේෂ කාර්ය බලකා රණවිරු අභිමානය කටුකුරුන්දේදී උත්කර්ෂවත් ලෙස ස...
01/09/2026

රුධිරයෙන් සහ ජීවිතයෙන් ලියැවුණු නොමැකෙන විජයග්‍රහණය 42 වන විශේෂ කාර්ය බලකා රණවිරු අභිමානය කටුකුරුන්දේදී උත්කර්ෂවත් ලෙස සමරයි.
මාතෘභූමියේ ඒකීයභාවය සහ අභිමානය වෙනුවෙන් සතුරාගේ උණ්ඩය හමුවේ නොසැලී පපුව පෑ අමරණීය විරුවන්ගේ පාද ස්පර්ශයෙන් පූජනීය වූ කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු පාසල් බිම, අද පෙරවරුවේ තවත් එක් අභිමානවත් ඓතිහාසික පරිච්ඡේදයකට සාක්ෂි දැරීය. ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ වීරෝදාර රණවිරුවන්ගේ උත්තරීතර කැපකිරීම් අනුස්මරණය කෙරෙන 42 වන විශේෂ කාර්ය බලකා රණවිරු සැමරුම් උළෙල අද (01) දින අතිඋත්කර්ෂවත් සහ ගෞරවාන්විත අන්දමින් පැවැත්විණි.
1984 සැප්තැම්බර් මස 01 වන දින යාපනය තික්කම් බිමේදී දේශයේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රථම වරට ජීවිත පූජා කළ විශේෂ කාර්ය බලකා විරුවන් සිව්දෙනාගේ අසමසම පරිත්‍යාගයෙන් ඇරඹි ඒ වීර චාරිකාව, තිස් වසරක කුරිරු යුද ගිනි දැල් මැදින් දිවිදුන් වීරෝදාර රණවිරුවන්ගේ රුධිරයෙන් අදටත් පණ ලබයි. යුද බිමේදී සතුරා මුලිනුපුටා දැමූ ඒ අපරාජිත ධෛර්යය, අදටත් රට වෙළාගන්නා සංවිධානාත්මක අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව කිසිදු පැකිලීමකින් තොරව උණ්ඩයට ළය පා පෙරට යන්නේ "නියතයි ජය" යන උදාර පාඨය හදවතින්ම සනාථ කරමිනි.
විශේෂ කාර්ය බලකායේ වැඩබලන අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති රෝයි සුමනවර්ධන මහතාගේ පූර්ණ නායකත්වය සහ මඟපෙන්වීම යටතේ සංවිධානය වූ මෙම සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් කේ. පී. අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා සහභාගී විය. එසේම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී. ඩබ්ලිව්. ආර්. බී. සෙනෙවිරත්න මහතා සහ ශ්‍රී ලංකා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම උත්කෘෂ්ට අවස්ථාවට ගෞරවයෙන් එක්වූහ.
හදවත කම්පා කරවන රණබෙර නාදය සහ සම්මාන ආචාර මැද, රණවිරු ස්මාරකය අභියසට රැස්වූ අමුත්තන් සහ රණවිරු පවුල්වල ඥාතීන් විසින් දිවිපිදූ විරුවන්ට පුෂ්පෝපහාර පුද කරන ලදී. අනතුරුව, විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේ නිර්මාතෘ, දිවංගත නියෝජ්‍ය පොලිස්පති උපාලි සහබන්ධු මහතාගේ ප්‍රතිමාව වෙත ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පුෂ්පමාලා පළඳවා සිය ගෞරව ප්‍රණාමය පුද කරන ලදී.
රටක් වෙනුවෙන් ලෙයින්, කඳුළින් සහ ජීවිතයෙන් නිහඬවම වන්දි ගෙවූ ඒ උත්තරීතර රණවිරුවන් සදාකාලිකවම ජාතියේ හදවත් තුළ නොමැකෙන විජයග්‍රහණයේ අභිමානය ලෙස ජීවත්වනු ඇත.

https://stf.lk/blog-post?id=66

01/09/2026

විශේෂ කාර්ය බලකායේ 14 වන අණදෙන නිලධාරීතුමාගේ නික්මයාමේ උත්සවය.
ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ අභිමානය වෙනුවෙන් කළ සුවිශේෂී සේවය අගය කරමින්, එතුමාට ගෞරවනීයව සමුදෙන ලදී.
එතුමාගේ නායකත්වය, විනය සහ කැපවීම විශේෂ කාර්ය බලකායේ ඉදිරි ගමනට මහඟු ශක්තියකි.
ජය නියතයි!
📍 විශේෂ කාර්ය බලකා මූලස්ථානය

Farewell to the 14th Commandant of the Special Task Force.
A ceremonial farewell was accorded to the 14th Commandant of the STF, in recognition of his distinguished service and exemplary leadership rendered to the Special Task Force and the nation.
His discipline, leadership and commitment will remain an inspiration for the entire force.
Victory Assured!
📍 STF Headquarters

31/08/2026
27/08/2026

NOT ABOUT SPEED. IT'S ABOUT CONTROL. 🇱🇰
Watch how STF Riders conquer impossible obstacles - narrow walls and steep staircases that no ordinary rider would dare to try.
Balance, precision, and nerves of steel.
This is what makes the Rider Team unstoppable in any terrain.

26/08/2026

They can dominate both urban roads and off-road jungle tracks.
They don't need roads. They make roads. STF Riders 🇱🇰🏍️

23/08/2026

Elite line that stands between chaos and control.
Training / Formation / Readiness
Training & Demonstration Purpose Only - STF Official

Address

223 Bauddhaloka Mawatha
Colombo
00700

Alerts

Be the first to know and let us send you an email when Special Task Force - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share