13/12/2025
As another step in the series of initiatives carried out under the NAITA Hope Programme, a medical clinic was successfully conducted at Abayaraja Maha Vidyalaya Berannawa, Yatiyanthota.
Through this programme, over Sixty residents of the area received free medical check-ups and necessary medications.
This medical clinic was organized for the people of Berannawa, Yatiyanthota, who were affected by the recent disaster situation in the area. Students of the Institute of Nursing & Healthcare Training (INHCT), Orugodawatta, participated in the programme together with the staff of the National Apprentice and Industrial Training Authority (NAITA).
We extend our sincere gratitude to Dr. SASS Dilankani of Apeksha Hospital and Dr. Mohan Sanjeewa Dharmasiri of the National Hospital, who voluntarily contributed their service to make this programme a success.
A small quantity of the remaining medicines purchased for this programme was also donated to the Amanawala Regional Hospital.
Our heartfelt thanks go out to everyone who supported this initiative.
NAITA Hope වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙස යටියන්තොට - බෙරන්නාව අභයරාජ මහා විද්‍යාලයේදී සෞඛ්‍ය සායනයක් ක්‍රියාත්මක කරන ලදී.
මෙම වැඩසටහන මගින් ප්‍රදේශවාසී ජනතාව හැටකට අධික ප්‍රමාණයක් සදහා නොමිලේ රෝග විනිශ්චය කර ඖෂධ ලබා දීම සිදු කරන ලදී.
පැවති ආපදා තත්වයෙන් විනාශයට පත්වූ යටියන්තොට බෙරන්නාව ප්‍රදේශයේ විපතට පත් ජනතාව වෙනුවෙන් පැවැත්වූ සෞඛ්‍ය සායනය සදහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ කාර්ය මණ්ඩලය සමග ඔරුගොඩවත්ත පිහිටි Institute of Nursing & Healthcare Training (INHCT) හි හෙද පාඨමාලාව හදාරන සිසු සිසුවියන් සහ Caregiver පාඨමාලාව හදාරන සිසු සිසුවියන් සහභාගී විිය.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා ස්වේච්ඡාවෙන් තම ශ්‍රම දායකත්වය සැපයූ
*අපේක්ෂා රෝහලේ වෛද්‍ය SASS දිලංකනී මහත්මිය
* ජාතික රෝහලේ වෛද්‍ය මොහාන් සංජීව ධර්මසිරි මහතා
වෙත අපගේ ගෞරවණීය ස්තූතිය පුදකර සිටින්නෙමු.
මෙම වැඩසටහන සදහා මිළදී ගත් ඖෂධ තොගයේ ඉතිරි වූ ඖෂධ සුළු ප්‍රමානයක් අමනාවල ප්‍රාදේශීය රෝහල සදහා පරිත්‍යාග කිරීමද මීට සමගාමීව සිදු කෙරිනි.
උපකාර කල ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය....
Let’s stand together as one nation and extend a helping hand to those who need us the most. ❤️
📍 Organized by: NAITA Sri Lanka
NAITA Media Unit