රට හදන අපේ හඩ

රට හදන අපේ හඩ දේශපාලනිකව..
සංස්කෘතිකව..
සමාජයීයව..
රට

25/04/2022

ලංකාවේ බහුතරයක් මිනිසුන්ට තවමත් මේ ව්‍යසනයට එරෙහි වීමට එතරම් උනන්දුවක් නැතිනම්, ජාත්‍යන්තරය හරහා හෝ රජයට බල කිරීම ඇරඹිය යුතුයි!😡

21/04/2022

තාක්ෂණය,සමාජජාලා තියෙද්දිත් උද්ඝෝෂණ මඩින්න ආණ්ඩුව ගිනිතැබීම්,මිනීමැරීම් කරනවනම් 70,80 ගණන්වල කොල්ලො කෙල්ලො කීදාහක් නිරපරාදේ මරන්න ඇත්ද?

09/04/2022

හන්දි ගානෙ කිරිබත් කනකොට, ගම්වල උඹලට මහන්සි තිබ්බෙ නැද්ද? බැහැපියව් යක්ඛ පraයො හැමෝම පාරට! මේ තමයි අවසාන අවස්ථාව රටට!

 #අර්බුදය ට මූලිකම හේතුව ඩොලර් හිගය, අයවැය හිගය නම්..ඒකට හේතුව ගිණි පොළී කොමිස් ණය සහ තොර තෝංචියක් නැති හොරාකෑම නම්..ඒකෙ...
07/04/2022

#අර්බුදය ට මූලිකම හේතුව ඩොලර් හිගය, අයවැය හිගය නම්..
ඒකට හේතුව ගිණි පොළී කොමිස් ණය සහ තොර තෝංචියක් නැති හොරාකෑම නම්..
ඒකෙනුත් අති බහුතරයක් කරල තියෙන්නේ එකම පවුලක් නම්..
මුලින්ම උන්ව එළවන එක කරන්නෙ නැතුව වෙන කිසිම දෙයක් කරල හරියනවද?
නැකත් බල බල, යටිකූට්ටු ගේම් ගගහ ඉන්නෙ නැතුව..
උපනූපන් දරුවන්ගේ අනාගතේ ගැනවත් හිතල...
දැන්වත් බැහැපන් මචං පාරට!
මේ තමයි රට හරි තැනට ගන්න පුළුවන් "අවසාන අවස්ථාව!!"🙏😥

03/04/2022

ප්‍රථම වතාවට ශ්‍රී මහා බෝධියේ අලුත් සහල් මංගල්‍යය දේශපාලුවන් රහිතව! මෙදා පාර තමයි රටටම කිරි ඉතිරෙන්න යන්නෙ!🤗❤️💪
#අරගලයටජයවේවා

03/04/2022

#අපේ_සල්ලි_දීලා_පල

03/04/2022

01/04/2022

ජනපති, අගමැති, මුදල්, ක්‍රීඩා, අභ්‍යන්තර කටයුතු, ගුවන්සේවා ඇතුළු රටේ ආර්ථික මර්මස්ථාන ඔක්කොම හොරපවුලකට දුන්න අපිට මෙහෙම වෙලාමදි!😡

10/10/2021

තනි පුද්ගලයෙකුට රටක් හැදීම අපහසු කාර්යයක් බව දැන් හැමෝටම තේරුණා නේද? ඒ විනය 225 සහ දෙකෝටියක් වූ ජනයා තුලින්ම පැමිණිය යුතුයි..🙏🙏

ඩොක්ටර්ස්ලත් නර්ස්ලත් මාරුවෙන් මාරුවට මරාගන්න පෝස්ට් සෑහෙන දැක්කා..එකම සෞඛ්‍ය සේවයේ විරුවන් පිරිසක් මේ විදියට වෘත්තීය ගර...
04/07/2021

ඩොක්ටර්ස්ලත් නර්ස්ලත් මාරුවෙන් මාරුවට මරාගන්න පෝස්ට් සෑහෙන දැක්කා..එකම සෞඛ්‍ය සේවයේ විරුවන් පිරිසක් මේ විදියට වෘත්තීය ගරුත්වය කෙලෙසගන්න එක ගැන පට්ට දුකයි..හිරිකිතයි! 🤦😥😡

🚫 එකෙක්ට හරියනකොට අනික් එකාට අවුල්..

🚫 තව සෙට් එකක් දේශපාලකයන්ගෙ අතකොලු වෙලා..

🚫 තව සෙට් එකක් අමානුෂික විදියට ලෙඩ්ඩුන්ව බිල්ලට දීල බලේට ගෙනාපු දේශපාලකයන්ව බිත්තියට හේත්තු කරන් තමන්ගෙ ඕනෑ එපාකම් ඉටු කරගන්න මාර ගේමක් දෙනවා..

🚫 තව එකෙක්ට OT ප්‍රශ්න..

🚫 තව එකෙක්ට designation ප්‍රශ්න, තවත් සෞඛ්‍ය සගයෙක් තමන්ට වඩා ඉහලින් යනවට අවුල්..

🚫 තවත් සෙට් එකකට උන්ගෙ වෘත්තීය සමිති බලේ පෙන්නගන්න ඕනා..

🚫 මේ ඔක්කොම අස්සෙ මේ කිසිම දේකට අදාල වෙන්න ඕනෙ නැති චීවරධාරියෙක්, තමන්ගෙ දේශපාලන ඕනෑ එපාකම් වලට නැවත වතාවක් රට අවුලමින් යනවා..

ඉතිම් මේ ඔක්කොම නාඩගම් දිහා උපේක්ෂාවෙන් බලන් ඉමු! උන් උන්ගේ වෘත්තීය ගරුත්වය හෝ මොන අටමගලයක් හරි කෙලෙසගෙන උන්ගෙ අරමුණට යාවි..

ඔය ඔක්කොගෙන්ම බැට කන්න වෙන්නෙ එදා වේල වත් හොයාගන්න නැතුව, බෙහෙත් චුට්ටට හරි සහනයක් ගන්න බලන් ඉස්පිරිතාල වලට එන අන්ත අසරණ මිනිස්සු..
කන බත් කටවල් දෙකින් පවා මේ "සුව විරුවන්ව" ඔය තැනට ගේන්න බදු ගෙවපු මිනිස්සු..😥😥

ඔය සරල සත්‍යය මුන්, සහ පාලකයන් වටහා ගන්නා තෙක් මේ රටේ දුගී දුප්පත් ජනයා හැමදාම ඔය තැනම තමයි..

ලංකාවේ සෞඛ්‍ය සේවකයන්ට ලැබෙන වේතන සහ වරප්‍රසාද, දියුණු වෙච්ච රටවල් එක්ක ගත්තම ඉතාම අවාසනාවන්ත තැනක තියෙන්නෙ, හැබැයි ඒකට විසදුම අසරණ මිනිස්සුන්ව දඩමීමා කරගැනීම නම්, එහෙම "වෘත්තීයවේදීන්ට" ඔය කියන වරප්‍රසාද ලැබිය යුතුම නෑ!

මොකද උන් තේරුම් අරන් නෑ මේ ප්‍රශ්නයට විසදුම ඇත්තේ උන් මාරුවෙන් මාරුවට කඩේ යන දේශපාලුවන් අතේ මිස, ලේ දහඩිය කදුලු පූජාවෙන් මේ තාක් දුරට හෝ රට ඇදගෙන යන අහිංසක මිනිසුන් අතේ නොවන බව!

අන්තිමට කියන්නට ඇත්තේ එක දෙයයි..
මේ රටට පේන තෙක් මානයක හෝ අනාගතයක් නෑ!
තට්ටු මාරු, ඔලුගෙඩි මාරු ක්‍රමයට මහරජාණන්ගේ සිට, මිස්ටර් ක්ලීන්, ස', බැසිල් ස' හරහා බේබිලාගේත් බේබිලා වෙනකම් අපේම ඔලමොට්ටලයන් එකතු වී තවත් අවුරුදු 50කටවත් රට පාවාදෙනවා දෙනවාමයි! 😡

පුලුවන් නම් අඩුම ගානෙ ළමයින්ට වත් නිදහසේ ජීවිතය විදින්න පුලුවන් වෙන විදියට "හිතලා" වැඩ කරහල්ලා..
මේ පින් බිමේ බැරි නම්.... වෙන කොහේ හෝ "නිදහස්" "දියුණු" තැනක!
🙏🙏❤️❤️😥

~ K.K ~

15/05/2021

විහිලුව නම් බෞද්ධකම ගැන පාරම්බාන උදවිය, හේතුවට ආවඩන අතරේ ඵලයට හූ තෑබීමය..ආර්ථික පරිහානිය, අන්තවාදය, ත්‍රස්තවාදය සේම පාතාලයටත් හේතුවී ඇත්තේ කවුරුන්ද?

11/05/2021

ඔව්, මේ මොහොතේ ප්‍රධාන මාතෘකාව කොරෝනා විය යුතුයි. නමුත් ඒ අතරේ වන විනාශය නැවතීම, සීනි/පොල්තෙල් ජාවාරම්කරුවන්ට දඩුවම් දීම, සහ රටේ ස්වෛරීත්වය චීනාට පුදන port city පනත හකුලා ගැනීමත් විය යුතුමයි!

Address

Colombo
01

Website

Alerts

Be the first to know and let us send you an email when රට හදන අපේ හඩ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category