Ministry of Public Administration, Provincial Councils and Local Government

  • Home
  • Sri Lanka
  • Colombo
  • Ministry of Public Administration, Provincial Councils and Local Government

Ministry of Public Administration, Provincial Councils and Local Government Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ministry of Public Administration, Provincial Councils and Local Government, Government Official, No. 330, Drive Colvin R. de Silva Mawatha (Union Place), Colombo/02, Colombo.

09/09/2026

පළාත් පාලන සතිය 2026 පිළිබඳ දැනුවත් කිරිමේ මාධ්‍ය සාකච්ඡාව

SLILG 2026 - 2030 උපායමාර්ගික සැලැස්ම එළිදැක්වීමපළාත් පාලන ආයතන පද්ධතිය තුළ ආයතනික විශිෂ්ටත්වය ඉහළ නැංවීම සහ ජනතා අවශ්‍ය...
05/09/2026

SLILG 2026 - 2030 උපායමාර්ගික සැලැස්ම එළිදැක්වීම
පළාත් පාලන ආයතන පද්ධතිය තුළ ආයතනික විශිෂ්ටත්වය ඉහළ නැංවීම සහ ජනතා අවශ්‍යතාවන්ට කඩිනම් ප්‍රතිචාර දක්වන රාජ්‍ය සේවාවක් සැපයීම ශක්තිමත් කිරීම සඳහා වන ප්‍රයත්න‍යේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ (SLILG) 2026–2030 උපායමාර්ගික සැලැස්ම එළිදැක්වීමේ නිල උත්සවය ගරු පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 ජූලි 24වන දින ශ්‍රී ලංකා පදනම් ආයතන‍යේ දී පැවැත්විණි.
International Foundation for Electoral Systems (IFES) විසින් සපයන ලද තාක්ෂණික සහාය සහ ඕස්ට්‍රේලියානු රජය විසින් Australian Aid වැඩසටහන හරහා ලබාදුන් මූල්‍ය අනුග්‍රහය මත සකස් කරන ලද මෙම පස් අවුරුදු උපායමාර්ගික සැලැස්ම, ශ්‍රී ලංකාව පුරා පළාත් පාලන ආයතන, පුරවැසියන්ගේ සහ ප්‍රජාවන්ගේ නිරන්තරයෙන් වෙනස් වන අවශ්‍යතාවන්ට කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්විය හැකි අයුරින් සවිබල ගන්වන, ගතික විශිෂ්ටත්ව මධ්‍යස්ථානයක් බවට SLILG පරිවර්තනය කිරීම සඳහා වූ පුළුල් මාර්ග සිතියමක් සපයයි.
මෙම උපායමාර්ගික සැලැස්ම ආයතනි මාර්ග සිතියමකට පමණක් සීමා නොවී, ශ්‍රී ලංකාවේ පළාත් පාලනයේ අනාගතය සඳහා වූ නව දැක්මක් නියෝජනය කරයි. නායකත්වය ශක්තිමත් කිරීම, නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම, ප්‍රතිපත්ති සම්පාදනයට අදාළ දැනුම නිර්මාණය කිරීම සහ පළාත් පාලන ක්ෂේත්‍රය පුරා වෘත්තීය විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීම තුළින් SLILG ආයතනය ආයතනික පරිවර්තනයේ ප්‍රධාන උත්ප්‍රේරකයක් ලෙස ස්ථානගත කිරීම මෙම සැලසුමේ අරමුණ වේ.
එමෙන්ම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, සමාජ අන්තර්ග්‍රහණය, ප්‍රවේශවීමේ පහසුකම් සහ පුරවැසියන්ගේ අර්ථවත් සහභාගීත්වය යන මූලධර්ම වැඩසටහන්, හවුල්රිකාරිත්වයන් සහ ආයතනික ක්‍රියාකාරකම් තුළ අන්තර්ගත කරමින්, සියලු දෙනාම ඇතුළත් වන යහපාලනය ප්‍රවර්ධනය කිරීමට මෙම උපායමාර්ගය විශේෂ අවධානයක් යොමු කරයි. ශක්තිමත් ආයතන සහ වැඩි හැකියාවන්ගෙන් යුත් පළාත් පාලන නායකත්වයක් ගොඩනැගීම සඳහා ආයෝජනය කිරීම මගින් රාජ්‍ය සේවා සැපයීමේ ගුණාත්මක බව ඉහළ නැංවීම, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තවදුරටත් ශක්තිමත් කිරීම සහ සියළු පුරවැසියන් සඳහා වඩාත් ප්‍රතිචාරාත්මක, වගකීම් සහිත සහ සාධාරණ පළාත් පාලන ආයතන ගොඩනැගීම මෙම උපායමාර්ගයේ අරමුණයි.
මෙම උපායමාර්ගික සැලැස්ම පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය (SLILG), International Foundation for Electoral Systems (IFES), ඕස්ට්‍රේලියානු රජය, ශ්‍රී ලංකා රජය සහ ජාතික පාර්ශ්වකරුවන් විසින් කාර්‍යක්ෂම සහ වගකීම් සහිත පළාත් පාලන ක්‍රමයක් ප්‍රවර්ධනය කිරීම සඳහා දක්වන සාමුහික කැපවීම පිළිබිඹු කරයි. සහයෝගීතාව සහ හවුල් අයිතිය මත සංවර්ධනය කරන ලද මෙම සැලැස්ම ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ආයතනික ශක්තිමත් බව ඇතිකිරීම සහ පුරවැසි සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යයි.
මෙම උත්සවයට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් සෝ කිඩ් (Zoe Kidd) මිය, IFES ආයතනයේ මෙරට අධ්‍යක්ෂ සිලිජා පාසිලින්නා (Silja Paasilinna) මිය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, සංවර්ධන හවුල්කරුවන්, පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්, විද්වතුන්, සිවිල් සමාජ සංවිධාන සහ වෘත්තිකයන් එක්විය.
‘’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’

SLILG 2026 – 2030 மூலோபாயத் திட்டத்தின் உத்தியோகபூர்வ வெளியீடு
உள்ளூராட்சி மன்ற கட்டமைப்பில் நிறுவன ரீதியிலான சிறப்பை மேம்படுத்துவதற்கும், பொதுமக்களின் தேவைகளுக்கு விரைவாகப் பதிலளிக்கும் அரச சேவையை வழங்குவதை வலுப்படுத்துவதற்குமான முயற்சிகளின் முக்கிய மைல்கல்லாக, இலங்கை உள்ளூராட்சி நிறுவனத்தின் (SLILG) 2026–2030 மூலோபாயத் திட்டத்தை வெளியிடும் உத்தியோகபூர்வ நிகழ்வு, கௌரவ மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி மன்றங்கள் பிரதி அமைச்சர் ருவன் செனரத் அவர்களின் தலைமையில் 2026 ஜூலை 24 அன்று இலங்கை அறக்கட்டளை நிறுவனத்தில் நடைபெற்றது.
தேர்தல் முறைமைகளுக்கான சர்வதேச அமைப்பின் (IFES) தொழில்நுட்ப உதவி மற்றும் ஆஸ்திரேலிய அரசாங்கத்தின் 'Australian Aid' வேலைத்திட்டத்தின் நிதியுதவியுடன் தயாரிக்கப்பட்ட இந்த ஐந்தாண்டு மூலோபாயத் திட்டம், இலங்கை முழுவதிலும் உள்ள உள்ளூராட்சி மன்றங்கள், குடிமக்கள் மற்றும் சமூகங்களின் தொடர்ந்து மாறும் தேவைகளுக்கு திறம்பட பதிலளிக்கும் வகையில்SLILG நிறுவனத்தை ஒரு துடிப்பான சிறப்பு மையமாக மாற்றுவதற்கான விரிவான வழிகாட்டலை வழங்குகிறது.
இம்மூலோபாயத் திட்டம் ஒரு நிறுவன வழிகாட்டலாக மட்டும் நின்றுவிடாமல், இலங்கையின் உள்ளூராட்சியின் எதிர்காலத்திற்கான புதிய தொலைநோக்கைப் பிரதிபலிக்கிறது. தலைமையை வலுப்படுத்துதல், கண்டுபிடிப்புகளை ஊக்குவித்தல், கொள்கை வகுப்பிற்குத் தேவையான அறிவை உருவாக்குதல் மற்றும் உள்ளூராட்சித் துறை முழுவதும் தொழில்முறை சிறப்பை மேம்படுத்துதல் ஆகியவற்றின் மூலம் SLILG நிறுவனத்தை நிறுவன மாற்றத்தின் முக்கிய வினையூக்கியாக நிலைநிறுத்துவதை இத்திட்டம் நோக்கமாகக் கொண்டுள்ளது.
மேலும், பாலின சமத்துவம், சமூக உள்ளடக்கம், அணுகல்தன்மை மற்றும் குடிமக்களின் அர்த்தமுள்ள பங்கேற்பு ஆகிய கொள்கைகளை வேலைத்திட்டங்கள், பங்கான்மைகள் மற்றும் நிறுவன செயல்பாடுகளில் உள்ளடக்கி, அனைவரையும் உள்ளடக்கிய நல்லாட்சியை மேம்படுத்துவதில் இம்மூலோபாயம் சிறப்பு கவனம் செலுத்துகிறது. வலுவான நிறுவனங்கள் மற்றும் அதிக திறன்கொண்ட உள்ளூராட்சித் தலைமையை உருவாக்குவதில் முதலீடு செய்வதன் மூலம், பொது சேவை வழங்கலின் தரத்தை உயர்த்துவதையும், ஜனநாயக ஆட்சியை மேலும் வலுப்படுத்துவதையும், அனைத்து குடிமக்களுக்கும் மிகவும் பொறுப்புணர்வுடைய, கணக்குக்கூறும் மற்றும் நியாயமான உள்ளூராட்சி மன்றங்களை உருவாக்குவதையும் இம்மூலோபாயம் நோக்கமாகக் கொண்டுள்ளது.
இம்மூலோபாயத் திட்டம், இலங்கை உள்ளூராட்சி நிறுவனம் (SLILG), தேர்தல் முறைமைகளுக்கான சர்வதேச அமைப்பு (IFES), ஆஸ்திரேலிய அரசாங்கம், இலங்கை அரசாங்கம் மற்றும் தேசிய பங்காளிகள் திறமையான மற்றும் பொறுப்புணர்வுடைய உள்ளூராட்சி முறைமையை மேம்படுத்துவதற்காகக் கொண்டிருக்கும் கூட்டு அர்ப்பணிப்பைப் பிரதிபலிக்கிறது. ஒத்துழைப்பு மற்றும் கூட்டு உரிமையின் அடிப்படையில் உருவாக்கப்பட்ட இத்திட்டம், ஜனநாயக ஆட்சி, நிறுவன வலிமை மற்றும் குடிமக்கள் பங்கேற்பை ஊக்குவிப்பதற்காக ஆஸ்திரேலியாவிற்கும் இலங்கைக்கும் இடையே உள்ள வலுவான பங்கான்மையை மேலும் வலுப்படுத்தி முன்னோக்கி கொண்டு செல்கிறது.
இந்நிகழ்வில் இலங்கையிலுள்ள ஆஸ்திரேலிய உயர்ஸ்தானிகராலயத்தின் முதன்மைச் செயலாளர் திருமதி ஜோ கிட் (Zoe Kidd), IFES அமைப்பின் நாட்டின் பணிப்பாளர் திருமதி சிலிஜா பாசிலின்னா (Silja Paasilinna), கெளரவ அரசாங்க நிர்வாக, மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சின் செயலாளர் திரு. S. ஆலோக பண்டார உட்பட சிரேஷ்ட அரச அதிகாரிகள், அபிவிருத்தி பங்காளிகள், மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி மன்றங்களின் பிரதிநிதிகள், கல்வியாளர்கள், சிவில் சமூக அமைப்புகள் மற்றும் தொழில்முறை வல்லுநர்கள் பலர் கலந்துகொண்டனர்.
‘’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’’
Unveiling of the SLILG 2026 – 2030 Strategic Plan
Marking a significant milestone in efforts to enhance institutional excellence within the local government system and to strengthen the delivery of a public service that responds swiftly to citizens' needs, the official launch of the Sri Lanka Institute of Local Governance (SLILG) Strategic Plan 2026–2030 was held on July 24, 2026, at the Sri Lanka Foundation Institute, under the patronage of the Hon. Deputy Minister of Provincial Councils and Local Government, Ruwan Senarath.
Developed with technical assistance from the International Foundation for Electoral Systems (IFES) and financial support from the Australian Government through the Australian Aid program, this five-year Strategic Plan provides a comprehensive roadmap to transform SLILG into a dynamic center of excellence, empowering local government institutions across Sri Lanka to efficiently respond to the continuously evolving needs of citizens and communities.
Beyond serving as an institutional roadmap, this strategic plan represents a new vision for the future of local governance in Sri Lanka. It aims to position SLILG as a key catalyst for institutional transformation by strengthening leadership, promoting innovation, generating knowledge relevant to policymaking, and fostering professional excellence across the local government sector.
Furthermore, this strategy places special emphasis on promoting inclusive good governance by embedding the principles of gender equality, social inclusion, accessibility, and meaningful citizen participation into its programs, partnerships, and institutional operations. By investing in building strong institutions and a more capable local governance leadership, the strategy seeks to elevate the quality of public service delivery, further reinforce democratic governance, and build more responsive, accountable, and equitable local government institutions for all citizens.
This strategic plan reflects the collective commitment of the Sri Lanka Institute of Local Governance (SLILG), IFES, the Australian Government, the Government of Sri Lanka, and national stakeholders toward promoting an efficient and accountable local governance system. Developed on a foundation of collaboration and shared ownership, this plan further reinforces the strong partnership between Australia and Sri Lanka in advancing democratic governance, institutional strength, and citizen participation.
The event was attended by First Secretary of the Australian High Commission in Sri Lanka, Ms. Zoe Kidd; IFES Country Director, Ms. Silja Paasilinna; Secretary to the Ministry of Public Administration, Provincial Councils and Local Government, Mr. S. Aloka Bandara; alongside senior government officials, development partners, representatives from provincial councils and local authorities, academics, civil society organizations, and professionals.

ඩිජිටල් මරණ සහතික නිකුත් කිරීමට නව දත්ත පද්ධතියක්රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ඊ-ජනගහන ලේඛන ...
05/09/2026

ඩිජිටල් මරණ සහතික නිකුත් කිරීමට නව දත්ත පද්ධතියක්
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ඊ-ජනගහන ලේඛන වැඩසටහන යටතේ ඩිජිටල් මරණ සහතික නිකුත් කිරීමේ නව දත්ත පද්ධතිය නිල වශයෙන් එළිදැක්වීම ගරු රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ සහ ගරු පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 ජූලි 23 බත්තරමුල්ලේ පිහිටි එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.
මීට පෙර භාවිත වූ අතින් ලියන ලද මරණ සහතිකය වෙනුවට පරිගණක දත්ත පද්ධතියක් මඟින් මෙම ඩිජිටල් මරණ සහතික නිකුත් කිරීම සිදු කරනු ලබයි. මෙලෙස ඩිජිටල් පද්ධතියක් මඟින් මරණ සහතික නිකුත් කිරීම හරහා නිරතුරු යාවත්කාලීන කරන ලද පුද්ගල දත්ත පද්ධතියක් පවත්වා ගැනීමටත්, විවිධ ආයතන අතර කාර්යක්ෂමව දත්ත හුවමාරු කිරීමටත් හැකියාව ලැබෙන අතර ආරක්ෂිතව දත්ත ගබඩා කිරීම මඟින් තොරතුරුවල සුරක්ෂිතතාව ද තහවුරු වේ.
මෙහිදී නිකුත් කරනු ලබන සෑම මරණ සහතිකයකම සත්‍යතාව පද්ධතිය හරහා ක්ෂණිකව පරීක්ෂා කරගත හැකි පරිදි විශේෂ QR කේතයක් අඩංගු කර ඇති අතර, මෙම සහතික මුද්‍රණය කරනු ලබන්නේ ආරක්ෂිත ක්‍රමවේද ඇතුළත් කරන ලද විශේෂිත කඩදාසියක ය. මෙම වැඩසටහනේ කළුතර දිස්ත්‍රික්කය මුල් කරගනිමින් ක්‍රියාත්මක නියමු ව්‍යාපෘතිය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට අදාලව මුද්‍රණය කරන ලද පළමු මරණ සහතිකය කළුතර දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එස්. පී. හේරත් මහතා වෙත ප්‍රදානය කරන ලදී.
……………………………………………………………………………….
டிஜிட்டல் மரண சான்றிதழ்களை வழங்குவதற்கு புதிய தரவு அமைப்பு
பதிவாளர் நாயகம் திணைக்களத்தினால் நடைமுறைப்படுத்தப்படும் ஈ -மக்கள் தொகை பதிவேடு' வேலைத்திட்டத்தின் கீழ் டிஜிட்டல் மரண சான்றிதழ்களை வழங்குவதற்கான புதிய தரவு அமைப்பின் உத்தியோகபூர்வ வெளியீடு, கெளரவ அரசாங்க நிர்வாக, மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சர் பேராசிரியர் சந்தன அபயரத்ன மற்றும் கௌரவ மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி பிரதி அமைச்சர் ருவன் செனரத் ஆகியோரின் தலைமையில் 2026 ஜூலை 23 அன்று பத்தரமுல்லையிலுள்ள அத்திணைக்கள கேட்போர்கூட மண்டபத்தில் நடைபெற்றது.
முன்னர் பயன்படுத்தப்பட்ட கையால் எழுதப்பட்ட மரண சான்றிதழுக்கு பதிலாக கணினி தரவு அமைப்பொன்றின் மூலம் இந்த டிஜிட்டல் மரண சான்றிதழ்கள் வழங்கப்படும். இவ்வாறு டிஜிட்டல் அமைப்பினூடாக மரண சான்றிதழ்களை வழங்குவதன் மூலம் தொடர்ந்து புதுப்பிக்கப்படும் தனிநபர் தரவுத் தளத்தைப் பராமரிக்கவும், பல்வேறு நிறுவனங்களுக்கு இடையே திறம்பட தரவுகளைப் பரிமாறிக் கொள்ளவும் முடிவதுடன், தரவுகளைப் பாதுகாப்பாகச் சேமிப்பதன் மூலம் தகவல்களின் பாதுகாப்பும் உறுதி செய்யப்படுகிறது.
இதன்போது வழங்கப்படும் ஒவ்வொரு மரண சான்றிதழின் உண்மைத்தன்மையையும் கணினி அமைப்பின் மூலம் உடனடியாகச் சரிபார்க்கும் வகையில் ஒரு சிறப்பு QR குறியீடு உள்ளடக்கப்பட்டுள்ளதுடன், இச்சான்றிதழ்கள் பாதுகாப்பு அம்சங்கள் அடங்கிய சிறப்புத் தாளில் அச்சிடப்படுகின்றன. இவ்வேலைத்திட்டத்தின் களுத்துறை மாவட்டத்தை மையமாகக் கொண்டு நடைமுறைப்படுத்தப்படும் முன்னோடித் திட்டத்தின் கீழ், களுத்துறை மாவட்டத்தில் வசித்த நபர் ஒருவருக்குப் பொருத்தமான வகையில் அச்சிடப்பட்ட முதலாவது டிஜிட்டல் மரண சான்றிதழ் களுத்துறை மாவட்ட செயலாளர் திரு. H. M. S. P. ஹேரத் அவர்களிடம் வழங்கி வைக்கப்பட்டது.
……………………………………………………………….

New Data System to Issue Digital Death Certificates
The official launch of the new data system for issuing digital death certificates under the e-Population Register Program, implemented by the Registrar General’s Department, took place on July 23, 2026, at the Department Auditorium in Battaramulla. The event was held under the patronage of the Hon. Minister of Public Administration, Provincial Councils and Local Government, Prof. Chandana Abayarathna, and the Hon. Deputy Minister of Provincial Councils and Local Government, Ruwan Senarath.
Replacing the handwritten death certificates previously used, these digital death certificates will now be issued through a computerized data system. Issuing death certificates via a digital platform enables the maintenance of a continuously updated personal database, facilitates efficient data sharing among various institutions, and ensures the security of information through secure data storage.
Each death certificate issued through this system features a special QR code to verify its authenticity instantly, and the certificates are printed on specialized security paper with enhanced safety features. Under the pilot project being implemented focusing on the Kalutara District, the first digital death certificate printed for a resident of the district was presented to the Kalutara District Secretary, Mr. H. M. S. P. Herath.
..............................................................................................

රෙජිස්ට්‍රාර් සේවයේ නව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානයරෙජිස්ට්‍රාර් සේවයේ III පන්ති...
05/09/2026

රෙජිස්ට්‍රාර් සේවයේ නව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය

රෙජිස්ට්‍රාර් සේවයේ III පන්තියේ II ශ්‍රේණියේ, අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් නව පත්වීම්ලාභී නිලධාරීන් 49 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ගරු රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ සහ ගරු පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 ජූලි 23 බත්තරමුල්ලේ පිහිටි එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.

2026.03.01 වන දින පවත්වන ලද විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල මත, කුසලතා අනුපිළිවෙලට සුදුසුකම් ලත් අයදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ 2026.07.01 දින පවත්වන ලද අතර එහි ප්‍රතිඵල අනුව සුදුසුකම් සපුරාලූ අයදුම්කරුවන් 49 දෙනෙකු වෙත මෙලෙස පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි. මෙම නව නිලධාරීන් දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පවතින අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් පුරප්පාඩු සඳහා අනුයුක්ත කිරීමට නියමිත වේ.........................................
பதிவாளர் சேவையின் புதிய மேலதிக மாவட்ட பதிவாளர் அதிகாரிகளுக்கு நியமனக் கடிதங்கள் வழங்கல்
பதிவாளர் சேவையின் III ஆம் வகுப்பின் II ஆம் தரத்தைச் சேர்ந்த 49 புதிய மேலதிக மாவட்ட பதிவாளர் அதிகாரிகளுக்கு நியமனக் கடிதங்கள் வழங்கும் நிகழ்வு, கெளரவ அரசாங்க நிர்வாக, மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சர் பேராசிரியர் சந்தன அபயரத்ன மற்றும் கௌரவ மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி பிரதி அமைச்சர் ருவன் செனரத் ஆகியோரின் தலைமையில் 2026 ஜூலை 23 அன்று பத்தரமுல்லையிலுள்ள அத்திணைக்கள கேட்போர்கூட மண்டபத்தில் நடைபெற்றது.
2026.03.01 அன்று நடாத்தப்பட்ட திறந்த போட்டிப் பரீட்சையின் பெறுபேறுகளின் அடிப்படையில், திறமை வரிசையில் தகுதி பெற்ற விண்ணப்பதாரர்களுக்கான நேர்முகப் பரீட்சை 2026.07.01 அன்று நடாத்தப்பட்டதுடன், அதன் பெறுபேறுகளின் அடிப்படையில் தகுதிகளைப் பூர்த்தி செய்த 49 விண்ணப்பதாரர்களுக்கு இவ்வாறு நியமனக் கடிதங்கள் வழங்கப்பட்டன. இந்நியமனம்பெற்ற புதிய அதிகாரிகள் தீவு முழுவதிலும் உள்ள பிரதேச செயலகங்களில் காணப்படும் மேலதிக மாவட்ட பதிவாளர் வெற்றிடங்களுக்கு நியமனம் செய்யப்படவுள்ளனர்........................................

Awarding of Appointment Letters to New Additional District Registrars in the Registrar Service
The awarding of appointment letters to 49 newly appointed Additional District Registrars of Grade II in Class III of the Registrar Service took place on July 23, 2026, at the Department Auditorium in Battaramulla. The event was held under the patronage of the Hon. Minister of Public Administration, Provincial Councils and Local Government, Prof. Chandana Abayarathna, and the Hon. Deputy Minister of Provincial Councils and Local Government, Ruwan Senarath.
Based on the results of the open competitive examination held on March 01, 2026, interviews for candidates qualified in order of merit were conducted on July 01, 2026. Accordingly, appointment letters were presented to 49 candidates who fulfilled the required qualifications. These new officers are scheduled to be attached to the existing Additional District Registrar vacancies in Divisional Secretariats across the island.................................

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය සහ කාර්යක්ෂම මහජන සේවාවක් උදෙසා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අතර විශ...
05/09/2026

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය සහ කාර්යක්ෂම මහජන සේවාවක් උදෙසා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අතර විශේෂ සාකච්ඡාවක්.

රාජ්‍ය පරිපාලන සහ පළාත් පාලන පද්ධතිය තුළ ඩිජිටල් තාක්ෂණය සක්‍රියව භාවිත කරමින් මහජනතාවට වඩාත් කාර්යක්ෂම, සුගම සහ පාරදෘශ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශය අතර විශේෂ සාකච්ඡාවක් 2026 ජූලි මස 20 වන දින සාර්ථකව පැවැත්විණි.

මෙහිදී රාජ්‍ය සේවයේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා නවීන ඩිජිටල් තාක්ෂණික විසඳුම් හඳුන්වා දීම, රාජ්‍ය ආයතන අතර දත්ත හුවමාරුව හා සම්බන්ධීකරණය වේගවත් කිරීම, රාජ්‍ය නිලධාරීන්ගේ ඩිජිටල් සාක්ෂරතාව සහ කුසලතා වර්ධනය කිරීම මෙන්ම මහජනතාවට අන්තර්ජාලය ඔස්සේ රාජ්‍ය සේවාවන් පහසුවෙන් ලබා ගැනීමට ඇති පහසුකම් පුළුල් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. විශේෂයෙන්ම, රාජ්‍ය අංශයේ පරිපාලනමය ක්‍රියාවලීන් සරල කිරීම (Business Process Re-engineering) සහ තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීම තුළින් මහජනතාවට අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව සේවාවන් සපයා දීමේ වැදගත්කම දෙපාර්ශ්වයේම අවධානයට යොමු විය.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්,ඩිජිටල් ආර්ථිකය පිළිබද ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්‍ය හාන්ස් විජයසූරිය, රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ආලෝක බණ්ඩාර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ලේකම් වරුණ ධනපාල යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

அரசு சேவையை டிஜிட்டல் மயமாக்கல் மற்றும் திறமையான பொதுச் சேவைக்காக டிஜிட்டல் பொருளாதார அமைச்சுக்கும் பொது நிர்வாக அமைச்சுக்கும் இடையில் விசேட கலந்துரையாடல்.

பொது நிர்வாக மற்றும் மாகாண சபை முறைமையில் டிஜிட்டல் தொழில்நுட்பத்தை தீவிரமாகப் பயன்படுத்தி, மக்களுக்கு மிகவும் திறமையான, அணுகக்கூடிய மற்றும் வெளிப்படையான சேவையை வழங்கும் நோக்கில் டிஜிட்டல் பொருளாதார அமைச்சுக்கும் பொது நிர்வாக மற்றும் மாகாண சபைகள் அமைச்சுக்கும் இடையிலான விசேட கலந்துரையாடல் ஜூலை மாதம் 20 ஆம் திகதி வெற்றிகரமாக நடைபெற்றது.

இதன்போது அரசு சேவையின் உற்பத்தித்திறனை அதிகரிப்பதற்காக நவீன டிஜிட்டல் தொழில்நுட்ப தீர்வுகளை அறிமுகப்படுத்துதல், அரசு நிறுவனங்களுக்கு இடையிலான தரவுப் பரிமாற்றம் மற்றும் ஒருங்கிணைப்பை விரைவுபடுத்துதல், அரச அதிகாரிகளின் டிஜிட்டல் எழுத்தறிவு மற்றும் திறன்களை மேம்படுத்துதல், அத்துடன் பொதுமக்கள் இணையம் ஊடாக அரசு சேவைகளை எளிதாகப் பெற்றுக்கொள்வதற்கான வசதிகளை விரிவுபடுத்துதல் தொடர்பாக விரிவாகக் கலந்துரையாடப்பட்டது. குறிப்பாக, அரச துறையின் நிர்வாக செயல்முறைகளை எளிமையாக்குதல் (Business Process Re-engineering) மற்றும் தகவல் தொழில்நுட்ப அமைப்புகளை ஒருங்கிணைப்பதன் மூலம் மக்களுக்கு தேவையற்ற தாமதமின்றி சேவைகளை வழங்குவதன் முக்கியத்துவம் இரு தரப்பினரதும் கவனத்திற்கு கொண்டு வரப்பட்டது.

இந்த விசேட கலந்துரையாடலில் டிஜிட்டல் பொருளாதார பிரதி அமைச்சர் எரங்க வீரரத்ன, பொது நிர்வாக மற்றும் மாகாண சபைகள் பிரதி அமைச்சர் ருவன் செனரத், டிஜிட்டல் பொருளாதாரம் பற்றிய ஜனாதிபதியின் சிரேஷ்ட ஆலோசகர் கலாநிதி ஹான்ஸ் விஜயசூரிய, பொது நிர்வாக மற்றும் மாகாண சபைகள் அமைச்சின் செயலாளர் ஆலோக பண்டார, டிஜிட்டல் பொருளாதார அமைச்சின் செயலாளர் வருண தனபால உள்ளிட்ட அமைச்சுகளின் சிரேஷ்ட அதிகாரிகள் பலரும் கலந்துகொண்டனர்.

Special Discussion Between the Ministry of Digital Economy and the Ministry of Public Administration on Digitalizing the Public Service and Delivering Efficient Public Services

A special discussion between the Ministry of Digital Economy and the Ministry of Public Administration and Provincial Councils was successfully held on 20th July with the objective of leveraging digital technologies to deliver more efficient, accessible, and transparent public services through the public administration and local government system.

The discussion focused extensively on introducing modern digital solutions to enhance the productivity of the public service, accelerating data sharing and coordination among government institutions, strengthening the digital literacy and skills of public sector officials, and expanding citizens' access to government services through online platforms. Particular attention was given to the importance of simplifying administrative procedures through Business Process Re-engineering (BPR) and integrating information technology systems to ensure that public services are delivered efficiently and without unnecessary delays.

The meeting was attended by Deputy Minister of Digital Economy Eng. Eranga Weeraratne, Deputy Minister of Public Administration and Provincial Councils Ruwan Senarath, Chief Advisor to the President on Digital Economy Dr. Hans Wijayasuriya, Secretary to the Ministry of Public Administration and Provincial Councils Aloka Bandara, Secretary to the Ministry of Digital Economy Waruna Sri Dhanapala, along with senior officials from both ministries.

"ඉවුරු යා කරන - ජීවිත ගොඩනගන" ග්‍රාමීය පාලම් 800ක ඉදිකිරීම් ඇරඹේ."පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති මාලාව අනුව ...
05/09/2026

"ඉවුරු යා කරන - ජීවිත ගොඩනගන" ග්‍රාමීය පාලම් 800ක ඉදිකිරීම් ඇරඹේ.

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති මාලාව අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක "පුනරුදයේ පුරවර" ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා ග්‍රාමීය ජනතාව විශාල ප්‍රමාණයක් දෛනික ගමනාගමනයේ දී මුහුණපාන දුෂ්කරතා සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතුවලදී ඇති බාධාවන් හඳුනාගෙන ඊට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා විශේෂ ව්‍යාපෘතියක් 2026 ජූලි 14 දින ආරම්භ කෙරිණි.

වත්මන් රජය බලයට පත්වූ විගස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකොට මෙසේ සංවර්ධනය කළ යුතු ග්‍රාමීය පාලම් පිළිබඳ වාර්තාවක් දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන මට්ටමින් ලබාගන්නා ලදී. ඒ අනුව මෙය සිව් අවුරුදු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා පාලම් 882ක් තෝරාගන්නා ලද අතර ඒ වෙනුවෙන් 2026 වසර සඳහා වූ අය වැය මගින් ප්‍රතිපාදන වෙන් කෙරිණි.

මෙහි පළමු අදියර ලෙස රුපියල් මිලියන 1,050ක වියදමින් ග්‍රාමීය පාලම් 100කට වැඩි සංඛ්‍යාවක් සංවර්ධනය කෙරෙන අතර එම පාලම්වල ඉදිකිරීම් ආරම්භ 2026 ජූලි 14, අඟහරුවාදා දිවයින පුරා එම ස්ථානවලදී සිදු කෙරිණි.

මෙහි ප්‍රධාන සමාරම්භක උත්සවයන් ද්විත්වය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහත්මාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල, රිදීගම ප්‍රදේශයේදීත් පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහත්මාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට, සූරියවැව ප්‍රදේශයේදීත් පැවැත්විණි.

'கரங்களை இணைக்கும் - வாழ்க்கையைக் கட்டியெழுப்பும்' கிராமிய பாலங்கள் 800 இன் நிர்மாணப் பணிகள் ஆரம்பமாகின்றன.

'செழிப்புள்ள நாடு - அழகான வாழ்க்கை' கொள்கை முறைமைக்கு அமைய, அரச நிர்வாக, மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சினால் நடைமுறைப்படுத்தப்படும் 'மறுமலர்ச்சியின் பட்டணம்' தேசிய வேலைத்திட்டத்தின் கீழ், நாடளாவிய ரீதியில் கிராமிய மக்கள் நாளாந்தப் போக்குவரத்தின் போது முகங்கொடுக்கும் சிரமங்கள் மற்றும் பண்டங்களை விநியோகிக்கும் நடவடிக்கைகளில் ஏற்படும் தடைகளை இனங்கண்டு, அதற்குரிய உட்கட்டமைப்பு வசதிகளை மேம்படுத்துவதற்காக விசேட திட்டம் 2026 ஜூலை 14 ஆம் திகதி ஆரம்பிக்கப்பட்டது. தற்போதைய அரசாங்கம் பதவியேற்றவுடன் அரச நிர்வாக, மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சு இது குறித்து விசேட கவனம் செலுத்தி, இவ்வாறு மேம்படுத்தப்பட வேண்டிய கிராமிய பாலங்கள் குறித்த அறிக்கையினை நாட்டின் அனைத்து உள்ளூராட்சி நிறுவன மட்டத்திலும் பெற்றுக்கொண்டது. அதற்கமைய, இதனை நான்கு வருடத் திட்டமாக நடைமுறைப்படுத்துவதற்காக 882 பாலங்கள் தெரிவு செய்யப்பட்டனதுடன், அதற்காக 2026 ஆம் ஆண்டுக்கான வரவு - செலவுத் திட்டம் ஊடாக ஏற்பாடுகள் ஒதுக்கீடு செய்யப்பட்டன. இதன் முதற்கட்டமாக ரூபா 1,050 மில்லியன் செலவில் 100 க்கும் மேற்பட்ட கிராமிய பாலங்கள் மேம்படுத்தப்படுவதுடன், குறித்த பாலங்களின் நிர்மாணப் பணிகள் 2026 ஜூலை 14 ஆம் திகதி செவ்வாய்க்கிழமை நாடளாவிய ரீதியில் அந்தந்த இடங்களிலும் மேற்கொள்ளப்பட்டன. இதன் பிரதான ஆரம்ப விழாக்களில் இரண்டும், அரச நிர்வாக, மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சர் பேராசிரியர் சந்தன அபயரத்ன அவர்களின் தலைமையில் குருநாகல், ரிதிகம பிரதேசத்திலும், மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி பிரதி அமைச்சர் ருவான் செனரத் அவர்களின் தலைமையில் ஹம்பாந்தோட்டை, சூரியவெவ பிரதேசத்திலும் இடம்பெற்றன.

Construction of 800 Rural Bridges Begins Under "Connecting Hands - Building Lives"
In accordance with the "Prosperous Country - Beautiful Life" policy framework, and under the "Town of Renaissance" national program implemented by the Ministry of Public Administration, Provincial Councils, and Local Government, a special project was launched on July 14, 2026. This initiative aims to identify and address the difficulties faced by rural communities during daily transportation and the obstacles encountered in goods distribution, thereby improving the necessary infrastructure nationwide.
Upon assuming office, the current government paid special attention to this matter and obtained reports from all local government institutions across the country regarding the rural bridges that needed upgrading. Accordingly, 882 bridges were selected to be implemented as a four-year project, with provisions allocated through the 2026 budget.
As the first phase of this initiative, over 100 rural bridges are being upgraded at a cost of Rs. 1,050 million. The construction work for these bridges commenced simultaneously nationwide on Tuesday, July 14, 2026, at their respective locations.
The two main opening ceremonies were held under the patronage of the Minister of Public Administration, Provincial Councils, and Local Government, Professor Chandana Abeyaratne, in the Ridiyagama area of Kurunegala, and under the leadership of the Deputy Minister of Provincial Councils and Local Government, Ruwan Senarath, in the Suriyawewa area of Hambantota.

දිස්ත්‍රික් ලේකම් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්මෙම වසරේ දෙවැනි දිස්ත්‍රික් ලේකම් සමුළුව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක ම...
05/09/2026

දිස්ත්‍රික් ලේකම් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

මෙම වසරේ දෙවැනි දිස්ත්‍රික් ලේකම් සමුළුව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 ජූලි 09 දින කොළඹ, නාරහේන්පිට "නිලමැදුර" පරිශ්‍රයේ ස්වදේශ කටයුතු අංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මහජන සේවා වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ලෙස සැපයීම සඳහා අදාළ පාර්ශ්ව අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමත්, දිස්ත්‍රික් මට්ටමින් පවතින ගැටලු සාකච්ඡා කර, ඊට අදාළ විසඳුම් ලබා ගනිමින් දිස්ත්‍රික් මට්ටමේ ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම මෙම සමුළුවේ අරමුණයි.

එමෙන්ම දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අතර පවතින සම්බන්ධීකරණය, දිස්ත්‍රික් මට්ටමේ පවතින ගැටලු හඳුනාගෙන ඒවාට ප්‍රායෝගික විසඳුම් යෝජනා කිරීම සහ ඉදිරි ක්‍රියාමර්ග සහ වගකීම පැවරීම මෙහිදී සිදු කෙරිණි.

ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අධි අවදානම් ලෙස හඳුනාගත් ප්‍රදේශවල නැවත පදිංචි වීමට ඉඩ නොතැබීමටත්, එවැනි ප්‍රදේශ සඳහා විදුලිය සහ ජලය වැනි මූලික පහසුකම් සඳහා අනුමැතිය ලබා නොදීමට ප්‍රාදේශීය ලේකම්වරුන් පියවර ගත යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

මධ්‍යම කඳුකරයේ සංවේදී භූමිය කළමනාකරණය කිරීම සඳහා විශේෂ බලතල සහිත අධිකාරියක් පිහිටුවීමේ කටයුතුවල ප්‍රගතියද ජනාධිපතිවරයා විමසා බැලු අතර, ඊට අදාළ පනත් කෙටුම්පත මේ වන විට සකස් කර ඇති බවත්, ලබන වසරේදී නව අධිකාරියේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවත් සඳහන් විය.

එමෙන්ම, යුද්ධයෙන් අවතැන් වූ ජනතාවගේ නිවාස ගැටලුව කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාව බව අවධාරණය කළ ජනාධිපතිවරයා, යුද්ධයෙන් අවතැන් වූ පවුල් 13,000ක් ලබන වසරේදී නැවත පදිංචි කිරීමට සැලසුම් කර තිබෙන බවද සඳහන් කළේය.

නිරන්තරයෙන් ගංවතුර සහ නායයම්වලට ලක්වන ප්‍රදේශවල ජනතාව සුරක්ෂිත නිවසක පදිංචි කිරීමේ වැඩපිළිවෙළ ක්‍රමානුකූලව ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විවිධ හේතු මත සහ දේශපාලන වුවමනා මත අවිධිමත් අයුරින් ආරම්භ කර අතරමග අතහැර දමා ඇති නිවාස ඉදිකිරීම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ කඩිනම් සමීක්ෂණයක් සිදු කර ජනතාවට අවශ්‍ය ව්‍යපෘති පමණක් හඳුනාගෙන, එම නිවාසවල වැඩ අවසන් කර ගැනීම වෙනුවෙන් නිවාස ආධාර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කර තිබෙන බවද පැවසීය.

එමෙන්ම නිවාස සහ අනෙකුත් ඉදිකිරීම්වලදී සැලැස්මක් යටතේ කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා දකුණු පළාතේ සිදු කෙරුණු අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබෙන බවත්, උතුර සහ නැගෙනහිර පළාත්වල ඉදිකිරීම් විධිමත් සැලැස්මක් යටතේ සිදු කළ යුතුව ඇති බවත් පෙන්වා දුන්නේය.

අවශ්‍යතාව සලකා බලමින් හමුදා කඳවුරු භාරයේ පවතින ජනතාවගේ ඉඩම් නිදහස් කරන අතරම අනෙකුත් විශාල ඉඩම් ආයෝජන සඳහා ලබා දීමට අවධානය යොමුව තිබෙන බවත්, වගා කටයුතු සඳහා ඉඩම් ලබාදීමේදී වන සංරක්ෂණ හා වනජීවී කලාප ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ගුණාත්මක රාජ්‍ය සේවාවක් වෙනුවෙන් රාජ්‍ය අංශයේ පුළුල් ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වෙනුවෙන් ඵලදායීතාවෙන් තොර ආයතන ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බවද පැවසීය.

එමෙන්ම සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල පුරප්පාඩු පිරවීමට පියවර ගෙන ඇති බවත්, බන්ධනාගාර තදබදය ඉහළ යාමට හේතු වී ඇති රසපරීක්ෂක වාර්තා ප්‍රමාදවීමේ ගැටලුව මගහරවා ගැනීමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු කඩිනමින් පියවීමට පියවර ගෙන තිබෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු, සියලු දිස්ත්‍රික් ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ....................................................................................
ஜனாதிபதி தலைமையில் மாவட்ட செயலாளர்கள் மாநாடு
இந்த ஆண்டின் இரண்டாவது மாவட்ட செயலாளர்கள் மாநாடு கௌரவ ஜனாதிபதி அனுர குமார திசாநாயக்க அவர்களின் தலைமையில் 2026 ஜூலை 09 அன்று கொழும்பு, நாரஹேன்பிட்டியிலுள்ள "நில மெதுர" வளாகத்தில் அமைந்துள்ள உள்நாட்டலுவல்கள் பிரிவின் கேட்போர்கூட மண்டபத்தில் நடைபெற்றது.
பொதுமக்களுக்கான சேவைகளை மிகவும் திறமையாகவும் வினைத்திறனுடனும் வழங்குவதற்காக சம்பந்தப்பட்ட தரப்பினரிடையே ஒருங்கிணைப்பை வலுப்படுத்துவதும், மாவட்ட மட்டத்தில் நிலவும் பிரச்சினைகள் குறித்து கலந்துரையாடி அதற்குரிய தீர்வுகளைப் பெற்று மாவட்ட மட்டத்திலான பொருளாதார வளர்ச்சியை ஊக்குவிப்பதுமே இம்மாநாட்டின் நோக்கமாகும்.
அத்துடன், மாவட்ட அபிவிருத்தித் திட்டங்களின் முன்னேற்றம், அமைச்சுகள் மற்றும் அரச நிறுவனங்களுக்கு இடையிலான ஒருங்கிணைப்பு, மாவட்ட மட்டத்தில் காணப்படும் பிரச்சினைகளைக் கண்டறிந்து அவற்றுக்கு நடைமுறைச் சாத்தியமான தீர்வுகளை முன்மொழிதல் மற்றும் எதிர்கால நடவடிக்கைகள் மற்றும் பொறுப்புகளை ஒப்படைத்தல் ஆகியன இதன்போது மேற்கொள்ளப்பட்டன.
பொதுமக்களின் உயிருக்குப் பாதுகாப்பு அளிக்கும் வகையில் அதிக அபாயம் கொண்ட பகுதிகளாகக் அடையாளம் காணப்பட்டுள்ள இடங்களில் மீண்டும் குடியமர்வதற்கு அனுமதிக்கக் கூடாது எனவும், அத்தகைய பகுதிகளுக்கு மின்சாரம் மற்றும் நீர் போன்ற அடிப்படை வசதிகளுக்கான அனுமதிகளை வழங்க வேண்டாம் எனவும் பிரதேச செயலாளர்கள் நடவடிக்கை எடுக்க வேண்டும் என இங்கு வலியுறுத்தப்பட்டது.
மத்திய மலைநாட்டின் உணர்திறன் மிக்க நிலப்பகுதிகளை நிர்வகிப்பதற்காக சிறப்பு அதிகாரங்களைக் கொண்ட அதிகாரசபையொன்றை நிறுவுவதற்கான நடவடிக்கைகளின் முன்னேற்றம் குறித்து ஆராய்ந்த ஜனாதிபதி, அதற்குரிய சட்டமூலம் தற்போது தயாரிக்கப்பட்டுள்ளதாகவும், அடுத்த ஆண்டில் புதிய அதிகாரசபையின் பணிகளைத் தொடங்க திட்டமிடப்பட்டுள்ளதாகவும் குறிப்பிட்டார்.
யுத்தத்தினால் இடம்பெயர்ந்த மக்களின் வீட்டுப் பிரச்சினையை விரைவாகத் தீர்ப்பதே அரசாங்கத்தின் எதிர்பார்ப்பு என வலியுறுத்திய ஜனாதிபதி, யுத்தத்தினால் இடம்பெயர்ந்த 13,000 குடும்பங்களை அடுத்த ஆண்டில் மீளக் குடியமர்த்த திட்டமிடப்பட்டுள்ளதாகவும் தெரிவித்தார்.
அடிக்கடி வெள்ளப்பெருக்கு மற்றும் மண்சரிவுக்குள்ளாகும் பகுதிகளில் வாழும் மக்களைப் பாதுகாப்பான வீடுகளில் குடியமர்த்தும் வேலைத்திட்டத்தைச் முறைப்படி நடைமுறைப்படுத்த வேண்டியதன் அவசியத்தையும் ஜனாதிபதி சுட்டிக்காட்டினார்.
பல்வேறு காரணங்களினாலும் அரசியல் தேவைகளினாலும் முறையற்ற விதத்தில் ஆரம்பிக்கப்பட்டு அரைகுறையாகக் கைவிடப்பட்டுள்ள வீடமைப்பு நிர்மாணங்கள் குறித்தும் இதன்போது அவதானம் செலுத்திய ஜனாதிபதி, இது தொடர்பாக விரைவான ஆய்வொன்றை மேற்கொண்டு மக்களுக்குத் தேவையான திட்டங்களை மட்டும் அடையாளம் கண்டு, அவ்வீடுகளின் பணிகளை நிறைவு செய்வதற்காக வீடமைப்பு உதவித் தொகையளிக்கும் வேலைத்திட்டமொன்றை நடைமுறைப்படுத்துவதில் அவதானம் செலுத்தப்பட்டுள்ளதாகவும் கூறினார்.
மேலும் வீடமைப்பு மற்றும் ஏனைய நிர்மாணப் பணிகளின் போது திட்டமிட்ட அடிப்படையில் செயற்பட வேண்டியதன் அவசியத்தை வலியுறுத்திய ஜனாதிபதி, தென் மாகாணத்தில் மேற்கொள்ளப்பட்ட முறையற்ற நிர்மாணங்கள் காரணமாகப் பல பிரச்சினைகள் எழுந்துள்ளதாகவும், வடக்கு மற்றும் கிழக்கு மாகாணங்களில் நிர்மாணப் பணிகளை முறைப்படியான திட்டத்தின் கீழ் மேற்கொள்ள வேண்டும் என்றும் சுட்டிக்காட்டினார்.
தேவையைக் கருத்திற்கொண்டு இராணுவத்தின் கட்டுப்பாட்டிலுள்ள பொதுமக்களின் காணிகளை விடுவிக்கும் அதேவேளையில், ஏனைய பெரிய காணிகளை முதலீடுகளுக்காக வழங்குவதிலும் கவனம் செலுத்தப்பட்டுள்ளதாகத் தெரிவித்த ஜனாதிபதி, விவசாய நடவடிக்கைகளுக்காகக் காணிகளை வழங்கும் போது வனப்பாதுகாப்பு மற்றும் வனஜீவராசிகள் மண்டலங்கள் பாதுகாக்கப்படும் வகையில் செயற்பட வேண்டியதன் அவசியத்தையும் சுட்டிக்காட்டினார்.
தரமான அரச சேவையொன்றை உறுதிப்படுத்துவதற்காக அரச துறையில் பரந்தளவிலான மறுசீரமைப்பின் அவசியத்தை இங்கு வலியுறுத்திய ஜனாதிபதி, அரச சேவையின் திறனை அதிகரிப்பதற்காகப் பலனற்ற நிறுவனங்களை அகற்றுவதற்குத் திட்டமிடப்பட்டுள்ளதாகவும் தெரிவித்தார்.
அத்துடன் சுகாதாரம், கல்வி உள்ளிட்ட அத்தியாவசியத் துறைகளில் நிலவும் வெற்றிடங்களை நிரப்ப நடவடிக்கை எடுக்கப்பட்டுள்ளதாகவும், சிறைச்சாலைகளில் நெரிசல் அதிகரிப்பதற்குக் காரணமாக அமைந்துள்ள அரச இரசாயன பகுப்பாய்வாளர் அறிக்கைகள் தாமதமாகும் பிரச்சினையைத் தவிர்ப்பதற்காக, அரச இரசாயன பகுப்பாய்வாளர் திணைக்களத்தின் வெற்றிடங்களை விரைவாக நிரப்ப நடவடிக்கை எடுக்கப்பட்டுள்ளதாகவும் ஜனாதிபதி இங்கு சுட்டிக்காட்டினார்.
இவ்வைபவத்தில் பொது நிர்வாக, மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சர் பேராசிரியர் சந்தன அபயரத்ன, மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி பிரதி அமைச்சர் ருவன் செனரத், ஜனாதிபதியின் செயலாளர் கலாநிதி நந்திக சனத் குமாநாயக்க, ஜனாதிபதியின் பணிப்பாளர் நாயகம் பிரபாத் சந்திரகீர்த்தி, பொது நிர்வாக, மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சின் செயலாளர் ஆலோக பண்டார உட்பட அமைச்சுகளின் செயலாளர்கள், அனைத்து மாவட்ட செயலாளர்கள் மற்றும் திணைக்களத் தலைவர்கள் உள்ளிட்ட சிரேஷ்ட அரச அதிகாரிகள் கலந்துகொண்டனர்.
..................................................................................
District Secretaries’ Conference Headed by the President
The second District Secretaries’ Conference of this year was held on July 09, 2026, at the Home Affairs Division Auditorium located at the "Nila Madura" premises in Narahenpita, Colombo, under the patronage of Hon. President Anura Kumara Dissanayake.
The objective of this conference was to strengthen coordination among relevant stakeholders to deliver public services more efficiently and effectively, discuss district-level issues, and promote district-level economic development by providing appropriate solutions.
Furthermore, reviewing the progress of district development projects, evaluating coordination between ministries and state institutions, identifying district-level issues and proposing practical solutions, as well as delegating responsibilities and outlining future steps, took place during the conference.
It was emphasized that Divisional Secretaries must take steps to prevent resettlement in high-risk zones to ensure public safety, and to deny approval for basic infrastructure such as electricity and water connections in such areas.
The President inquired about the progress of establishing an Authority with special powers to manage sensitive terrain in the central highlands. It was noted that the relevant bill has already been drafted, and plans are underway to commence the operations of the new Authority next year.
Highlighting that the government aims to swiftly resolve the housing issues of war-displaced persons, the President stated that plans are in place to resettle 13,000 war-displaced families next year.
The President also stressed the necessity of systematically implementing a program to relocate people living in areas frequently prone to floods and landslides into safe housing.
Attention was also drawn to housing construction projects that were initiated in an ad-hoc manner due to political motives or other reasons and subsequently abandoned. The President mentioned that attention has been directed toward conducting an immediate survey to identify only the essential projects required by the public, and implementing a housing assistance scheme to complete their construction.
Emphasizing the importance of adhering to proper planning in housing and other construction projects, the President pointed out that informal constructions in the Southern Province have led to numerous issues, and stress was laid on ensuring that constructions in the Northern and Eastern Provinces are carried out under a structured plan.
Considering the necessity, lands belonging to the public currently held by the military are being released, while attention is also focused on allocating other large land parcels for investment purposes. The President further highlighted that when allocating land for agricultural activities, care must be taken to safeguard Forest Conservation and Wildlife zones.
Underscoring the need for comprehensive public sector reforms to deliver a high-quality public service, the President stated that plans are underway to eliminate unproductive institutions to enhance the efficiency of the public service.
Moreover, the President pointed out that steps have been taken to fill vacancies in essential sectors, including health and education, and that immediate action is being taken to fill vacancies in the Government Analyst's Department to resolve delays in analyst reports that contribute to prison overcrowding.
Minister of Public Administration, Provincial Councils and Local Government Prof. Chandana Abayarathna, Deputy Minister of Provincial Councils and Local Government Ruwan Senarath, Secretary to the President Dr. Nandika Sanath Kumanayake, Chief of Presidential Staff Prabath Chandrakerthi, Secretary to the Ministry of Public Administration, Provincial Councils and Local Government Aloka Bandara, along with Ministry Secretaries, all District Secretaries, heads of departments, and senior government officials attended the event.

Address

No. 330, Drive Colvin R. De Silva Mawatha (Union Place), Colombo/02
Colombo

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when Ministry of Public Administration, Provincial Councils and Local Government posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share