Department of Prisons - Sri Lanka

Department of Prisons - Sri Lanka 𝐂𝐮𝐬𝐭𝐨𝐝𝐲, 𝐂𝐚𝐫𝐞, 𝐂𝐨𝐫𝐫𝐞𝐜𝐭𝐢𝐨𝐧𝐬

13/04/2026
ලෝක මුඛ දිනයට සමගාමීව කොළඹ බන්ධනාගාර ආයතනයන් තුළ මුඛ සෞඛ්‍ය පරීක්ෂණ සහ ජංගම දන්ත සේවා වැඩසටහන්..මාර්තු මස 20 වැනි දිනට ය...
03/04/2026

ලෝක මුඛ දිනයට සමගාමීව කොළඹ බන්ධනාගාර ආයතනයන් තුළ මුඛ සෞඛ්‍ය පරීක්ෂණ සහ ජංගම දන්ත සේවා වැඩසටහන්..

මාර්තු මස 20 වැනි දිනට යෙදී තිබූ ලෝක මුඛ දිනයට සමගාමීව මෙරට ස්ථාපිත බන්ධනාගාරවල සේවයේ නියුතු බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවූවන් වෙනුවෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන ජාතික මුඛ සෞඛ්‍ය පරීක්ෂණ සහ ජංගම දන්ත සේවා වැඩසටහනේ සමාරම්භක උත්සවය 2026.04.02 වන දින ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බන්ධනාගාර පරිශ්‍රයේ දී ආරම්භ විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සමග බන්ධනාගාර දෙපාර්තමෙන්තුව එක්ව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන 2026.04.02 හා 2026.04.03 යන දෙදින පුරා පැවැත්වෙන අතර, මීට සමගාමීව අනෙකුත් බන්ධනාගාර ආයතනයන්හි දීප ව්‍යාප්තව ජාතික මුඛ සෞඛ්‍ය පරීක්ෂණ සහ ජංගම දන්ත සේවා වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇත.

වර්තමානය වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ බන්ධනාගාර නිලධාරීන් 6000 කට ආසන්න පිරිසක් සේවය කරනු ලබන අතර, ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය මනා අයුරින් පවත්වා ගෙන යාම මෙන්ම මෙරට ස්ථාපිත බන්ධනාගාර 36 තුළ රඳවා සිටින රැඳවූවන් 38500කට ආසන්න පිරිසකගේ සෞඛ්‍ය තත්වය යහපත් අයුරින් පවත්වා ගෙන යාම අරමුුණු කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව මෙවැනි වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම සමාරම්භක උත්සව සදහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත මහතා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිළධාරීන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ජේෂ්ඨ නිළධාරීන් මෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තු හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිළධාරීන් රැසක් සහභාගී විය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වැඩ ආවරණ ධූරයට ප්‍රසාද් හේමන්ත කුමාර මහතා පත් කෙරේ.........බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගා...
03/04/2026

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වැඩ ආවරණ ධූරයට ප්‍රසාද් හේමන්ත කුමාර මහතා පත් කෙරේ.........

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩ ආවරණය කිරීම සදහා ප්‍රසාද් හේමන්ත කුමාර මහතා 2026.04.02 වන දින පත්කරනු ලැබීය.

2013 වසරේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයකු වශයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එක් වු ප්‍රසාද් හේමන්ත කුමාර මහතා බන්ධනාගාර අධිකාරීවරයකු, විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරීවරයකු හා ජ්‍යෙෂ්ඨ බන්ධනගාර අධිකාරීවරයෙකු වශයෙන් උසස් වීම් ලැබූ අතර ත්‍රිකුණාමලය, වාරියපොල, බෝගම්බර, කෑගල්ල, නව මැගසින්, මහර යන බන්ධනාගාර ආයතන තුළ රාජකාරි කටයුතු සිදු කර ඇත. තවද 2023 වර්ෂයේදී පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වශයෙන්ද රාජකාරි සිදුකර, 2024 වර්ෂයේදී බන්ධනාගාර කොමසාරිස්වරයෙකු ලෙස උසස්වීම් ලැබූ අතර, සැපයුම් හා සේවා අංශයේ හා මෙහෙයුම් හා බුද්ධි අංශය භාරව කටයුතු කර, අනතුරුව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරයේ රාජකාරි සිදුකොට පසුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (වැ.ආ) ධූරයට පත්වීම් ලද මෙතුමා,
ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ආදී සිසුවකු වන ඒ මහතා, ව්‍යාපාර පරිපාලනය පිළිබද පශ්චාත් උපාධිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ විද්‍යාවේදී (විශේෂ) උපාධිය, මානව සම්පත් කළමනාකරණය පිළිබද ජාතික ඩිප්ලෝමාව මෙන්ම බැංකු හා මූල්‍ය කළමනාකරණ පිළිබද සහතික පත්‍ර ලාභියෙක්ද වේ. බන්ධනාගාර පරිපාලනය පිළිබද දේශීය හා විදේශිය පුහුණු වැඩසටහන් හා සමුළු ගණනාවක් සදහා ද ඒ මහතා ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.

තවද, ඒ මහතාගේ වෘත්තීය කාලසීමාව තුළ බන්ධනාගාර නිළධාරීන්ගේ හා රැදවුවන්ගේ සුභසාධනය සදහා සුවිශේෂී කාර්යභාර්යන් රැසක් සිදුකොට ඇත.

මළල ක්‍රීඩකයෙකු ලෙස දස්කම් දැක්වූ බන්ධනාගාර නියාමක සම්පත් දඩල්ලගේ දක්ෂ රංගන ශිල්පියෙකු ලෙසද ජනප්‍රියත්වයට පත්ව ඇත.  ඔහුග...
23/03/2026

මළල ක්‍රීඩකයෙකු ලෙස දස්කම් දැක්වූ බන්ධනාගාර නියාමක සම්පත් දඩල්ලගේ දක්ෂ රංගන ශිල්පියෙකු ලෙසද ජනප්‍රියත්වයට පත්ව ඇත. ඔහුගේ ඉදිරි ක්‍රීඩා හා රංගන කටයුතු සාර්ථක වීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුමා ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සුභාශිංසන එක් කරයි.

(ඔහු වෙනුවෙන් 2026.03.19 දින “සරසවිය” පුවත්පතේ පළ වූ ලිපිය)

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් ස්ටීවන්සන් බේඩ්න් පවල් සාමිවරයාගේ 169 වන ජන්ම දින සැමරුම ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නි...
25/02/2026

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් ස්ටීවන්සන් බේඩ්න් පවල් සාමිවරයාගේ 169 වන ජන්ම දින සැමරුම

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වන රොබට් ස්ටීවන්සන් බේඩ්න් පවල් සාමිවරයාගේ 169 වන ජන්ම දිනය නිමිතිකොට ගෙන ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද 169 වන බී.පී දින සැමරුම අති උත්කර්ෂවත් අන්දමින් වැලිකඩ බන්ධනාගාර බී.පී ස්මාරකය අසලදී පවත්වන ලදි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ලසන්ත මනෝජ් නානායක්කාර මහතා සහභාගී වූ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් බන්ධනාගාර කොමසාරිස් ( පුනරුත්ථාපන) සේනක පල්ලෙතැන්න මහතා සහභාගී විය.

තවද ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ගරු සභාපති තුමන් ඇතුලු නිලධාරීන්, ජාතික ලේකම්, සහාය ප්‍රධාන කොමසාරිස්වරු හා සිරකරු සුභසාධක සංගමයේ වැලිකඩ ශාඛාවේ ගරු සභාපතිතුමිය, බන්ධනාගාර අධිකාරී ( පුනරුත්ථාපන) හා මූලස්ථාන පුනරුත්ථාපන අංශ නිලධාරීන්, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ලී පදක්කම්ලාභී නායකයින් ඇතුලු බාලදක්ෂ ආචාර්යවරුන්,මහර බන්ධනාගාරයේ හා වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් රැසක් මේ උත්සවය සදහා එක්විය.

මෙම සැමරුම් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කටයුතු වැලිකඩ බන්ධනාගාර අධිකාරී හා ප්‍රධාන ජේලර්,සිරකරු සුභ සාධන අංශය හා අනෙකුත් නිලධාරීන් විසින් සිදුකරන ලදි.

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමිවරයාගේ 169 වන ජන්ම දින සැමරුම නිමිති කරගෙන ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය හා එක...
20/02/2026

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමිවරයාගේ 169 වන ජන්ම දින සැමරුම නිමිති කරගෙන ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය හා එක්ව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලබන බී.පී දින සැමරුම 2026.02.22 වන දින පෙරවරු 10:30ට වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී අභිමානවත් උත්සවයක් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත.

හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම් සඳහා වන සම්මාන උළෙල - 2026ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ සංගමය (CA SL) හා ශ්‍රී ලංකා ...
12/02/2026

හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම් සඳහා වන සම්මාන උළෙල - 2026

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ සංගමය (CA SL) හා ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය (APFASL), එක්ව 9 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම් සඳහා වන සම්මාන උළෙල - 2024 (BARA Awards - 2024) 2026 පෙබරවාරි 05 වන දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලදී.

මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු නිශාන්ත ජයවීර මහතා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර මහතා ඇතුළු CA Sri Lanka හි සභාපති ටිෂාන් සුබසිංහ මහතා, උප සභාපති අනෝජි ද සිල්වා මහත්මිය සහ APFASL සභාපති වී. කනගසබාපති මහතා, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලක්මාලි ප්‍රියංගිකා මහත්මිය යන සම්භාවනීය අමුත්තන් රාශියක් සහභාගී විය.

මෙහිදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද කාර්යසාධන වාර්තාව - 2024 සඳහා මධ්‍යම රජයේ දෙපාර්තමේන්තු කාණ්ඩයේ රිදී සම්මානය හිමිවිය. මෙම අවස්ථාවට අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ආර්.ප්‍රසාද් හේමන්ත කුමාර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂක (ක්‍රමසම්පාදන) කේ.මහතන්තිල මෙනවිය සහභාගී විය.

මෙම සම්මාන උළෙල සඳහා මෙම වසරේ 600 කට අධික රාජ්‍ය හා අනුබද්ධ ආයතන ප්‍රමාණයක් සහභාගී විය. තවද බන්ධනාගාර දෙපාර්තමේන්තු 2020 වර්ෂයේ කාර්ය සාධන වාර්තාව 2021 වසරේදී රාජ්‍ය දෙපාර්තමේන්තු රන් සම්මානය හිමි වීම හා අනුයාත වසර 03 තුලදීම ඇගයීමට පාත්‍රවීම සුවිශේෂී වේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ගිණුම් අංශය, සැලසුම් අංශය හා අනෙකුත් අංශ ද සියලුම බන්ධනාගාර ආයතනද, කණ්ඩායමක් ලෙස ලබා දුන් දායකත්වයේ ප්‍රථිඵලයක් ලෙස මෙලෙස ඇගයිමට පාත්‍රවිය.

2026 බන්ධනාගාර මූලස්ථාන වාර්ෂික පිරිත් පිංකම…..බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සියළුම නිළධාරීන් හා නිළධාරිනීයන්ටත්, ඔවුන්ගේ පව...
05/01/2026

2026 බන්ධනාගාර මූලස්ථාන වාර්ෂික පිරිත් පිංකම…..

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සියළුම නිළධාරීන් හා නිළධාරිනීයන්ටත්, ඔවුන්ගේ පවුල්වල සැමටත්, බන්ධනාගාර ගතවී සිටින සියලූම නේවාසිකයින්ටත්, සියළු රටවැසියන්ටත් සෙත් පැතීම අරමුණු කර ගනිමින් සමස්ථ ලංකා බන්ධනාගාර නිළධාරීන්ගේ ‍බෞද්ධ සංගමය මගින්, වාර්ෂිකව සංවිධානය කරනු ලබන පිරිත් සජ්ඡායනය කොළඹ බන්ධනාගාර ආයතන වල අනුශාසක ධුරන්ධර තිඹිරිගස්යාය සාසනාරක්ෂක බෞද්ධ බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති, කෘත්‍යාධිකාරී, දෙමටගොඩ මහා විශුද්ධාරාමාධිපති, අති පූජ්‍ය වැලිමඩ ශාන්ත නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහාසංඝරත්නයේ වැඩම වීමෙන් 2026.01.02 වන දින ප.ව.07.00 සිට පසුදා පහන්වන තුරු බන්ධනාගාර මූලස්ථානයේ දී පැවැත්විය. පසු දින උදෑසන සංඝ්‍යාවහන්සේලා උදෙසා දානමය පුණ්‍ය කටයුත්තක්ද සිදුකරන ලදී.

මෙම පුණ්‍ය කටයුත්ත සඳහා ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ මහතා, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්(වැ.ආ) ප්‍රසාද් හේමන්ත මහතා හා බන්ධනාගාර මූලස්ථාන මාණ්ඩලික නිලධාරී මහත්ම මහත්මීන්, විශ්‍රාමික බන්ධනාගාර නිළධාරීන් ඇතුළු සියළු බන්ධනාගාර නිළධාරීන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සහභාගී වූහ

බන්ධනාගාර දෙපාර්තමේන්තු මාණ්ඩලික නිළධාරීන් සදහා උසස් වීම් .........බන්ධනාගාර කොමසාරිස් තනතුරු දෙකක් හා බන්ධනාගාර මූලස්ථා...
05/01/2026

බන්ධනාගාර දෙපාර්තමේන්තු මාණ්ඩලික නිළධාරීන් සදහා උසස් වීම් .........

බන්ධනාගාර කොමසාරිස් තනතුරු දෙකක් හා බන්ධනාගාර මූලස්ථාන අධිකාරී ධුරය සදහා ජේෂ්ඨ බන්ධනාගාර නිළධාරීන් තිදෙනෙකුට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ මහතා විසින් 2026.01.01 වන දින බන්ධනාගාර මුලස්ථාන පරිශ්‍රෙය්දී පත්වීම් ලිපි ප්‍රධානය කරන ලදී.

එහිදී, බන්ධනාගාර කොමසාරිස් (වැ.ආ) (මෙහෙයුමි හා බුද්ධි/මාධ්‍ය ප්‍රකාශක) වශයෙන් ජේෂ්ඨ බන්ධනාගාර අධිකාරී එ්.සී.ගජනායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (වැ.ආ) (කර්මාන්ත හා නිපුණතා සංවර්ධන) ජේෂ්ඨ බන්ධනාගාර අධිකාරී එස්.එල්.විජේසේකර මහතා හා මූලස්ථාන අධිකාරී ලෙස ජේෂ්ඨ බන්ධනාගාර අධිකාරී රජිව් සිල්වා මහතා යන නිළධාරීන් මෙලෙස උසස්වීම් ලබාගන්නා ලදී.

මෙම විශේෂ අවස්ථාවේදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා විසින් එම උසස් වීම් ලබා ගන්නා ලද නිළධාරීන් සදහා රාජකාරී ජීවිතය සදහා සුභාශිංසන එක් කළ අතර, එම අවස්ථාව සදහා අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්(වැ.ආ) ප්‍රසාද් හේමන්ත මහතා ඇතුළු බන්ධනාගාර මූලස්ථාන මාණ්ඩලික නිළධාරී මහත්ම/ මහත්මීන් රැසක් සහභාගී විය.

Address

Prison Headquarters, No. 150, Baseline Road
Colombo
00900

Opening Hours

Monday 08:30 - 16:00
Tuesday 08:30 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:30 - 16:00
Saturday 08:30 - 16:00

Alerts

Be the first to know and let us send you an email when Department of Prisons - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share