31/12/2025
🦡 Honey Badger – ලෝකේම ඕනෑම දේකට බය නැති සතුන්ගෙන් එකක්!
Honey Badger (හනි බැජර්) හඳුන්වන්නේ “Ratel” කියලාත්. මේ සතුන් Africa, Asia සහ ඉන්දියානු උපමහාද්වීපයේ දී සොයාගන්න පුළුවන්. Mustelid පවුලේ (ferrets, weasels, otters, badgers, wolverines) අයෙක් වන Honey Badger, තමන්ගේ අසමසම ශක්තිය සහ බය නැති හැසිරීම නිසා ලෝකේම ප්‍රසිද්ධයි.
කළු පාටේ දේහය, ඉහළින් අළු/අසුරු පාටේ කටුසුළු කබාය වැනි සමක් ඇති මේ සත්වයා
- උස: සෙ.මී. 23 – 28
- දිග: සෙ.මී. 55 – 80
- බර: කි.ග්. 8 – 16
- ජීවිත කාලය: අවුරුදු 7ක් පමණ වේ
“Honey Badger” කියන්නේ මී මැසි ගුල් වලට යන ආශාව නිසා. නමුත් ඔවුන්ට මී මැසි ලාභු (bee larvae) තමයි වැඩිම ආසාව.
Honey Badger බොහෝ විට මාංශ භක්තික වේ. ඔවුන් සර්පයන්, කුඩා සතුන්, පක්ෂීන්, මී මැසි ගුල් සහ කුඩා කෘමීන් ද අරගනවා. ඔවුන්ගේ දන්ත බලය ඉතා ශක්තිමත්, සර්පයන්ටත් බය නැතිව ගැටේ.
Honey Badger ගැන කියන ප්‍රසිද්ධ කතාවක් තමයි:
👉 “They don’t care!” – ඔවුන්ට සිංහ, සර්පයෝ වගේ විශාල සතුන්ටත් බය නැහැ. Loose skin එක නිසා ඔවුන්ට ගැටේ අතරේම හැරී ගැටේ ඇරගන්න පුළුවන්.
ඔව්න් බොහෝ විට
- වනාන්තර
- ගස් වැවුණු ගස්බෑව
- ගොඩබිම් සහ කඳුකර ප්‍රදේශ ඔව්න්ගෙ වාසය සදහා තෝරා ගනු ලබයි.
Sources: Fact Animal Wikipedia National Geographic