27/02/2023
විශේෂ කෑම එකක් හදලා බලන්න
පොඩි දරුවන්ට හොඳයි ..
ඔයාලත් හදලා බලන්න
❤️❤️ අලබොන්ඩා
අවශ්‍ය ද්‍රව්‍ය
🌷අල ග්‍රෑම් 500 යි
🌷සිහින්ව ලියාගත් ලියා ගත් රට ලූනු ගෙඩියක්
🌷සිහින් ව ලියා ගත් සුදුළූණු බික් දෙක තුනක්
🌷තුන පහ කුඩු ටිකක්
🌷අබ ඇට ස්වල්පයක් හා සූදුරු ඇට ස්වල්පයක්
🌷කෑලි මිරිස් කුඩු
🌷ගම්මිරිස් කුඩු
🌷කහ කුඩු ස්වල්පයක්
🌷සිහින්ම සිහින්ව ලියාගත් කරපිංචා සිහින්ව
ලියා ගත් අමු මිරිස් කරලක්
( බබාලා නිසා මම නම් දැම්මෙ නෑ )
🌷තෙම්පරාදුවට බටර් හෝ පොල් තෙල්
කඩල පිටි දවටනය සඳහා
🌷කඩල පිටි ග්‍රෑම් 200
🌷 බේකින් පවුඩර් තේ හැඳි එකයි
🌷ලුණු ස්වල්පයක්
🌷කහ කුඩු ස්වල්පයක්
🌷වතුර
🌷සිහින්ව ලියාගත් කරපිංචා
🌷( කැමති නම් ) සූදුරු ඇට තේ හැඳි එකක්
1. අල තම්බා කැබලි සිටින ආකාරයට පොඩි කරගන්න.
2.අල තෙම්පරාදුව සදහා බටර් හෝ තෙල් ලිප තබා රත් වූ විට එයට අබ ඇට සූදුරු ඇට එකතු කර ටිකක් බැදගන්න
4. පසුව ලූනු , සුදුලූනු කරපිංචා , කුරුඳුපොතු එකතු කර ටිකක් බැදගන්න එයට අමුතුනපහ , කෑලි මිරිස් ගම්මිරිස් කුඩු එකතු කර අල ද එක්කර තෙම්පරාදුව සකසා ගන්න
5. මෙම මිශ්‍රණය නිවුණු පසු දෙහි ගෙඩියේ තරම් බෝල සාදාගන්න
6. කඩල පිටි දවටනය සදහා ඇති සියලු ද්‍රව්‍ය භාජනයකට දමන්න එයට වතුර ටික ටික දමා ඝනකම මිශ්‍රණයක් සාදා ගන්න මිනිත්තු විස්සක් පමණ පිපෙන්න තියන්න
7. දැන් අල බෝල ගෙන කඩල පිටි ද්‍රාවණයේ දවටා රත් වූ ගැඹුරු තෙලේ බැදගන්න