25/03/2022
හීනයට ජීවයක් එහෙමත් නැත්නම් warriors of hope අපි පොරොන්දු වුණ විදියටම විශේෂ අවශ්‍යතා සහිත ළමයි ඉගෙනුම ලබන අඹේපුස්ස "අපේ ළමයි" විශේෂ පාසලට ගියා...😊❤
අපිට projector එකක්,projector screen එකක් tab එකක් ඒ වගේම google chromcast device එකක් එයාලට ලබා දෙන්න හැකි වුනා ඔයාලගෙ උදව් නිසාම.😍
එයාලව මුණගැහිලා ඒ මල් වගේ පුංචි හිත්වලට සතුට අරන් යන්න ආස උනත් මේ කොරෝනා වසංගතේ හැමදේට ම හරස් වෙලා..🥺
ඉතින් එයාලගේ ආරක්ෂාව ගැන හිතලා අපි අපේ කණ්ඩායමෙන් එක් සාමාජිකයෙක් විතරක් ඒ උපකරණ සියල්ල ම එයාලට ගිහින් දීමට කටයුතු කලා.🤗
මේ වැඩේ සාර්ථක ව කරන්න ඔයාලා හැමෝම අපිට ගොඩක් උදව් කලා❤🙏.ඔයාල අපිට කරපු ඒ ආධාරය දවසක එයාලගෙ ජීවිතේ එළිය කරාවි...දවසක එයාලා දිනාවි.....ඔව් එයාල දිනන්න ඕනි.....❤🙌
ඉතින් අපිත් එක්ක මුල ඉදන් මේ වැඩේ සාර්ථකව නිමා කරන්නට වචනෙකින් හරි උදව් කරපු ඔයාලට කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ දෙවන වසර ශිෂ්‍යයන් කණ්ඩායමක් වන warriors of hope අප ස්තූති වන්ත වෙනවා....ඉතින් අපේ හෘදයාංගම ස්තූතිය පිලිගන්න.♥️✨🤝