SLFP බේරුවල

SLFP බේරුවල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SLFP බේරුවල, Political Party, Beruwala.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයෙන්,පීඩාවට පත් වලල්ලාවිට ජනතාවට එදිරිවීර ප්‍රේමරත්න පදනම මගින් පිසු ආහාර ලබා දීමට ශ්‍රී ලංක...
04/06/2024

පවතින අයහපත් කාලගුණික තත්ත්වයෙන්,පීඩාවට පත් වලල්ලාවිට ජනතාවට එදිරිවීර ප්‍රේමරත්න පදනම මගින් පිසු ආහාර ලබා දීමට ශ්‍රී ලංකා නිදහස්පක්ශ බේරුවල ආසන සංවිධායක ප්‍රභාත් එදිරිවීර මහතා ක්‍රියා කලහ.

මාලේවන කොට්ඨාසයේ කුරුදුවත්ත ග්‍රාමයේ පිහිටි ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන චෛත්‍යය රාජයානන් වහන්සේට මුල්...
29/01/2024

මාලේවන කොට්ඨාසයේ කුරුදුවත්ත ග්‍රාමයේ පිහිටි ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන චෛත්‍යය රාජයානන් වහන්සේට මුල් ගල් තැබීමේ උත්සවයට විශේෂිත ආරාධිතයකු වශයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ බේරුවල ආසන සංවිධායක ගරු ප්‍රභාත් එදීරිවීර මැතිතුමා සහභාගි වූ අවස්තාව.

https://m.facebook.com/story.php?story_fbid=384993437382513&id=100076155792847&mibextid=Nif5oz
09/01/2024

https://m.facebook.com/story.php?story_fbid=384993437382513&id=100076155792847&mibextid=Nif5oz

🇱🇰 බණ්ඩාරනායක දර්ශනය 🇱🇰
====================

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ දිවන්ගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වන ජංම දිනය අදට යෙදී ඇත.

රට දැය කෙරෙහි තමන් තුළ ඇති ආදරය සහ ගෞරවය වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ඔප්පු කර පෙන්වූ නායකයකු වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමන් එකී දුර්ලභ ගණයේ මානව හිතවාදී නායකයන් අතර පෙරමුණෙහිම සිටින යුග පුරුෂයෙකුවේ.

ප්‍රභූ පැලැන්තියට පමණක් හිමිව තිබූ වරප්‍රසාද රටේ පොඩි මිනිහාටද භුක්ති විදීමේ අවස්ථාව උදාකර දෙමින්, සඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය පෙරටු කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම්වූ ජනතාවාදී දේශපාලන පක්ෂය පිහිටුවීමට මූලිකත්වය ගැනීමම බණ්ඩාරනායක මැතිතුමන්ගේ නාමය සදානුස්මරණීය වීමට ප්‍රමාණවත් තරම්ය. එදා 1951 වසරේදී රටට හිතකර නොවූ ප්‍රතිපත්තිවලට විරෝධය පළකරමින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව රටට හිතැති බලවේග එක් රැස් කරගනිමින් පිහිටුවා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙටි කලකින්ම ශ්‍රී ලංකා ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1952 මහ මැතිවරණය වන විට ජයග්‍රාහී මට්ටමකට පත් කිරීමට සමත් වූ බණ්ඩාරනායක මැතිතුමන් එම පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකයා බවට පත්විය.

ශ්‍රී ලංකා දේශපාලන වංශකතාවේ නව පෙරලියක් ආරම්භය සනිටුහන් කළ 1956 වර්ෂයේ පැවති මහ මැතිවරණයට බණ්ඩාරනායක මැතිතුමන් ඉදිරිපත් වූයේ පුළුල් සන්ධානයක් ගොඩනගමිනි. මහ මැතිවරණය කැඳවීමත් සමගම ක්‍රියාත්මකවූ බණ්ඩාරනායක මැතිතුමන් විපක්ෂය නියෝජනය කළ පිලිප් ගුණවර්ධන මහතාගේ සමසමාජ පක්ෂයත්, ඊරියගොල්ල, දහනායක සහ සෝමවීර ත්‍රිත්වයේ භාෂා පෙරමුණ සමගත් සන්ධානගතවූ අතර එලෙස බිහිවූ සන්ධානය ජනතාව හමුවට ගියේ මහජන එක්සත් පෙරමුණ නමිනි.

ඒ අනුව 1956 මැතිවරණයේදී බිහිකර ගත් නව සන්ධානය හරහා ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයෙන් පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී යුග පෙරළියක් ඇති කරන්නට බණ්ඩාරනායක මැතිතුමන්ට හැකිවිය. එදා හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ”බමුණු කුලය බිදවැටීම ”ලෙස නම්කළ ඒ මහා පෙරළිය මෙරට නව යුගයකට පාර කැපූ බව සියලු දෙනා පිළිගන්නා සත්‍යයකි.

එතුමාගේ පරමාදර්ශය වූයේ 💙 ”මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම” 💙 යන්නය. එමෙන්ම එතුමන්ගේ චින්තනය සැකසී තිබුණේ නිදහස් නිවහල් ජාතික රාජ්‍යයක් නිර්මාණය කිරීමේ අධිෂ්ඨානය මතය. එම උදාර අභිලාෂයන් අනුව යමින් රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස සිය පාලන කාලය තුළදී බණ්ඩාරනායක මැතිතුමන් විශාල කාර්යභාරයක නිරත විය. අපේ රට ආර්ථික සහ සාමාජීය වශයෙන් දැවැන්ත අර්බුදයක සිටින මෙවන් මොහොතක පොදු ජනතාවගේ ජීවිත සමෘද්ධිමත් කිරීමටත්, රටක් ලෙස ලෝකය ඉදිරියේ නොබියව නැගීසිටින්නටත් අදටත් වලංගු බණ්ඩාරනායක චින්තනයෙන් ගතහැකි ආදර්ශ බොහෝය.

නාමික නිදහසින් ඔබ්බට ගිය නිදහසක් අපේක්ෂා කළ බණ්ඩාරනායක මැතිතුමන් ශ්‍රී ලංකා මාතාවට පරිපූර්ණ,පිරිසිදු නිදහසක් ලබාගැනීම උදෙසා කළ මෙහෙවර අතිශය ප්‍රශංසනීයය. සමාජ, ආර්ථික හා දේශපාලන යන සෑම ක්ෂෙත්‍රයකින්ම නොසලකා හැර සිටි පොඩි මිනිසුන්ගේ නිදහස සහ අයිතිය තහවුරු කිරීමට කටයුතු කළ එතුමන් යටත් විජිත පාලනය නිසා වල් බිහිව තිබූ දේශීය ආර්ථිකය නැවත පණ ගැන්වීම පිණිස සිය උපරිම ශක්තිය යෙදවීය.

රාජ්‍ය පාලන කාලය කෙටි කලකට සීමා වුවද බණ්ඩාරනායක මැතිතුමන් විසින් රට, දැය, සමය වෙනුවෙන් ඉටුකළ සේවාව ඉතා විශාලය.

🔵 රටේ බහුතරයකගේ භාෂාව වූ සිංහලය රාජ්‍ය භාෂාව බවට නීතිගත කළේය.
🔵 එතුමන් බුද්ධාගම රාජ්‍යාගම බවට පත් කළේ අනෙකුත් ආගම්වලටද ලැබිය යුතු නිසි ගෞරවය ලබාදෙමිනි.
🔵 බෞද්ධ විශ්ව කෝෂය හා සිංහල ශබ්දකෝෂය සම්පාදනය කිරීම.
🔵 අනුරාධපුරය පූජනීය නගරයක් කිරීම.
🔵 මහා පිරිවෙන් දෙක වූ විද්‍යෝදය සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කිරීම. එතුමන්ගේ ශාසනික සහ අධ්‍යාපනික සේවාවන් අතර ප්‍රමුඛ වේ.
🔵 වයරාය ජනසතු කිරීම.
🔵 පොදු ප්‍රවාහන සේවය ඇති කිරීම.
🔵 දේශීය කර්මාන්ත දියුණු කිරීම.

නිදහස් රටක් ලෙස ලෝකයේ සියලූ ජාතීන් සමඟ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට බණ්ඩාරනායක මැතිතුමන් විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීන්දුව මුළු මහත් ලෝකයේම පැසසුමට ලක්විය. අදටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද ස්ථාවරයවී තිබෙන එම නොබැදි පිළිවෙත හේතුවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන්ද ජයග්‍රහණ රැසක් අත්පත් කරගත හැකිවිය.චීවර ධාරියෙකුගේ වෙඩි පහරකට ලක්ව 1959 සැප්තැම්බර් 26 දින බණ්ඩාරනායක ශ්‍රීමතාණන් අභාවප්‍රාප්තවූයේ මුළු මහත් රටේම අවාසනාවකටය.

🖊️🖊️🖊️
ප්‍රදිප් නානායක්කාර
ශ්‍රී.ල.නි.ප මාධ්‍ය ඒකකය

දර්ගානගරය පල්ලෙගොඩ වත්ත ඇබොයින් කොටසෙ ජිවත් වන සහොදර දමිල ජනතාවගෙ නිවාස පිහිටා තිබෙන භූමියේ  තිබෙන විශාල නුග ගසේ අතු ඔවු...
26/12/2023

දර්ගානගරය පල්ලෙගොඩ වත්ත ඇබොයින් කොටසෙ ජිවත් වන සහොදර දමිල ජනතාවගෙ නිවාස පිහිටා තිබෙන භූමියේ තිබෙන විශාල නුග ගසේ අතු ඔවුන්ගෙ නිවාස වලට විදුලිය සපයන විදුලි රැහැන් සමග බද්ද වී සහ නිවාස වල වහලයට උඩින් තිබිමෙන් ඉතා අවදානමක් ඇති බව එම ජනතාව හමු වීමට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බේරුවල සංවිධායක ප්‍රභාත් එදීරිවීර මහතාට දැනුම් දීමෙන් පසුව එම මහතාගේ පුද්ගලික මුදලින් එදිනට පසු දිනම එම අතු කපා ඉවත් කර ඔවුන්ට වන හානිය වලක්වා ලිමට පියවර ගන්නා ලදි.

කලුතර බේරුවල 767-කාලවිල ගොවීන්ට කාලයක පටන් පැවති ගොවි ගැටලුවක් වන "මඩකුඹුර ඇල", ශ්‍රීලංකා නිදහස් පක්ෂ බේරුවල සංවිධායක ප්...
19/11/2023

කලුතර බේරුවල 767-කාලවිල ගොවීන්ට කාලයක පටන් පැවති ගොවි ගැටලුවක් වන "මඩකුඹුර ඇල", ශ්‍රීලංකා නිදහස් පක්ෂ බේරුවල සංවිධායක ප්‍රභාත් එදිරිවීර මහතාගේ පුද්ගලික මුදලින් ප්‍රතිසංස්කරණය කිරිමට 2023.11.19 වන අද දින ප්‍රදේශයේ ගොවීන් සමග සාකච්ඡා කල අතර ඇල නීරීක්ශනය කිරිමටද ගොවීන් කිහිපදෙනක් සමග සහභාගි විය.

කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන් අතර සුහද හමුවක් පසුගියදා කළුතර ආසන සංවිධාය  ...
13/10/2023

කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන් අතර සුහද හමුවක් පසුගියදා කළුතර ආසන සංවිධාය වෛද්‍ය ශෝභාත් විජේරත්න මහතාගේ නිවසේදි ගරු ශාන් විජයලාල් ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

🙏
11/10/2023

🙏

මතකද මෙහෙම කාලයක් අපිට තිබ්බා...
04/10/2023

මතකද මෙහෙම කාලයක් අපිට තිබ්බා...

Address

Beruwala
12070

Telephone

+94779148148

Website

Alerts

Be the first to know and let us send you an email when SLFP බේරුවල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to SLFP බේරුවල:

Share