11/09/2026
☘️පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්☘ තේමාව පෙරදැරිව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සංවිධානයෙන් සහ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන පළාත් පාලන සතිය 2026.09.14 දින ආරම්භ වේ.
මෙහිදී සැප්තැම්බර් 14 සිට 19 දින දක්වා දින 06ක් පුරා විවිධ ජනහිතකාමී වැඩසටහන් සමඟින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
🗓️පළමු දිනය (2026.09.14): ජංගම සේවා සහ ආදායම් ප්‍රවර්ධන දිනය
🗓️දෙවන දිනය (2026.09.15): මහජන උපයෝගීතා දිනය
🗓️තෙවන දිනය (2026.09.16): පරිසර සහ රුක් රෝපණ දිනය
🗓️සිව්වන දිනය (2026.09.17): සෞඛ්‍ය සහ සනීපාරක්ෂක දිනය
🗓️පස්වන දිනය (2026.09.18): සාහිත්‍ය, අධ්‍යාපන, පුස්තකාල හා ක්‍රීඩා ප්‍රවර්ධන දිනය
🗓️හයවන දිනය (2026.09.19): සහතික පත්‍ර ප්‍රදානය සහ සමාප්ති උළෙළ
ජනතා හිතවාදී කාර්යක්ෂම සේවයක් වෙනුවෙන් අප හා එක් වන්න! ✨
#පුනරුදයේපුරවර #බෙලිඅත්තප්‍රාදේශීයසභාව