SYU Beliatta සමාජවාදී තරුණ සංගමය බෙලිඅත්ත சோசலிச இளைஞர் சங்கம் - பெலியத்த.

  • Home
  • Sri Lanka
  • Beliatta
  • SYU Beliatta සමාජවාදී තරුණ සංගමය බෙලිඅත්ත சோசலிச இளைஞர் சங்கம் - பெலியத்த.

SYU Beliatta සමාජවාදී තරුණ සංගමය බෙලිඅත්ත  சோசலிச இளைஞர் சங்கம் - பெலியத்த. යුක්තිගරුක දේශයක් ,
සාධාරණ සමාජයක්,
නිවහල් මිනිසෙක්..

28/05/2026
පොරොන්දු කියන්නේ බලාපොරොත්තු...! 2024 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන අපේ පක්ෂයේ ආණ්ඩුවක් යටතේ රටේ තරුණ ප්‍රජාවගේ සංවර්ධනය වෙනු...
17/05/2026

පොරොන්දු කියන්නේ බලාපොරොත්තු...!

2024 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන අපේ පක්ෂයේ ආණ්ඩුවක් යටතේ රටේ තරුණ ප්‍රජාවගේ සංවර්ධනය වෙනුවෙන් අපි මොනවාද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා තරුණ ප්‍රඥප්තිය ඇතුළේ අපි කිව්වා. රටේ තරුණ ප්‍රජාවෙන් බහුතරයක් දිනාගන්න අපිට පුළුවන් වුණේ ඔවුන් අපි කෙරෙහි තැබූ විශ්වාසය නිසයි.

ඒ විශ්වාසය තවත් තහවුරු කරමින් ඔවුන්ට දුන් තවත් පොරොන්දුවක් ඉටු කරන්න අපිට පුළුවන් වුණා!

අපි එදා දුන්නු පොරොන්දුව:
🔹 ගෝලීය අන්තර්ජාල රැකියා වෙළෙඳපොළ ජයගන්න අපේ තරුණ පරපුරට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සලසා දීම.
🔹 දැනටමත් Online ක්‍රමයට විදේශ විනිමය උපයන අපේ Freelancer තරුණයින්ට ඇති බාධාවන් ඉවත් කිරීම.

අවුරුදු 12කට අධික කාලයක් තිස්සේ අසාර්ථක වෙලා තිබුණු සාකච්ඡා වට රැසක් සාර්ථක කරගනිමින්, PayPal සේවාව ලංකාවට නිල වශයෙන් ලබාගැනීමට අපිට හැකියාව ලැබුණා! මෙය අපේ ඩිජිටල් ආර්ථික ගමනේ සැබෑ හැරවුම් ලක්ෂ්‍යයක්!

📌 මොකක්ද මේ PayPal?
1998 කැලිෆෝනියාවේදී ආරම්භ වුණු PayPal, මේ වෙනකොට රටවල් 200ක මිලියන 430කට අධික පිරිසක් භාවිත කරන, වසරකට ඩොලර් ට්‍රිලියන 1.5ක ගනුදෙනු සිදුවන ලොව දැවැන්තම Online Payment Platform එකක්.

📌කාටද මෙයින් වාසි ලැබෙන්නේ?
IT ක්ෂේත්‍රයේ නියුතු අයට, නිදහස් වෘත්තිකයන්ට (Freelancers), සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට, Export කරන අයට වගේම Startups සහ E-commerce ව්‍යවසායකයන්ට දැන් ගෝලීය ආර්ථිකයත් එක්ක ආරක්ෂිතව ගනුදෙනු කරන්න දොරටු විවෘතයි!

📌 පළමු අදියර යටතේ:
ලංකා බැංකුව (BOC), කොමර්ෂල් බැංකුව (Commercial Bank) සහ සම්පත් බැංකුව (Sampath Bank) හරහා මෙම සේවාව ලබාගත හැකි අතර, ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව එම බැංකු ත්‍රිත්වය ඉදිරියේදී නිල වශයෙන් දැනුම් දෙනු ඇත.

"ශ්‍රී ලංකාව කියන්නේ ගෝලීය ඉල්ලුමට සරිලන දක්ෂ නිදහස් වෘත්තිකයන් සහ ව්‍යවසායකයන් ඉන්න රටක්..."
— PayPal ආයතනය අපේ රට ගැන තැබූ සටහනයි ඒ. ලංකාවේ තරුණ දක්ෂතාවලට දැන් ලෝකයම විවෘතයි!

අපේ බලාපොරොත්තු මෙතනින් නතර වෙන්නේ නැහැ. ඩිජිටල් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අදියරෙන් අදියර ඉදිරියටම යමු!

17/05/2026
17/05/2026
වයස් නොඉක්මනඋපන්දින ඇත,කාටවත් එය හිමි නොවේ ...!සැවොම එක්වෙන තැනම වේ ....!!ආදරණීය ජනතා විමුක්ති පෙරමුණ 1965 - 2026 ( මැයි...
14/05/2026

වයස් නොඉක්මන
උපන්දින ඇත,
කාටවත් එය හිමි නොවේ ...!
සැවොම එක්වෙන තැනම වේ ....!!

ආදරණීය ජනතා විමුක්ති පෙරමුණ
1965 - 2026 ( මැයි 14 )

Address

Beliatta

Alerts

Be the first to know and let us send you an email when SYU Beliatta සමාජවාදී තරුණ සංගමය බෙලිඅත්ත சோசலிச இளைஞர் சங்கம் - பெலியத்த. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share