14/08/2026
සබරගමුව පළාතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම්වල දීර්ඝ කාලයක සිට පදිංචිව සිටියද, නීත්‍යානුකූල ඔප්පුවක් හිමිව නොතිබූ පදිංචිකරුවන් වෙත ඉඩම් හිමිකම තහවුරු කිරීමේ අරමුණින් “හිමිකම” ඉඩම් ඔප්පු පිරිනැමීමේ වැඩසටහන 2026.08.12 (බදාදා) දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විනි. එම අවස්ථාව සදහා ගරු ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මැතිතුමා, ගරු වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මැතිතුමා, ගරු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මැතිතුමා, රත්නපුර දිස්ත්‍රික් ලේකම් එම්.ජී. ලලිත් ආනන්ද මැතිතුමා ගේ සහභාගීවූ අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නියෝජනය කරමින් කොමිෂන් සභාවේ සභාපති ආර්.කේ. නිහාල් මහතා, අධ්‍යක්ෂ ජනරාල් දිනේකා ජයසුරිය මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහභාගී විය.නීත්‍යානුකූල ඔප්පුවක් නොමැතිව දීර්ඝ කාලයක් ඉඩම්වල පදිංචිව සිටින ජනතාව සඳහා තම පදිංචියට අදාළ ඉඩමේ නීත්‍යානුකූල හිමිකම තහවුරු කර ගැනීමට මෙම වැඩසටහන මඟින් අවස්ථාව සැලසීම මෙහි ප්‍රධාන ප්‍රතිලාභයක් වූ අතර ඉඩම් ඔප්පු 168 ක් ප්‍රදානය කිරීම මෙම අවස්ථාවේදී සිදුවිය.